Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බුධ කන්‍යා රාශියට මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට භද්‍රා යෝගය

1 year ago 7 Min read
Subha.lk

කුජ ග්‍රහයා 2022 වසරෙහි අගෝස්තු 10 වැනිදා වෘෂභ රාශියට පිවිසෙයි. මෙසේ වෘෂභ රාශිය කරා පිවිසෙන කුජ ග්‍රහයා 2022 වසරෙහි ඔක්තෝබර් 16 වැනිදා පෙව 6.32ට වන තෙක්ම තම වෘෂභ රාශි චලිතය පවත්වාගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2022 වසරෙහි අගෝස්තු 07 වැනිදාත් 2022 වසරෙහි අගෝස්තු 13 වැනිදාත් අතර කාල සීමාව තුළ රිය අනතුරු, වෙනත් හදිසි අනතුරු, ලේ වැගිරීම් ගිනි ගැනීම් අත්වැරදීම්වලින් සිදුවන පිපිරීම් ආදියෙහි වැඩි වීමක් පෙන්නුම් කෙරේ.

2022 වසරෙහි අගෝස්තු 10 වැනිදා මේ ආකාරයට කුජ ග්‍රහයා වෘෂභ රාශිය කරා ප්‍රවේශ වීමට අනුව 2022 වසරෙහි අගෝස්තු 10 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ අවිනිශ්චිත හෝ ගුප්ත හෝ එකවර හඳුනාගත නොහැකි සිදුවීමකට ඉඩකඩ ඇත. එමෙන්ම 2022 වසරෙහි අගෝස්තු 10 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ පාර්ලිමේන්තුව තුළ මත ගැටුම් උපරිම විය හැකි අතර රටෙහි ආර්ථිකය සම්බන්ධවද යම් යම් අසුබ ආරංචි ලැබෙන්නට ඉඩ ඇත. එමෙන්ම 2022 වසරෙහි අගෝස්තු 10 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ මාධ්‍යවේදීන් සම්බන්ධව, මාධ්‍ය සම්බන්ධව, අධ්‍යාපන අංශ සම්බන්ධව සහ සන්නිවේදන අංශ සම්බන්ධව දැනට වඩා යම්තාක් දුරකට හෝ අසුඛ ආරංචි ලැබීමේ අවදානමක් හටගනියි.

 

2022 වසරෙහි අගෝස්තු 14 වැනිදා රාත්‍රි 10.42ට රවි සහ ශනි යන ග්‍රහයන් නියම ලෙසට සංයෝග වෙයි. ඒ අනුව 2022 වසරෙහි අගෝස්තු 14දා අවට දිනවල සහ 2022 වසරෙහි අගෝස්තු 14 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය

තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය වීමට ඇති අතර විදෙස් රටවල් සමඟ නව ගිවිසුම් අස්සන් කිර්මටද පාර්ලිමේන්තුව තළ නව අණපනත් ආදිය සම්මත කිර්මටද, අමාත්‍ය මණ්ඩල සංශෝධන ආදිය යම් පමණකට හෝ සිදුවීමටද ඩකඩ ඇති බවද පෙනී යයි.

ආකාරයට රවි සහ ශනි යන ග්‍රහයන් එලෙසම සංයෝග වීමට අනුව 2022 වසරෙහි අගෝස්තු 14 වැනිදායින් පසුව

එළැඹෙන දින කිහිපය තුළ ජල විපත් සුළු වශයෙන් හෝ වැඩි වීමට ඉඩකඩ ඇත.

 

දැනට මේෂ රාශිය තුළ ඉතා ප්‍රබල ලෙස චලිත වන යුරේනස් ග්‍රහයා 2022 වසරෙහි අගෝස්තු 20 වැනිදා ආශ්‍රිතව වක්‍ර චලිතයක් කරා පිවිසෙයි. මෙම ග්‍රහ චලිතයට අනුව අගෝස්තු 23 වැනිදා ආශ්‍රිතව සහ අගෝස්තු 23 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ රිය අනතුරු, වෙනත් හදිසි අනතුරු, ලේ වැගිරීම්, ගිනි ගැනීම්, අත්වැරදීම් සිදුවන පිපිරීම් ආදියෙහි වැඩිවීමක් පෙන්නුම් කෙරේ. මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව අගෝස්තු 23 ආශ්‍රිත දිනවල සහ ඉන් පසුව එළැඹෙන දින කිහිපය තුළ ලෝක මට්ටමෙන් සිදුවන බෝම්බ පිපිරීම් ආදියටද, ගිනි කඳු සක්‍රිය වීම් ආදියටද ලෝක මට්ටමෙන් සිදුවන න්‍යෂ්ටික පිපිරීම් හෝ න්‍යෂ්ටික අත්හදා බැලීම් ආදියටද ඉතා ඉහළ ඉඩක් ඇත.

බුධ ග්‍රහයා 2022 වසරෙහි අගෝස්තු 21 වැනිදා පෙ.ව. 2.06ට කන්‍යා රාශිය කරා පිවිසෙන අතර 2022 වසරෙහි ඔක්තෝබර් 26 වැනිදා ප.ව. 1.48 වන තෙක්ම තම

කන්‍යා රාශි චලිතය පවත්වාගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව මිථුන, කන්‍යා, ධනු, මීන යන ලග්න හිමියන්ට 2022 වසරෙහි ඔක්තෝබර් 21 වැනිදාත් 2022 වසරෙහි ඔක්තෝබර් 26 වැනිදාත් අතර කාල සීමාව තුළ ගෝචරයෙන් “භද්‍රා” නම් වූ පංච මහා පුරුෂ යෝගය නිර්මාණය වෙයි. එම නිසා ඉහත සඳහන් කළ ලග්න හිමියන්ට ඉහත සඳහන් කළ කාල සීමාව තුළ දැනට පවතින ගැටලුවලට යම් පමණකට හෝ විසඳුම් ලැබෙනු ඇත. විශේෂයෙන් මිථුන ලග්න හිමියන්ට දේපළ, ඉඩකඩම් සහ යාන වාහන පිළිබඳ ගැටලු විසඳා ගැනීමද, ධනු ලග්න හිමියන්ට රැකියාවේ ගැටලු විසඳා ගැනීමද, කන්‍යා ලග්න හිමියන්ට මනසට බලපාන ලද ගැටලුවලට විසඳුම් ලැබීමද මීන ලග්න හිමියන්ට විවාහ බලාපොරොත්තු ඉටුවීම්ද පෙන්නුම් කරන බැවින් එම ලග්න හිමියන් ඒ පිළිබඳව උනන්දු වීම සුදුසුයි.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

පාරින්දු සුගතදාස

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk