කටක ලග්නයේ පලාපල
සතියේ ලග්න පලාපල - ඔක්තෝම්බර් 02 සිට ඔක්තෝම්බර් 08 දක්වා
හදිසි ලැබීමකට කටයුතු සැලසෙමින් සතිය උදාකරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කරන සතියකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් වගකීම් වැඩි කරන කාලයකි. ශරීරයේ සීනි මට්ටම ඉහළ යන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර ඇතිවන ක්ලාන්ත ගති හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.
අධ්‍යාපනය
හදිසි කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් සහභාගි වීමට අවස්ථාව සැලසෙන කාලයකි. ලිපිලේඛන ගැටලුවක් හේතුවෙන් සිතට අසහනය ඇති කරන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා කාලයකි.
සෞඛ්‍යය
මෙතෙක් පීඩාගෙන දුන් අසනීපකාරි බවකින් නිදහස්වීමට කටයුතු උදාකරයි. වරින්වර හටගන්නා දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැනීමේදි සැලකිලිමත් වන්න.
අය 06 වැය 04
ජය අංකය 04
ජය වර්ණය - නිල්
සුබ දවස - බදාදා
Previous Reports
හදිසි ලැබීමකට කටයුතු සැලසෙමින් සතිය උදාකරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කරන සතියකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් වගකීම් වැඩි කරන කාලයකි. ශරීරයේ සීනි මට්ටම ඉහළ යන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර ඇතිවන ක්ලාන්ත ගති හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.
අධ්‍යාපනය
හදිසි කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් සහභාගි වීමට අවස්ථාව සැලසෙන කාලයකි. ලිපිලේඛන ගැටලුවක් හේතුවෙන් සිතට අසහනය ඇති කරන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා කාලයකි.
සෞඛ්‍යය
මෙතෙක් පීඩාගෙන දුන් අසනීපකාරි බවකින් නිදහස්වීමට කටයුතු උදාකරයි. වරින්වර හටගන්නා දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැනීමේදි සැලකිලිමත් වන්න.
අය 06 වැය 04
ජය අංකය 04
ජය වර්ණය - නිල්
සුබ දවස - බදාදා
පවුලේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදු කරගැනීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරන සතියකි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන බවක් පෙනේ. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට කටයුතු උදා කරන සතියකි.
රැකියාව
අලුත් රැකියා ලාභ හිමිකම් ඇති වුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. වෙළෙඳ ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයකි. එමෙන්ම ස්වයං රැකියා කටයුතුවල නියුතුවූවන්ට විශේෂ වාසි කීපයක් හිමිකරන බවක් පෙන්වයි.
අධ්‍යාපනය
තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. මෙතෙක් මඟහැරී තිබූ පොත්පත් වැඩකටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. චර්මගත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.
අය 07 වැය 03,
ජය අංකය 04,
ජය වර්ණය - නිල්,
සුබ දවස - බදාදා
අලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
දේපළ සම්බන්ධ මතභේදකාරී බවක් ඇති කරයි. නිතර ඥාතීන් සමඟ කටයුතු කිරීමේ දී දුරදිග සිතා බලා කටයුතු කරන්න. අඹුසැමි සුහදතාවයට හේතු සැලසෙන කාලයකි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙනා බවක් පෙන්නුම් කරයි.
රැකියාව
මෙතෙක් උදාසීන බවකින් කරගෙන ගිය රැකියා කටයුතු උනන්දුවෙන් මෙන්ම උද්‍යෝගයකින් සිදු කරන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරයි. රැකියාවේ ස්ථාන වෙනසක් සිදුවිය හැකි කාලයකි.
අධ්‍යාපනය
තරග විභාගයක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරන සතියකි. නිතර පවුලේ අයගෙන් දුරස්ථව අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට මඟ සැලසේ. හදිසි පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදල් වැය වීමක් සිදු කරයි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙසීම් ගෙන දෙන සතියකි. එමෙන්ම හදිසි වැටීම් තැලීම් වැනි ආබාධ තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ උනන්දුවකින් කටයුතු කරන්න.
අය 06 වැය 05
ජය අංකය - 07
ජය වර්ණය - කහ
සුබ දවස - සඳුදා
අවිවේකී වුවත් ලැබීම් අතින් යහපත් කරයි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 12,1,2 යන භාවස්ථානවලයි.
ගෘහ ජීවිතය
පවුලේ ඉදිරි සැලසුමක් සාර්ථක ලෙස නිමා කර ගැනීමට හැකි වෙයි. මෙතෙක් ඇතිව තිබූ දේපළ සම්බන්ධ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකි වෙයි. නිතර ආගමික කටයුතුවලින් සහන පතන කාලයකි. සහෝදර සහෝදරියන් සමඟ පී‍්‍රතිමත් ගමනකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි.
රැකියාව
රැකියාවට අමතර ආදායම් මාර්ග හිමි කරයි. පවුලේ අයගෙන් දුරස්ව කරන රැකියා මාර්ගයකට හිමිකම් ඇති කරයි. රැකියාවේ වරප්‍රසාද කීපයක් හිමිවන ලකුණු පෙනේ.
අධ්‍යාපනය
විශේෂ තරග විභාගයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. කණ්ඩායම් වැඩසටහනක් සම්බන්ධ මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවේ. වැඩිහිටි ගුරුදෙගුරුන්ගේ ප්‍රශංසා හිමිවන කටයුතු කීපයක් සිදු කරයි. විදෙස් අධ්‍යාපනයකට සූදානමක් ඇති කර ගන්නා සතියකි.
සෞඛ්‍යය
නිතර හටගන්නා උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. කෑම බීම පාලනයට ඉතා වැදගත් කාලයකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි විමසිලිමත් විය යුතු බවක් පෙනේ.
අය 07 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – කොළ
සුබ දවස – සඳුදා
ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවයන් මතිනි.
ගෘහ ජීවිතය
පැවැති ගැටලු කීපයකින් නිදහස අත් කරයි. පවුලේ අය අතර ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. නිතර ප්‍රභූ පක්ෂය හා ඇසුරට කටයුතු සැලසෙන සතියකි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් සාර්ථක වන සතියකි. මෙතෙක් අවහිරතා ගෙන දුන් කටයුතු කිපයකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. ස්වයං රැකියා කටයුතුවල නියුතු වූවන්ට විශේෂ වාසි කීපයක් සැලසෙන සතියකි. අලුත් රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.
අධ්‍යාපනය
හදිසි සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමට සිදුවන සතියකි. මෙතෙක් පීඩාකාරි ලෙස කරගෙන ගිය විෂයක් වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇති කරයි. කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධවීමට සිදුවන සතියකි.
සෞඛ්‍යය
වරින්වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වරින්වර කෑම බීම අරුචිය පවා සිදුවිය හැකි කාලයකි. පපුව ආශි‍්‍රත ආබාධයක් හෝ සෙම් ගතියක් වැඩිවීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි.
අය 06 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - දම්
සුබ දවස - සඳුදා
Weekly Horoscope
සබැඳි ලිපි
