සිංහ ලග්නයේ පලාපල
සතියේ ලග්න පලාපල - ඔක්තෝම්බර් 02 සිට ඔක්තෝම්බර් 08 දක්වා
මෙතෙක් පැවැති කලබලකාරි ගතිපැවැතුම් මඟ හැරී යන බවක් පෙන්නුම් කරමින් සතිය ආරම්භවන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
මෙතෙක් මඟ හැරී තිබූ කටයුතු කීපයක් නැවත සකස් කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරන කාලයකි. දේපළ ගැටලුවක් වෙනුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ. හදිසි ගමන් කීපයක් යෙදෙන සතියකි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි ඉල්ලීම් කීපයක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට ආදායම් තත්ත්වයේ වෙනස්කම් කීපයක් සිදුවිය හැකිය.
අධ්‍යාපනය
වරින්වර උදාසීන බවක් ඇති කළ පාඩම් වැඩ කටයුතු කීපයක් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන සතියකි.
සෞඛ්‍යය
නිතර ඇතිවන ඇඟේ පතේ වේදනාවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. මානසික අසහනය ඇතිවන කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. පවතින අසනීපයකට ප්‍රතිකාර ලබා ගන්නා සතියකි.
අය 06 වැය 04
ජය අංකය – 09
ජය වර්ණය – කොළ
සුබ දවස – සිකුරාදා
Previous Reports
මෙතෙක් පැවැති කලබලකාරි ගතිපැවැතුම් මඟ හැරී යන බවක් පෙන්නුම් කරමින් සතිය ආරම්භවන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
මෙතෙක් මඟ හැරී තිබූ කටයුතු කීපයක් නැවත සකස් කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරන කාලයකි. දේපළ ගැටලුවක් වෙනුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ. හදිසි ගමන් කීපයක් යෙදෙන සතියකි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි ඉල්ලීම් කීපයක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට ආදායම් තත්ත්වයේ වෙනස්කම් කීපයක් සිදුවිය හැකිය.
අධ්‍යාපනය
වරින්වර උදාසීන බවක් ඇති කළ පාඩම් වැඩ කටයුතු කීපයක් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන සතියකි.
සෞඛ්‍යය
නිතර ඇතිවන ඇඟේ පතේ වේදනාවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. මානසික අසහනය ඇතිවන කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. පවතින අසනීපයකට ප්‍රතිකාර ලබා ගන්නා සතියකි.
අය 06 වැය 04
ජය අංකය – 09
ජය වර්ණය – කොළ
සුබ දවස – සිකුරාදා
පවුලේ අය අතර ප්‍රසිද්ධියට කරුණු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 4, 5, 6, 7 යන භාවයන් මතින් සිදුවනු ලබයි.
ගෘහ ජීවිතය
දේපළ සම්බන්ධ ගැටලුකාරී බවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. සහෝදර පක්ෂය සමඟ කටයුතු කිරීමේ දී දුරදිග සිතා බලන්න. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ තරගකාරී බවක් ඇති කරන කාලයකි. නිතර ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. හදිසි සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීමට සිදුවන සතියකි.
අධ්‍යාපනය
දරුවකුගේ සුබසිද්ධිය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයකට සුදුසුකම් ලබන කාලයකි.
සෞඛ්‍යය
නිතර හට ගන්නා යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වරින් වර වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදුවන කාලයකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ පෑමට සිදුවෙන සතියකි. එමෙන්ම හදිසි වැටීම් තැළීම් වැනි සුළු සුළු අනතුරුවලට ද ඉඩ ඇති බවක් පෙනේ.
අය 06 වැය 03,
ජය අංකය 04,
ජය වර්ණය - කහ,
සුබ දවස - බ්‍රහස්පතින්දා
සැලසුම් සහගත කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙනේ. නිතර පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන සතියකි.
රැකියාව
රැකියාවේ විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරු කරන ආදායම් මාර්ග හිමි කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට හදිසි සම්මුඛ පරීක්ෂණයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු කෙරෙහි ඇති උනන්දුව අඩු කරන කාලයකි. එමෙන්ම සැලසුම් කීපයක් ප්‍රමාද වීමට ද ඉඩ ඇත. නිතර වැඩිහිටි අයගේ උපදෙස් අනුව කටයුතු කිරීමට සිදුවෙයි. කණ්ඩායමක් සමඟ එකතු වී කරන අධ්‍යාපනික වැඩසටහනකට සම්බන්ධ වීමට සිදුවෙයි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් සතියක් නොවනු ඇත. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි බවක් පෙනේ. වෙනදාට වඩා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්න.
අය 07 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - කොළ
සුබ දවස - සිකුරාදා
එදිනෙදා කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1 යන භාවස්ථානවලයි.
ගෘහ ජීවිතය
පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරෙන සතියකි. ළඟින් ඇසුරු කරන අය නිසා පවුලේ ගැටලු කීපයක් මතු කරයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර පවුලේ වැඩිහිටියකු පිළිබඳ විමසිලිමත් වන්න.
රැකියාව
අලුත් රැකියාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ ලියකියවිලි ගැටලුවකට මුහුණපායි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියුතු වූවන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවෙයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවන කාලයකි. විවිධ කටයුතු හේතුවෙන් අධ්‍යාපනික කටයුතුවලට බාධා ඇති කරයි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින්වර මතු කරන නහරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයක් බැවින් විවේක සුවයෙන් මේ කාලය ගත කිරීම වැදගත් කරයි.
අය 08 වැය 07
ජය අංකය – 09
ජය වර්ණය – කහ
සුබ දවස – බදාදා
වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 8,9,10,11 යන භාවයන් මතිනි.
ගෘහ ජීවිතය
හිතුමතයට කටයුතු කරන කාලයක් වන අතර, නිතර පවුලේ අය අතර මතභේදකාරි බවක් ඇති කර ගනී. දැඩි තීරණ ගැනීම තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ මතභේදයක් ඇති වීමෙන් ගැටලුකාරි බවක් ඇති කරයි. රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ නොසිතූ අවහිරතාවයක් ගැටලුකාරි බවක් ඇති කරයි. නිතර ආයතන ප්‍රධානීන් සමඟ ගැටුම්කාරි බවක් ඇති කර ගනී. රැකියාවේ තනතුරු වෙනස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. නිතර ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.
අධ්‍යාපනය
දරුවකුගේ ඉදිරි අනාගත වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගනී. විදෙස් භාෂාවක් ඉගෙනීම කෙරෙහි ඇල්මක් ඇති කරයි.
සෞඛ්‍යය
හදිසි වැටීම් තැළීම්වලට ඉඩ ඇති සතියකි. වරින් වර ඇති කරන ආහාර නොදිරවීමේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම චර්මගත ආබාධයකටද ඉඩ කඩ ඇති බවක් පෙනේ.
අය 07 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – කොළ
සුබ දවස – බදාදා
Weekly Horoscope
සබැඳි ලිපි
