Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලොකු නිවාස නිසා පොඩිවන පෞරුෂය

1 day ago 7 Min read
Subha.lk

යම්ඉදිකිරීමක් අදාළ පළාත් පාලන ආයතනයේ අනුමැතියට පත්කළ විට එහි වාතාශ්‍රයට අදාළ දොරවල්, ජනේල ආදි කවුළුවල වර්ගඵල හා ඒ ඒ ගෘහාංගවල භූමි වර්ගඵලය අතර සම්බන්ධතාව සලකා බලනු ලැබේ.

 

අවම වශයෙන් අදාළ ගෘහාංගයේ භූමි වර්ගඵලයෙන් 7න් පංගුවක් පමණවත්දොර ජනෙල් ආදි කවුළුවල වර්ගඵලවල එකතුව පැවතිය යුතු බව බොහෝ පළාත් පාලන ආයතන විසින්නිවැසියනට නිවේදනය කරනු ලැබේ. මෙය ආලෝකය හා වාතාශ්‍රය පිළිබඳවසිදු කරනු ලබන යම්සලකා බැලීමක ප්‍රතිඵලයකි. මෙයම යම් ආකාරයකින්අන්තරීක්ෂ ශක්තිය තුළ යම් වාස්තු නිර්ණායකයක් ගොඩනඟා ගැනීම සඳහා යොදාගත හැකියි. මෙය වටහා ගැනීමට ශක්ති තීව්‍රතාව පිළිබඳ භෞතික විද්‍යාවේ මූලික අර්ථ දැක්වීම සිහිපත්කර ගනිමු.

 

ශක්ති තීව්‍රතාව යනු ඒකක වර්ගඵලයක්මත වූ ශක්ති ප්‍රමාණය ලෙස අර්ථ දැක්විය හැකියි. ඒ අනුව අවශ්‍ය අන්තරීක්ෂශක්තියේ ප්‍රමාණය ද ගණනය කිරීමඋචිත වන්නේ එහි ඒකක වර්ගඵලයක්අනුව සලකා බලමිනි. මේඅනුව යමින් නූතන වාස්තු විද්‍යාවේමූලික සංකල්පය සපයන අන්තරීක්ෂණ ශක්තියේස්වභාවය දැන් වටහා ගනිමු.

 

යම්ඉදිකිරීමකට අන්තරීක්ෂ ශක්තිය ඇතුළු වී එය අදාළ ඉදිකිරීම පුරා පැතිරී යෑමේදීඑහි යම් යම් ස්ථානවලවිවිධ හේතූන් නිසා යම් යම්වෙනස්කම් සිදුවෙමින් අන්තරීක්ෂ ශක්තිය පැතිර යන ආකාරය අපට වටහාගත හැකිවනු ඇත. එවිට ඒඒ ස්ථානවල ශක්ති තීව්‍රතාව සුළු වෙනස්කම් සහිතවවුවත් නිවෙසේ පැතිර ඇති ආකාරය ඒඒ ගෘහංගවල වර්ගඵල අනුවද වෙනස් විය හැකියි. කාලයත්සමඟ තැනින් තැනට යන ශක්ති තීව්‍රතාවයේ වෙනස්කම් ක්‍රමයෙන් තුලනය වුවද සමස්තයක් ලෙස අදාළ නිවෙසේ ශක්ති තීව්‍රතාව පිළිබඳව සරල මිම්මක් එයින්සැපයෙනු ඇත.

 

යම්ඉදිකිරීමක විශාල කාමර පිහිටා තිබේනම් එහි කුඩා කාමරයකටවඩා ශක්ති තීව්‍රතාව අඩුවන්නේ කාමරය ඇතුළත ශක්තිය විසිරී යෑමක් වැඩි වැඩියෙන් සිදුවන බැවිනි. කුඩා කාමරයක වැඩිශක්ති තීව්‍රතාවයක් ඇතිවිය හැක්කේ ද මේ අනුවමය.

 

එසේවුවත් ආරම්භයේ දී අප පැවසූපරිදි පළාත් පාලන ආයතනයන්හි නිර්ණායක අනුව මෙන් විශාල කාමරයකවිශාල ශක්ති ප්‍රමාණයක් ඇතිවීමට ඉඩකඩ සැපයේ නම්පෙරකී ශක්ති විසිරීමක් වෙනුවට වැඩි ශක්ති ප්‍රමාණයක්ඇතුළුවීමක් සිදුවන බැවින් ශක්ති තීව්‍රතාවයේ සැලකිය යුතු අඩුවක් දක්නට නොලැබේ.

 

මේ ස්වභාවය සියුම්ව අවබෝධකරගත් පසු වාස්තු ශිල්පියා විසින් උතුර, නැඟෙනහිර, ඊශාන වැනි අන්තරීක්ෂශක්තිය මුළින්ම ඇතුළුවන දිශාවන්හි විශාල ජනේල හා දොරවල්සහිත තරමක් හෝ විශාල ගෘහාංගයෙදීම වඩාත් උචිත බව පැහැදිලි කරගත හැකියි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් නිවෙසක වඩාත්විවෘත හා විශාල ගෘහාංගය වන සාලය පිහිටුවිය යුත්තේවැඩි දොරවල් ජනේල සංඛ්‍යාවක් සහිතව උතුර, නැඟෙනහිර හා ඊශාන දිශාවන්හි බව මෙහිදී නිර්දේශ කළ හැකියි. එසේම එතරම් විවෘතව පිහිටුවිය නොහැකි නිදන කාමරවල විශාලත්වය සීමා කිරීම සිදුකළ යුතු වේ. පුරාතන ප්‍රභූ නිවාසවල සිදුකරනු ලැබූ සමහර අධ්‍යයනවලින්පසක්වන කාරණය වන්නේ එවැනි දැවැන්ත නිදන කාමරවල ගෘහජීවිත ගෙවූ ප්‍රභූවරුන්ගේ දරුවන්සැලකිය යුතු ලෙස පෞරුෂ හීන භාවයකට පත් වූබවයි.

 

පානදුර ප්‍රදේශයේ එක්තරා පැරැණි ප්‍රභූ නිවාසයක් වාස්තු විද්‍යානුකූලව ගැඹුරින් පරීක්ෂා කිරීමේ දී නීති විෂයයේඅති මහත් පාණ්ඩිත්‍යයක් සහිතවුවද මනා පෞරුෂයක් පිහිටුවාගතනොහැකි වූ මැති ඇමැතිවරුපවා අපට හමුවී තිබේ. මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් යැයි සිතිය හැක්කේඋක්ත ඇමතිවරයාගේ හෝ මන්ත්‍රීවරයාගේ නිදනකාමරය අඩි 20ක් හෝ ඊටවඩා විශාල වීම බව අපටපෙනී ගියේය. මේ නිරීක්ෂණය මතපදනම් වී ඒ ප්‍රදේශයේමනිවාස රැසක් වාස්තු විද්‍යානුකූලව පරීක්ෂා කිරීමේ දී මේ නිගමනයවඩ වඩාත් තහවුරු වූ බව කිවයුතුව තිබේ.

 

වාස්තු දෝෂ නිවාරණයෙහි හා අන්තරීක්ෂ ශක්තියේ ගුණාත්මක ස්වභාවය වර්ධනය කිරීමට ගන්නා එක් වෑයමක් වන්නේ වාස්තු පිරමීඩ ස්ථාපනයේ දී ද පෙරකී නිගමනයෙන් යම් මඟ පෙන්වීමක් සම්පාදනය කරගත හැකිවීමයි. එනම් පිරමීඩ යොදා යම් ස්ථානයක් බලගැන්වීමේ දී එම ස්ථානයේ වර්ගඵලය හා එය බලගැන්වීම සඳහා යොදා ගන්නා පිරමීඩ සංඛ්‍යාව පිළිබඳ තත්වානුකූල අත්දැකීමක් වාස්තු ශිල්පියාට තිබිය යුතු වේ. එහිදී විශාල ඉඩමක් හෝ නිවසක් බලගන්වන්නේ නම් ඒ සඳහා වැඩි පිරමීඩ සංඛ්‍යාවක් ද කුඩා ගොඩනැඟිල්ලක් හෝ ඉඩමක් බලගැන්වීමේ දී අඩු පිරමීඩ සංඛ්‍යාවක් යොදා ගැනීමද සහේතුකය. නිදසුනක් ලෙස අලෙවි කරගත යුතුව ඇති හිස් ඉඩම් දෙකක් සලකා බලමු. පර්චස් 10ක් පමණ වන ඉඩමක් බලගැන්වීම සඳහා එහි නිවැරදි මධ්‍ය සොයාගෙන එම ස්ථානය ‘ගුණන පිරමීඩ’ 9 කින් බලගැන්වීම ප්‍රමාණවත් වුවත් අක්කරයක් පමණ ඉඩමක් බලගැන්වීමේ දී පිරමීඩ 81 ක් හෝ ඊට වැඩි ගණනක් භාවිත කිරීමට අපට සිදුවේ. සමහර අවස්ථාවලදී නිවෙසක් සඳහා ද මෙවැනිම ක්‍රමවේදයක් භාවිත කිරීමට අපට සිදුවිය හැකියි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk