ඔබට හිමි නිවෙස මොන වගේද?
ලෝකයේ ජීවත්වන සෑම මිනිසෙකුම තමාගේම කියා නිවෙසක ජීවත්වීමට කැමැති අය වෙති. ඒ අනුව ලග්න කේන්දරයක නිවාස ගැන කියැවෙන, සිව්වැන්නත් දේපළ කාරක අඟහරුගේ බල දුබලතා මත කේන්දර හිමියාට නිවාස ලාභ ඇති වන්නේය.
ලග්න කේන්දරයේ සිව්වැන්නට, එහි අධිපතිට බලවත්සිකුරුගේ ශුභ බලපෑමක් වෙයිනම් ජන්මියාට නවීන අංගෝපාංගයන්ගෙන් යුත්සුඛෝපභෝගි නිවෙසක් හිමි වන්නේය. මෙකී සිව්වැන්නට සහ සිව්වැන්නාධිපතිට බලවත්සෙනසුරුගේ දෘෂ්ටියක් හෝ සංයෝගයක් වේනම් හෝ සෙනසුරු සිව්වැන්නෙහි සිටි නම් ජන්මියාට ඉතා පැරැණි, ගේ ඇතුළේ මඳ අඳුරක් ඇති නිවෙසක් හිමිවන්නේය. සිව්වැන්නෙහි අඟහරු බලවත්ව සිටියි නම් හේ සිව්වැන්නාධිපතිටඅඟහරුගේ බලවත් දෘෂ්ටියක් හෝ සංයෝගයක් ඇත්නම්ඔහුට හෝ ඇයට ගෙවත්තක්නැති නිවෙස තුළ රස්නයක් පවතින නිවෙසේ බිත්තිවල නිතර ඉරි තැලීම්පිපිරීම් ඇති වන සමචතුරස්‍රාකාර හැඩයක් ඇති නිවෙසක් හිමිවන්නේය. මෙකී සිව්වැන්න උපචයරාශියක් වී සිව්වැන්නෙහි බුධ තැන්පත්ව සිටියි නම් හෝ සිව්වැන්නාධිපතිට බලවත් බුධගේ දෘෂ්ටියක් හෝ සංයෝගයක් වේනම් එවැනි ග්‍රහ පිහිටීමක් ඇති කේන්දර හිමියාට දෙමහල් නිවෙසක් හිමි වන්නේය. මෙකී සිව්වැන්නේ සඳු සිටියි නම්හෝ සිව්වැන්නාධිපතිට, සඳුගේ බලවත් දෘෂ්ටියක් හෝ සංයෝගයක් වේනම් නිවෙස තුළ සිසිල් ගතියක්පවතින, වැහි කාලයට නිවෙස වැස්සෙන් තෙමෙන හෝ, නිවෙසේ ළිඳක්හෝ නිවස ආසන්නයේ ඇලක්දොළක් , ගංගාවක් තිබෙන නිවෙසක් හිමි වන්නේය. සිව්වැන්නේ රවි හෝ සිව්වැන්නාධිපතිට බලවත්රවිගේ සංයෝගයක් හෝ දෘෂ්යක් ඇත්නම්එවැනි ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන්ට, නිතරහිරු රැස් නිවෙස තුළට වැටෙන හෝ රජයට අයත්හෝ රජයෙන් ලැබුණු ඍජුකෝණාශ්‍රාකාර නිවෙසක ජීවත්වීමට භාග්‍ය හිමිවන්නේය. එමෙන්ම සිව්වැන්නේහි රාහු වෙත් නම්හෝ සිව්වැන්නට බලවත් රාහුගේ දෘෂ්ටියක් හෝ සංයෝගයක් ඇත්නම්එවන් ග්‍රහ පිහිටීමක් ඇති කේන්දර හිමියන්ට විදේශිකයන්, මුස්ලිම්වරුන් බොහෝ දෙනෙක් ජීවත්වන තට්ටු නිවාස සංකීර්ණයක් පිහිටි නිවෙසක් හිමි වන්නේය. 4 වැන්නෙහිකේතු බලවත්ව යෙදී ඇත්නම් හෝ 4 වැන්නට, 4 වැන්නාධිපති බලවත් කෙහෙතාගේ දෘෂ්ටියක් හෝ සංයෝගයක් ඇත්නම්එවැනි ග්‍රහ පිහිටීමක් ඇති කේන්දර හිමියන්ට නිවෙස ඇතුලේ කළුවර ගතියක් පවතින කැළෑබද ප්‍රදේශයක් හෝ දෙමළ ජනයාවැඩි වශයෙන් වාසය කරන තේවත්තක පිහිටි නිවෙසක් හෝ කෙසෙල් වත්තක පිහිටි නිවෙසක් හිමි වන්නේය.
මෙලෙස පිහිටා ඇති සිව්වැන්නාධිපති තැන්පත්රාශිය චර (මේෂ, කටක, තුලා, මකර) රැසක්වී නම්සහ දෙවැන්නාධිපති 11 වැන්නාධිපති ගේ දෘෂ්ටියක් හෝ සංයෝගයක් එකී චර රැසක පිහිටා ඇති සිව්වැන්නාධිපතිට ඇත්නම්හෝ, සිව්වැන්නාධිපති චර රැසක් වූදෙවැන්න, 11 වැන්න යන භාවයක පිහිටාඑකී භාවාධිපතියන්ගේ ශුභ බලපෑමට ලක්ව ඇත්නම් කේන්දර හිමියාට බොහෝ නිවාස හිමිවන්නේය. මෙහිදී සිව්වැන්නාධිපති උභය රාශින් වන (මිථුන, කන්‍යා, ධනු, මීන) රැසක පිහිටා ඇත්නම් තට්ටු දෙකින් යුත් නිවාස 2ක්හෝ 3ක්ද, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන තිර රැසක නම් නිවෙසක් හෝ දෙකක් හිමිවන්නේය. එමෙන් මෙකී සිව්වැන්නාධිපති කේන්ද්‍ර ත්‍රිකෝණ හෝ 2 – 11 යන භාවාධිපතියන් සමඟ මහ පරිවර්තන යෝගයකට සම්බන්ධව බලවත්ව ඇත්නම් එම පිහිටීමද ජන්මියාට බොහෝ නිවාස ලබා දෙන ග්‍රහ පිහිටීමක් වන්නේය.
ඒ නමුත් සිව්වැන්නාධිපති ලග්න කේන්දරයේ් නීච සතුරු යනාදි වශයෙන් දුර්වලව පාප පීඩිතව ඇත්නම්හෝ සිව්වැන්නාධිපති , රවි, කුජ, ශනි, රාහු, කේතු යන සහජ පාපීන් වැඩි දෙනෙකු ගේ්දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පාපකර්තරිත යෝගයකට මැදිවීමෙන් පීඩා වී ඇත්නම්එවන් ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන්ට ස්ථිරපදිංචි ස්ථානයක් හිමි නොවන අතර, අන්‍යයන්ගේ නිවාසවල හෝ කුලී නිවාසවල හෝ මහ මඟ තැන්තැන්වල ජීවත්වීමට සිදුවන්නේ පෙර ආත්මවලදී අන්‍යයන්ගේ්නිවාස විනාශ කිරීම, කුරුල්ලන්, ලේනුන් වැනි අහිංසක සතුන්ගේ කූඩු කඩා බිඳ දැමීමවැනි පාප කර්ම කිරීම හේතු කොට ගෙනය.
මෙකී සිව්වැන්නාධිපති ලග්න කේන්දරයේ බලවත්ව සිටියදී සිව්වැන්නාධිපති දුෂ්ඨ ස්ථානාධිපතියෙකු වන 6 වැන්නාධිපතිගේ බලවත්දෘෂ්ටියක් හෝ සංයෝගයකට භාජනයවී ඇත්නම් 6 වැන්නාධිපතියාගේ මහ දශා, අතුරුදශා කාලවලදී ජන්මියාගේ නිවෙසට ගින්නෙන් හෝ සොර සතුරන්ගෙන්හානි සිදුවිය හැකිය. එසේ නැත්නම් නඩුහබ, ණය ප්‍රශ්න නිසා ජන්මියාට, ජන්මියා ජීවත් වන නිවාස අහිමිවෙයි. මෙකී සිව්වැන්නට හෝ එහි අධිපතිට 8 අධිපතිගේ අශුභ බලපෑමක් ඇත්නම්එකී සිව්වැන්නාධිපතිගේ මහ දශාවේ 8 අධිපතිගේ අතුරු දශාවේ හෝ 8 අධිපතිගේ මහදශාවේ සිව්වැන්නාධිපතිගේ අතුරු දශා කාලවලදී ලබන ඒරාෂ්ටක අපලවලදී ජන්මියාගේ නිවෙස සුළි සුළං, ගංවතුර, නායයෑම් වැනි ස්වභාවික විපත්මඟින් හානියට හෝ විනාශයට පත්වෙයි.
මෙකී 8 අධිපති කුජ, ශනි වී 4 වැන්නෙහි පාප පීඩිතව සිටියදීහෝ 8 අධිපතිගෙන් පීඩා වූ රාහු, කේතු සිව්වැන්නෙහි පාප පීඩිතව සිටියිනම් එකී ග්‍රහයන්ට අයත්මහ දශා, අතුරු දශාවලදී ලබන ඒරාෂ්ටක අපල කාලවලදී, සතුරන් විසින් කරන ලද හදි හූනියම් හෝ මළගිය අයගේ බැල්ම නිවෙසට වැටීම නිසා නිවැසියන්ට ලෙඩදුක් කරදර ඇතිවීම හේතුකොට ගෙන නිවෙසේ ජීවත්වීමට අපහසු වාතාවරණයක් ඇතිවෙයි.
සිව්වැන්නාධිපතිට, සිව්වැන්නට 12 වැන්නාධිපතියාගේ අශුභ බලපැමක් තිබේනම් 12 වැන්නාධිපතිගේ මහ දශාවේ සිව්වැන්නාධිපතිගේඅතුරු දශාවේ දි හෝ සිව්වැන්නාධිපතිගේ මහ දශාවේ 12 වැන්නාධිපතිගේ අතුරු දශාවන්හිදී ලබන ඒරාෂ්ටක අපලකාලවලදී නිවෙසේ ඇති වාස්තු දෝෂ, මකර කට දෝෂ, ආරම්භක නැකැත් දෝෂ, බහිරව දෝෂ, මුදුන් යටලීයේ දෝෂ නිසා නිවැසියන්ගේ දියුණුව කඩාකප්පල් වෙයි.
මෙහිදී දේපළට කාරක කුජ පාපපීඩිත වී ඇත්නම් මෙකී අපල තීව්‍ර වෙයි. පීඩා වී නැත්නම්මෙකී අපල විපත් අඩක්පමණ ලැබේ. මෙලෙස ලග්න කේන්දරයක් මඟින්නිවාස පිළිබඳ කරුණු පරික්ෂා කර බැලීමේදි සිව්වැන්නාධිපතිතැන්පත් නවාංශකාධිපතිගේ සහ 28 වැනි නවාංශකාධිපතිගේ බල දුබලතාත්, චන්ද්‍ර කේන්දරයේ සිව්වැන්නාධිපතිගේ බල දුබලතා ගැන පරික්ෂා කර බැලිය යුතුය.
දැන්අපි යට විග්‍රහ කළකරුණුවල නිවැරදිද යන්න පිළිබඳව කරුණූු අවබෝධ කර ගැනීමට උදාහරණ කේන්දර දෙකක් පරික්ෂා කර බලමු.
උපත 1951.04.02 රත්නපුරේදී දෙනට නැකතේ 4 වැනිපාදයෙන් උපත ලබා ඇත.
ඉහත මකර ලග්න කේන්දරය අයත්වන්නේ මෙරට හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන ගාමිණී අතුකෝරාල මහතාටයි. නිවාස ස්ථානාධිපති මෙන්ම දේපළවලට කාරක අඟහරු ග්‍රහයා 4 වැන්න වූ මේෂයේ මුල ත්‍රිකෝණ බලයෙන් යුතුව සිටිමින් රුචක නම් පංචමහා පුරුෂ යෝගය උදා කරමින්සිටියි. මෙකී සිව්වැන්නාධිපති අඟහරු නවාංශක කේන්දරයේ මේෂ නවාංශකයේ වීමෙන්වර්ගෝත්තම බලය ලබා ඇතිහෙයිනුත්, 9 වැන්නාධිපති, බුධ සහ 10 වැන්නාධිපතිසිකුරු යෝග වීමෙන් පැනනැගුණු ධර්ම කර්මාධිපති යෝගයකට සම්බන්ධව ඇති හෙයිනුත් සිව්වනැන්නාධිපති අඟහරු අතිශයින්ම බලවත්ය. එලෙස බලවත් වූ සිව්වැන්නාධිපති අඟහරු ලග්න කේන්දරයේ බලවත්වයෙදීම හේතු කොට ගෙනගාමිණී අතුකෝරළ මහතා නිවාස පමණක්නොව වතුපිටි සුඛෝපභෝගි යාන වාහන හිමි ඉතා ධනවත් පුද්ගලයෙක් විය.
දැන්අපි තවත් උදාහරණ කේන්දරයක්වන අපි අපගේ අවධානය යොමු කරමු. ඉහත සිංහ ලග්නකේ්න්දරය අයත් වන්නේ යමක්කමක් ඇති නමුත්, ස්ථිරපදිංචි ස්ථානයක් අහිමි පුද්ගලයෙකුටය.
උපත 1950.02.06 හත නැකතේ් පළමු පාදයෙන් උපතලබා ඇත.
ඒ අනුව ඉහත සිංහලග්න කේන්දරයේ දේපළ කාරක මෙන්ම සිව්වැන්නාධිපති අඟහරු 2 වැන්න වන කන්‍යාවේ සතුරුව 12 වැන්නාධිපති සඳු සමඟ යෝගවරාහු, කේතු යන ඡායාග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් සහ සංයෝගයන් පීඩාවී ඇත. එම පිහිටීමත්දේපළකාරක කුජ ලග්න කේන්දරයට අනුව 22 වැනි දෙර්කානාධිපති වීසප්තම දෘෂ්ටියෙන් 8 වැන්නෙහි සිටින රාහු පීඩා කිරීමත්එලෙස පීඩා වූ රාහුපූර්ණ දෘෂ්ටියෙන් නිවාස ස්ථානය වන සිව්වැන්න වන වෘශ්චිකය දැකීමත්, 6 අධිපති සෙනසුරු 64 වැනි නවාංශකාධිපති වෙමින්ලග්නයේ පතිතව කේන්ද්‍රය දෘෂ්ටියෙන් සිව්වැන්න වූ වෘශ්චිකය දැකීම යන ග්‍රහ පිහිටීම ජන්මියා ධනය ඇති නමුත්ස්ථිර වාසස්ථානයක නොමැති කෙනෙකු වීමට හේතු වීඇත.
Advertisements