විවාහය හා ජ්‍යොතිෂය ගැන ප්‍රශ්න කිහිපයක්
විවාහය ගැන දීර්ඝ ලිපියක් ලියනවට වඩා වැදගත් ප්‍රශ්න කිහිපයක්සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.
විවාහ ජීවිතවල ගැටලු පෙරට වඩා ඉහළ යමින් පවතිනවා. දික්කසාද ප්‍රමාණය එන්න එන්නම වැඩිබවයි පේන්නේ. විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට ජ්‍යොතිෂය ඉවහල්කරගත හැක්කේ කෙසේද යන්න විමසා බැලීම කාලීන අවශ්‍යතාවයක් බව පේනවා. විවාහය යනු කුමක්දැයි නොදැන යුග දිවියට ඇතුළත්වීම විවාහ +ගැටලුවලට මූලික හේතුවයි. අවබෝධ කරගැනීමට සුදුසු ප්‍රශ්න කිහිපයක්පහත දැක්වේ.
විවාහය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?
ලියාපදිංචි කිරීම ද පෝරුවේ චාරිත්‍ර කිරීමද?
විවාහය කියන්නේ ඔය දෙකම නොවේ. පෝරුවේ නැග්ගත්, ලියාපදිංචි කළත් යුවළ දෙපැත්තක ජීවත්වෙන්න පුළුවන් රටවල් දෙකක වගේ. යම් යුවළක් සෙනෙහසින් යුතුව වර්ෂයකට වැඩි කාලයක් එක නිවසක ජීවත්වීම විවාහය ලෙස ජ්‍යොතිෂයේදී හඳුන්වනවා.
චිරාගත සම්ප්රදාය නම් විවාහයට පෙර පොරොන්දම් පරීක්ෂා කිරීමයි. ඒත් පොරොන්දම් විස්සම ගැළපෙන අය දුර්ලභයි. සෑම යුවළකගේම පොරොන්දම් කීපයක් ගැළපෙන්නෙ නෑ.
මෙම සේවාව ලබාගැනීම සඳහා මෙම ලින්ක් මඟින් පිවිසෙන්න - https://subha.lk/horoscope-2025
පොරොන්දම්ගැළපීම අනුව විවාහය ගැන තීරණය කරන්න පුළුවන්ද?
පිළිතුර- පොරොන්දම් බලලම විවාහය ගැන හරියට තීරණයක් දෙන්න බෑ. ඒක අසම්පූර්ණයි. පොරොන්දම්පරීක්ෂාවෙන් විතරක් විවාහය ගැන තීරණය කරන්න පුළුවන් කියල පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථවල ලියල නෑ. පොරොන්දම් පරීක්ෂාවට පෙරත්, පසුත් බලන්න ඕන කාරණා තියෙනවා.
මොනවදඒ කාරණා?
පිළිතුර- බලාපොරොත්තු වෙන සහකරුට අල්ප ආයුෂ ද කියල බලන්න ඕන. ආයුෂ අඩු නම් විවාහ වෙලා වැඩක් නෑ. අනික බාහිර කරුණුත් බලන්න ඕන. පෙනුමට ගැළපෙනව ද කියල. හරියට ආගම් දෙකක, ජාතීන් දෙකක, ලොකු වයස් පරතරයක අය ගැළපීම අඩුවෙන්න පුළුවන්. මේව බලන්න ඕන කෙළින්ම. පොරොන්දම්බලන්න ඕන ඊට පස්සෙයි. අනික සහකරුගේ චරිත ස්වභාවය. ඒ කියන්නෙ කාමාධිකද බෙලහීන ද අවාසනාවන්ත කෙනෙක්ද තද කේන්ති කාරයෙක්ද ඔය වගේ කාරණා වෙනමම කේන්දරය අනුව බලන්න ඕන.
සමහරුන්ට විවාහ එකකට වඩා පෙන්වනවා. බහුවිවාහ යෝග. සමහරුන්ට විවාහය උරුම නැති බවට කේන්දරයෙන් පෙන්නනව. මේව ගැන පොරොන්දම් විස්සෙන් විතරක් බලන්න බෑ. කේන්දරේ විවාහය ගැන පෙන්නන හත්වැන්න දුර්වල නම් වාසනාවන්ත විවාහයක් උරුම නෑ. මේවා විශේෂයෙන් බලන්න ඕන දේවල්.
පොරොන්දම්ගැළපිලා නැකත් බලල කරන විවාහවලත් අවුල් ඇති වෙනව නේද?
පිළිතුර- එහෙම වෙන්නත් පුළුවනි. කිසිම යුවළක් සීයට සීයක්ම ගැළපෙන්නෙ නෑ. නොගැළපෙන ප්‍රමාණය සීයට විස්සක් නම් ඒක මතුවෙන අවස්ථා උදාවෙනවා. විශේෂයෙන් අපල කාලසීමාවක මේක වෙන්න පුළුවනි. ගෙදර වාස්තු දෝෂ, අමනුෂ්‍ය දෝෂ නිසාත්වෙන්න පුළුවනි. ඒ නිසා ගැටලුමතු වෙනකොට වරින් වර කේන්දර පරීක්ෂාකරල බලන්න ඕන.
සමහර තරුණ තරුණියන්ට සියලු දේ තිබුණත් විවාහයක්නෑ. වයසට යනව. මේක දෙමව්පියන්ටත් අසහනයක් වෙලා. විවාහ ප්‍රමාදයට ජ්‍යොතිෂයෙන් පිළියම් තියෙනවද?
පිළිතුර – පිළියම් තියෙනව. ඒකට ප්රශ්නය හඳුනා ගන්න ඕනෑ. විවාහ ප්‍රමාදයට හේතුව මොකක්ද කියල. කේන්දරය පරීක්ෂාව වගේම තත්කාල ශාස්ත්රයත් ඒකට උපයෝගි වෙනව. කේන්දරය අනුව පැවිදි යෝග නැතිනම් අවිවාහක යෝග තියෙනවද කියල දැන ගැනීම අවශ්‍යයි. තද බල විදිහට අවිවාහක යෝග තියෙනව නම් ඒකට ප්‍රතිකර්ම කිරීම පහසු නෑ. ඒ වුණත් ගතවෙන්නෙ තදබල ඒරාෂ්ටක අපලයක් වගේ දෙයක් නම් ඒකට අදාළ ශාන්තිකර්ම කරන්නෙ නැතුව විවාහය සාර්ථක වෙන්නෙ නෑ. අපල කියන්නෙ ග්‍රහයො කරන දෙයක් නොවේ. අකුසල කර්ම විපාකයි. ශාන්තිකර්ම නැතිනම් කුසලකර්ම වලින් මේවා යටපත් කරන්න පුළුවනි.
සමහරවිට වැරදි විදිහට මැණික් පැලඳීමත් නැති අපල ඇති කරනව. පත්තිනි දේව මෑණියන්ට බාරවීම විවාහ ප්‍රමාදයට සාර්ථක පිළියමක්. ඒකත් ජන්ම පත්‍රය අනුව කරන්න ඕන.
බටහිර රටවල්වල ඔය පොරොන්දම් බලනව වගේ දේවල් කරන්නේ නෑ නේද? ඒවා මිථ්‍යා මත විදිහට නේද සලකන්නෙ?
පිළිතුර – ම් ශත වර්ෂයෙ මහ උත්කර්ෂවත් විදිහට කරපු මංගල උත්සවය මොකක්ද? චාල්ස් – ඩයනා විවාහ මංගල්‍යය නේද? ඒකට මොකද වුණේ. ඛේදවාචකයකින් නේද කෙළවර වුණේ. චාල්ස් – ඩයනා විතරක් නොවේ, බටහිර රටවල්වල විවාහ කඩාකප්පල් වෙනව වැඩියි නේ. ලංකාව වගේ පෙරදිග රටවල ජ්‍යොතිෂය අනුගමනය කිරීමත් විවාහ සුරක්ෂිත වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්.
දැන්චාල්ස් කුමාරයගෙ ලග්නෙ කටක. අස්විද නැකතෙන් ඉපදුණේ. ඩයනා ධනු ලග්න හිමිකාරිනියක්. මේ කේන්දර දෙකේ ගැළපීම මදි බව ජ්‍යොතිෂය අනුව පේනව. අනික ලංකාව හුඟක් දියුණු යුගවල ජ්‍යොතිෂයත් හුඟක්දියුණු මට්ටමක තිබුණු බව තහවුරු වෙනවා.
අපියමක් පිළිගන්න ඕන. ඒක බටහිර මිනිස්සුත්පිළිගන්නවද කියල බලල නොවේ. හරිද නැද්ද කියල හොයල බලලයි.
උගත්කම, දැනුම තියෙනව නම් ඔය ඕන ප්‍රශ්නයක් විසඳගෙන යහපත් විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්නේද?
පිළිතුර – එහෙම වෙනව නම් උගතුන් ගේ විවාහ ජීවිත වඩා යහපත් වෙන්න ඕන. එහෙම නෑනේ. ආචාර්ය, මහාචාර්යවරු වගේම වෛi, ඉංජිනේරු, නීති විශාරදයන් අතරත් පවුල් අවුල් අනන්තවත් තියෙනව. ඔයින් සමහරුන්ට විවාහ ජීවිතයවත් උරුම වෙලා නෑ. අවිවාහක අය බොහොමයි.
ඒ කියන්නෙ අවබෝධයෙන් කටයුතු කරල යුගදිවිය සාර්ථක කරගන්න බැරිද?
පිළිතුර – අවබෝධය කියන්නෙ යුගදිවිය ගැන අවබෝධය නම් ඒක හරි. ආර්ථික විද්‍යාව, නීතිය නැත්නම් වෙනත් විෂයන් ගැන අවබෝධය විවාහයට අදාළ නෑ.
පොරොන්දම්පරීක්ෂා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ අවබෝධය ලැබීමයි. ඒ කියන්නෙ ගැළපෙන කාරණාවලටත් වඩා නොගැළපෙන කාරණා ගැන දැන ගැනීමයි. මේ අවබෝධය තියෙනවනම් විවාහය සාර්ථක කරගන්න පුළුවනි.
විවාහයක්උරුම නැති අයත් ඉන්නවද? ඒක කේන්දරය බලල කියන්න පුළුවන්ද?
පිළිතුර – විවාහ උරුම නැති අය ඉන්නව. යම්කෙනකුට පැවිදි යෝග යෙදිල තියෙනව නම් ඒ අය කම්සැපට කැමැති නෑ. ඒවට කියනව ඤාණ යෝග කියල. සිදුහත් බෝසතාණන් වහන්සේගේ කේන්දරය වගේම බලංගොඩ ආනන්ද මෛත්රය හිමිපාණන්ගේ කේන්දරයවගේ බහුශ්‍රැත ස්වාමින් වහන්සේලාගේ කේන්දරය බලනකොට මේක තහවුරු වෙනව.
අනික හත්වැන්න, ශනි – කුජ වගේ පාපයින්ගෙන් පීඩාවීම නිසා විවාහය වළකිනව. අභාවප්‍රාප්ත ඩඩ්ලි සේනානායක අගමැතිතුමා, සර් ජෝන් කොතලාවල අගමැතිතුමා, අනුර බණ්ඩාරනායක මැතිතුමා වැනි අයගේ කේන්දරවල හත්වැන්න කුජ – ශනි ගේ පීඩාවට ලක්වෙලා තිබුණු බව පේනවා. ඒතුන් දෙනාටම විවාහ වෙන්න බැරි කමක් තිබුණේ නෑ. ඒ වුණත් මේ බාධාව බලපෑම බව පේනව. ඒවට කියන්නෙ ‘කාලත්‍ර දෝෂ’ කියල.
විවාහයෙන්පස්සෙ යුග දිවියේ ඇතිවන ගැටලුවලට ජ්‍යොතිෂය අනුවකළ හැක්කේ මොනවාද?
පිළිතුර – මුල ඉඳලම වැරදිලා තියෙන අවස්ථාත් තියෙනව. කේන්දරය වැරදිනම් පොරොන්දම් පරීක්ෂාවත් වැරදියි. මංගල නැකතත් වැරදියි. එතකොට වරද්දගෙන තියෙන්නෙ මුලදීමයි. ඒත් විවාහ වුණාට පස්සේ ඒව බලන්න ඕනනෑ. කොහොමත් ලැබෙන්නෙ කර්මානුකූලව ලැබෙන සහකාරයයි.
යුගදිවිය කොතරම් ගැළපුණත් හැමදාම එක වගේ නෑ. ප්‍රශ්න ඇතිවෙනව. එතකොට ජ්‍යොතිෂයට අනුව හේතුව හොයන්න බලන්න ඕන. ග්‍රහ අපල, ගෙදර වාස්තු දෝෂ, අණ වින, දෙවිදෝෂ, අමනුෂ්‍ය දෝෂ වගේම නොඉවසීම, දුරාචාරය, බීමත්කම වගේ දේවලුත් හේතු වෙන්න පුළුවන්. ප්‍රශ්න ශාස්ත්‍රයන්, ජන්ම පත්‍ර පරීක්ෂාවන් මගින්ප්රශ්නය හොයාගෙන විසඳගන්න පුළුවන්. ඒක මුලින්ම ඉක්මනින්ම කරන්න ඕන.
විවාහකයන්ට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද?
පිළිතුර – ගැටලුවක් විසඳන්න නම් ඒකට අදාළ හැම දෙයක්ම සොයා බලන්න ඕන. ඉවසීමෙන් හොයල බලන්න ඕන. ගැටලුවක් ඇතිවෙන්නෙ එක්කෙනෙක්ගෙ වරදින්ම නොවේ. දෙන්නගෙම වැරදි හේතුවෙන්න පුළුවනි. බාහිරවත්, ජ්‍යොතිෂය අනුවත්මේ කරුණු සොයා බලන්න. හරියට කරුණු හොයා බලනකොට ප්‍රශ්න ඉබේම විසඳෙනව. ඉවසීමත් හරිම වැදගත්.