Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දරුවන් ගැන කියන ග්‍රහයෝ

13 hours ago 7 Min read
Subha.lk

රටකට, ජාතියකට දරුවන් මහත් සම්පතකි. ඒඔවුන් රටේ අනාගතය භාරගැනීමට සිටින මතු පරපුරක් බැවිනි. ඡ්‍යොතිෂ්‍ය ඇසුරෙන් විමර්ශනය කිරීමේදී දරුවකුගේ අනාගතය පිළිබඳ කරුණු කීපයක් ගැන විමසා බැලීම වැදගත් වෙයි. එනම් අධ්‍යාපනය, රැකියාව, විවාහය මූලිකවද ධන සම්පත් ශරීර සෞඛ්‍යය ප්‍රධාන වශයෙන් ගැනෙයි. එහි ඇති සුබවාදිහා අශුභවාදි ප්‍රවණතා ගැනද උනන්දු වියයුතුවේ.

 

එමෙන්ම ඒ පිළිබඳව විමසිලිමත්වීමත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීම මවුපියන් සතු වගකීමකි. තවද කේන්ද්‍රයෙන් අශුභතා දැන පසු තැවිලිවීමද නොකළ යුතු අතර ඒපිළිබඳව උපේක්ෂාවෙන් යුතුව බැලීමටද හැමවිටම ක්‍රියාකළ යුතුය.

 

දරුවන්ගෙන්මාපියන්ට මෙන්ම දෙමාපියන්ගෙන් දරුවන්ට වන අශුභතාවයන්ද කේ්න්ද්‍රයේ්මනාව සටහන් වෙයි. ජන්ම පත්‍රයක පියා 9 වැනි කොටුවෙන් සහ රවිගෙන්ද මව 4 කොටුව සහ සඳුගෙන්ද නියෝජනය වෙයි. දවල් උපදින අයටසිකුරු මවු වේ. මේග්‍රහයන් බලවත් නම් මවුපියන්ට ශීඝ්‍ර දියුණුවක් අත්වෙයි. තවද එම භාවයන්පාප ග්‍රහයන්ගෙන් පීඩිත වී සිටියහොත් බොහෝවිට මවුපියන්ට පීඩා ගෙන දෙයි. කේන්ද්‍රයක ලග්නාධිපති බෙලහීනව පස්වැන්නේ සිටියොත් දරුපල අඩුවන අතර තම දරුවන්ටද ඉතා අපල ගෙන දෙයි.

 

තුන්වැන්න අධිපති පස්වැන්නේ සිටින අයට දරුවන්ගෙන් උදව්උපකාර ලැබිය නොහැකිය. 4 අධිපති 5 වැන්නේ නම් දරුවා මවටඉතා ආදරය කරයි. 5 අධිපති 5 වැන්නේ උච්චව හෝ ස්වක්ෂේත්‍රවීම සහයහපත් ග්‍රහයකු නොවීම නිසා තමාගෙන් දරුවන්ට අපල නොවන අතර දරුවන්ගෙන්සැප ලැබීමට හැකිවේ. එමෙන්ම 8 අධිපති 5 වැන්නේ සිටීමෙන් බුද්ධිමත් දියණියන් ලැබීමට හැකිවේ.

 

තවද 9, 10, 11 අධිපතීන් 5 වැනි භාවයේය. සිටීමෙන්ධනවත් මෙන්ම යහපත් දරුවන්ද 5 අධිපති රවි සමඟ හෝ ගුරු සමඟ යෝගවීමෙන් උගත්දරුවන් ද බිහි වේ. සිකුරු එහි සිටීමෙන් පියකරු ගුණවත් දරුවන් ලැබෙයි. 5 අධිපති කුජ සමඟ යෝගවුවහොත් පිරිමි දරුවන් හිමිවේ. ඔවුන් තේජවන්ත දරුවන්ද වේ. 5 වැන්නේ කුජ සිටින විටමවට ගර්භිනී අවස්ථාවේ සිට අපහසුතා මෙන්ම ගබ්සාවීම්ද ඇතිවිය හැකිය. ලැබෙන දරුවෝද විරූපී හෝ අකීකරු වෙති. බුධ, ගුරු, සිකුරු වැන්නෙක් 5 වැන්නේ සිටීමෙන් වැදගත්, උගත්,රූමත්, යහපත්දරුවන් ලබන අතර, රාහු, ශනි, කේතු සිටීම රෝගී දරුවන් හෝ හිතුවක්කාර දරුවන්බිහිවීමෙන් දෙමාපියන්ට බොහෝ කරදරවලට මුහුණපෑමට සිදුවිය හැකිය.

 

ලග්නයෙන්පස්වැන්නට ද, සත්වැන්නට ද සුබ ග්‍රහයෝ පැමිණයේද, දර්ශනය වේද, පුර සඳුගේ බැල්ම ලැබීමද යහපත් දරුවන් ලැබීමේ යෝගයන් වේ.

 

තුලා රාශිය වී කේතු පස්වැන්නේපතිත වී නම් එලෙස උපන් දරුවා දියණියක වේ. පුත්‍රයන් හිමිවීමට නම් බ්‍රහස්පතිගේ දර්ශනය මදක්වත් හිමිවිය යුතුවෙයි. තුලා රාශිගත සෙනසුරු හේතු කොට ගෙන කුලුඳුල්දරුවා ගැහැනු දරුවකු වී එයින් පසු ඉපදෙන දරුවා පිරිමි දරුවකු වෙයි. කෙසේ් වුවද පස්වැන්න ස්ත්‍රී රාශියක් වූ විට එලෙස උප්පත්තිය ලබන කුලුඳුල් දරුවා දියණියක වේ. ධනු ලග්නය වී ලග්නාධිපති එකොළොස්වැන්නට වීද, පස්වැන්න අඟහරුගේ නිවහන වී සිකුරු අටවැන්නටපතිත වුවහොත් ලස්සන දූ සිඟිත්තියකගේ උප්පත්තිය වන්නීය. ඇය ලොව බබළවන කුළඟනක වන්නීය. බ්‍රහස්පති පස්වැන්නේ වී ද පුත්‍ර ලාභම වේ. රාහු පස්වැන්නේ නම් ප්‍රසිද්ධ දරුවන්ඉපදීමට හේතුවකි. එහෙත් එය සුබ ග්‍රහ දර්ශනයකට ලක්වූ විට පමණි. පාපිග්‍රහ දර්ශනයට ලක්වුවහොත් විප්ලවවාදී හු වෙති.

 

සඳු, සිකුරු සම රාශිවල සිටබුධ, කුජ, ගුරු ලග්නගත වූ විට නිවුන් දරුවන්ගේ උපත වේ. බුධ ග්‍රහයා මිථුන නවාංශකගත නම් ඒ පුරුෂ නවාංශකයක් නිසා එලෙස ඉපදෙනදරුවන් තිදෙනාගෙන් දෙදෙනකුම පුතුන් වේ. බුධ කන්‍යානවාංශක ගතනම් එය ස්ත්‍රී නවාංශකයක්නිසා ඉපදෙන දරුවන් දෙදෙනාම දිියණියන් වේ.

 

මකර, වෘෂභ, කන්‍යා යන රාශි ලග්නයවී පස්වැන්නේ සුබ ග්‍රහයන් පතිතවූයේද පළමු භාර්යාව වඳවීදෙවැන්නියකගෙන් දරුපල හිමි වේ.

 

පාපග්‍රහයෝ කටක, වෘශ්චික, මීනරාශි තුනේ අවසන් නවාංශකගතවී නම් සඳු උච්චවසිටියත් ගොළු දරුවන් ඉපදේ. එහෙත් යෝගයන්ද සඳුද සුභ ග්‍රහනෙතට දර්ශනය වෙයි නම් කලක්යන විට කතා කිරීමටහැකිවේ.

 

ශනිඅඟහරු, බුධගේ ස්ථානයේ සිට හෝ නවාංශක ගතවූකල්හි කටක ලග්නය වීසඳු සිටිවිට ශනි අඟහරුගේ් බැල්මට ලක්වූ කල්හි එලෙස ඉපදෙන දරුවන්කුදුභාවයට පත්වන්නේය. රවි, කුජ ශනි තිදෙනාගෙන් ග්‍රහයෙකු එක් කටක, වෘශ්චික, මීන යන රාශිවල අවසන්නවාංශකයේ පතිතවීද එලෙස උපන් අය බිහිරිබවට පත් වන්නේය. අසුබ යෝගයන් මැද වුවත් සුබදෘෂ්ථි පතිත වෙයිද එලෙස ඉපදෙන දරුවෝ නිරෝගී වන්නාහ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk