මිතුන ලග්නයේ පලාපල
සතියේ ලග්න පලාපල - ඔක්තෝම්බර් 02 සිට ඔක්තෝම්බර් 08 දක්වා
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ කෙනකුගේ අසනීප තත්ත්වයක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් පැවැති සිතේ සැහැල්ලුව මඟහැරී යන කාලයකි. ගේ දොර සැප පහසුවට බාධා ඇති කරයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු කරයි.
රැකියාව
රැකියා ස්ථිර වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවේ. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ ශාරීරික වෙහෙසීම් මෙන්ම අමතර මුදල් වැයවීම් ද සිදුවීමට ඉඩ ඇත. ස්වයංරැකියා කටයුතුවලින් වාසි සැලසෙන කාලයකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපනික කටයුතු හේතුවෙන් අමතර වෙහෙසීම් ඇති කරයි. විදෙස් අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් සැලසුම් කීපයක් සකස් කරගන්නා කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර ඇතිවන කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතුවීමෙන් පීඩාකාරි බවක් ඇති කරයි.
අය 05 වැය 04
ජය අංකය – 07
ජය වර්ණය – නිල්
සුබ දවස – සඳුදා
Previous Reports
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ කෙනකුගේ අසනීප තත්ත්වයක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් පැවැති සිතේ සැහැල්ලුව මඟහැරී යන කාලයකි. ගේ දොර සැප පහසුවට බාධා ඇති කරයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු කරයි.
රැකියාව
රැකියා ස්ථිර වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවේ. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ ශාරීරික වෙහෙසීම් මෙන්ම අමතර මුදල් වැයවීම් ද සිදුවීමට ඉඩ ඇත. ස්වයංරැකියා කටයුතුවලින් වාසි සැලසෙන කාලයකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපනික කටයුතු හේතුවෙන් අමතර වෙහෙසීම් ඇති කරයි. විදෙස් අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් සැලසුම් කීපයක් සකස් කරගන්නා කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර ඇතිවන කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතුවීමෙන් පීඩාකාරි බවක් ඇති කරයි.
අය 05 වැය 04
ජය අංකය – 07
ජය වර්ණය – නිල්
සුබ දවස – සඳුදා
සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට යොමුවීමට ඉඩ ඇති කාලයකි. පියපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් ඇති කරයි. පරම්පරාගත දේපළක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. දුර පළාතක යෙදෙන රැකියාවේ කටයුතු නිසා ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.
අධ්‍යාපනය
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. ප්‍රාථමික අංශයෙන් අධ්‍යාපනය ලබන අයට විශේෂ වැඩසටහනක් වෙනුවෙන් සම්බන්ධවීමට සිදුවේ. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපාන අතර, වෙනදාට වඩා කල්පනාකාරීව කටයුතු කරන්න. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු කරන සතියකි. හදිසි ජයග්‍රහණවලට ද හිමිකම් ඇති බවක් පෙනේ.
සෞඛ්‍යය
පරම්පරාගත රෝගාබාධයක් ඉස්මතුවිය හැකි කාලයකි. නිතර තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.
අය 06 වැය 04
ජය අංකය 02
ජය වර්ණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා
ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි.
ගෘහ ජීවිතය
පවුලේ අය අතර සුහදතාවයට හේතු සැලසෙන සතියකි. වෙනදාට වඩා දරුවකුගේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වනු ඇත. ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි. නිතර ප්‍රශංසා ඇති කරන කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව හිමි කරයි.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනසකට ලක්කරයි. අතමිට සරු කරන ආදායම් මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කළ යුතු බවක් පෙනේ.
අධ්‍යාපනය
කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි. එමෙන්ම පොත්පත් ලිපි ලේඛන කටයුතු අධික කරන බවක් ද පෙන්නුම් කරයි. විදෙස් භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් අමතර කාලයත් ශ්‍රමයත් වැය කරන බවක් පෙනේ.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යයට වරින් වර බාධා මතු කරන කාලයකි. දණහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ඖෂධ භාවිතයේදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ආයුර්වේද ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන සතියකි.
අය 06 වැය 04
ජය අංකය - 02
ජය වර්ණය - කොළ
සුබ දවස - බදාදා
අවිවේකී ලෙස සතිය උදා කරයි. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 1,2,3 යන භාවස්ථානවලයි.
ගෘහ ජීවිතය
නිතර පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. වරින් වර ආගමික සහන පතා දුර පළාතකට යාමට සිදුවන කාලයකි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. වාහන ගනුදෙනුවකට හිමිකම් ඇති අතර ඒ සම්බන්ධව වෙහෙසීම් ද වැඩි කරයි.
රැකියාව
උසස් රැකියා ලාභ හිමිකම් ඇති සතියකි. ඒ සම්බන්ධ කටයුතු සඳහා වෙහෙසීම් ද ඇති කරයි. ස්වයං රැකියා කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. නිතර අතමිට සරු කරන ආදායම් මාර්ගවලට හිමිකම් ඇති කරයි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. මෙතෙක් උදාසීන බවකින් ආරම්භ කළ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව මෙන්ම උද්‍යෝගයක්ද ඇති කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට අවස්ථාව සැලසෙන සතියකි.
සෞඛ්‍යය
උරහිස ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. ඒ සම්බන්ධ ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි. ආහාර විෂවීමක් හෝ චර්මගත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවන සතියකි.
අය 06 වැය 04
ජය අංකය – 02
ජය වර්ණය – දම්
සුබ දවස – සිකුරාදා
හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්කාරි බවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 9,10,11,12 යන භාවයන් මතිනි.
ගෘහ ජීවිතය
අලුත් දැනහැඳුනුම්කම්වලට කටයුතු සැලසෙන සතියකි. නිතර දුර ගමන් යෙදෙන කාලයක් බව පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරන අතර, හදිසි වියදමක්ද දැරීමට සිදු වෙයි.
රැකියාව
සැනසිලිදායක ලෙස රැකියාවේ කටයුතු කරගෙන යෑමට හැකිවන සතියකි. අලුත් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නිතර අතමිට සරුකරන ආදායම් මාර්ග හිමිකරයි.
අධ්‍යාපනය
ප්‍රමාද වූ අධ්‍යාපන කටයුතු කීපයක් නැවත සාර්ථක ලෙස නිමා කර ගැනීමට හැකිවෙයි. තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. අලුත් පාඨමාලාවක් හැදෑරීම වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයකි. වෙනදාට වඩා පීඩාකාරි බවක් ඇති කරන සතියකි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතු කරයි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයක් මතුවීමෙන් ගැටලු කීපයක් මතුකරයි.
අය 06 වැය 04
ජය අංකය - 07
ජය වර්ණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා
Weekly Horoscope
සබැඳි ලිපි
