Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සුන්දර කඩවසම් පෙනුමකට හිමිකම් කියන කළු කුමාරයා

1 month ago 7 Min read
Subha.lk

අඳුන්කුමාර, ගිනි කුමාර, මල් කුමාර යන පර්යාය පදවලින්හඳුන්වනු ලබන කළු කුමාරයා තරුණියන්ට මෙන්ම තරුණ කාන්තාවන්ට ද වින කරනයක්ෂයකි. මෙම කළු කුමාර යක්ෂයාගේ උපත පිළිබඳ බොහෝ ජනප්‍රවාද පවතී. ඒවා අතර සුලභම ජනප්‍රවාදය වන්නේ මෙයයි.

 

අනුරාධපුරයේරජකම් කළ වළගම්බා රජුගේපුතෙක් වූ නීල කුමරුවළගම්බා රජුගේ අණ පරිදි සොලීන්විසින් පැහැරගත් තරුණයකු රැගෙන ඒමට ගිය වේලෙහි පුරාණ උතුරු කුරු දිවයිනෙහි කිසිදු පුරුෂයකු නොදුටු කාමාශාවෙන් මත්ව සිටි ස්ත්‍රීන්ට මැදිවී එම ස්ත්‍රීන්සිදු කළ පහත් ක්‍රියා හේතු කොට ගෙන නීල කුමරුන් දුර්වල වී ස්ත්‍රීන්කෙරෙහි වෛරයෙන් මියගොස් කළු කුමාරයා නම් යක්ෂයෙක් වී ඉපදුණ බවයි.

 

කළුකුමාරයා බොහෝ ලස්සන, කඩවසම් යක්ෂයෙක් වන අතර ඔහුදකින ඕනෑම තරුණියක් ඔහුට වෂීවීම වැළැක්විය නොහැකි කරුණකි. මොහු සුදු ඇඳුමින් සැරසී යගදාවක් අතැතිව, දිගු වරලසක් විදහාලමින් ගවයකු පිට නැඟී ගමන් කරන තරණයකු බව පුරාණ පොතපතේසඳහන් වේ. කිසිවිට ලිංගික ආශාවන් ගෙන් තෘප්තිමත් නොවන කළු කුමාර යක්ෂ තෙමේ වෙසමුනි රජුගෙන් අවසර ගෙන තරුණ රූමත් තරුණියන් මෙන්ම කාන්තාවන් සොයා

 

ගොම්මන්වේලාවේ සැරිසරන බව මතයයි. මෙමකළු කුමාරයාට කළු යකා ලෙස ද නම් දෙනුදැක ගතහැක. නමුත් මොවුන් අවතාර දෙකකි. කළු කුමාරයා තරුණියන්ට ඇල්ම බැල්ම හෙළන අතර කළු යකා තරුණ සුන්දර කාන්තාවන්ට ඇල්ම බැල්ම හෙළා රෝග කිරීම දැකිය හැක.

 

කළුකුමාරයා ගොම්මන් කාලයේ ්දී පමණක් නොව, දැරියක් මල්වර වී තනිවූ අවස්ථාවේදීගොම්මනේ නාන අවස්ථාවේදී, තනිව පුළුටු අනුභව කරන අවස්ථාවේ, නැටුම් ගැයුම් වාදන ඇති තැන්හි, ගවමඩු ආශ්‍රිතව, සතුන් මරණ ස්ථානවල, සොහොන්වල, අතහැර ගිය ගෙවල්වල, ළිං, වැව්, පොකුණු, පීලි ආශ්‍රිතව යුවතියට කෑදර වී, ලොල් වී තමන්ගේ කාමආශා සන්තර්පණය කර ගැනීම සඳහාතමන්ගේ ග්‍රහණයට ගනී.

 

මීටඅමතරව කළු කුමාරයා අලුත කසාද බැඳි කාන්තාවන්ට ද ඉතා ලොල්වේ. තවද සැමියා මියගිය අලුත කාන්තාවන්ට, ප්‍රේමවන්තයෙක් සිටිනතරුණියන්ට ද විවාහ ප්‍රමාද වන තරුණියන්ට දකළු කුමාරයාගේ දෘෂ්ටිය වැටෙනු ඇත.

 

මෙම සේවාව ලබාගැනීම සඳහා මෙම ලින්ක් මඟින් පිවිසෙන්න - https://subha.lk/horoscope-2025

 

තමදෘෂ්ටිය හෙළා ග්‍රහණයට ගත්තරුණියන්ට කළු කුමාරයා දෘශ්‍යමාන වන්නේ සිහින තුළින්ය. ඒ තමා ආදරයකරන අයකුගේ වෙස් ගනිමිනි. එහිදී සිහිනෙන් ලිංගික ක්‍රියාවන්හි යෙදීමසිදුවී තරුණිය දුර්වල වීම සිදුවේ. දීර්ඝ කාලයක් මෙලෙස වීම හේතුවෙන් තරුණිය කෙසඟ වී දුර්වර්ණ වීයෑම ද දැකිය හැක. ඊට අමතරව නිතර මුත්‍රා රෝග, සුදයෑමවැනි රෝග තත්ත්වයන් ද බහුල වේ. මෙවැනි ස්ත්‍රීන් තම ජීවිතය එපාවී සියදිවි නසා ගැනීමට උත්සාහ කරයි. මොවුන් නිතර සිහිනෙන් බය වී කෑගසයි. උන්මන්තක ලෙස දොඩවයි. අධික රස්නයක වුවද වෙව්ලයි. ගෙදර අය නොමැතිව සිටිනවිටතව අයකු තමා ළඟ සිටිනවා සේහැඟේ. කළු කුමාර දෝෂය ඇති කාන්තාවන්ට දරු ගැබ් නොපිහිටයි. දරු ගැබ් පිහිටිය ද ටික දිනකින්එය විනාශ වී යයි. කළුකුමාර දිෂ්ටිය උග්‍ර වූවිට අදාළතරුණිය සිහි මූර්ජා වී වැටීම සිදුවේ. මෙහිදී මැයට ජීවිත හානිය වීමේ අවදානම ද වැඩි වේ.

 

කළුකුමාර දෝෂය ඇතිවූ මුල් කාලයේ එය ශරීරයෙන් නොපෙණුනද තරුණියගේ ක්‍රියාකලාපයෙන් හාජන්ම පත්‍ර පිහිටීමෙන් මෙයබලාගත හැක. ඒ අනුව තරුණියඋදෑසන අවදි වනවිට ඇගේ ශරීරයේ සීරීම් පවතී නම් හෝ ඇඟට තෙහෙට්ටුගතියක්, අපහසුතාවක් දැනේනම් එය කළු කුමාරදෘෂ්ටියේ මුල් ආරම්භය යි. මොවුනට දවල් කාලයේ දී ඈලිමෑලි දුබලගති පවතී. නිතර තනිව සිටීමට, නිදාගැනීමට මහත් ආශාවක් දැක්වීම ද කළු කුමාරදිෂ්ටියේ ලක්ෂණ වේ.

 

කළුකුමාර දෘෂ්ටිය වැටීම නිසා අදාළ තරුණියට බොහෝ අභාග්‍ය සම්පන්න කරුණුජීවිතය පුරාවට ම භුක්ති විඳීමටසිදුවනු ඇත. ඒ අතර කරනකියන සෑම කාර්යක්ම අසාර්ථක වීම, ආදායම ලාභ නැති වී ගොස් දිලිදුවීම, කෑම අරුචිය ඇති වීම, විරුද්ධ ලිංගිකයන්ට හේතු විරහිතව වෛර කිරීම, මානසික පීඩනය ඇතිවීම, මංගල යෝග කැඩී යෑම, යුගදිවියේ ගැටලු මෙන්ම සැමියා කෙරෙහි කලකිරීම් ප්‍රකට ලෙසදැකිය හැක.

 

නමුත්කළු කුමාර දෝෂය හා අමනුෂ්‍යදෝෂය යනු දෙකකි. කළු කුමාර දෝෂයේ දී ඉහත ලකුණුපෙන්නුම් කළ ද අමනුෂ්‍ය දෝෂවලදී රූපයවිරූපී වීම, කතා කරනවිට කටෙන් දුගඳ පිටවීම, ශරීරය ගඳ ගැසීම, කෙළවැගිරීම, උදරය විශාල වීම, මානසික රෝගී තත්ත්ව ඇතිවීම දැකිය හැක.

 

කළුකුමාර දෝෂයේ කරුණු කාරණා මෙසේ වුවද ජන්මියකුගේ උපතේ සිට මරණය දක්වා සිදුවන සෑම දෙයක්ම නිවැරදිව පැවසිය හැකි භාව කේන්දරය මගින් ද කළු කුමාරදෝෂය දක්ෂ ජ්‍යොතිෂවේදියකුට හෝවේදිනියකට හඳුනා ගතහැක. ඒ අනුව ජන්මපත්‍රයේ කේතු ග්‍රහයා දුබලවඑනම් සතුරු, මුඨ හෝ භංග නොවනනීචයක 6 වැන්නේ හෝ 8 වැන්නේ සිටී ම මෙම කළුකුමාර දෝෂය වැනි තනිකම් දෝෂ ඇති වියහැකි බවට පූර්ව දැනුම් දීමකි. දැරියගේ මල්වර කේන්දරයේ ද මෙවැනි ග්‍රහ පිහිටීමක් තිබේනම්එම තත්ත්වය සනාථ වන්නකි. එබැවින් දැරිය තනි නොකිරීම මෙන්ම ඉහත සඳහන් කළ කළු කුමාරදෝෂය වැළඳෙන කිසිදු ක්‍රියාවක් නොකිරීමටදැරිය දැනුවත් කළ යුතුයි. මවද නිතර දැරිය ගැන අවදානයෙන් සිටිය යුතුයි. මෙයිට අමතරව දැරියකගේ ජන්ම පත්‍රයේ කුජ ඉතා දුබල වීම, 6 හෝ 8 හි තැන්පත් වීම, එම කුජ පාප ග්‍රහයන් සමගසංයෝග වී දුබල වීකුජ 22 වන දෙර්කානාධිපති වීමආදී කරුණු ද කළු කුමාරදෝෂය ඇති වන ග්‍රහපිහිටීම් ය. මෙය දමල්වර කේන්දරයේ වේනම් ඉතා භයානක තත්ත්වයකි.

 

කළුකුමාර දෝෂයෙන් පීඩා විඳින තරුණියකට හෝ කාන්තාවකට එයින්මුදා ගැනමේ ක්‍රම දජ්‍යොතිෂවේදීන් දැන ගතයුතුමය. ඒ සඳහා යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මෙන්ම බොහෝ කෙම් ක්‍රම දඇත. ඒ අතර තමපියාගේ සරම හෝ පුරුෂයකුගේ සරමක්ඇඳගෙන නිදා ගැනීම, තොවිල් කිරීම, යකිනාරම් කොළ, ඇඳ මත අතුරානිදා ගැනීම, යකිනාරං කොළ නූලක බැඳ ඉණේ බැඳීම, හිස තබන කොට්ටය මත ගිරයක් හෝයකඩයක් තැබීම, පිරිත් පොත කොට්ටය යට තබා ගැනීම, පිරිත් තෙල් නළලේ තැවරීම, නිදා ගැනීමට ප්‍රථමව පිරිත්පැන් පානය කිරීම, නිදි යහනේ ද පිරිත් තෙල්තැන් තැන් හී සුළු වශයෙන්ආලේප කිරීම, දෙහි කැපීම, පන්සිල් ගෙන ඉතිපිසෝ ගාථාව තුන්වරක් කියා හෝ තුන් සූත්‍රය කියා නින්දටයෑම ආදී කරුණු සිදු කරයි.

 

ගැමිසමාජයේ බොහෝ කථා බහට ලක්වෙන කළු කුමාර දෝෂය රෝග ලක්‍ෂණවලින් මෙන්ම ජන්ම පත්‍රයේ පිහිටීම් තුළින් වටහා ගැනීමට ප්‍රතිකාර කරසුවපත් කිරීමට සෑම ජ්‍යොතිෂවේදියකුට මෙන්මගුප්ත වේදියකුට හැකියාව තිබිය යුතුය. ඒ සඳහා කළුකුමාර දිෂ්ටිය අනෙකුත් ප්‍රේත, යක්‍ෂ දිෂ්ටිවලින් වෙන්කර හඳුනාගැනීමේ ශක්තිය දක්‍ෂතාවය තිබිය යුතුය. නොඑසේනම් කළු කුමාර දිෂ්ටියට කරන ප්‍රතිකාර “පයබරවායට පිටකර බෙහෙත් බැන්දා” වැනිවේ. ඒනිසා සෑම ජ්‍යොතිෂවේදියකුම තුළටගුප්ත ශාස්ත්‍රය පිළිබඳව දසෑම ගුප්ත වේදියකුම ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව දමනා දැනුමක් අවබෝධයක් තිබිය යුතුමය. ජ්‍යොතිෂය, හස්තරේඛා, දේහලක්‍ෂණ හා ගුප්තශාස්ත්‍රය එකිනෙක බද්ධවූ විෂයන්ය. මෙම විෂයන් 4 සෑම පලාපල පවසන, ක්‍රියාකාරීව, ශාන්තිකර්මවලනියැළෙන ජ්‍යොතිෂවේදීන් මෙන්මගුප්තවේදීන් ද හැදෑරිය යුතුමවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk