Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

චරිත ලක්ෂණ කියන ලග්න කේන්දරය

10 hours ago 7 Min read
Subha.lk

එක්එක් රාශිවල විවිධ ලක්ෂණයන් මුල් කොටගෙන මේෂ, වෘෂභ, මිථුන යනාදි රාශි 12 ප්‍රභේද රැසකට බෙදා වෙන් කොටඇත. ඉන් පලාඵල කථනයටඅත්‍යවශ්‍ය වන ප්‍රභේද කිහිපයක්පහත දක්වා තිබේ.

 

තේජොරාශි – මේෂ, සිංහ, ධනුපඨවි රාශි – වෘෂභ, කන්‍යා, මකර වායෝ රාශි – මිථුන, තුලා, කුම්භ ආපෝ රාශි – කටක, වෘශ්චික, මීන පලදායි රාශි – කටක, වෘශ්චික, මීන වඳ රාශි – මේෂ, මිථුන, සිංහ, කන්‍යා මධ්‍යස්ථ රාශි – මේෂ, වෘෂභ, තුලා, මකර, කුම්භ පුරුෂ රාශි – මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ ස්ත්‍රීරාශි – වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන උත්තරාර්ධ රාශි – මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යාදක්ෂිණාර්ධරාශි – තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භචර රාශි – මේෂ, කටක, තුලා, මකර තිර රාශි – වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ උභය රාශි – මිථුන, කන්‍යා, ධනු, මීන මනුෂ්‍යරාශි – මිථුන, කන්‍යා, තුලා, ධනුවේ පූර්ව අර්ධය, කුම්භ තිරිසන් රාශි – මේෂ, වෘෂභ, ධනුඅග, මකර මුල අනතුරුදායකරාශි – මේෂ, තුලා, වෘශ්චික, මකර, කුම්භ ශබ්දාධික රාශි – මිථුන, තුලා, කුම්භ ගොළු රාශි – කටක, වෘශ්චික, මීන කීට රාශි – වෘශ්චික බහු පා රාශි – කටක, වෘශ්චික

 

ඉහතග්‍රහ රාශි ප්‍රභේද පලාඵලකථනයේදී ජන්මියාට වැලඳී ඇති රෝගය හඳුනාගැනීමට, ජන්මියාට දරුඵල ඇති නැති බවහඳුනා ගැනීමට, ජන්මියාට ලැබෙන ධනය ගේ දොරයාන වාහන ප්‍රමාණය හඳුනාගැනීමට ද ජන්මියාගේ මරණයකෙසේ සිදුවන්නේද යන්න පිළිබඳව කරුණුදැන ගැනීමට, ජන්මියාට කෙබඳු චරිතයකින් යුත් පුද්ගලයෙක්ද යන්නහඳුනා ගැනීම වැනි බොහෝ කාරණාසම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට අත්‍යවශ්‍යවන්නේ ය. එමෙන්ම තත්කාලශාස්ත්‍රයේදී මෙකී රාශි ප්‍රභේදනැති වූ භාණ්ඩයේ හැඩයවර්ණය, සොරා ගත් අයගේදේහ ලක්ෂණ භාණ්ඩය ගෙන දිය දිසාවවැනි කරුණු දැන ගැනීමට මෙකීරාශි ප්‍රභේදයන් අත්‍යවශ්‍ය වන්නේ ය. ඒ අනුවමෙහිදී විග්‍රහ කිරීමට බලාපොරොත්තු වන්නේ ලග්න කේන්දරයක් මගින්ජන්මියා කෙබඳු චරිතයක් හිමි පුද්ගලයකු දයන්න පිළිබඳවය.

 

ඒ අනුව ලග්න කේන්දරයකලග්න රාශිය ලග්නාධිපති සිටින රාශිය සඳු සිටින රාශියසහ රවි ග්‍රහයා සිටිනරාශි අනුව පුද්ගලයාගේ චරිතයගොඩනැගෙයි. මෙහිදී එකී සාධක වැඩිප්‍රමාණයක් මේෂ, වෘෂභ, සිංහ, ධනුවේ අපර අර්ධය, මකරයේමුල් අර්ධ යන තිරිසන්රාශිවලට හෝ වෘශ්චික යනකීට රාශියකට අයත් නම් ඔවුන්අයහපත් චරිතයකින් යුත් අය වෙති.

 

එකීසාධකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් මිථුන, කන්‍යා, තුලා, ධනුවේ මුල් අර්ධය කුම්භයන රාශීන්ට අයත් නම් ඔවුන්යහපත් චරිතයකින් හෙබි අය වෙති. ඉහත විග්‍රහ කල කරුණු පිළිබඳවවඩාත් පැහැදිලි වූත් නිරවුල් වූත්අවබෝධයක් ලබා ගත හැක්කේඋදාහරණ කේන්දර අධ්‍යයනය කිරීමෙන් පමණක් වන නිසා ඒපිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට දැන්අපි උදාහරණ කේන්දර කිහිපයක් අධ්‍යයනය කරමු.

 

ඒ අනුව පළමු උදාහරණකේන්දරය අයත් වන්නේ උතුවන්කන්දේ සූර සරදියෙල්ටය. එමමේෂ ලග්න කේන්දරය තිරිසන්රැසකට අයත් ලග්නයකි. එහිලග්නාධිපති අඟහරු, රවි, සඳු යනග්‍රහයන් දුෂ්ට භාවයක් මෙන්ම, අඟහරුට අයත් බහු පාදරැසක් වන වෘශ්චිකයේ පිහිටාඇත. කීට රැසක් වනවෘශ්චිකය සිව්පා රාශීන්ට වඩා හැම අතින්මහිංසාකාරී පීඩාකාරී රැසකි. එයට හේතුව වෘශ්චිකය. දිවි මකුළුවන්, සර්පයන්, ගෝනුස්සන් වැනි බහුපාද ඇතිඋග්‍ර විෂ සහිත සතුන්නිවේදනය කරන රැසක් වීමහා විශ්ව කේන්දරයේ දුෂ්ට ත්‍රිකයන් අතරින් ඉතාම අශුභ ත්‍රිකයක්වන 8 වැන්නට හිමිකම් කීම නිසාය. ඒඅනුව එකී අශුභ ගතිලක්ෂණවලින් යුත් වෘශ්චික රැසෙහිලග්නාධිපති අඟහරු, චිත්ත කාරක සඳු ආත්මකාරක රවි උප්පතියෙදි පතිතවීමත් උපන් ලග්නය වනමේෂය සිව්පා රැසකට අයත් වීම නිසාඋතුවන් කන්දේ සුර සරදියෙල් එකලරට වැසියන් අතර සොරෙක්, මිනීමරුවෙක්, මංකොල්ල කාරයෙක් ලෙස ප්‍රසිද්ධියට පත්විය. දැන් අපි තවත් උදාහරණකේන්දරයක් වෙත අපි අපගේඅවධානය යොමු කරමු.

 

අංක 2 උදාහරණ කේන්දරයේ අයත් වන්නේ තොටගමුවේශ්‍රී රාහුල හිමියන්ටය. එම කේන්දරය සිව්පාරැසක් වන මේෂයට අයත්ලග්න කේන්දරයක් වුවද එහි ආත්මකාරකමෙන්ම විද්‍යාස්ථානාධිපති (5 අධිපති) රවි උච්චව මයුරපාලයෝගය උදා කරමින් සිටිමත්, ලග්නාධිපති අඟහරු තිරිසන් රැසකට අයත් මුත් 10 වැන්නේඋච්චව රුචක නම් පංචමහ පුරුෂ යෝගය උදා කරමින්බලවත්ව සිටිමත් සඳු මනුෂ්‍ය රැසක්වන 3 වැන්නට මිථුනයේ පතිතව 9 වැන්නේ සිටින ගුරුගෙන් හංස යෝගය උදාකළගුරුගේ සප්තම දෘෂ්ටියට ලක්ව බලවත් ගජකේශරියෝගයක් උදා කරමින් සිටීමනිසාත් සිව්පා රාශියක් ලග්නය වීමෙන් සහ ලග්නාධිපති අඟහරුරවි යන ග්‍රහයන් සිව්පාරාශිවල සිටීමෙන් පැන නඟින අශුභඵල දුරිම් භූත වී උසස්ශුභඵල ලැබීමට කටයුතු යෙදුණු අතර, ඒ අනුවතොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට ඡ්‍යොතිෂ්‍ය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන හසළ දැනුමකුත්භාෂා 6ක් චතුර ලෙසහැසිරවීමේ දක්ෂතාවයක් ඇති මහ පඬිරුවනක්වීම හේතු කොටගෙන උන්වහන්සේඑකල රට වැස්සන් අතරෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේශ්‍රී රාහුල හිමි නමින් ප්‍රසිද්ධියටපත්විය.

 

දැන්අපි තවත් උදාහරණ කේන්දරයක්වෙත අපි අපගේ අවධානයයොමු කරමු.

 

අවසානඋදාහරණ කේන්දරය අයත් වන්නේ ඉන්දියාවේනිදහස් සටනේ පියා වනමහත්මා ගාන්ධි තුමාටය. එම ලග්නය වනතුලාව මනුෂ්‍ය රැසකට අයත් ලග්නයකි. එහිලග්නාධිපති සිකුරු ලග්නයෙහි පතිතව මාලවී යෝගය උදා කරමින්සිටියි. සිතුවිලිවලට කාරක සඳු 10 වැන්නෙහිසඳුට අයත් කටකයේ ස්වක්ෂේත්‍රවකුලීර යෝගය උදා කරමින්සිටියි. ආත්ම කාරක රවිමනුෂ්‍ය රැසක් වන කන්‍යාවේ පතිතවසිටියි. ඒ අනුව ඉහතවිග්‍රහ කළ සාධක වැඩිසංඛ්‍යාවක් මනුෂ්‍ය රාශිවල පතිතව සිටීම සහ ලග්නය මනුෂ්‍යරැසක් වීම හේතු කොටගෙන මහත්මා ගාන්ධි සෞම්‍ය ගති ලක්ෂණවලින් හෙබියහපත් මනුෂ්‍යයෙක් වූ අතර, ඔහුඑසේ උසස් මානුෂික ගතිලක්ෂණවලින් හෙබි පුද්ගලයකු වීමනිසා ඉන්දියා යටත් විජිතවාදින්ගෙන් නිදහස්කර ගැනීම පිණිස අවිහිංසාවාදි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළේ ය.

 

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk