Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ධනු ලග්නයේ පලාපල

සතියේ ලග්න පලාපල - ඔක්තෝම්බර් 02 සිට ඔක්තෝම්බර් 08 දක්වා

අමතර ආදායම් මාර්ග

පවුලේ අය අතර නොසන්සුන් අයුරින් කටයුතුª කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදුවන සතියකි. මවුපස ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. මෙතෙක් අතහැර දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ මෙතෙක් පැවැති ගැටලු කීපයකින් නිදහස් වීමට කටයුතු සැලසේ. අමතර ආදායම් මාර්ග හිමිවන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. විදෙස් රැකියාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් නොසිතූ ජයග්‍රහණ හිමි කරයි. පොත්පත් කටයුතු කෙරෙහි වෙනදාට වඩා කැප වී කටයුතු කරන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත්වීම වැදගත් වේ. මුඛය ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පැවැති ශරීරාබාධ කීපයක් මඟහැරී යයි.

 

අය 07 වැය 04

ජය අංකය – 05

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරාදා


 

Previous Reports

පවුලේ අය අතර නොසන්සුන් අයුරින් කටයුතුª කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදුවන සතියකි. මවුපස ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. මෙතෙක් අතහැර දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ මෙතෙක් පැවැති ගැටලු කීපයකින් නිදහස් වීමට කටයුතු සැලසේ. අමතර ආදායම් මාර්ග හිමිවන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. විදෙස් රැකියාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් නොසිතූ ජයග්‍රහණ හිමි කරයි. පොත්පත් කටයුතු කෙරෙහි වෙනදාට වඩා කැප වී කටයුතු කරන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත්වීම වැදගත් වේ. මුඛය ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පැවැති ශරීරාබාධ කීපයක් මඟහැරී යයි.

 

අය 07 වැය 04

ජය අංකය – 05

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරාදා


 

පැවැති අසහනකාරී බව මඟහැරී යන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

මෙතෙක් ප්‍රමාදතා සිදුකළ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදා කරන සතියකි. සහෝදරයකුගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන සතියකි. වරින් වර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ වගකීම් වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට වාසි සැලසෙන සතියකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. දුරදිග නොබලා කටයුතු කිරීමෙන් රැකියාවේ ගැටලු මතුවීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටට පත්වීමට කරුණු යෙදෙන සතියකි. පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. සෞන්දර්යාත්මක කටයුතුවල නියැළෙන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර පතා නිවෙසින් බැහැරව සිටීමට සිදුවේ.

 

අය 06 වැය 05,

ජය අංකය 07,

ජය වර්ණය - තැඹිලි,

සුබ දවස - බ්‍රහස්පතින්දා

අමතර ලැබීම් වලට හිමිකම් ඇති සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර පවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් ඇති කරන කාලයකි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදු කරයි. සහෝදර පක්ෂයේ උපකාර ඇතිව කටයුතු කීපයක් සිදු කර ගැනීමට අවස්ථාව උදා කරයි.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සම්මුඛ පරීක්ෂණයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්වයි.

අධ්‍යාපනය

කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන කාලයක් වන අතර, විවිධ වැඩසටහන්වල මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ද සිදුවන බවක් පෙන්නුම් කරයි. තාක්ෂණික අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ අත්විය හැකි සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් සතියක් වන අතර, පැවැති අසනීපකාරී බවකින් නිදහස් වීමට කටයුතු උදා කරයි.වෙනදාට වඩා කෑම බීම ගැනීම පිළිබඳ කල්පනාවෙන් පසුවන්න.

 

අය 06 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

වෙනදාට වඩා නිදහසේ කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 7,8,9 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පවුලේ මතභේදකාරි බවක් සමථයකට පත්වන බවක් පෙනේ. නිතර ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් දක්වන බවක් පෙන්නුම් කරයි. රාත්‍රි ගමන් බහුල කාලයක් වන අතර, අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක්ද පෙන්නුම් කරයි. දේපළ ගැටලුවක් විසඳා ගත හැකි සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. එමෙන්ම නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ ඇවිදිලි වැඩි කරන කාලයකි.

අධ්‍යාපනය

නිතර ගතට සිතට සැනසිලිදායක ලෙස පාඩම් වැඩ කටයුතු කරගෙන යන සතියකි. වරින්වර අධ්‍යාපනික ජයග්‍රහණවලට ද හේතු ඇති කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදාකරන සතියක් වන අතර අමතර මුදලක් වැය කිරීමට ද සිදුවේ.

සෞඛ්‍යය

යටපත් වූ උරහිස ආශි‍්‍රත ආබාධයක් නැවත මතු කරයි. එමෙන්ම ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩාවට පත් වේ.

අය 08 වැය 06

ජය අංකය – 07

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – සිකුරාදා


 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 3,4,5,6 යන භාවයන්වලයි.

ගෘහ ජීවිතය

යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාද කරන සතියකි. නිතර සිතේ කනස්සලු ගතියෙන් කටයුතු කරන බවක් පෙනේ. නිතර පවුලට යන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු යෙදෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. තම වගකීම් හරිහැටි ඉටුකරන කාලයකි. තනතුරු ලාභ හිමිකම් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ සතුටින් කටයුතු කරන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනයක් පිළිබඳ අවිවේකී බවක් ඇති කරයි. නිතර පවුලේ අයගෙන් දුරස්ව අධ්‍යාපනික කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදාකරන අතර හදිසි වියදම් කීපයක් දැරීමට ද අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ද මුහුණ පෑමට සිදුවන බවක් පෙනේ. නියමිත වේලාවට කෑම බීම ගැනීම පවා ප්‍රමාද කරන සතියකි. ශාරීරික වෙහෙසීම් වැඩි කරන කාලයකි.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

Weekly Horoscope

සබැඳි ලිපි