Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත

1 year ago 7 Min read
Subha.lk

ජ්‍යොතිෂය, පැරැන්නෝ එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගි කොට ගත්හ. කරදර උපදුවවලින් තොරව ජීවිතය ගෙන යෑමටත් විස රසායනවලින් තොරව කෘෂි කටයුතු සිදුකර වැඩි අස්වැන්නක් ලැබීමටත් එමඟින් ඔවුනට හැකි විය. එය ශ්‍රී ලාංකේය ජාතියට උරුම වූ සුවිශේෂී ක්‍රමවේදයකි. 'මව්බිම තරුපති' තුළින් එම මුහුර්ත කල්තබා පළ කිරීම සිදුකරයි. එම මුහුරිත සකස් කිරීම සඳහා පැරැන්නන් උපයෝගි කොට ගත්තේ පුරාණ ඵලදාවලිය, මුහුර්ත චින්තාමණිය, පහළ ඌවේ නැකැත් අත්පොත වැනි ග්‍රන්ථ හා චූල නක්ෂත්‍රයේ එන ඉන්දු ගුරුළුව, යම කාලය, පංච පක්ෂිය, සිවලිඛිතය ගරුඬ පුරාණය වැනි ග්‍රන්ථයෝ වෙති. ශුභ දින, ශුභ හෝරා හා රාහු කාලය ආදිය නොසලකා මෙම මුහුර්ත භාවිත කිරීමට හැකිවීම විශේෂයක් වේ. එවැනි දුර්ලභ ජ්‍යොනිෂ ග්‍රන්ථ ඇසුරින් සකස් කළ 2022/08/08 දින සිට 2022/08/14 දින දක්වා සතිය තුළ යෙදෙන ශුභ මුහුර්ත මෙසේය.

 

(සියලුම වේලාවන් පැය 24 ක්‍රමයට දක්වා ඇති නිසා පෙව. /පව. සඳහන් කර නැත.)

 

 

🟢 2022/08/08 වැනි සඳුදා

 

ඉ.උ. 6.05, ඉ.බැ. 6.28. රාහු කාලය දිවා 07.37 සිට 09.11 දක්වා. රාත්‍රි 19.55 සිට 21.22 දක්වා. මරු වයඹ. ශුභ දිශාව නැඟෙනහිර. 20.58 දක්වා කුකුළුකරණය. ඉන්පසු දිවිකරණය ලබයි.

 

මෙදින චූල නක්‍ෂත්‍ර ශුභ නැකැත්,

1. 07.06 - වම් පය පෙරට තබා ගමන් යෑමට.

2. 10.41 – ප්‍රභූන් දැකීමට.

3. 12.06 - ශාස්ත්‍රීය කටයුතුවලට.

 

මෙදිනට කෘෂි මුහුර්ත යෙදී ඇත්තේ මෙසේය.

9.17 සිට 9.29 දක්වා බෙහෙත් පැළ සිටුවීමට ශුභයි.

9.50 සිට 10.05 දක්වා පොල්, තැඹිලි, පුවක් සිටුවීමට ශුභයි.

11.51 සිට 12.03 දක්වා මඩ ගොවිතැනට ශුභයි.

 

 

🟢  2022/08/09 වැනි කුප් දා

 

ඉ.උ. 6.05, ඉ. බැ. 6.27. රාහු කාලය දිවා 15.21 සිට 16.54 දක්වා. රාත්‍රි 03.10 සිට 04.38 දක්වා. මරු බස්නාහිර, ශුභ දිශාව නැගෙනහිර. 17.45 දක්වා දිවිකරණය ඉන්පසු එළුකරණය ලබයි. මෙදින චූල නක්ෂත්‍ර ශුභ නැකැත්,

 

1. 06.41 - තරගකාරී කටයුතුවලට.

2. 08.10 – දකුණු පය පෙරට තබා ගමන් යෑමට.

3. 10.03 - ශාස්ත්‍රීය කටයුතුවලට.

 

මෙදිනට කෘෂි මුහුර්ත යෙදී ඇත්තේ මෙසේය.

 

6.17 සිට 6.29 දක්වා වැට ඉදිකිරීමට ශුභයි.

8.41 සිට 8.53 දක්වා පලා වර්ග සිටුවීමට ශුභයි.

11.51 සිට 12.03 දක්වා මඩ ගොවිතැනට ශුභයි.

 

 

🟢 2022/08/10 වැනි බුද්ධ දා

 

ඉ.උ. 6.05, ඉ.බෑ. 6.27. රාහු කාලය දිවා 12.16 සිට 13.49 දක්වා. රාත්‍රි 00.16 සිට 01.43 දක්වා. මරු නිත. ශුභ දිශාව උතුර. 14.16 දක්වා එළුකරණය. ඉන්පසු ගවකරණය ලබයි.

 

මෙදින චූල නක්‍ෂත්‍ර ශුභ නැකැත්,

1. 07.31 - සියලු ශුභ කටයුතුවලට.

2. 08.41 – ශාස්ත්‍රීය කටයුතුවලට.

3. 10.12 - වම් පය පෙරට තබා ගමන් යෑමට.

 

මෙදිනට කෘෂි මුහුර්ත යෙදී ඇත්තේ මෙසේය.

 

9.50 සිට 10.31 දක්වා මල් වර්ග සිටුවීමට ශුභයි.

13.17 සිට 13.29 දක්වා මුං, කව්පි, බඩඉරිඟු වගාවට ශුභයි.

 

 

🟢  2022/08/11 වැනි ගුරු දා

 

ඉ.උ. 6.05, ඉ.බැ. 6.27.රාහු කාලය දිවා 13.48 සිට 15.22 දක්වා. රාත්‍රි 01.43 සිට 03.11 දක්වා. මරු දකුණ. ශුභ දිශාව උතුර 10.41 දක්වා ගවකරණය. ඉන්පසු සිංහ කරණය ලබයි.

 

මෙදින චූල නක්ෂත්‍ර ශුභ නැකැත්,

10.42 - දකුණු පය පෙරට තබා ගමන් යෑමට.

 

මෙදිනට කෘෂි මුහුර්ත යෙදී ඇත්තේ මෙසේය.

6.29 සිට 6.41 දක්වා මුං, කව්පි, බඩඉඟු වගාවට ශුභයි.

 

 

🟢  2022/08/12 වැනි කිවි දා

 

ඉ.උ. 6.05, ඉ.බැ. 06.27. රාහු කාලය දිවා 10.43 සිට 12.16 දක්වා, රාත්‍රි 22.48 සිට 00.16 දක්වා. මරු ගිනිකොන. ශුභ දිශාව උතුර. 07.08 දක්වා සිංහකරණය. ඉන්පසු ඌරුකරණය ලබයි.

 

මෙදින චූල නක්‍ෂත්‍ර ශුභ නැකැත්,

1. 07.07 - සියලු ශුභ කටයුතුවලට.

2. 08.39 - වම් පය පෙරට තබා ගමන් යෑමට.

 

මෙදිනට කෘෂි මුහුර්ත යෙදී ඇත්තේ මෙසේය.

 

10.11 සිට 10.24 වාරි කටයුතුවලට ශුභයි.

11.51 සිට 12.03 දක්වා මඩ ගොවිතැනට ශුභයි.

 

🟢  2022/08/13 වැනි ශනි දා

 

ඉ.උ. 6.05, ඉ.බැ. 6.26. රාහු කාලය දිවා 09.10 සිට 10.43 දක්වා. රාත්‍රි 21.20 සිට 22.48 දක්වා මරු නැගෙනහිර. ශුභ දිශාව දකුණ. 03.49 දක්වා ඌරුකරණය. ඉන්පසු ගජකරණය ලබයි.

 

මෙදින චූල නක්ෂත්‍ර ශුභ නැකැත්,

1. 09.17 – සියලු ශුභ කටයුතුවලට.

2. 11.07 – ශාස්ත්‍රීය කටයුතුවලට.

 

මෙදිනට කෘෂි මුහුර්ත යෙදී නැත.

 

 

🟢  2022/08/14 වැනි රවි දා

ඉ.උ. 6.05, ඉ.බැ. 6.26. රාහු කාලය දිවා 16.53 සිට 18.26 දක්වා. රාත්‍රි 04.37 සිට 06.05 දක්වා. මරු උතුර. ශුභ දිශාව දකුණ. 00.58 දක්වා ගජකරණය, 22.43 දක්වා කුකුළුකරණය, ඉන්පසු දිවිකරණය ලබයි.

 

මෙදින චූල නක්ෂත්‍ර ශුභ නැකැත්,

1. 08.19 – ශාස්ත්‍රීය කටයුතුවලට.

2. 10.43 - දකුණු පය පෙරට තබා ගමන් යෑමට.

 

මෙදිනට කෘෂි මුහුර්ත යෙදී ඇත්තේ මෙසේය.

11.50 සිට 12.02 දක්වා ඇට වර්ග සිටුවීමට ශුභයි.

 

 

මුහුර්ත චින්තාමණිය, පුරාණ ඵලදාවලිය, ජ්‍යොතිෂ පිවිසුම, නැකැත් චක්‍රය, ලංකා ජ්‍යොතිෂ දින පොත, ලංකා පංචාංග ග්‍රහස්ඵුට ලිත ඉර හඳ නැකැත් පොත

 

කොළඹ ජිනරතන කාර්මික විද්‍යාලයේ

ජ්‍යොතිෂ පාඨමාලාවේ උපදේශක

ජානක මල්ලිකාරච්චි

(ජ්‍යොතිර් විද්‍යා - කැලණිය වි.වි.)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk