Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මකර ලග්නයේ පලාපල

සතියේ ලග්න පලාපල - ඔක්තෝම්බර් 02 සිට ඔක්තෝම්බර් 08 දක්වා

පවුලේ උත්සවයක්

පවුලේ අය අතර ප්‍රසිද්ධියට කරුණු සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් පැවැති සැනසිලිදායක බව මඟහැරී යයි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරු කරන ආදායම් මාර්ග කීපයකට මඟ සැලසේ. පදිංචියෙන් පිට යෙදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. සිතේ පී‍්‍රතියෙන් රැකියාවේ කටයුතු සිදු කරයි.

අධ්‍යාපනය

අලුත් අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා පොත්පත් වැඩකටයුතු කෙරෙහි වෙහෙසෙන කාලයකි. එමෙන්ම පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන්ද අමතර මුදල් වැය කරන බවක් පෙන්වයි.

සෞඛ්‍යය

නිතර ඇතිවන පාදයේ වළලුකර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. හදිසි වැටීම් තැලීම් ආදියට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

වෙනදාට තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියකි.

 

අය 07 වැය 03

ජය අංකය – 05

ජය වර්ණය – නිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා


 

Previous Reports

පවුලේ අය අතර ප්‍රසිද්ධියට කරුණු සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් පැවැති සැනසිලිදායක බව මඟහැරී යයි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරු කරන ආදායම් මාර්ග කීපයකට මඟ සැලසේ. පදිංචියෙන් පිට යෙදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. සිතේ පී‍්‍රතියෙන් රැකියාවේ කටයුතු සිදු කරයි.

අධ්‍යාපනය

අලුත් අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා පොත්පත් වැඩකටයුතු කෙරෙහි වෙහෙසෙන කාලයකි. එමෙන්ම පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන්ද අමතර මුදල් වැය කරන බවක් පෙන්වයි.

සෞඛ්‍යය

නිතර ඇතිවන පාදයේ වළලුකර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. හදිසි වැටීම් තැලීම් ආදියට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

වෙනදාට තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියකි.

 

අය 07 වැය 03

ජය අංකය – 05

ජය වර්ණය – නිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා


 

අතමිට සරු වුවත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 11, 12, 1, 2 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

නිතර පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. හදිසි ආගමික වැඩසටහනකට සම්බන්ධ වීමට කටයුතු උදා කරයි. දේපළ සම්බන්ධ ගැටලුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. අවිවාහකයන්ට යහපත් කාලයක් වන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ ව්‍යාකූල බවක් ඇති කරයි. නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට ඒ සම්බන්ධ කටයුතුවලින් නොසිතූ පාඩු හිමිකරයි.

අධ්‍යාපනය

වෙනදාට වඩා සතුටින් මෙන්ම උද්‍යෝගයකින් අධ්‍යාපන කටයුතුවල නිරතවන කාලයකි. තමාට ප්‍රශංසා හිමිකරන බවක්ද පෙන්නුම් කරයි. පොත්පත් කටයුතු කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

ගතසිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් පෙන්නුම් කරයි. හදිසි වැටීම් තැළීම් වැනි සුළු සුළු ආබාධවලට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියකි.

 

අය 05 වැය 04,

ජය අංකය 05,

ජය වර්ණය - කොළ,

සුබ දවස - සිකුරාදා

අතමිට සරු වූවත් වැයපස අධික කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීම්වලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවෙයි.වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු අධික වන බවක් පෙන්නුම් කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට මාර්ග උදා කරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ ප්‍රශංසාවලට ලක්වන කාලයකි. එමෙන්ම කලා ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර කටයුතුවල නියුතු වූවන්ට වාසි සැලසෙන මාර්ග කීපයක් යෙදේ. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවන සතියකි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් විය යුතු බවක් පෙන්වයි. එමෙන්ම ගත සිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් ද පෙනේ.

 

අය 06 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

නිතර අවිවේකී ලෙස සතිය ආරම්භ කරන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 6,7,8 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. විවාහ ගිවිස ගැනීමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. නිතර පවුලේ කටයුතුවලින් ඈත්වීමට සිදුවන සතියකි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ.

රැකියාව

මෙතෙක් තමා බලාපොරොත්තුවෙන් සිටි රැකියාවක් පිළිබඳ අදහසක් අතහැර දැමීමට සිදුවේ. ස්වයං ව්‍යාපාර කටයුතු ඇරැඹීමට යහපත් කාලයකි. ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් සහභාගිවීමට අවස්ථාව සැලසේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. හෘද අමාරු, පෙණහැල්ල සම්බන්ධ ආබාධයකට තුඩුදෙන අන්දමේ කරුණු යෙදෙයි.

අය 06 වැය 03

ජය අංකය – 06

ජය වර්ණය – නිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා

වියදම් බහුල කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 2,3,4,5 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරීමට ඉඩ ඇත. නොගැළපෙන ඇසුරක් හේතුªවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. අඹුසැමි සිත් අමනාපයක් දුරදිග යන කාලයකි. විශ්වාසවන්ත ඇසුරකට කටයුතු සැලසෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බැලිය යුතු බවක් පෙන්නුම් කරයි. තමාට හිමිවීමට තිබූ තනතුරු ලාභයක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි කරන කාලයකි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. පොත්පත් කටයුතුවලට, පාඩම් වැඩකටයුතුවලට නැඹුරුතාව වැඩි කරන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට බාධාවන කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත්වන්න. ව්‍යායාම් කටයුතුවල නිරතවීම ද යහපත් කරන සතියකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ලක්වීමට සිදුවන සතියකි.

 

අය 05 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

Weekly Horoscope

සබැඳි ලිපි