Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කතුන් වරදට පොළඹවන ග්‍රහ පිහිටීම්

6 days ago 7 Min read
Subha.lk

විවාහය ජීවිතයේ සුන්දර අත්දැකීමකි. ඒත් ඒ දිවිය ඒ ආකාරයෙන්ම සුන්දර කිරීමට හෝ අසුන්දර කටුක දිවියක් කිරීමට ඇය සමත් වෙයි. ඇගේ වැරදි හැසිරීම් ඔවුන්ගේ විවාහ දිවිය අඳුරුවීමට හේතුවනු ඇත. ඇය වරදට යොමුකරන ග්‍රහ පිහිටීම් ස්ත්‍රී කේන්දරයක මේ අයුරින් දක්වා ඇත. විවාහපේක්ෂාවෙන් පසුවන ඔබ මේ පිළිබඳව  සැලකිලිමත් වන්නේ නම් එය ඔබේ යහපතට හේතුවනු ඇත.

 

සඳු හිමි කටකයේ රවි හා අඟහරු ග්‍රහයා සිටියදී උපන් ස්ත්‍රිය පර පුරුෂ සේවනයේ නිමක් නැත. තම පුරුෂයාට  අනේක වාරයක් මුසා බස් ගොතමින් ජීවිතය ද පරදුවට තබා හෝ වෙනත් පුරුෂයන් කරා ඇදී යන්නීය. මෙවන් කාන්තාවෝ තමන්ගේ ශරීරයට වඩා ඉඳුරාම ස්ථුල(මහත්) පිරිමි කෙරෙහි ශරීර අඟපසඟවලට සිහිනමවමින් බොහෝ සේ ඇලුම් කරන්නේය. මෙවැනි කාන්තාවන් අධික කාමාශාවෙන් පෙළෙන ස්ත්‍රීහුය. දවසට හතර පස්  වතාවක් වුවද සම්භෝගයේ යෙදීමට මේ ස්ත්‍රීහු සමත් වෙති.

 

ගුරුගේ දෘෂ්ටියෙන් උදාරත්වය හා ගුණගරුකත්වයත්, රවිගේ දෘෂ්ටියෙන් තේජස් භාවයත් දැක්වේ. රාහු, බුධ,  ශනි වැනි ග්‍රහ දෘෂ්ටියක් ඇත්තේ නම් ඇය තේරුම් ගැනීමට අපහසු ස්ත්‍රියක් බැව් කියවේ. දුබල වූ චන්ද්‍රයා  වෙතින් දැනගත හැක්කේ මානසික ඒකාග්‍රතාව නොමැති ජීවිතයේ අස්වාභාවික පැවතුම් ඇත්තියක් බවයි.

 

කුජ, ශුක්‍ර යෝගවී ඔවුනොවුන්ගේ රාශි ලග්න කේන්දරයේදී හෝ නවාංශක කේන්දරයේදී මාරු කරගෙන  සිටීනම්, ඇය චරිත ශුද්ධියට මුල්තැනක් නොදෙයි. ශුක්‍ර කුජගේ ත්‍රිංශාංශකයේ සිටීමත්, කුජත් එසේම සිකුරුත්  ත්‍රිංශාංශකව සිටීමත් එමෙන්ම ඔවුනොවුන්ගේ නැකැත් මාරු කරගෙන සිටීමත් පරදාර සේවනයට නැඹුරු  කරවන පිහිටීම්ය. තුන්වෙනි භාවය හා දොළොස්වෙනි භාවය මේෂ හෝ වෘශ්චික වී පාප පීඩිත රාහු එහි සිටී  නම් ඇය ද අභිසාරිකාවකි. දොළොස්වැනි භාවය ශුක්‍ර විසින් දැකීමෙන් සිනමා නිළියන් බිහිවනු ඇත. ගුරු විසින් දැකීමේ දී නම්බුකාර අභිසරුලියන් වන්නීය. මේ තත්ත්වයන් තීරණය කළ යුත්තේ චන්ද්‍රයාගේ ශක්තිය අනුවය.

 

හත්වැන්නේ කුජ, ශුක්‍ර, චන්ද්‍ර සිටීමත් අභිසාරිකාවන් බිහි කරවන පිහිටීමකි. පාපියකු හත්වැන්නේ සිටි විට තවත්පාපියකුගේ දෘෂ්ටිය ලැබුණහොත් සිය සැමියාගෙන් තෘප්තිය නොලබන්නියකි. හත්වැන්න බාධකස්ථානය වේ  නම් ඇය සිය සැමියා මරා හෝ සොර සැමියන් සතුටු කරනු ඇත. හතරවැන්නේ පාපියකු සිට ශුභ දෘෂ්ටියක්  නොලබයි නම් එයද අභිසරුළියක් බවට පත්වීමට හේතුවක් වේ. අටවැන්නේ හෝ දොළොස් වැන්නේ අඟහරු  ග්‍රහයා සිට පාපකාරී රාහුගේ දැකීමට ලක්වූ කාන්තාව ඉඳුරාම තමන්ගේ ආදරණීය සැමියාගෙන් වෙන්වන්නීය. කොතරම් හොඳට දෙවඟනකට මෙන් සැලකුව ද ඔවුන් වෙනත් පුරුෂයන් කරා ඇදීයන්නේ කාමුකත්වයේ උපරිම පීඩනය නිසාය.

 

ශනි, කුජ දෙදෙනාගේ රාශිවල සිකුරු ග්‍රහයා සිටි කල පාප ග්‍රහයින් විසින් දකින කල්හි සඳු ලග්නයේ සිටීනම්  එවැනි ස්ත්‍රීන් ස්වාමි, දරු දැරියන්ගේ ද අනුදැනුම ඇතිව කාමුක පිරිමි සමඟ එක්ව සිටීමෙන් තමන්ගේ මනදොළ, ආර්ථිකය මෙන්ම ශාරීරික වශයෙන් ද අවශ්‍යතා සපුරාගන්නා වෛශ්‍යා කාන්තාවෝය. මුදලට විකුණන ශරීර  අංග ඇත්තීන්ය.

 

අඟහරු හා සිකුරු අටවැන්නේ සිටියදී උපන් කාන්තාව තම ස්වාමියා නිසා ද අන් පිරිමි නිසා ද ගැබ්ගත් පසු ඒවා කෙසේ හෝ විනාශ කරගන්නීය. පරපුරුෂ සේවනයට නිතරම ඇලුම් කරයි. මෙවැනි ස්ත්‍රීන්ට දරුවන් අවශ්‍ය  නැත. එකම ආශාව කාමුකත්වයයි. ස්වාභාවික හෝ අස්වාභාවික හැම අංශයකින්ම සතුටට පත්වීමට ඕනෑම  වේලාවක සූදානමින් සිටින කාමුක ස්ත්‍රීහුය.

 

ශුභ ග්‍රහයකු විසින් දකින ලද පාප ග්‍රහයකු සත්වෙනි රාශියේ සිටි ස්ත්‍රියගේ සැමියාගේ ආයුෂ අඩුය. එසේ වන්නේස්ත්‍රියගේ සොර සැමියෙකුගේ මාරක උගුලකට බෙල්ලදීමට සිදුවන නිසාය. පාප ග්‍රහයන් ලග්නය හත යන  ස්ථානවල සිටියදී උපන් කාන්තාවන්ගේ ඇති කාමුක පෙළීම කෙළවරක් නැත. මේ නිසා ස්වාමි පුරුෂයාට ද  ඉක්මණින් මරණය ගෙනදෙයි.

 

කුජ, සඳු ග්‍රහයින් දෙදෙනා පමණක් එක රාශියක සිටීම ස්ත්‍රී කේන්දරයක අශුභ යෝගයක් ලෙස සඳහන් වෙයි.  විශේෂයෙන් දුෂ්ට ස්ථානයක නම් ඇය සිටින ගෙදරින් ශි‍්‍රයා කාන්තාව බැහැරවන බැව් කියැවේ. පුරුෂ  කේන්දරයක වූවත් මේ කුජ, චන්ද්‍ර යෝගය පාප ක්‍රියා කිරීමටත්, ඒ සඳහා මුදල් නාස්ති කිරීමටත් හේතුවේ. රවි  හතේ සිටීම ද ස්ත්‍රී කේන්ද්‍රයක අශුභ පිහිටීමකි. එය ස්වාමි භක්තිය අඩු වීමට හේතුවෙයි. බොහෝවිට දෙදෙනා  සමගි සමාදානයෙන කල් නොයවති. බලවත් දෘෂ්ටි ලදහොත් එසේ නොවිය හැකිය.

 

ස්ත්‍රී කේන්දරයක හත්වැන්නේ පාපීන් විසින් දක්නා ලද හිරු පමණක් සිටියොත් කෝප සිත් ඇතිව ස්වාමියා  සමඟ නිතර දබර කරන්නියක වෙයි. පාපයන් පමණක් දක්නා ලද කුජ පමණක් සිටියොත් ස්වාමියාගෙන්  වෙන්වන්නියක් වේ. පාපයන් විසින් පමණක් දක්නා ලද ශනි පමණක් සිටියොත් ස්වාමියා සමඟ විරුද්ධවීම  පමණක් නොව තමා ද ජරා ව්‍යාධි ස්වභාවයට පත්වන බව සඳහන් වෙයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk