Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබ යා යුතු රට කේන්දරයෙන් දැනගන්න

1 week ago 7 Min read
Subha.lk

මේ ලිපිය කියවන සෑම කෙනෙක්ම තම උපන් රට වන ලංකාවෙන් බැහැරව විදේශගත වීමටත් විදේශ රටක ජීවත්වීමටත් පි‍්‍රය කරන අය වෙති. එය ඉෂ්ට සිද්ධාර්ථයෙන් සිදුවීමට ඔබේ උපතේ බලවත් වූ විදේශගත වීම් ගැන කියන ග්‍රහ බල රැසක් තිබිය යුතුව ඇත. ඒ ගැන කරුණූු රැසක් ඔබට ඉදිරිපත් කරමි.

යම් අයකුගේ ජන්මපතක විදේශගත වීමේ වාසනාව උරුම කරුම කර දෙන්නේ තමා උපන් කේන්දරයේ ලග්නාධිපති 2 -4 අධිපති 9 අධිපති 11 -12 අධිපති ග්‍රහයන්ගේ මෙන්ම 7 අධිපති ග්‍රහයාගේ ද බල දුබලතා මතයි. විදේශ ගමන් නියෝජනය කරන රාහු, සඳු යන ග්‍රහයන් උපතේ බලවත්ව සිටි ආකාරය අනුව ද යම් ජන්මියකුට විදේශගත වීම්ද, විදේශගතව පදිංචිය ස්ථිර තත්ත්වයක් උදා කිරීමේ භාග්‍යය උදා කරයි. මේ ගැන සොයා බැලීමේදි යමෙක් උපතින් විදේශගතව මවුපියන් විදේශගතව පදිංචි වී සිටීමෙන් පිටරටක උපත ලැබීම ද එම රටේම පදිංචි වී සිටීමද පිටරට සම්බන්ධතා පිටරට ව්‍යාපාර වස්තුවලින් ධනය ලැබීම් ද ඇති කරන්නේත් යම්කිසි බලවත් වූ ග්‍රහ බලයක් මත බව මේ ලිපිය තුළින් ඔබට වටහා ගත හැකිය.

රාහු සමඟ සඳු සංයෝගය

යමකු ලග්න 12න් කිනම් ලග්නයක ඉපදී සිටියත් ඔහුගේ හෝ ඇයගේ ජන්මපතේ රාහු සඳු සමඟ සංයෝග වී බලවත්ව ජන්මපතේ ඇත්නම් එම ග්‍රහයෝගය ලග්නයේ 4 වැන්නේ, 5 වැන්නේ, 7 වැන්නේ, 9 වැන්නේ 10, 11, 12 වැනි භාවවල පිහිටියේ නම් ඔහු අනිවාර්යයෙන්ම විදේශගතව ජීවත්වන අයකු වන අතර ජීවිතෙන් වැඩි හරියක් පිටරටවල ජීවත් වේ. විදේශගතව යමෙක් ජීවත් වන ග්‍රහ බලය මූර්තිමත් කිරීමට ලග්නාධිපති ග්‍රහයාද 1,5,9 ත්‍රිකෝණ ස්ථාන අධිපති ග්‍රහයන් ද උපතේ බලවත් වී ඔබේ ජන්ම පතේ පිහිටා තිබීම ඉතාම වැදගත් වන සාධකයක් වේ. රාහු බලවත්ව සඳු සමඟ සංයෝගව මේ ග්‍රහයින් වර්ගෝත්තම ග්‍රහබල ශක්තියෙන් බලවත් නම් නැකැත්වල ගමන් කර ඇත්නම් විදේශවලදී උපත සිදුවීම්ද, තම රැකියාව, විවාහය, තම ජීවත් වීමද විදේශගත රටවල සිදුවෙන බව සත්‍ය වූ ඡ්‍යොතිෂ සිද්ධාන්තයකි. යමෙක් සිතිජය උදාවෙන් මේෂ ලග්නයෙන් ඉපදී ඔබගේ කේන්දරයේ රාහු සඳු ලග්නගතව හෝ 4 වැන්නේ හෝ 9 වැන්නේ හෝ 10 වැන්නේ හෝ 7 වැන්න, 2 වැන්න, 11 වැන්න, 12 වැන්න යන ස්ථානවල බලවත්ව සිටිමින් ශුභ වූ සිකුරු, බුධ, ගුරු යන ග්‍රහයන්ගේ ශුභ වූ දෘෂ්ටි ලබයි නම්, එම ග්‍රහයන් සංයෝග වුණි නම් ඔබට විදේශගතවීම් ස්ථිර වන අතර ඔබ අන්තර්ජාතික ප්‍රසිද්ධියක් ලැබූ සිත දියුණු කෙරූ දාර්ශනික චින්තකයකු වීමට ඉඩ ඇත. මේ තත්ත්වය ඔබට උදා කිරීමට කේතු, බුධ, ගුරු, කුජ යන ග්‍රහයන්ගෙන් ලග්නයට ග්‍රහයන් දෙන දෘෂ්ටි, ග්‍රහ සංයෝග බලයද ඉතාම වැදගත්ය.

 

විදෙස් ගමන් ජය ගැනීම

විදේශ සමඟ ව්‍යාපාර කර්මාන්ත කරන මහා ව්‍යාපාරිකයින්ද, දාර්ශනිකයන් ලොව සුපතළ ඉංජිනේරු, නාවුක රැකියා කරන රැසකගේ ජන්ම පත්වල මේ ග්‍රහයෝග යෙදී ඇති අයුරු එම ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේදී අපට පෙනේ. විශේෂයෙන් ජලජ ආශි‍්‍රත මූදේ නැව්වල වැඩ කරන නාවුකයන්ගේ මෙන්ම නැව්වල වැඩ කරන සේවකයන්ගේ ජන්ම පත්‍රවල ලග්න භාවයේ ද 2 වැනි භාවයේද, 4 වැනි භාවයේද, 5 වැනි භාවයේද, 9 , 7, 11, 12 වැනි භාවයන්හි රාහුද සඳු ද ජන්මපතේ බලවත්ව සිටියදී ඉපදී ඇත්නම් ඔහු හෝ ඇය මුළු ජීවිත කාලයම මූදේ නැව්වලම රැකියා කරමින් දේශ දේශාන්තරවල රැකියාව කරමින් ඇවිදින නාවුකයෙක් වීම පෙන්වයි. මෙහිදී ලොව මවිත වන වැඩ ලෝකයා හමුවේ තබමින් ජනපි‍්‍රයත්වයට පත්වන අයද ලෝකයේ සිටිති. මේ අය එම තත්ත්වයට ගෙන ඒමට එම අයට උපතේ දෛවයෙන් උරුම කරුම වූ ග්‍රහබල රැසක් ඇත. විදේශයන්හි සංචාර කරමින් ජනපි‍්‍රයත්වය මූලිකත්වය නායකත්වය ලැබීම ද තාක්ෂණ විඥ්ඥාන දැනුමද ලබා දීමට ගුරු, බුධ, කුජ, කේතු යන ග්‍රහයින්ගේ ආකර්ෂණ, විකර්ශන බලය එයට මුල්වන බවත් මේ ලිපිය තුළින් ඔබට පෙන්වා දීමට කැමැත්තෙමි.

එයට මූලික වන බලය නම් සඳු රාහු යම් ජන්මියෙකුට විදේශගත වීමට වාසනාව උදා කරයි නම් එම ග්‍රහ බලය ප්‍රතිමූර්තිමක් කරළීමට ඔහු විදේශගතව ජීවත්වීම තුළින් ඔහුගේ දක්ෂතා මත ඔහුගේ ධනය විවාහය තම ශරීර සැපය ක්‍රමවත් ජීවිත පාලනය සිදුවීම් ගෙවල් දොරවල් ඉඩකඩම් ලැබීම් ද ගැනද ඔහු හෝ ඇය කරන රැකියා මට්ටම අනුව ඔහුට සමාජයෙන් ලැබෙන ගෞරවය තම රැකියාවල හැටියට ධනය ලැබීම දියුණුව උදාකර දීම භාග්‍ය කැන්දවීම ලග්නාධිපති 1 , 5, 9 අධිපති ග්‍රහයන් වර්ගෝත්තම වීමද ෂඩ් වර්ග අෂ්ටක වර්ගවලින් බලවත් වූයේ නම් ඔහු ජාත්‍යන්තර කීර්තියට පත් රට රටවල ප්‍රසිද්ධ දේශපාලන නායකයකු වූ හෝ කලා අංශයේ පරිපූර්ණ වූ කලාකරුවකු හෝ තාක්ෂණ චින්තකයකු හෝ ලොවටම අලුත් දෙයක් හඳුන්වා දෙන මුළු ලෝකයේම රටවල ඇවිදින හැම තැනම ජන හද දිනූ විද්‍යාඥයන් වීම ගෙනදේ. මොහු ධනයෙන්, බලයෙන්ද තාක්ෂණ දැනුමෙන් පරිපූර්ණ අයකු ද වෙයි. ඒ ඔබට පෙන්නා දුන්නේ විදේශගත වී ජීවිතේ වාසනාව උදා කරගන්නා ආකාරය වේ.

 

විදේශවලදී පරාජය ලබන්නෝ

තවද විදේශගතවීම් යෙදී පිටරටවල ගොස් තම ධනය, ශ්‍රමය, නැතිකර ගනිමින් ජීවිතය ද නැතිකර ගෙදරට එන අයද සමාජයේ සිටිති. එයටද මූලික වන ඡ්‍යොතීර් සිද්ධාන්ත රැසක් ද ඇත. ලග්නාධිපති ග්‍රහයා බලවත් භාවයෙන් දුබලවීමද 1 -5 -9- 2 අධිපති 11 - 12 - 8 අධිපති 6 - 7 අධිපති ග්‍රහයන් බලවත් වී නොමැති වීමද විසි දෙවැනි දෙර්කාණාධිපති 64 වැනි නවාංශක අධිපති නීචව සතුරුව සිටීම ද විදේශ ගත වී තම වටිනා ජීවිතයද තමාට අහිමි වී දේහය තම මවු රටට ගෙනෙන ග්‍රහ බලය වේ. විදේශ ගතවීමට වාසනාව තිබුණත් තමාට විදේශගතවීමෙන් ධනය ලැබීම තමාගේ රැකියාවල උසස්වීම් තම සිතේ සතුට, පී‍්‍රතිය උදා නොවන්නේ නම් ඔබට පිටරට ගොස් දියුණුව ලැබීමට වාසනාව ද නැත්නම් ඔබගේ උපතේ බලවත් වීමෙන් යෙදෙන පිටරට ගමන කෙසේ සාර්ථකවේද යන්න ඔබටද මහත් ගැටලුවකි.

මේ සැමදේම ඒකරාශි වී දෛවයට උරුම කරුම වන්නේ තමා පෙර කළ කුසල් අකුසල් බලය මතයි. ජන්මපතක තමා කරන ක්‍රියාව ප්‍රතික්‍රියාව ජීවිතයකට ලග්නාධිපති ග්‍රහයා උදාකර දෙන අතර පෙර පින මෙලොව පින 5, 9 අධිපති ග්‍රහයන් විසින් ප්‍රතිමූර්තිමත් කරයි නම්, බාධක ස්ථාන වන 3, 6, 7, 8, 11, 12 ස්ථාන අධිපතියන් දුෂ්ට වූ ස්ථාන ගත වුණිනම් ඔබට පැහැදිලිව පැවසිය හැකි එක දෙයක් ඡ්‍යොතිර් විද්‍යාවට අනුව ඇත. එය විදේශගත වී මරණය, දුක් විඳීම, අනේක විධ කරදරවලට මූණ දීම් ගෙන දෙවයි. එනිසා එසේ ග්‍රහබල උරුම අය විදේශගත වීමෙන් දුකින් දුකට පත්වේ. තවද මේ විදේශ ගමන් පිටත්වීමට ප්‍රථම ඔබ හොඳින් දක්ෂ ඡ්‍යොතිර්වේදියකු ලවා ඔබේ ජන්ම පත පරීක්ෂාවට ලක්කර විදේශගතවීම ඉතාම වටී. තවද මේ විදේශ ගතවීම් ගැන ඔබ නිගමනයකට බැසීමේදී ඔබේ උපතේ යෝග කාරක වූ ලග්නයට ශුභ පල උදාකරන ග්‍රහයා කිනම් දිශාවකට දිග්බලය හිමිද? තමා උපත් ලග්නාධිපති ග්‍රහයාගේ බලය කිනම් රටකට බලවත්ව ග්‍රහපල ආකර්ෂණය වැඩ කරනවාද යන්න ගැනත් මනාව ඔබ දැන ගත යුතුය. ලෝක සිතියමින් අක්ෂාංශ දේශාංශ බෙදී යන රටවල් ඔබට දෛවයෙන් උරුම දියුණුව ලැබීමට ඇත්තේ බටහිර දේශාංශකයට අයිති රටවල් ද, නැඟෙනහිර දේශාංශකයට අයිති රටවල්ද මැදපෙරදිග රටවල් ද, මධ්‍යම දේශාංශකයට අයිති රටවල් ද කියතත් ප්‍රවීණ ඡ්‍යොතිෂ විද්‍යාඥයා ලවා තම ජන්මපත ඔහුට දී විදේශගත වීමට පෙර හරවත් පරීක්ෂණයකට ලක් කළහොත් ඔබට එය හොඳින් දැන ගත හැකිය. තවද ඔබ යන්නේ මොන රටටද? එහි ගිය පසු ඔබට දෛවයෙන් උරුම ලග්නය අනුව යෙදෙන ග්‍රහබල ශක්ති කෙසේ ක්‍රියාවට නැඟෙයිද යන්න ගැනද මනාව ඡ්‍යොතිෂ විද්‍යාවට අනුව පරීක්ෂාවට ලක්කර විදේශගත වුණි නම් අනේක දුක් කරදර ධනය නැතිවීම් ජීවිත හානි ඔබට කිසිදා උරුම නොවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk