ඩයනා කුමරියටත් පිහිටි මාලවී යෝගය
ඡ්‍යොතිෂය හදාරන කවුරුත් දන්නවා මොකක්ද මේ මාලවි යෝගය කියලා. ඒත් ඒක ගැඹුරින්අධ්‍යයනය කරල තිබෙන්නෙ ටිකදෙනෙක් බවත් දන්නවා. ඡ්‍යොතිෂයේ සඳහන් පරිදි ජීවිතය විස්තර කරන විට පංචමහා පුරුෂ යෝග කියල යෝග 5 ක් තිබෙනවා.
තව යෝග නැතුව නොවෙයි. ඉතා බලගතු යෝග 5 යි. පුරුෂ යෝගය කියන්නෙ එක එක ග්‍රහයට අනුවම ප්‍රධාන යෝග පිහිටීමක්. ඒත්ඔය ඡ්‍යොතිෂය පොත්වල සඳහන් වන ග්‍රහයෝ දෙන්නෙක්තුන්දෙනෙක් සමඟ එකතුවෙලා හදන ද්විසංයෝග ත්‍රි සංයෝග එහෙම නොවේ. ඔය ජීවිතය හා ග්‍රහයෝ කියන පොතේ සඳහන් වෙලා තිබෙන්නෙ ඕනතරම්. ඒවා නොවේ හොඳේ.
පංචමහපුරුෂ යෝග කියන්නෙ කිසිම කලවමක් නැති එක එකග්‍රහයට ආවේණිකව එක එක රාශියක උච්චව හෝ ස්වක්ෂේත්‍රව ග්‍රහයාගේ පිහිටීමක්. පොතේ හැටියට මෙය ආරම්භ කරන්නෙ අඟහරුවගෙන් නැත්නම් කුජගෙන්. මීට කලින් දවසක ජීවිතයේ පිහිටි ත්‍රිකෝණ ගැන විස්තර කරනකොට පොතේ පිළිවෙලින් තිබුණත්අපි ආරම්භ කළේ කාම ත්‍රිකෝණයෙන්. මොකද ඒක ඉතා ලෞකිකයි. භෞතිකයි. ඒ කිව්වේ සමාජයට අනුව ඒ අය බලාපොරොත්තුවන්නේ එහෙම. කාම ත්‍රිකෝණයට වඩා අත්‍යවශ්‍ය ත්‍රිකෝණ නැතුව නොවේ. ඒව ගැන අහන්න. වැඩිපුර අය කැමැති නැහැ. මොකද ඒවා ලෝකෝත්තර නිසා. ඒ වගේම පංච මහාපුරුෂ යෝග ආරම්භ කරන්නෙ අඟහරුවගෙන් වුණාට අද ලියනවා මාලවියෝගය ගැන. ප්‍රසිද්ධියේ කියනවිදියට මාලවි යෝගයට අනුහස් ලැබෙන්නෙ ලක්ෂ්මි දෙවඟනගෙන්. ලක්ෂ්මි කියන්නෙන් විෂ්ණු දෙවියන්ගෙ භාර්යාවටනේ. දවසක් දා මේ ලක්ෂ්මි දෙවඟන සුපුරුදු පරිදි ලස්සනට ඉන්න කොට ඇයට හිතුනලු. මමත් ජනතාවට මොනවාහරි කරන්න ඕන කියලා. එහෙම හිතලා ස්වකීය දේව ස්වාමියා ළඟට ගිහිල්ලා වරයක් ඉල්ලා සිටියා. එතකොට තම ස්වාමිය දුන්න වරය තමයි මුදල්. ඇයව අදහන කෙනෙකුට මුදල් ලැබෙන විදියට එක වරයක් දුන්නා. වරයක් දෙනකොට ඒකට සීමාවන් පනවනවනේ. පැන වූ සීමාව තමයිමේ වරය ලැබූ තැනැත්තා නිවැරැදිව පාවිච්චි නොකොළොත් ආපහු ගන්නා බව. එදා ඉඳන් ලක්ෂ්මි අදහන අයට මිල මුදල් වස්තුව ලැබෙනවා. නිවැරදිව පාවිච්චි නොකොළොත් ආපසු ගන්නවා…
මාලවි යෝගය පිහිටන්නෙ ඕනෑම කේන්දරයක 1, 4, 7, 10 කියන කේන්ද්‍රස්ථානයක ඉතා බලයෙන් යුක්තව එනම් උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිකුරු ග්‍රහයා පිහිටියාම විතරයි.
මාලවි යෝගය ගැන ටිකක් කතාකරමු. මේ යෝගය පිහිටියාම මොකක් වෙනවද බලමු. මේ යෝගය පිහිටියාම ඇස්වලින් දෙපැත්තට 180ක් පෙනෙනවා. ඇහිබැම ඍජුව, රජ කෙනෙක් වුවත්වෂී කරන ස්වභාවයක් තිබෙනවා. වයසට අනුව පෙනුම කියන්න බැහැ. පැල්පතක ඉපදුණත් ඒ දේවල් වෙනසක්නෑ. දැන් ඔබට අසෝකමාලාව මතක් වෙයි. ඔව්ඒක මාලා කෙල්ලට පිහිටියා. අසෝක මල් නෙලපු නිසා. අශෝක මාලා වුණා. කසාද බැන්දොත් පින්වත් දරුවො උපදිනවා. යාන වාහන ලැබීමට වාසනාව ලැබෙනවා. අනෙක ඔබ දන්නවනේ සිකුරු වාහන කාරක බව. ඡ්‍යොතිෂයේ කියන පරිදි මාලවි යෝගය තිබෙන අයට ගොඩක් දුරට කාම ත්‍රිකෝණ තිබෙනවා. යහපත් අයුරින්.
උදාහරණයක්වශයෙන් අපි දන්නා කෙනෙක්ගැන බලමු. කේන්දරයක් දෙකක්, අපි දන්නවා ඩයනා කුමරිය ගැන. මේ ඩයනා කුමරියගේ ජන්ම පත්‍රයයි. මේ කේන්දරයේ හත්වැන්නාධිපති සිකුරු එතැනම ස්වක්ෂේත්‍රව පිහිටනවා. එනිසා මාලවි යෝගය ලැබීමට පින්වත්වනවා.
ඒත්ආයුෂ ගැන ප්‍රශ්න නැතිව නොවේ. මාරක බුධ අශ්ටමයේ රවි සමග යෝග වෙලා. මෙතැන බුධ හොඳ වුණාට වෘශ්චිකයට මාරකයා බුධ කියල පැරණි පොත්වල සඳහන්. කොහොම වුණත් මේ රවි බුධට සප්තම් දෘෂ්ටිය ගෙනෙන ගුරු ඉන්නෙ හතුරු සෙනසුරු සමඟ යෝග වෙලා.
මේ සමගම තව එකක්කියන්නට ඕනෑ. ජීවිතයේ කෙනෙකුට හොඳ නරක දෙකම පලදෙනවවගේ. සිකුරු නිසා මාලවි යෝගය පිහිටි පමණින්ම ඒකෙන් මුළු ජීවිතයම ගොඩගන්න හැකිවන්නෙ නැහැ. පැරැණි කාලයේ වගේ නොවේ වර්තමානයේ ගොඩක් මිනිසුන්ට ඕනෑ මුදල්. මේ ඔක්කොම අත්‍යවශ්‍ය දේවල් ඇතුව ඉපදුණොත් ඉතින්ගොඩ. මේ ඔක්කොම ලැබිල උත්සාහය නැතිව කම්මැළිකම තිබුණොත් ඔක්කොම ඉවරයි. ඡ්‍යොතිෂයේ මේවා පැහැදිලි කරනවා. කොටින්ම කිව්වොත් ඡ්‍යොතිෂය කියන්නෙ මැණිකක්ම තමයි. කරකවා කරකවා බලන්න ඕනෑ. වැටහීම ලැබෙන්නෙ එතකොටයි.
සුරගුරු කිව්වේ බ්‍රහස්පතිට ඇසුර ගුරු කිව්වේ සිකුරුට- ගුරු ශුක්‍රෝ සදා වෛරඞ මේක දන්නවනේ. මාලවි යෝගය පිරිමින්ට ගැහැනුන්ට කියලා භේදයක් නැහැ. දෙපාර්ශවයටම පිහිටනවා. මාලවි යෝගය ගැන ජාතකරත්නාකරයේ සඳහන් වන්නේ
කිව්මස්ගොන් තුළ උච්චව සිටිනා
පිවිතුරුසවිසත්
දසවනලග්නා කිවි ලත්
මාලවියෝගෙන් උපනා
අවිසෙත්සැලසෙයි සතහට දිවුනා……
ඒ වගේම රතුවිතාන ශූරීන්ගේ 550 යෝග පොතේ සටහන් වී ඇත්තේ මාලවි යෝගෙන් උපන් අය වනිතාවකගේ බඳු මුදු දෙනුවන් ඇතිමනා දේහයෙන් යුක්තව පූර්ව පුණ්‍යබල ඇති ආශිර්වාදාත්මක පුත්‍රකලත්‍ර සම්පත් ලබන බවයි. ශෝභමාන නිවාස යාන වාහන උදාවනබවයි. රාජකීය බලය යෙදවීමේ සමත්බලපරාක්‍රමය අධිකාරි බලයෙන්ද යුක්ත වන බවයි.
මේ යෝග ලබන්ට ඒ ඒ ග්‍රහයා කේන්ද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව හිදින්ට ඕනෑ බව තමයි හැමපොතේම සඳහන් වන්නේ. ඒත් පොතේ සඳහන්වන පරිදිම මේ යෝගය පිහිටියත්ඒ ඒ පොත්වල සඳහන්වන ඵල ලැබෙන්නෙ නැතිබව සමහරු ප්‍රකාශ කරනවා. ඒකට ඡ්‍යොතිෂයේ කියවාගෙන යනකොට ඒ ඒ කරුණුත්ආදේශ කරන්ට ඕනෑ. ඔය දෘෂ්ටි ගැන. හැම යෝගයකින්ම අන්තිමට ලැබෙන්නෙ සතුට. සතුටට අධිපතියා චන්ද්‍රයා දුර්වල වුණොත් ඒක ග්‍රහයා දුටුවොත්මේ කියන ඵල ලැබෙයිද කියලා වෙනම හිතන්න වෙයිහොඳේ.
Advertisements