වෘශ්චික ලග්නයේ පලාපල
සතියේ ලග්න පලාපල - ඔක්තෝම්බර් 02 සිට ඔක්තෝම්බර් 08 දක්වා
අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසෙන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අලුත් ඥාතියකු පවුලට සම්බන්ධවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වරින්වර ගුප්ත කටයුතුවලින්ද පිහිට පතන කාලයකි.
රැකියාව
රැකියාවේ ඉදිරි කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. එමෙන්ම තාක්ෂණික අංශයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවන්න.
අධ්‍යාපනය
මෙතෙක් උදාසීනව කරගෙන ගිය අධ්‍යාපන කටයුතු යළි ප්‍රබෝධයකින් කරන බවක් පෙන්නුම් කරයි. තරග විභාගවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. පරම්පරාගත ශාස්ත්‍රයක් ඉගෙනීමට අවස්ථාව සැලසෙන සතියකි.
සෞඛ්‍යය
වරින්වර සෞඛ්‍යය ගැටලු කීපයකට මුහුණදීමට සිදුවන සතියකි. මුහුණේ ඇතිවන කුරුලෑ, ලප, කැලැල්, ආදිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන බවක් පෙනේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.
අය 06 වැය 04
ජය අංකය 09
ජය වර්ණය - ළා දම්
සුබ දවස – බ්‍රහස්පතින්දා
Previous Reports
අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසෙන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අලුත් ඥාතියකු පවුලට සම්බන්ධවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වරින්වර ගුප්ත කටයුතුවලින්ද පිහිට පතන කාලයකි.
රැකියාව
රැකියාවේ ඉදිරි කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. එමෙන්ම තාක්ෂණික අංශයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවන්න.
අධ්‍යාපනය
මෙතෙක් උදාසීනව කරගෙන ගිය අධ්‍යාපන කටයුතු යළි ප්‍රබෝධයකින් කරන බවක් පෙන්නුම් කරයි. තරග විභාගවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. පරම්පරාගත ශාස්ත්‍රයක් ඉගෙනීමට අවස්ථාව සැලසෙන සතියකි.
සෞඛ්‍යය
වරින්වර සෞඛ්‍යය ගැටලු කීපයකට මුහුණදීමට සිදුවන සතියකි. මුහුණේ ඇතිවන කුරුලෑ, ලප, කැලැල්, ආදිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන බවක් පෙනේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.
අය 06 වැය 04
ජය අංකය 09
ජය වර්ණය - ළා දම්
සුබ දවස – බ්‍රහස්පතින්දා
සැලසුම්සහගත කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 1, 2, 3, 4 යන භාවයන් මතිනි.
ගෘහ ජීවිතය
වෙනදාට වඩා වගකීම් බහුලවන කාලයකි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදා කරයි. නිතර පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට මඟ සැලසෙන සතියකි. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරගන්නා බවක් පෙනේ.
රැකියාව
රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුවන අයට සුබදායක වන කාලයකි. නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් පෙන්නුම් කරයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි. නිතර ඇවිදිලි වැඩිකරන කටයුතුවලට සම්බන්ධ වීමට සිදුවෙයි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙන සතියකි.
සෞඛ්‍යය
නිතර හට ගන්නා උදාරාශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.
අය 07 වැය 05,
ජය අංකය 02,
ජය වර්ණය - නිල්,
සුබ දවස - බ්‍රහස්පතින්දා
හිතුමතයට කරන කටයුතු කීපයක් හේතුවෙන් පාඩු සිදු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි.
ගෘහ ජීවිතය
තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ගේදොර කටයුතු සම්බන්ධ යොදාගත් සැලසුමක් ප්‍රමාද කරයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න.
රැකියාව
රැකියාවේ වගකීම් කීපයක් තමා වෙත පැවරීමට ඉඩ ඇත. එමෙන්ම අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට එතරම් සුබදායක කාලයක් නොවනු ඇත.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ හිමිවන කාලයකි. එමෙන්ම අලුත් පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදල් වැය වීමක් සිදු කරයි. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන සතියක් වන අතර, විවිධ ජයග්‍රහණ ද හිමිවෙන බවක් පෙන්නුම් කරයි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යයට වරින් වර බාධා මතු කරන සතියකි. නිතර ඇතිවන ක්ලාන්ත ගතියක් හේතුවෙන් පීඩාවිඳීමට සිදුවේ. වරින් වර රුධිරගත සීනිමට්ටම වෙනස් වන කාලයකි.
අය 07 වැය 04
ජය අංකය - 07
ජය වර්ණය - දම්
සුබ දවස - බදාදා
විශ්වාසය බිඳවැටෙන අන්දමේ පුවතක් අසන්න ලැබෙන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. නිතර පදිංචි ස්ථානය පිළිබඳ ගැටලු මතු කරයි. එමෙන්ම අලුත් පදිංචියකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.
රැකියාව
රැකියා ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. තීන්දු තීරණ ගැනීමේදි දුර දිග සිතා බලන්න. රැකියාවේ කටයුතුවලින් ඉවත්වීම සම්බන්ධ තීරණයකට එළැඹෙන සතියකි.
අධ්‍යාපනය
නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතුවලින් වෙහෙසීම් ඇති කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි කාලයකි. තාක්ෂණික අංශයෙන් ඉගෙනීමේ කටයුතුවල නියුතු වූවන්ට සුබදායක කාලයකි.
සෞඛ්‍යය
වරින්වර ඇති කරන උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යා ගතියක් හේතුවෙන් අන් අය සමඟ ඇසුරු කිරීමේදී පරිස්සම් වන්න.
අය 07 වැය 06
ජය අංකය – 07
ජය වර්ණය – දම්
සුබ දවස – සඳුදා
පැවැති බලාපොරොත්තුවක් ඉටුකරමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 4,5,6,7 යන භාවයන් මතිනි.
ගෘහ ජීවිතය
ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරන සතියකි. තමාට නිතර තෑගි බෝග හිමි කරන බවක් ද පෙන්නුම් කරයි. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි කාලයකි. නොගැළපෙන ඇසුරකට කටයුතු යොමුවීමට ඉඩ ඇත.
රැකියාව
රැකියාවේ ස්ථිරවීමක් සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. වෙනදාට වඩා රැකියාවේ කටයුතු උනන්දුවෙන් මෙන්ම උද්‍යෝගයකින් සිදු කරයි. අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගයකට හිමිකම් ඇති කරයි
අධ්‍යාපනය
අමතර භාෂාවක් ඉගෙනීම කෙරෙහි උනන්දුවක් ඇති කරයි. එමෙන්ම විදේශ අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගනී. අලුත් පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. හදිසි අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි.
සෞඛ්‍යය
නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් හිමිකරයි. දණහිසේ ආබාධයක් හේතුවෙන් යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ.
අය 08 වැය 06
ජය අංකය - 02
ජය වර්ණය - කහ
සුබ දවස - බ්‍රහස්පතින්දා
Weekly Horoscope
සබැඳි ලිපි
