Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ කියන තරම් අපලද?

14 hours ago 7 Min read
Subha.lk

ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව වසරේ පළමු සූර්යග්‍රහණය වළයාකාර එකක්. එය සිදුවන්නේ පෙබරවාරි 17 අඟහරුවාදා සවස 5.41ට කුම්භ රාශියේදෙනට නැකැතේ 4 වැනි පාදයේදීයි. මේ 5.41 වගේ වෙලාව දෙන්නේ හරියටම ග්‍රහණ මධ්‍යයට. ඇතැම් අය මේ පිළිබඳ විවිධ මත දැරුවත් සූර්ය ග්‍රහණය නිසාම සියල්ල සිදුවන බව නම් හිතන්න අපහසුයි. ඒත් අනෙක් ග්‍රහ පිහිටීම් එක්ක බලද්දි මේ ගෙවෙන්නේ සමස්ත ලෝකයටම තරමක් අනතුරුදායක කාලයක් නිසා බොහෝ විපත්ලොව පුරා දැකගන්න පුළුවන්තව මාස කීපයක් යනතුරුම. ඒත් යහපත් අයට බොහෝ දේවලින්අසුබ අත් නොවන බවත්සත්‍යයක්.

 

මේ වසරට සිදුවන පළමු චන්ද්‍රග්‍රහණය පූර්ණ ග්‍රහණයක්. එය සිංහ රාශියේ පුවපල් නැකැතේ 2වැනි පාදයේදී සිදුවන්නේ මාර්තු 03 වැනිදා අඟහරුවාදා සවස 5.03ට.

 

ලෝකයේ වැඩිම අවධානයක් දිනා ඇති පූර්ණ සූර්යග්‍රහණය මේ වසරේ අගෝස්තු 12 වැනිදා බදාදා කටක රාශියේ අස්ලිසනැකැතේ 3 පාදයෙන් සිදුවනවා. වසරේ අවසාන ග්‍රහණ ක්‍රියාවලිය ලෙස අර්ධ චන්ද්‍රග්‍රහණයක්සිදු වන්නේ අගෝස්තු 28 වැනිදා සිකුරාදා කුම්භ රාශියේ සියාවස නැකැතේ 2වැනි පාදයේදී උදෑසන 9.42ටයි.

 

මේ අතරින් අප රට අයත්වන දෘශ්‍ය කලාපය ආවරණය වන්නේ මාර්තු 03 වැනිදා සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණයට පමණයි. අනෙක් ග්‍රහණ තුනෙන් පූර්ණ සූර්යග්‍රහණය හැර අනෙක්වා ඉන්දියන්සාගර කලාපය ආවරණය වන පරිදි දෘශ්‍යපථය පිහිටියත් ලංකාවට දැකීමට හැකි වන්නේ නෑ. පූර්ණ සූර්යග්‍රහණය ඉන්දියන් සාගර කලාපය හෝආවරණය නොකරන නිසා එය අපටකිසිසේත් දැකගත නොහැකිවන බව එය සිදුවනමධ්‍යම රාත්‍රියේ ඉර නොපෙනෙන බැවින්මපැහැදිලි වනවා.

 

සූර්යග්‍රහණයකදී සිදු වන්නේ ඉර, හද සහමහ පොළොව එකම රේඛාව පිහිටද්දී සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණීම නිසා හිරුගේ ආලෝකයසඳුගෙන් ආවරණය වීමයි. චන්ද්‍රග්‍රහණයකදී මේ අයුරින්ම සූර්යයා සහ චන්ද්‍රයා අතර පෘථිවිය පිහිටීම නිසා හිරුගෙන් සඳට ලැබෙන ආලෝකය පෘථිවියෙන් ආවරණය වනවා.

 

අගෝස්තු 12 වැනිදා මේ වසරට උදාවන දිගුම සූර්යග්‍රහණයේ විස්මය විඳීමට එය දැකිය හැකි රටවල් සූදානම් වනවා. ඒ විනාඩි 2යිතත්පර 28ක් මුළු පරිසරයේම සිදුවන වෙනස්කම් දකින්නයි. අයිස්ලන්තය, ස්පාඤ්ඤය වැනි රටවලටයි දහවල්මොහොතක් ගොම්මන් ලෙස පෙනෙන්නට ගන්නේ. මෙවැනි පූර්ණ සූර්යග්‍රහණයකදී ඉර රාහු අල්ලන බවයි පැරැණියන්ගේ මතය. ඉර කළුබෝලයක් වෙනවා. අඳුර පැතිරෙනවා. තාරකා දිලිසෙනවා. පරිසරය සිසිල් වෙනවා. හදිසි විපරීතය අඳුන ගන්න බැරිවඅතරමංවන කුරුල්ලන් කිචිබිචිය නතර කර වහවහා කැදලි කරා පියඹනවා. අනෙක්සතුන් පුදුමයට පත් වෙනවා. ගවයන්කෑගහනවා. නරියන් හූ කියනවා. පූසන්, බල්ලන් වැනි සුරතල් සතුන්නොසන්සුන් වෙනවා. බොහෝ වෙලාවට කොළපැහැ රතු පැහැ දේඅළු පැහැයෙන් පෙනෙන්නට ගන්නවා. අපටම අප ගැනකුඩා සත්ත්ව කොට්ඨාසයක් වගේ හැඟීමක් ඇතිවෙනවා. සමහරු බය වෙනවා. මොකදමෙතෙක් දුටු දේවල්වල නුහුරුබවක්වේගයෙන් දැනෙන්න ගන්න නිසා. මෙවැනිතත්ත්වයක් තිබිය හැකි උපරිම කාලයවිනාඩි හතහමාරක් පමණ වන බවතමයි විද්‍යාඥයන් පවසන්නේ. 2009 ජූලි 22වැනිදා සිදුවුණු සූර්යග්‍රහණය සියවසේ දිගුම සූර්යග්‍රහණය ලෙස විනාඩි හයහමාරක්පෘථිවිය අඳුරේ තබා තිබෙනවා. මෙහෙමවන්නේ අසාමාන්‍ය විදිහට හඳ පෘථිවියට ළංවූවාමයි.

 

ඊළඟදිගුම සූර්යග්‍රහණය 2027 වසරේ අගෝස්තු 02 වැනිදාමිනිත්තු 6 තත්පර 23ක එකක් ලෙසඑන බවයි ඔවුන්ගේ අදහස. නාසා ආයතනයේ දත්ත අනුව මෙය 1991 සිට 2132 වසර වන තුරුදක්නට ලැබෙන දිගුම සූර්යග්‍රහණ්‍යයි.

 

අතීතයේඅපේ රටේ සූර්යග්‍රහණය වෙලාවකදීලස්සන වන්න වදකහ බීපුකතාවකුත් ‘බිව්වා නේද වදකහ සුදිය‘ ගීතයෙන්පවා කියැවෙනවා. ඒ මොනවා වුණත්කවදා හෝ සූර්යග්‍රහණයකදි එයපියවි ඇසෙන් නොබලන්න හිතට ගන්න ඕනෑ.

 

හැබැයිචන්ද්‍රග්‍රහණය නම් ඒ වගේනෑ. සඳ සෞම්‍ය වගේමග්‍රහණය වෙලාවේ පියවි ඇසින් බලන්නත් පුළුවන්. අප ජීවත් වන 21 වැනි ශත වර්ෂයේ දිගමචන්ද්‍රග්‍රහණය ලෙස වාර්තා වන්නේපැය 1යි විනාඩි 43ක්පැවැති 2018 ජූලි 27 සිදු වුණු චන්ද්‍රග්‍රහණය. චන්ද්‍රග්‍රහණයක් පැවතිය හැකි දිගුම කාලයවන්නේ පැය හතරක් පමණබව විද්‍යාඥයන්ගේ මතයයි.

 

මේ සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ සමඟසම්බන්ධ වුණු විවිධ මිථ්‍යාකථා තිබෙනවා. අපේ නම් ‘සඳරාහු මුඛයේහි ගිලුණා ලෙසේ’ කියලා රාහුට ඉර, හඳ ගිලින්නතරම් ශක්තියක් දීලා කතාව ඉවරකරනවා. ඒත් ඇමෙරිකාව, චීනයවගේ රටවල් හිතන්නේ මේ ඉර, හදගිලින්නේ මකරෙක් කියලයි. තවත් රටවල් එයයකෙක් හැටියට හෝ විශාල ගෙම්බෙක්හැටියට නම් කරනවා. තවත්සමහරු හිතන්නේ මෙය දෙවියන් අතරසටනක් කියලා. ඒ වගේම හිරුකුමරුසඳ කුමරිය සමඟ පෙම්හබයකට තරහවීම නිසා බත්හැළිය ඉදෙනතුරුදෙපැත්තට වෙලා ඉන්න මොහොතක්හැටියටත් සලකන රටවල් තිබෙනවා. තවත් අය හිතන්නේ මේඉරට හඳට මරණාසන්න රෝගයක්වැලඳුණු මොහොතක් කියලයි. කොරියාව වැනි රටවල මෙයදඩබල්ලන් සහ නරින්ගේ පැන්නිල්ලනිසා සැඟවී සිටීමක් ලෙසත් සලකනවා.

 

කොහොමවුණත් ගර්භිණී මවුවරුන්ට මේ වෙලාවලදී එළියටබහින්න නොදෙන්න ඉන්දියාවේ, ලංකාවේ වගේම ජපානේ අයත්කටයුතු කරනවා. ජාවාවලනම් විශේෂිත සිසිල් තැටියක් දරුවා වෙනුවෙන් මවගේ බඩට තැබීමටඔවුන් කටයුතු කරනවා. සමහරු මේ වෙලාවේ නිරාහාරවඉන්නේ ආහාර විෂවන බවවිශ්වාස කරන නිසා. මෙවැනිවිශ්වාස නිසා ඇතැමුන් කළගෙඩිවලින්ශබ්ද නැඟීමටත්, බෙර හා වෙනත්ශබ්ද පූජා කරමින් ඉරුදෙවියන්හෝ සඳ දෙවියන් ගිලීමටඑන යක්ෂයන් පළවා හැරීමටත් උත්සාහකරනවා.

 

කොහොමවුණත් මෙතෙක් දිගුම සූර්යග්‍රහණය සිදුවන්නේ 2150 වසරේ ජූනි 25 බවයිතාරකා විද්‍යාඥයන් පවසන්නෙ. ඒ වන විටමේ ලිපිය ලියන මම වගේමඅපේ පරම්පරා දෙකක් පමණමත් මේ ලෝකයේ ජීවත්වන්න විදිහක් නෑ මරණය කල්දාන ක්‍රමයක් ඉක්මනින්ම සොයා නොගත්තොත්. එහෙත්සමහරු මේ මිනිත්තු හයහමාරකටත්වැඩි වෙලා පවතින අපටදැකිය නොහැකි සූර්යග්‍රහණය ගැන අහපු වෙලේඉඳන් එහි කොටස්කරුවන් වන්නසූදානම් වන බව ලොවපුරා බොහෝ දෙනා මවිතකරන්නක්. ඒ වෙනුවෙන් ඔවුන්සූර්යග්‍රහණය පිළිබඳ සටහන්, කවි, නිසඳැස්, අව්කණ්ණාඩි, පණිවිඩ ආදිය තමන්ගේ අනාගතමී මුණුපුරන් වෙනුවෙන් වෙන්කර තබන්න සූදානම් කරනවාලු. පුදුමත් හිතෙනවා නේද මිනිස් සිතේආශාවන් පිළිබඳ?

 

ඔබටත්පුළුවන් එවැනි පරම්පරාගතවන අමුතු දේවල් කරන්න. පරම්පරා හත අටකට පවතින්නගෙවල් දොරවල් හදනවා නම් සූර්යග්‍රහණය බලන්නකණ්ණාඩියක් තිබ්බාම මොකද වෙන්නේ? තෝරාගැනීම ඔබේ. සුබසෙත කළේමේ වගේ දේවලුත් ලෝකේසිදුවන බව ඔබට කියනඑක පමණයි.

 

අනෙක ග්‍රහණයක් කියන්නේ අන්තරීක්ෂ ශක්තිවල තීව්‍රතාව වෙනස් කරන අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ. ඒ නිසා වෙනස්වීමට, පාරිශුද්ධත්වය ළඟාකර ගැනීමට, දිව්‍ය ශක්තිය හා බද්ධ වීමට අවස්ථාවක් ලෙස මෙය බොහෝ සංස්කෘතීන්වල සැලකෙනවා. එනිසා ග්‍රහණයක් අපට පෙනුණත් නැතත්, එය සිදුවන දිනයේ සත්‍යවාදීව, සිතට එකඟව තමන්ගේ යහපත් අරමුණු පිළිබඳ දැඩි අධිෂ්ඨානයකින් කරන්නාවූ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටුවනබවයි පැවසෙන්නේ. එනිසා එම විනාඩි කීපය තමන්ගේ නව ගමනකට යොදාගැනීමට නිරාහාරව, භාවනානුයෝගීව, සිත, කය මෙන්මවචනය පිරිසුදු කර නිදහස් මනසින්විචක්ෂණශීලීව සුදුසු අරමුණක් කරා ජීවිතයේ නව පිම්මක් පැනීමට සුදුසු අවස්ථාවක් ලෙස බොහෝ ක්‍රමවේදවල මෙය හඳුන්වා තිබෙනවා.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk