Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මේෂ ලග්නයේ පලාපල

සතියේ ලග්න පලාපල - ඔක්තෝම්බර් 02 සිට ඔක්තෝම්බර් 08 දක්වා

රැකියා බලාපොරොත්තුවක් ඉටු කරයි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කරුණුූ සැලසෙමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ මතභේදකාරි බවක් දුර දිග යාමට ඉඩ ඇත. නිතර ඇසුරු කරන අයකු සමඟ සිත නොහොඳකමක් ඇතිවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.

රැකියාව

උසස් රැකියා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි කරන මාර්ග පෑදේ.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතුවලින් පැසසුමට ලක්වන සතියකි. නිතර බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට සිදුවේ. අධ්‍යාපනික චාරිකාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

 

සෞඛ්‍යය

වෙනදාට වඩා ගතට සිතට වෙහෙසකාරි බවක් ඇති කරයි. සුළු සුළු අසනීප හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ඖෂධ භාවිතයේදී කල්පනාකාරි වීම වැදගත් වේ.

 

අය 06 වැය 04

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

Previous Reports

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කරුණුූ සැලසෙමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ මතභේදකාරි බවක් දුර දිග යාමට ඉඩ ඇත. නිතර ඇසුරු කරන අයකු සමඟ සිත නොහොඳකමක් ඇතිවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.

රැකියාව

උසස් රැකියා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි කරන මාර්ග පෑදේ.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතුවලින් පැසසුමට ලක්වන සතියකි. නිතර බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට සිදුවේ. අධ්‍යාපනික චාරිකාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

 

සෞඛ්‍යය

වෙනදාට වඩා ගතට සිතට වෙහෙසකාරි බවක් ඇති කරයි. සුළු සුළු අසනීප හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ඖෂධ භාවිතයේදී කල්පනාකාරි වීම වැදගත් වේ.

 

අය 06 වැය 04

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

වෙනදාට වඩා ගතට සිතට සැනසිල්ල උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට හැකිවන සතියකි. එමෙන්ම අමතර මුදල් ලැබීම් හිමි වුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. හදිසි වාහන ලාභ හිමිකම් ඇති කරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී සැලකිලිමත් වන්න. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි.

අධ්‍යාපනය

විශේෂ අධ්‍යාපන සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. එමෙන්ම මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය පාඩම් වැඩකටයුතු කීපයක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. වරින් වර ඇති කරන උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි අජීර්ණ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර පතන කාලයකි. නිතර ආලේපන භාවිතයේ දී සැලකිලිමත් වන්න. දියර වර්ග පානය වැදගත්වන සතියකි.

 

අය 07 වැය 04

ජය අංකය 07

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 5, 6, 7, 8 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

සැනසිලිදායක බව වරින් වර අඩු කරන සතියකි. නිතර තනි මතයට කටයුතු සිදු කරන බවක් ද පෙන්නුම් කරයි. ගනුදෙනුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවෙයි. වෙනදාට වඩා ගේ දොර කටයුතුවලින් දුරස්වීමට සිදුවන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ තනතුරු වෙනසක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි. නිතර වෙහෙස මහන්සි වී කරන කටයුතු අධික කරයි. අලුත් රැකියා හිමිකම් බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායකයි. ව්‍යාපාර ලාභ හිමිකම්වලට හේතු යෙදෙන සතියකි.

අධ්‍යාපනය

නිතර පාසල් වැඩකටයුතු පිළිබඳ වගකීම් වැඩි කරයි. එමෙන්ම තරග විභාගයක් සම්බන්ධ වෙහෙසීමට සිදුවේ. විදෙස් අධ්‍යාපනයක් සම්බන්ධ බලාපොරොත්තු ඇති කරන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙන අතර, අමතර මුදල් වැය වීමක් ද සිදු කරයි.

සෞඛ්‍යය

පරම්පරාගත රෝගාබාධයක් ඉස්මතු විය හැකි කාලයකි. නිතර ක්ලාන්තය, නිදිමත ගතිය ඇති කරන බවක් පෙන්නුම් කරයි. චර්මගත රෝගයක් හේතුවෙන් පිඩා ඇති කරන සතියක් වෙයි.

 

අය 06 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සිතට සැනසිලිදායක බවක් අත්කරන දිනයකි. නිතර පවුලේ අය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කාලයක් වන අතර, නිතර සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වන බවක් ද පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධව වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. නිතර ගතට සිතට විවේකය අඩු කරන බවක් පෙන්නුම් කරයි. අමතර ආදායම් මාර්ග කීපයක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. එමෙන්ම අතමිට සරු කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

හදිසි අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි. පවුලේ අයගේ ප්‍රශංසාවට ලක්වන කාලයකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස වරින්වර ඇති කරයි. නිතර හට ගන්නා ඇඟේ පතේ වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණ කීපයකට ද භාජනය වීමට සිදු වෙයි.

 

අය 06 වැය 03

ජය අංකය – 06

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

 

පවුලේ වගකීමක් වෙනුවෙන් වෙහෙසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 11,12,1,2 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

හදිසි සැලසුමකට අත ගැසීමට කටයුතු උදාකරන සතියකි. පවුලේ අය අතර ඇතිවන මතභේදයක් දුරදිග යා හැකියි. නිතර සිතේ කනස්සල්ලෙන් කටයුතු කරන බවක් පෙනේ. විවාහ ගිවිසුමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. එමෙන්ම ඒ සම්බන්ධ වගකීම් පැහැර හැරීමක් ද සිදු කරයි. ප්‍රධානීන් සමඟ ඇතිවන මතභේදයක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

විභාග ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන සතියකි. කණ්ඩායම් වැඩසටහනකින් තමාට ජයග්‍රහණයක් අත්වීමට ඉඩ ඇත. අලුත් පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට බාධාගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. නිතර ශාරීරික ව්‍යායාම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. පපුව ආශි‍්‍රත ආබාධ තත්ත්වයකින් හෝ බඩේ දැවිල්ලක් වැනි ආබාධ තත්ත්වයකින් පීඩා අත්කරන සතියකි.

 

අය 07 වැය 05

ජය අංකය – 07

ජය වර්ණය – කොළ

සුබ දවස – සිකුරාදා

 

Weekly Horoscope

සබැඳි ලිපි