Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාඵල අ‍ගෝස්තු 08 දින සිට අ‍ගෝස්තු 14 දක්වා

1 year ago 7 Min read
Subha.lk

මේෂ

 

ඔබට මෙම සතිය ආරම්භය තරමක් දුෂ්කර වනු ඇත. මේෂ ලග්න හිමියන්ට ශරීරයේ විවිධ දුර්වලතා මතුවේ. සිත එකතැන නොරැඳී විවිධ සිතිවිලිවලින් පිරියයි. වෙහෙසකර ගතියකින් දවස ගෙවීයනු ඇත. නින්ද මඳ වීමක් හෝ නිදිවැරීමක් සඳහා ඉඩ සැලසේ. කාගේ හෝ තර්ජනයකට මුහුණ දීමට සිදුවේ. දරුවන් සිටින අයට ඔවුන්ගෙන් ප්‍රශ්න හා කරදර ඇතිකරයි. ගෙදර දොර වැඩකටයුතු අතපසු විය. හැකිය. පිටස්තර තැන්වල හෝ විශ්‍රාමශාලා වැනි තැන්හි කල්ගෙවීමට සිදුවේ. වන්දනා ගමනක් යෑමට හැකිවේ. සිතේ පැවැති අසහනය එයින් තරමක් දුරට අඩු වී යයි. ඥාතීන්ගේද ස්ත්‍රීන්ගේද පැසසුමට ලක් වේ. සතිය මැදදී පමණ ධන ලාභයකට හේතුවේ. ලොතරැයි, රේස් ඔට්ටු ආදියෙන්ද මුතු, මැණික් ආදියෙන්ද ධනය හිමිවනු ඇත. මංගල යෝජනා හෝ පෙම් සබඳතා ගොඩනැඟෙන කාලයක් වේ. අන්සතු වස්තුවක් හෝ දේපළක් හිමි විය හැකිය. තත්ත්වය උසස්වේ. අලුතින් යමක් ආරම්භ කිරීමට සිත් වේ. කාගේත් ආදරයට ලක්වෙනු ඇත.

 

සුබ දිනය: සිකුරාදා

සුබ වර්ණය: ළා නිල් පාට

ජය අංකය: 06, 15

 

වෘෂභ

 

ඔබ සුව පහසුව මෙම සතිය ආරම්භ සාර්ථකත්වයට ගමන් කිරීමට වෘෂභ ලග්න හිමි ඔබට පුළුවන් විය හැකිය. වෙනදාට වඩා සැප පහසු නින්දක් ලබාගැනීමට හැකිවේ. තරග, වාද විවාද ආදියෙන් ජය හිමිවේ. විභාග ආදියට ඉදිරිපත් වන අයට විශිෂ්ට ප්‍රතිඵල, විනෝද චාරිකාවක් සඳහා ඇරයුම් ලැබේ. සම්මුඛ පරීක්‍ෂණවලින් සමත් වන ලකුණු, ගරු සැලකිලි ලැබෙනු ඇත. විනෝදයට හිත ඇදීයයි. ආහාර නොදිරවීම, අජීර්ණය, උදරාබාධ, ජල මළ අඩස්සිය වැනි රෝග තත්ත්වයන් මතුවිය හැකිය. තුනයේ හා දණහිස්වල කැක්කුම ආදී රෝග තත්ත්වයන්ද මෙම සතිය තුළ මතුවීමට ඉඩ ඇත. සතිය ආරම්භයේ තිබුණු තත්ත්වයට වඩා තරමක් අසීරුතාවක් සතිය අවසාන භාගයේ පවතිනු ඇත. වෙහෙසකර දුර ගමනක් යෑමට සිදු වේ. ආරවුල්වලට හසුවිය හැකි බැවින් හැකිතාක් එවැනි අවස්ථාවලින් ඈත්ව කල්පනාකාර්ව සිටීම යහපති. නොසිතූ වැයවීම් සහිත කාලයකි.

 

සුබ දිනය: අඟහරුවාදා

සුබ වර්ණය: රතු පාට

ජය අංකය: 09, 12

 

 

මිථුන

 

දෛනික ආදායම් වර්ධනය වන, සුළු වශයෙන් හෝ වස්තු ලාභ ලැබෙන සතියක් මිථුනයට අදින් ඇරඹේ. අගහිඟකම් තරමක් දුරට අඩුවනු ඇත. ස්ත්‍රීන් හා ඇසුරට අවස්ථා උදාවේ. කිසිදා නොදුටු අය හා මිතුරුවීමට සිදුවේ. අන් අය අතර කැපීපෙනෙන චරිතයක් බවට පත්වේ. උසස් අය හා වාද විවාදවලට නොබියව ඉදිරිපත්වේ. බොරු චෝදනාවලට ලක්වෙනු ඇත. හදිසි මුදල් වැයවීමක් සිදුවිය හැකි බැවින් ඒ සඳහා සූදානම්ව සිටීම වැදගත්වේ. ශරීරයේ විවිධ ආබාධ මතුවිය හැකිය. බඩ වේළීම වැනි අපහසුතාද මතුකරයි. සිත තුළ නිතර සැක සංකාවන් පැනනඟිනු ඇත. මරණය පිළිබඳ ධියක් හෝ ඒ ගැන වැඩි වශයෙන් කතාබහක් ඇති වේ. සමහර විට එය භාවනා වැඩසටහනක්ද විය හැකිය. දෙපාවලට දැඩි අපහසුතාවක් හෝ අනතුරු සිදුවීමකට හේතුයි. ගෙදර දොර කටයුතු කල්පනාවෙන් සොයා බලා සිදුකිරීම වටියි. අතපසුවීම් හේතුවෙන් මතගැටුම් ඇතිවීමට ඉඩතිබේ. නිශ්ඵල ගමන් යෙදෙනු ඇත.

 

සුබ දිනය: බ්‍රහස්පතින්දා

සුබ වර්ණය: ක්‍රීම් පාට

ජය අංකය: 03, 18

 

 

කටක

 

බලාපොරාත්තු කඩවීමවලට මුහුණදීමට කටක ලග්න හිමි ඔබට මෙම සතිය තුළදී සිදුවේ. පෙම් සබඳතා බිඳවැටීමට ඇති ඉඩ බොහෝය. ශාරීරික අපහසුතා ඇතිවේ. හේතුවක් නැතිව යම් යම් අසනීප ගති පෙන්නුම් කරයි. නොකළ වැරදිවලට දොස් ඇසීමට හෝ දඬුවම් විඳීම, ඔක්කාරය වැනි රෝගී තත්ත්වයන් මතුවිය හැකිය. පීනස, ඇදුම, රක්තවාතය වැනි රෝගවලින් පීඩා විඳින අයට දැඩි අපහසුවක් දැනෙනු ඇත. ක්‍රීඩා කරන අයට සතුටු විය හැකි තරම් ජයග්‍රහණ නොලැබෙණු ඇත. සතිය අග කොටසේදී පමණ යම් අස්වැසිල්ලක් ලද හැකිය. තරමක් මහන්සි වී කරන වැඩකින් සතුටුදායක ප්‍රතිඵලයක් ලැබීමට හේතුයි. සේවකාදීන්ගේ සහාය නොමඳව ලැබේ. පෙම් සබඳතා තරවේ. නව සබඳතා ගොඩනැඟේ. සැමියා හෝ බිරිය සමඟ ප්‍රීතියෙන් වාසය කිරීමට හැකිවේ. අශාවන් වැඩි වශයෙන් ඉස්මතු වන කාලයකි. සර්ප බියක් හෝ සර්පයන්ගෙන් අනතුරක් සිදු විය හැකි බැවින් ප්‍රවේශම්වන්න.

 

සුබ දිනය: සිකුරාදා

සුබ වර්ණය: ළා නිල් පාට

ජය අංකය: 06, 15

 

 

සිංහ

 

ඔබ උපන්නේ සිංහ රාශියෙන් නම් ඔබට මෙම සතිය දියුණුවට මං සැලසෙන සතියකි. තම ගෞරවය වැඩිවනු ඇත. ස්ත්‍රී පුරුෂ සබඳතා තරවෙන ලකුණු, සතුටුදායක ආරංචි ලැබෙනු ඇත. යහපත් මිත්ත්‍රයන් හා ඇසුරට හේතුයි. ආහාර පානාදියෙන් අඩුවක් නැතිව කාලය ගෙවී යයි. මුදල් ලාභ ලැබෙනු ඇත. කලක සිට අතපසුවෙමින් තිබුණු දෙයක් අනපේක්ෂිත මොහොතක ලැබීමට නියමයි. ප්‍රේම සම්බන්ධතා අලුතින් ඇතිවීමට හෝ තිබෙන සබඳතා තරවීමට හේතුවනු ඇත. විශේෂයෙන් තමාට විරුද්ධව සිටි අයගේ සහාය හෝ කරුණාව ලැබෙන්නට ඉඩ ඇත. රෝගාබාධ ලෙස තුනටියේ කැක්කුම, මූත්‍රා අපහසුතා, බඩ වේළීම වැනි තත්ත්වයන් ඉස්මතුවිය හැකිය. එසේම කකුල්වල දණහිසෙන් පහළ කෙණ්ඩා ප්‍රදේශයේ දැඩි අපහසුතාවක් ඇතිවේ. සර්පයන්ගෙන් කරදර වියහැකි බැවින් දැඩි කල්පනාවෙන් කටයුතු කරන්න. ගෙදර වැඩිහිටියන්ගේ දැඩි පාලනයට යටත් වීමට සිදු වේ. උසස් අයකුගේ තර්ජනයක් එල්ලවීමට ඉඩ ඇත.

 

සුබ දිනය: සඳුදා

සුබ වර්ණය: සුදු පාට

ජය අංකය: 07,

 

 

කන්‍යා

 

සිත්තැවුලකට හෝ කනගාටුවකට කරුණු යෙදෙන මේ සතියේ උසස් අයකුගේ අප්‍රසාදයට ලක්වීමට කන්‍යා ලග්න හිමියන්ට සිදුවිය හැකිය.වැඩිහිටියන් හා ආරවුල් ඇතිවිය හැකිය. තර්ජන ගර්ජන බියවැද්දීම් වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. කුඩා දරුවන් සිටින අයට ඔවුන්ගෙන් බොහෝ කරදර විඳීමට සිදුවනු ඇත. සමහර විටෙක දරුවන් නිසා සිත්තැවුල් ඇතිවීමටද පුළුවන. දුර සිටින ඥාතියෙක් හෝ හිතවතෙක් පිළිබඳ අසුබ ආරංචියක් අසන්නට සිදුවේ. දුර ගමනක් යෙදෙනු ඇත. විශේෂයෙන් හෘද රෝගීන් ප්‍රවේශම් විය යුතු කාලයකි. හෘදයාබාධ හෝ ස්වශන පද්ධතියේ අපහසුතා මතුවිය හැකිය. ශ්‍රධාවල භක්තිය වැඩෙන සතියක් බැවින් වන්දනා ගමනක් යෑමට හෝ ආගමික වතාවත්වල නියැළීමට අවස්ථාව උදාවේ. පවතින අසුබතා යම් පමණකට හෝ අවම කර ගැනීමට එය මහත් රුකුලක් වනු ඇත. ආහාර නොදිරවීම හෝ මල මූත්‍රා පහවීමේ අපහසුතාවක් ඇතිවිය හැකිය. මේ සියල්ල අතර ගරු සැලකිලි, නම්බුනාම ලැබීමටද හේතුයි.

 

සුබ දිනය: සෙනසුරාදා

සුබ වර්ණය: තද නිල් පාට

ජය අංකය: 08, 17

 

තුලා

 

මිශ්‍ර පලදායක සතියක් තුලාවට උදාවනු ඇත. අලංකාරව වාසය කිර්මට සිත්වේ. වාසනාව හා ධන ලාභ පිළිබඳ සිතිවිලි පහළවනු ඇත. පෙම් සබඳතා ඇතිකර ගැනීමට උත්සාහ දරන සතියකි. එහෙත් බලාපොරොත්තු කඩවීමට කරුණු යෙදේ. සැමියා, බිරිය අතර ආරවුල් බහින් බස්වීම් දුරස්වීම් සිදුවිය හැකිය. පෙම් සබඳතා බිඳවැටීමෙන් මහත් සිත්වේදනා ඇතිවීමට හේතුයි. එසේ හෙයින් පෙම්වතුන් මෙම සතිය තුළ බොහෝ කල්පනාවෙන් කටයුතු කළ යුතුය. බඩගින්න අඩුවේ. උදරාබාධ ඇති අයට දැඩි අපහසුතාවක් දැනෙනු ඇත. නොකළ වරදකට හෝ පෙර කරන ලද වරදකට දඬුවම් විඳීමට සිදුවේ. බාහිර කරදරද වැඩිවන කාලයකි. එහෙත් අධ්‍යාපනය ලබන අයට තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිය. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. සුළු වශයෙන් හෝ වස්තු ලාභයක් ඇතිවේ. සතුරන් මිතුරු වෙන හෝ මෙල්ලවන සතියකි. සති අග විනෝදයෙන් කල්ගෙවීමට හැකිවේ.

 

සුබ දිනය: බ්‍රහස්පතින්දා

සුබ වර්ණය: ක්‍රීම් පාට

ජය අංකය: 03, 36

 

වෘශ්චික

 

ඔබට මෙම සතිය ආරම්භය තරමක් වියදම් වෘශ්චික අධික වියහැකිය. මුදල් ලැබෙන මාර්ගවලට වඩා මුදල් වියදම් වන මාර්ග වැඩිවන බවක් වෘශ්චික ලග්නයෙන් පෙන්නුම් කරයි. තමා සතු උපකරණ, බඩු මුට්ටු ආදියටද හානි පැමිණෙනු ඇත. තරමක් දුරට ගෞරවයටද හානිදායක විය හැක. විවිධ අන්වර්ථ නාම පටබැඳීමටද එයින් තම තත්ත්වය පහත් වීමටද ඉඩ ඇත. බලාපොරොත්තු කඩවේ. විවාහක අයකු නම් සහකරුට හෝ සහකාරියට සුළු වශයෙන් හෝ ආබාධයක් ඇති විය හැකිය. ඉවක් බවක් නැතිව කතාකරන ස්වරූපයක් දැකිය හැකිය. සතිය මැද වනවිට මේ තත්ත්වය තරමක් දුරට ක්‍රමයෙන් අඩු වී යයි. මුදල් ලැබෙන මාර්ගයන් පිළිබඳ සිතිවිලි පහළවනු ඇත. ලැබීම් පිළිබඳව තරමක දෙගිඩියාවක් ඉස්මතුවේ. සතුරු කරදර ඇතිවීමටද, සතුරන් ඇතිවනසේ හැසිරීමටද ඉඩ ඇත. දියුණුව පිළිබඳ සාකච්ඡාවන් සඳහා සහභාගි වන කාලයකි. යහපත් මිතුරන්ගේ ඇසුර ලැබෙනු ඇත. තමා පිළිබඳ ගුණ වර්ණනාවක් අසන්නට ලැබේ.

 

සුබ දිනය: සඳුදා

සුබ වර්ණය: සුදු පාට

ජය අංකය: 07, 33

 

ධනු

 

ධනු ලග්න හිමියන්ට මෙම සතිය ශුභදායකව ආරම්භ වනු ඇත. ධනලාභ සහිතයි. පසුගිය කාලයට වඩා යහපත් ලෙස ජීවිතය ගතකිරීමට හැකිය. සැප පහසුව ඇතිවන සතියකි. අන් අයගේ සැලකිල්ලට බඳුන්වේ. යාන වාහන පහසුකම් හෝ වාහන ලාභ සහිතයි. ආදායම් මාර්ග වර්ධනයවේ. නවීන පන්නයට කටයුතු කරන, එයින් ආදායම ඉහළ යන ලකුණු පෙන්නුම් කෙරේ. අවහිරතා මඟහැරේ. නිවෙසේ අලුත්වැඩියාවකට හෝ අලුතින් කොටසක් එකතු කිරීමට ශුභ සතියකි. හිතට සහනයක් දැනෙනු ඇත. මංගල යෝග උදාවේ. පෙම් සබඳතා ඇතිවන ලකුණු පෙන්නුම් කෙරේ. අතීතය ආවර්ජනය වනු ඇත. අන් අය කෙරෙහි කරුණාව, දයාව උපදියි. අලුතින් යමක් ආරම්භ කිරීමට හැකිවේ. අමනාප වූ අයෙකු හා මිත්‍ර වීමට හේතුවේ. සතියේ මුල් දින කීපය තුළ විශාල වාසියක් හෝ උසස් වීමක් හෝ යහපතක් සිදුවීමට නියමයි. අමුත්තන්ගේ පැමිණීමක් හෝ ප්‍රිය සම්භාෂණයක් ඇතිවේ. ඒ අතරම වඩාත් ළඟින් ඇසුරු කළ අයකු ඈත්වී යයි.

 

දිනය: බදාදා

සුබ වර්ණය: දුඹුරු පාට

ජය අංකය: 05, 14

 

 

මකර

 

අදින් ඇරඹෙන සතිය කැපුම් කෙටුම් වැටීම් සීරීම් වැනි අනතුරු සහගත කාලසීමාවක් විය හැකි බව මකරයෙන් පෙන්නුම් කරයි. අවුල් වියවුල් අධිකවේ. කරන කියන වැඩ කටයුතු කඩාකප්පල් විය හැකිය. අනුන් සමඟ ගනුදෙනු කිරීමේදී ඉතාම කල්පනාකාරී වියයුතු කාලසීමාවකි. වියදම් අධික කරයි. සිතිවිලි ව්‍යකකූල වනු ඇත. ඥාතීන්ගෙන් පවා මුළාවීමට හේතුයි. සතිය ආරම්භයේදී එසේ වුවද සතිය මැද වන විට මෙම තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇත. සිතේ සතුට රජයන කරුණු යෙදේ. ශරීරයට සුව පහසුව සැලසේ. ප්‍රණීත කෑම බීම ආදිය ලැබෙනු ඇත. නව ආදායම් මාර්ගද පෑදෙනු ඇත. මනස ඒකාග්‍රව කටයුතු කිරීමට හැකිවේ. සිය පෞද්ගලික කටයුතු පිළිබඳව දැඩිව සිතන ඒ වෙනුවෙන් දැඩිව කටයුතු කරන කාලයකි. යහපත් සබඳතා ගොඩනැගෙන අතර කාටත් ආදරය කරන සතියකි. එකවර වැඩ කීපයක් කිරීමට හැකි අවධියකි. රෝහල් ගතවීමකට හෝ කසාය වැනි කටුක රළු බෙහෙත් පානය කිරීමටද සිදු විය හැක. සෙම් රෝග උත්සන්න වනු ඇත.

 

සුබ දිනය: බ්‍රහස්පතින්දා

සුබ වර්ණය: ක්‍රීම් පාට

ජය අංකය: 09, 18

 

කුම්භ

 

හදිසි ධනලාභ සහිත සතියක් කුම්භයට උදාවේ. තම දියුණුවට කටයුතු සැලසෙනු ඇත. ඥාති මිත්‍රාදීන් සමඟ සතුටින් කල් ගතකිරීමට ලැබේ. ගොවිතැන් සාර්ථක වන සතියක් බැවින් ගොවීන් ඒ සඳහා උනන්දු වන්න. විශේෂයෙන් වෙළෙඳාම් කරන අයට ලාභ සහගත තත්ත්වයක් උදාවේ. වෙළෙඳාමේ යෙදෙන කාන්තාවන්ට ඉතා ඉහළ ආදායමක් ලැබෙන කාල සීමාවකි. අලුතින් මිතුරු මිතුරියන් ලැබීමට හේතුවේ. කල්පසු වී තිබුණු මුදලක් ලැබෙනු ඇත. සතිය මැද වන විට යම් තරමක කරදරකාරී බවක් දැකිය හැකිය. වැය පක්ෂය තරමක් ඉහළ යන ලකුණු ඇති බැවින් ප්‍රවේශමෙන් වියදම් කිරීම යහපති. යමෙකුගෙන් උපදෙස් ලබාගන්නේ නම් ඉතාම කල්පනාවෙන් කටයුතු කළ යුතුය. මංමුළාවීමට හෝ රැවටීමකට හසුවිය හැකිය. අවි ආයුධ හා යන්ත්‍ර සූත්‍ර භාවිත කරන අය දැඩිව ප්‍රවේශම් විය යුතුය. විවිධ අනතුරු සිදුවේ. සතිය ආරම්භය මෙන්ම අවසානයද සතුටුදායක වනු ඇත. මංගල යෝග උදාවේ.

 

සුබ දිනය: සඳුදා

සුබ වර්ණය: සුදු පාට

ජය අංකය: 07, 16

 

 

මීන

 

පැවති කරදර දුරුකරමින් මුදල් ලාභ ළඟා කර දෙමින් මීන ලග්නයට මෙම සතිය උදාවේ. පැවැති ශාරීරික අපහසුතා, රෝගී තත්ත්වයන් සමනය වී යයි. රැකියා කටයුතු සාර්ථක වනු ඇත. පවුලේ වැඩිහිටියකුගේ දියුණුවක් හෝ යහපතක් දැක සතුටට පත්වේ. ධීවර කර්මාන්තයේ නියුතු අයට විශාල ලෙස ලාභ මීන හිමිවේ. මැණික්, මිණිරන් පතල් වැනි භූමිය කැණීමෙහි නියුතු අයටද විශේෂ ලැබීම් සහිත කාලයකි. මවගෙන් හෝ මවුපස ඥාතීන්ගෙන් ඉහළ සැලකිලි හිමිවේ. උනන්දුව වැඩි වේ. ඔබ වෙළෙඳාමේ නිරත අයෙක් නම් මෙම සතිය තුළ ඇඟට දැනෙන මට්ටමේ ලාභ ලැබෙනු ඇත. වැඩිමල් සොයුරන්ගේ දියුණුවට කරුණු යෙදේ. මූල්‍යමය ගනුදෙනුවලට ශුභදායක වේ. සතිය අවසානයේ නොසිතූ සිත් තැවුලක් ඇති වේ. තමාට හෝ ඥාතියකුට අසනීපයක් හෝ හිරි හැරයක් සිදු විය හැකිය. ඒ හේතුවෙන් තරමක් වියදම් අධික වියහැකිය. අත්තනෝමතික ක්‍රියාවකින් විශාල පාඩුවක් සිදුවෙනු ඇත. ජලාශවල දිය නෑමෙන් වළකින්න.

 

සුබ දිනය: බදාදා

සුබ වර්ණය: අඵ පාට, ජය

අංකය: 05, 14

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk