Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කන්‍යා ලග්නයේ පලාපල

සතියේ ලග්න පලාපල - ඔක්තෝම්බර් 02 සිට ඔක්තෝම්බර් 08 දක්වා

ප්‍රධානීන්ගේ පැසසුම්

ඥාති හිතවතුන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 7,8,9 යන භාවයන් මතින් සිදුවෙයි.

ගෘහ ජීවිතය

වරින්වර උදාසීන ගති පැවතුම් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. කලබලකාරි ගති පැවැතුම් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. මුදල් අගහිඟකම් මතු කරන කාලයකි.

රැකියාව

කලා ක්ෂේත්‍රයේ කටයුතුවල නියැළී සිටින අයට හදිසි රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. හදිසි ලැබීම් හිමිවන අන්දමේ රැකියා මාර්ගවලට ද හිමිකම් ඇති කරයි. ප්‍රධානීන්ගේ පැසසුම් හිමිවන කාලයකි.

අධ්‍යාපනය

ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවේ. නිතර ප්‍රායෝගික කටයුතුවලට සම්බන්ධවන සතියකි. එමෙන්ම පිරිසක් සමඟ එකතු වී කරන වැඩසටහනකට සහභාගිවීමට අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට යම් යම් බාධා මතුවිය හැකි සතියකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණවලටද භාජනයවීමට සිදුවන බවක් පෙනේ. චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩා විඳින කාලයකි.

 

අය 06 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – කහ

සුබදවස – සිකුරාදා


 

Previous Reports

ඥාති හිතවතුන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 7,8,9 යන භාවයන් මතින් සිදුවෙයි.

ගෘහ ජීවිතය

වරින්වර උදාසීන ගති පැවතුම් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. කලබලකාරි ගති පැවැතුම් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. මුදල් අගහිඟකම් මතු කරන කාලයකි.

රැකියාව

කලා ක්ෂේත්‍රයේ කටයුතුවල නියැළී සිටින අයට හදිසි රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. හදිසි ලැබීම් හිමිවන අන්දමේ රැකියා මාර්ගවලට ද හිමිකම් ඇති කරයි. ප්‍රධානීන්ගේ පැසසුම් හිමිවන කාලයකි.

අධ්‍යාපනය

ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවේ. නිතර ප්‍රායෝගික කටයුතුවලට සම්බන්ධවන සතියකි. එමෙන්ම පිරිසක් සමඟ එකතු වී කරන වැඩසටහනකට සහභාගිවීමට අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට යම් යම් බාධා මතුවිය හැකි සතියකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණවලටද භාජනයවීමට සිදුවන බවක් පෙනේ. චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩා විඳින කාලයකි.

 

අය 06 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – කහ

සුබදවස – සිකුරාදා


 

අවිවේකී ලෙස කටයුතු උදා කරයි. වරින් වර ඇති කරන උදාසීන ගතිපැවැතුම් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පියපස ඥාතියකු සමඟ වැඩි ඇසුරට කටයුතු යෙදෙන සතියකි. එමෙන්ම පවුලේ අයගේ වැඩි සැලකිල්ලට පාත්‍රවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. මෙතෙක් කරගෙන ආ වැඩකටයුතු කීපයක සාර්ථක නිමාවක් දැකිය හැකි සතියකි.

රැකියාව

හදිසි ලැබීම් ඇතිවන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. රාත්‍රී කාලයේ නියැළෙන රැකියා කටයුතුවලට සම්බන්ධ වීමට සිදුවෙයි.

අධ්‍යාපනය

දරුවකුගේ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවක් පෙනේ. එමෙන්ම කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධ වීමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින්වර විවිධ පරීක්ෂණවලට භාජනය වීමට සිදුවන සතියකි. චර්මගත ආබාධයක් හෝ මුඛයේ ඇතිවන තුවාල තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු කරයි

 

 

අය 06 වැය 03,

ජය අංකය 03,

ජය වර්ණය - ළා කොළ,

සුබ දවස - ඉරිදා

හිතුමතයට කටයුතු කිරීමට යාමෙන් තමාට ගැටලු කීපයක් මතු කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පියපස ඥාතීන්ගෙන් උපකාර හිමි කරන කාලයකි. එමෙන්ම ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුත්තකට සම්බන්ධ වීමට සිදුවෙයි. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගි වීමට කටයුතු උදා කරන කාලයකි. හදිසි ලාභ හිමිකරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

රැකියාව

සිරුර වෙහෙස කරන රැකියා මාර්ගයකට හිමිකම් ඇති කරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. රැකියාවේ සුබ සිද්ධිය වෙනුවෙන් හදිසි තීරණ කීපයක් ගන්නා බවක් පෙනේ.

අධ්‍යාපනය

මෙතෙක් කරගෙන ආ අධ්‍යාපනික කටයුතු කීපයක් වෙනසකට ලක් කරන සතියකි. ගුරු දෙගුරුන්ගේ උපදෙස් මත පාඩම් වැඩකටයුතු කීපයක් සිදු කිරීමෙන් නොසිතූ ලෙස ප්‍රශංසා මෙන්ම උනන්දුව ද වැඩි කරයි. තාක්ෂණික අංශයෙන් අධ්‍යාපනය ලබන අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරන සතියකි. නිතර ඇතිවන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි රෝහල්ගතවීමක් ද සිදුවීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි.

 

 

අය 07 වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

වෙනදාට වඩා වගකීම් බහුල කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා ගතට සිතට සුවදායක බවක් ඇති කරයි. පවුලේ පැවැති ගැටලුකාරි බවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරන කාලයකි. අලුත් වාහන මිලදි ගැනීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස්වීමට අවස්ථාව උදාකරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් අමතර ලාභ හිමි කරන බවක් පෙනේ.

අධ්‍යාපනය

තරග විභාගයක් හේතුවෙන් මනසට පීඩාකාරි බවක් ඇති කරයි. මෙතෙක් අසහනකාරි බවක් ගෙන දුන් පාඩම් මාලාවක් කෙරෙහි උනන්දුවක් දක්වන කාලයකි. විදෙස් අධ්‍යාපනයක් සඳහා සැලසුමක් ඇති කර ගන්නා බවක්ද පෙන්නුම් කරයි. නිතර කණ්ඩායම් වැඩ සටහනක් වෙනුවෙන් මූලිකත්වයක් ගැනීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. උස් ස්ථාන සම්බන්ධ කටයුතුවලින් වැළැකී සිටීම යහපත් කාලයකි. හදිස්සියේ හටගන්නා චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආලේපන භාවිතයේදී සැලකිලිමත් වන්න.

අය 08 වැය 04

ජය අංකය – 04

ජය වර්ණය – නිල්

සුබ දවස – සිකුරාදා


 

හිතුමතයට කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 5,6,7,8 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අවිවේකී ලෙස සතිය උදා කරයි. මවුපිය උරුමයක් පිළිබඳ ගැටලුකාරි බවක් ඇති කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ විමසිලිමත් වන්න. අඹුසැමි විශ්වාසය බිඳවැටීමට ඉඩ ඇති කාලයකි. වෙනදාට වඩා ඉවසිල්ලෙන් කටයුතු කරන්න.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් කීර්තිය, ප්‍රශංසාව ඇතිවන බවක් පෙනේ. එමෙන්ම තනතුරු ලාබයකට ද හිමිකම් ඇති කරයි. ශාරීරික වෙහෙසීම් ගෙන දෙන රැකියා කටයුතුවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ වගකීම් බහුල කරන කාලයකි.

අධ්‍යාපනය

දරුවකුගේ දක්ෂතාවක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ ලියකියවිලි ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසෙන දරුවකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින්වර හට ගන්නා දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සෙම් පීඩා බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. කෑම බීම ගැන ද සැලකිලිමත් වීම වැදගත් වේ.

 

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

Weekly Horoscope

සබැඳි ලිපි