කුම්භ ලග්නයේ පලාපල
සතියේ ලග්න පලාපල - ඔක්තෝම්බර් 02 සිට ඔක්තෝම්බර් 08 දක්වා
සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවයන් මතිනි.
ගෘහ ජීවිතය
අන්සතු වස්තු ලාබයකට හිමිකම් ඇති බවක් පෙනේ. එහෙත් නිතර දරුවන්ගේ කටයුතු වෙනුවෙන් අමතර මුදල් වැයවීම් සිදු කරයි. සමාජයේ ප්‍රසිද්ධියට කරුණු සැලසෙන සතියකි. පවුලට අලුත් සාමාජිකයකු එක්වන බවක් පෙන්නුම් කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි. ස්වයං රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. විදෙස් රැකියා බලාපොරොත්තුවන අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.
අධ්‍යාපනය
අධ්‍යාපනික ප්‍රදර්ශනයක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. නිතර වැඩසටහන්වල මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වෙයි. ගණිත අංශයෙන් ඉගෙනුම ලබන අයට සුබදායක ලෙස ගැටලු කීපයක් විසඳී යන බවක් පෙනේ.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යයට බාධා ගෙන දෙන සතියති. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.
අය 06 වැය 04
ජය අංකය – 06
ජය වර්ණය – නිල්
සුබ දවස – බදාදා
Previous Reports
සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවයන් මතිනි.
ගෘහ ජීවිතය
අන්සතු වස්තු ලාබයකට හිමිකම් ඇති බවක් පෙනේ. එහෙත් නිතර දරුවන්ගේ කටයුතු වෙනුවෙන් අමතර මුදල් වැයවීම් සිදු කරයි. සමාජයේ ප්‍රසිද්ධියට කරුණු සැලසෙන සතියකි. පවුලට අලුත් සාමාජිකයකු එක්වන බවක් පෙන්නුම් කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි. ස්වයං රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. විදෙස් රැකියා බලාපොරොත්තුවන අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.
අධ්‍යාපනය
අධ්‍යාපනික ප්‍රදර්ශනයක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. නිතර වැඩසටහන්වල මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වෙයි. ගණිත අංශයෙන් ඉගෙනුම ලබන අයට සුබදායක ලෙස ගැටලු කීපයක් විසඳී යන බවක් පෙනේ.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යයට බාධා ගෙන දෙන සතියති. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.
අය 06 වැය 04
ජය අංකය – 06
ජය වර්ණය – නිල්
සුබ දවස – බදාදා
වෙනදාට වඩා අවිවේකී ලෙස සතිය උදා කරයි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන 10, 11, 12, 1 යන භාවයන් මතින් සිදුවනු ලබයි.
ගෘහ ජීවිතය
පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන සතියකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.
රැකියාව
වෙනදා තරම් රැකියාවේ කටයුතුවලින් එතරම් සුබදායක බවක් අත් නොවේ. කලා ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි. එමෙන්ම අලුත් ව්‍යාපාරයක් ඇරඹීමට අදහස් ඇති අයට සුබදායක සතියක් වන අතර ඒ පිළිබඳ උනන්දුවන්න.
අධ්‍යාපනය
තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. දරුවකුගේ උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් අතහිත දීමට අවස්ථාව උදා කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට රුචිකත්වයක් ඇති කරයි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය සම්බන්ධ වරින් වර ගැටලුකාරී බවක් මතු කරයි. වෙනදාට වඩා ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. නිතර යෙදෙන ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වේ. ශරීරයේ උෂ්ණාධික බව නිසා පීඩා විඳින සතියකි.
අය 07 වැය 06,
ජය අංකය 04,
ජය වර්ණය - කොළ,
සුබ දවස - සිකුරාදා
මෙතෙක් පැවැති සැනසිලිදායක බව මඟ හැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. එමෙන්ම තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. තාක්ෂණික අංශයේ රැකියා කටයුතුවලින් විශේෂ වරප්‍රසාද හිමිකරයි. මෙතෙක් තනතුරු උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයට, එතරම් සුබදායක කාලයක් නොවනු ඇත.
අධ්‍යාපනය
ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරයි. ලිපි ලේඛන ගැටලුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. නිතර පොත්පත් කියවීම කෙරෙහි රුචිකත්වයක් දක්වන බවක් පෙනේ.
සෞඛ්‍යය
ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. යටපත්වූ හිසේ වේදනාවක් නැවත මතුකරන කාලයකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ජලය සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් වන්න.
අය 06 වැය 04
ජය අංකය - 09
ජය වර්ණය - කොළ
සුබ දවස - සඳුදා
විශ්වාසය බිඳ වැටෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ කටයුතු කෙරෙහි මෙතෙක් පැවැති උදාසීන බව මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. පැරණි හිතවත්කමක් අලුත් වන ලකුණු පෙන්නුම් කරයි. දරුවකුගේ කටයුතු හේතුවෙන් වෙහෙසෙන කාලයකි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ යම් යම් ප්‍රමාදතා සිදු කරන සතියකි. මෙතෙක් උනන්දුවෙන් සිදු කරගෙන ගිය රැකියාවේ කටයුතු කෙරෙහි උදාසීන බවක් ඇති කරයි. එහෙත් හදිසි ලාභ හිමි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි.
අධ්‍යාපනය
හදිසි අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන සතියකි. වෙනදාට වඩා පොත්පත් වැඩ කටයුතු කෙරෙහි වෙහෙසෙන කාලයකි. මෙතෙක් දුර්වලතා පෙන්නුම් කළ විෂයයන් කීපයක් වෙනුවෙන් අමතර ඉගෙනීමේ කාලයක් ගෙන දෙන සතියකි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. හදිසි වැටීම් තැළීම වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවන කාලයකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත්වීම වැදගත් සතියකි.
අය 06 වැය 05
ජය අංකය – 06
ජය වර්ණය – නිල්
සුබ දවස – බ්‍රහස්පතින්දා
වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
මෙතෙක් පැවැති සැනසිලිදායක බව ඈත්වී යන බවක් පෙන්නුම් කරයි. පවුලේ අය අතර හොඳහිත දිනාගෙන කටයුතු කිරීමට හැකිවන සතියකි. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. පවුලේ කෙනකුගේ හදිසි දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත.
රැකියාව
රැකියාවේ කටයුතු වෙනුවෙන් පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. නිතර ගත සිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ස්වයං රැකියා කටයුතුවලට සම්බන්ධ අයට අමතර වාසි සැලසෙන සතියකි.
අධ්‍යාපනය
විශේෂ ජයග්‍රහණවලට හිමිකම් ඇති බවක් පෙනේ. මෙතෙක් පැවැති උදාසීන ගතිපැවැතුම් මඟහැරී යයි. කණ්ඩායම් වැඩසටහන්වල මූලිකත්වය ගෙන කටයුතු කරන බවක් පෙනේ. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි.
සෞඛ්‍යය
ආමාශගත ආබාධ හෝ පිත් කෝපවීමෙන් හටගන්නා අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සෞඛ්‍ය පරීක්ෂණ කීපයකට භාජනය වීමට සිදුවෙයි
අය 07 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා
Weekly Horoscope
සබැඳි ලිපි
