පෝරුවේ චාරිත්‍ර කුමටද?
ශ්‍රී ලංකාවට අනුබුදු මිහිඳු මාහිමියන්ගේ වැඩමවීම හේතු කොටගෙන ජාතික සිරිත් විරිත් ද බෞද්ධාගමික මුහුණුවරක්ගත් බව ප්‍රකට කරුණකි. අර්ථශුන්‍ය මිථ්‍යාවිශ්වාසයන් වෙනුවට ඒ සිරිත් විරිත්නැතහොත් චාරිත්‍ර ඉතා අර්ථාන්විතව හා ධර්මානුකූලව සැකසිණි. මෙකල එම චාරිත්‍රවල සැබෑ අරුත නොදැනීම නිසා දෝ අභාවයට යමින්ද නවීකරණය වෙමින්ද තිබේ. අපේ ජන ජීවිතය හාබද්ධවී පවතින බෞද්ධ විවාහ මංගල චාරිත්‍ර පිළිබඳව විමසාබැලීමට මේ ලිපිය යොදාගනිමු.
විවාහපේක්ෂි තතරුණ යුවළක් තම කැමැත්ත අනුවඇති කරගනු ලබන ප්‍රේම සබඳතාවක්මත හෝ යෝජිතව හඳුනාගැනීමෙන්පසුව සුභ නැකත් බලා විවාහය සිදු කරනු ලැබේ. නැකත් බැලීම යනු කර්මානුරූපව පින්වත් දරුවෙකුගේ පිළිසිඳ ගැනීමකට සුදුසු කාලයක් ද යන්න විමසා බැලීමයි. විවාහයේ අවසන් පරමාර්ථය පින්වත් දරු පරම්පරාවක් බිහි කිරීම බැවිනි.
එහෙත්ජ්‍යොතිෂය ගැන එතරම් තැකීමක් නොකරන හා නැකත් විශ්වාසයක්නැති යොවුන් පරපුරක් ද බිහිවෙමින් පවතිනඅතර ඔවුහු යුරෝපීය චාරිත්‍ර අනුගමනය කරති. එසේ නමුදු ජ්‍යොතිෂය අනුගමනයකරන පෙරදිග වාසීන්ට වඩා විවාහ බිඳවැටීම් හා දික්කසාද සිදුවන්නේබටහිර බව පැහැදිලි සත්‍යයකි. පසුගිය දශක කිහිපය ඇතුළත අතිඋත්කර්ෂවත් ලෙස මංගල උත්සවය පැවැත්වූ එංගලන්තයේ චාල්ස් – ඩයනා යුවළ ඊට කදිම සාක්ෂියකි.
ගිහිජීවිතය ගතකළ යුත්තේ කෙසේ දැයි මංගල පෝරුවේ චාරිත්‍ර වලින් මනාවපැහැදිලි කෙරේ. එම චාරිත්‍රසෑම එකක්ම අර්ථ සම්පන්නය. ආදර්ශවත්ය. පෝරුවේ කියමන් ද සෙත් පිරිත්හෝ මංගල අෂ්ටක හෙවත් ධර්මානුකූලව ගොතා ඇති පi රචනාවන් වන්නේය.
මංගලපෝරුව සකස් කරන්නේ ද එක්තරා ශාස්ත්‍රීය පදනමක පිහිටමිනි. එම වේදිකාව හතරකොනේ පහන් (කළස්) හතරක් දල්වනු ලැබේ. ඒ ශාසන භාරසතරවරන් දෙවියන් උදෙසාය. පෝරුව මත සෞභාග්‍යයේසංකේත වන බුලත්, හාල්, පොල්, පඬුරු ආදිය තබනු ලැබේ. පෝරුව වියන මත නව ග්‍රහමණ්ඩලය සහිතව ද පසුබිම සිංහලචිත්‍ර කලාවට අනුවලියවැල්, හංස, ඇත්, ආදී රූපවලින් ද අලංකාර කරනුලැබේ. පෝරුවේ කියමන් වලින් කියැවෙන්නේ විශ්වකර්ම නම් දෙවියන් විසින් සිද්ධාර්ථ – යශෝධරා රජ යුවළට සාදනලද පෝරුව උක්ත ලක්ෂණවලින් යුක්ත බවයි.
යුවළපෝරුවට නංවනු ලබන්නේ සෙත් පිරිත් කියන අතරතුර වන අතර ඊටපෙර යුවළ හා සභාවේ සියලුදෙනා පන්සිල් ගනු ලැබේ. පෝරුව මත සිදුකරන චාරිත්‍ර
ගණනාවකි. තැලි, පිළි පැලඳවීම පළමුවෙන් සිදු කෙරේ. එනම් මුදු – මාල පැලඳවීම හා රෙදි පිළිඇන්දවීමයි. මෙම චාරිත්‍රයෙන් කියැවෙන්නේ සැමියා ජීවිතය පුරා ශක්ති පමණින් තම සහකාරියට ඒවාසපයාදිය යුතු බවයි. එය සැමියෙකුගේ යුතුකමක්බව බුදුන් වදාළහ.
හඟල හුරුලු දීමනම් චාරිත්‍රය මීළඟට සිදුකෙරේ. මෙහිදී බුලත් මත තැබූ පඬුරුකාසි යුවතිපතීන් අතර හුවමාරු කරනු ලැබේ. මනාලයා මනාලියට දෙන පඬුරු හයක් එසේ ආපසු දෙන අතර තුන්වන බුලත් හුරුල්ල වෙනුවට එකක් ආපසු දෙන්නේ නැත. මෙයින් හත්මුතු පරම්පරාවත් සිහිකරන බවට මතකයක් තිබුණද එහි ප්‍රමුඛ අර්ථයවන්නේ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් සදිසා නමස්කාරයයි. ගිහි ජීවිතය සාර්ථක කරගැනීම උදෙසා මාපිය, ගුරුවරු, අඹුදරු, හිත මිතුරු, සේවක හා පැවිදි යනපිරිස් හය උදෙසා යුතුකම්ඉෂ්ට කළ යුතු වන්නේය. හඟල හුරුලු දීමේ චාරිත්‍රය අනුව මෙමසදිසා නමස්කාරයට හා දානය හෙවත්පරිත්‍යාගයට යුවතිපතීන් එකඟ වන බව ප්‍රකාශ කෙරේ.
වතුර බඳුනක් පානය කිරීම හා කැවුම් කිරිබත්අනුභවය ද පෝරුවේ චාරිත්‍රයකි. පවිත්‍ර ජලය සංකේතවත්කරන්නේ පිවිතුරු – පවිත්‍ර ආදරයයි. පතිවතයි. එකට අනුභව කිරීම සහජීවනයයි. මෙහිදී සිංහල කිරිබත්, කැවුම් ආදී ආහාරවලට මස්, මාංශ, බිත්තර එක් නොකරන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. ආහාරයටපෙර වතුර පිළිගැන්වීම චිරාගත සම්ප්‍රදායකි. කැඳ පිළිගන්වන විට ඊට පෙර වතුරපිළිගන්වන්නේ දැයි අමරාදේවි පිළිබඳව මහෞෂධ පණ්ඩිතයන් පරීක්ෂාකාරී වූ බව උම්මග්ගජාතකයේ සඳහන් වන්නේය.
පිරිත්නූලකින් ඇඟිලි බැඳ අත්පැන් වත් කරන අතරතුර පිරිත් කීමේ චාරිත්‍රයක් ද වෙයි. මෙකලපිරිත් නූල වෙනුවට රන්වන් පාට නූල් භාවිතා කරනු දැකිය හැකිය. එහෙත් මෙම චාරිත්‍රය සඳහා පිරිත්නූල් භාවිතා කළ යුතුය. දරුවන්දන් දීමේදී අතපැන් වත්කල චාරිත්‍රය වෙස්සන්තර ජාතකයේද සඳහන් වන්නේය. අතපැන් වත්කර දියණිය සරණපාවාදීම පියා විසින් සිදුකළ යුතුය.
කිරිකඩසේලය පිරිනැමීම ඉතා වැදගත් චාරිත්‍රයකි. මෙහි කවි පෙළ අනුව කියැවෙන්නේ දුවට දුන් කිරිවලට උපහාරයක් ලෙස මෙය පිරිනමන බවය. ඔක්තාන නම් රජකල මාලි නම් බැමිණියගේ දුව සරණපාවා දෙන කල දුවට කොපමණකිරි දුන්නේ දැයි එම බෑණා විමසූබවත්
“දසඑකඩ මස සරි – උපන්දාසිට දුන් කිරි
කච්චියක්රෙදි සරි – තෙමෙන්නට ඇත දුවට දුන්කිරි”
යනුවෙන්පිළිතුරු දුන් බවත් කියැවේ. ඒ අනුව මව්ගුණය සිහි කරමින් රෙදි කච්චියක් හා බුලත් අතක්මවට පිරිනමනු ලැබේ. මෙහිදී දෙපාර්ශ්වයේම මව්පියන්ට බුලත් දී ආචාර කළයුත්තේය.
චාරිත්‍ර අවසානයේ පෝරුවෙන්බසින විටද පිරිත් කියන අතරතුර මඟුල් බෙර වාදනය කෙරේ. පෝරුව මත දී කියනඅෂ්ටක බොහෝමයක් තුළ බෞද්ධ සම්ප්‍රදාය දැකිය හැකිය. ඒ අතර ත්‍රිවිධ රත්නයට නමස්කාර ගාථා, දේවාරාධනා, ජය මංගල ගාථා, නාමාෂ්ට ශතකය, දළදා අෂ්ටක යශෝධරා අෂ්ටක, මාණිභද්‍රාෂ්ටක, නාරායන අෂ්ටක, ශ්‍රී විෂ්ණුඅෂ්ටක ආදිය වන්නේය.
නවයුවළට අවවාද අනුශාසනා කර කතාවක් පැවැත්වීමේසිරිතක් ද විය. එහිදීද සිහිපත් කෙරුණේ විශාඛා දේවියට තම පියා දුන්අවවාද ආදී වටිනා කරුණුය. අනුශාසනා ප්‍රතික්ෂේප කරමින්ද, මත්පැන් බී නටමින් දයුවළට වධ (රැග්) දෙමින්ද, පරණ පෝරුවක් කුලියට ගනිමින් ද, රටට ණයවී මඟුල් කා ටික දිනකින්දික්කසාදය හොයන වත්මන් බොහෝ යුවතිපතීන් අපේ පැරණි චාරිත්‍රවල සැබෑ අරත විමසා බැල්මට කාලය පැමිණ තිබේ.