Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විදේශවලදී පරාජය ලබන්නෝ

5 days ago 7 Min read
Subha.lk

තවද විදේශගතවීම් යෙදී පිටරටවල ගොස් තම ධනය, ශ්‍රමය, නැතිකර ගනිමින් ජීවිතය ද නැතිකර ගෙදරට එන අයද සමාජයේ සිටිති. එයටද මූලික වන ඡ්‍යොතීර් සිද්ධාන්ත රැසක් ද ඇත. ලග්නාධිපති ග්‍රහයා බලවත් භාවයෙන් දුබලවීමද 1 -5 -9- 2 අධිපති 11 - 12 - 8 අධිපති 6 - 7 අධිපති ග්‍රහයන් බලවත් වී නොමැති වීමද විසි දෙවැනි දෙර්කාණාධිපති 64 වැනි නවාංශක අධිපති නීචව සතුරුව සිටීම ද විදේශ ගත වී තම වටිනා ජීවිතයද තමාට අහිමි වී දේහය තම මවු රටට ගෙනෙන ග්‍රහ බලය වේ. විදේශ ගතවීමට වාසනාව තිබුණත් තමාට විදේශගතවීමෙන් ධනය ලැබීම තමාගේ රැකියාවල උසස්වීම් තම සිතේ සතුට, පී‍්‍රතිය උදා නොවන්නේ නම් ඔබට පිටරට ගොස් දියුණුව ලැබීමට වාසනාව ද නැත්නම් ඔබගේ උපතේ බලවත් වීමෙන් යෙදෙන පිටරට ගමන කෙසේ සාර්ථකවේද යන්න ඔබටද මහත් ගැටලුවකි.

මේ සැමදේම ඒකරාශි වී දෛවයට උරුම කරුම වන්නේ තමා පෙර කළ කුසල් අකුසල් බලය මතයි. ජන්මපතක තමා කරන ක්‍රියාව ප්‍රතික්‍රියාව ජීවිතයකට ලග්නාධිපති ග්‍රහයා උදාකර දෙන අතර පෙර පින මෙලොව පින 5, 9 අධිපති ග්‍රහයන් විසින් ප්‍රතිමූර්තිමත් කරයි නම්, බාධක ස්ථාන වන 3, 6, 7, 8, 11, 12 ස්ථාන අධිපතියන් දුෂ්ට වූ ස්ථාන ගත වුණිනම් ඔබට පැහැදිලිව පැවසිය හැකි එක දෙයක් ඡ්‍යොතිර් විද්‍යාවට අනුව ඇත. එය විදේශගත වී මරණය, දුක් විඳීම, අනේක විධ කරදරවලට මූණ දීම් ගෙන දෙවයි. එනිසා එසේ ග්‍රහබල උරුම අය විදේශගත වීමෙන් දුකින් දුකට පත්වේ. තවද මේ විදේශ ගමන් පිටත්වීමට ප්‍රථම ඔබ හොඳින් දක්ෂ ඡ්‍යොතිර්වේදියකු ලවා ඔබේ ජන්ම පත පරීක්ෂාවට ලක්කර විදේශගතවීම ඉතාම වටී. තවද මේ විදේශ ගතවීම් ගැන ඔබ නිගමනයකට බැසීමේදී ඔබේ උපතේ යෝග කාරක වූ ලග්නයට ශුභ පල උදාකරන ග්‍රහයා කිනම් දිශාවකට දිග්බලය හිමිද? තමා උපත් ලග්නාධිපති ග්‍රහයාගේ බලය කිනම් රටකට බලවත්ව ග්‍රහපල ආකර්ෂණය වැඩ කරනවාද යන්න ගැනත් මනාව ඔබ දැන ගත යුතුය. ලෝක සිතියමින් අක්ෂාංශ දේශාංශ බෙදී යන රටවල් ඔබට දෛවයෙන් උරුම දියුණුව ලැබීමට ඇත්තේ බටහිර දේශාංශකයට අයිති රටවල් ද, නැඟෙනහිර දේශාංශකයට අයිති රටවල්ද මැදපෙරදිග රටවල් ද, මධ්‍යම දේශාංශකයට අයිති රටවල් ද කියතත් ප්‍රවීණ ඡ්‍යොතිෂ විද්‍යාඥයා ලවා තම ජන්මපත ඔහුට දී විදේශගත වීමට පෙර හරවත් පරීක්ෂණයකට ලක් කළහොත් ඔබට එය හොඳින් දැන ගත හැකිය. තවද ඔබ යන්නේ මොන රටටද? එහි ගිය පසු ඔබට දෛවයෙන් උරුම ලග්නය අනුව යෙදෙන ග්‍රහබල ශක්ති කෙසේ ක්‍රියාවට නැඟෙයිද යන්න ගැනද මනාව ඡ්‍යොතිෂ විද්‍යාවට අනුව පරීක්ෂාවට ලක්කර විදේශගත වුණි නම් අනේක දුක් කරදර ධනය නැතිවීම් ජීවිත හානි ඔබට කිසිදා උරුම නොවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk