Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වෘෂභ ලග්නයේ පලාපල

සතියේ ලග්න පලාපල - ඔක්තෝම්බර් 02 සිට ඔක්තෝම්බර් 08 දක්වා

ඥාති උපකාරයක්

අමතර ලැබීම්වලට සුබදායක සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

අලුත් කටයුතු කීපයක් ආරම්භයට මඟ සැලසෙන බවක් පෙනේ. පවුලේ ළඟම ඥාතියකුගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. හදිසි ගමන් කීපයක් යෙදෙන සතියකි.

රැකියාව

රැකියාවේ පැවැති වරප්‍රසාද කීපයක් මඟහැරී යන සතියකි. වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. දුර ගමන් යෙදෙන රැකියා කටයුතු කීපයක් හේතුවෙන් වෙහෙසීම් මෙන්ම අමතර මුදල් වැයවීම් ද සිදු කරයි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. අලුත් පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදල් වියදමක් සිදු කරයි. දරුවකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි.

සෞඛ්‍යය

යටපත් වූ අසනීපකාරි බවක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා උදාසීන බවකින් කටයුතු කරන බවක් පෙනේ. කෑම බීම පවා අපි‍්‍රය කරන කාලයකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට මුහුණදීමට සිදුවන සතියකි.

 

අය 07 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – ළා දම්

සුබ දවස – බදාදා

Previous Reports

අමතර ලැබීම්වලට සුබදායක සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

අලුත් කටයුතු කීපයක් ආරම්භයට මඟ සැලසෙන බවක් පෙනේ. පවුලේ ළඟම ඥාතියකුගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. හදිසි ගමන් කීපයක් යෙදෙන සතියකි.

රැකියාව

රැකියාවේ පැවැති වරප්‍රසාද කීපයක් මඟහැරී යන සතියකි. වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. දුර ගමන් යෙදෙන රැකියා කටයුතු කීපයක් හේතුවෙන් වෙහෙසීම් මෙන්ම අමතර මුදල් වැයවීම් ද සිදු කරයි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. අලුත් පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදල් වියදමක් සිදු කරයි. දරුවකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි.

සෞඛ්‍යය

යටපත් වූ අසනීපකාරි බවක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා උදාසීන බවකින් කටයුතු කරන බවක් පෙනේ. කෑම බීම පවා අපි‍්‍රය කරන කාලයකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට මුහුණදීමට සිදුවන සතියකි.

 

අය 07 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – ළා දම්

සුබ දවස – බදාදා

පවුලේ අය අතර සුහදතාවට හේතු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයක් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ සතුට සැනසිල්ලට හේතු ඇති කරයි. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර, විවාහ පොරොන්දුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. කල්ගත වූ ණය ගනුදෙනුවකින් නිදහස් වීමට කරුණු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. නිතර මනසට පීඩාකාරී ලෙස රැකියාවේ කටයුතු කිරීමට සිදුවන සතියකි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට හදිසි සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමට සිදුවන කාලයකි.

අධ්‍යාපනය

විශේෂ කටයුතු කීපයකට සම්බන්ධ වුවත් එයට බාධා ගෙන දෙන බවක් පෙනේ. නිතර පොත්පත් කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපාන සතියකි. විදෙස් අධ්‍යාපන සැලසුමක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට සුබදායක බවක් පෙන්නුම් කරයි. පැවැති අසනීපයකින් සුවය ලැබෙන කාලයකි. චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගනී.

 

අය 06 වැය 04

ජය අංකය 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

පැවැති අවිවේකී බව මඟහැරී යමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. විදෙස්ගතවීමේ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

හදිසි රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරු කරන රැකියා කටයුතුවලට හිමිකම් ඇති කරයි. ආයතන ප්‍රධානීන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධ වූ අයට ප්‍රශංසා හිමි කරන කාලයකි. තමාගේ දක්ෂතා ඇගැයීමට ලක්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර පොත්පත් කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින්වර හට ගන්නා හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ශරීරයේ බර අධික වීමෙන් විවිධ සෞඛ්‍යය ගැටලුවලට මුහුණපායි. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 07අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

ගතට සිතට සැනසිල්ල උදා කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

කලකින් නොදුටු හිතවත් අයකු මුණගැසීමට කටයුතු උදා කරයි. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳා ගැනීමට අවස්ථාව සැලසේ. නිතර වගකීම් බහුල කරන කාලයකි. අන්සතු වස්තුª ලාභයකට ද හිමිකම් ඇති කරයි. පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසේ.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. මවුපස ඥාතියකු පිළිබඳ සිත් සතුටු කරන පුවතක් අසන්න ලැබේ. නිතර ගේ දොර කටයුතුවලින් ඈත්ව සිටීමට හේතු ඇති කරයි.

අධ්‍යාපනය

අමතර ඉගෙනීමේ මාර්ග කීපයක් හිමි කරයි. නිතර පාඩම් වැඩ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දරුලාභ හිමිකම් ඇති අයට සුබදායක සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර ශාරීරික වෙහෙසීම් වැඩි කරන බවක් පෙනේ. වරින්වර හටගන්නා උෂ්ණගත රෝගාබාධයක් හේතුªවෙන් ප්‍රතිකාර ලබා ගනී.

 

අය 07 වැය 03

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

පවුලේ සතුට සමාදානයට හේතු සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 10,11,12,1 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. පවුලේ කටයුතු සම්බන්ධ අමතර වෙහෙස මහන්සියක් ඇති කරයි. නිතර ඇසුරු කරන අයකු පිළිබඳ කල්පනාකාරි වන්න. ගේ දොර කටයුතු අලුත්වැඩියාවකට සැලසුමක් ඇති කර ගනී. වෙනදාට වඩා දුර දිග බලා කටයුතු කරන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. විදෙස්ගත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ ලියකියවිලි ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි.

අධ්‍යාපනය

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් සතියකි. පැවැති අසනීපකාරි බවකින් නිදහස අත්කරයි. කෑම බීම පාලනය කෙරෙහි උනන්දුවක් දක්නා බවක් පෙන්නුම් කරයි. වැටීම් තැළීම්වලට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 

අය 06 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

Weekly Horoscope

සබැඳි ලිපි