Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සෙනසුරු අපලෙන් මිදෙන්නේ මෙහෙමයි

3 hours ago 7 Min read
Subha.lk

ගොඩක්අය සෙනසුරා කිව්වාම බයයි. මතක් වන්නෙම නපුරු වැඩ, අසනීප, ඒරාෂ්ටක වගේ දේවල්. ඒ වුණාට ටිකක්වත් හිතුවද ඔය නපුරු වැඩකරන හැම දෙනෙකුගේම හොඳවැඩත් තිබෙනව කියලා.

 

මතකතබා ගන්න සෑම කළු වලාකුලකම රිදී රෙඛාවක් තිබෙනවා කියලා. ඒක තිබෙන්නෙ හැංගිලා. අවශ්‍ය වෙලාවට එළියට එනවා. සෙනසුරාත් එහෙම තමයි. ඔබ සෙනසුරා ගැන තිබෙන බොරු අදහස් ඉවත ලන්න. ඇත්තටම සෙනසුරා ගැන බය වන්න ඕනෑ තමයි. ඒත් නිවැරැදිව ඉගෙනගත්තොත් බය නැහැ. ඔබ බොරුවට බය වන්නෙ ඒරාෂ්ටකවලටප්‍රතිකර්ම නොදන්නා නිසයි.

 

නපුරු මිනිසුන්ට ආදරය කරන තරමටම ඒ අය අපිටත් ආදරය කරනවා. අපිට ඒ ආදරය ලබා ගන්න දන්නෙ නැහැ. මේකට හොඳම නිදසුන තමයි අපේ බුදුහාමුදුරුවො. අංගුලිමාල දුටු මිනිසුන් දිව්වා. ඒත් බුදුහාමුදුරුවො. අංගුලිමාල වචනයෙන් මෙල්ල කළා. පසුව රහත්වුණ බවත් බෞද්ධ සාහිත්‍යයේ පැවසෙනවා. ඒ වගේ තමයි සෙනසුරාවත් මෙල්ල කරන්නෙ. කරන ප්‍රතිකර්ම දැනගෙන තිබෙන්න ඕනෑ. යන්ත්‍රම දමන්න ඕනෑ නැහැ, හැම එකකටම යන්ත්‍රදාපුවාම දිනන්නෙ ඔබවත් සෙනසුරාවත් නොවේ. බොරුකාර ඡ්‍යොතිර්වේදින් විතරයි. ශාස්ත්‍රය දන්න යහපත් ඡ්‍යොතිර්වේදින්එහෙම නැහැ. එයාට ඔබේ මුදල්පසුම්බිය පෙනෙනවා. බැරිම නම් තමයි යන්ත්‍රය දමන්නේ. අපි ඕනෑම දෙයකටඑක පාරටම යන්ත්‍ර සූත්‍ර ආයුධ පාවිච්චි කරන්නෙ නැහැනේ ඒ වගේ.

 

මේ සෙනසුරා තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ් යමක් වැඩියෙන් දෙනග්‍රහයා. මේ ග්‍රහයා දෙන්න ගත්තාම ඔබට එපා කියනකල් දෙනවා. ඔබත් තණ්හාවට ගන්නවා. ඒත් ගන්න ඕනෑ, ලබන්න ඕනෑ, හරි පරිස්සමෙන්.

 

සෙනසුරා දෙන්නෙ කොහොමද දන්නවද. සෙනසුරා දෙන්න ගත්තාම, සුබ වුණාම ඔබට ඕනෑ ඒවත්, එපා ඒවත් දෙකම දෙනවා. ඔබත් ගන්නවා. එතකොට තණ්හාව වැඩි වෙනවා. ඒක පුරුද්දට යනවා. අතහරින්න බැරි වනවා. මෙසේ පුරුද්දට ගියාම ඒක අතහැර ගන්න බැරිවනවා. ඒදේ හොඳ වුණත්, නරක වුණත් පුරුද්දට යනවා. මෙසේ දීලා සෙනසුරු කිරණය ඔබ වෙතින් ඉවත්වුණාම නැත්නම් සෙනසුරා ගියාම ඔබට දෙන්න කෙනෙක්නැහැ. හැබැයි පුරුද්ද ඔබ වෙතින් යන්නෙත්නැහැ. දැන් ඔබ වැඩකරන්නෙ පුරුද්දට. එතකොට ඔබ නැත්තටම නැතිවනවා. දැන් ඔබ කියනවා සෙනසුරා දුන්නා. ආයේ ගත්තා කියලා. ග්‍රහයො එහෙම ගන්නෙ නැහැ.

 

උදාහරණයක්කියන්නද? ඔබ කල්පනා කරකර නිදහසේ ඉන්න කොට සෙනසුරු ඔබේ ග්‍රහචාරයට උච්ච වෙලා මකරයටආපුවාම හොඳ කලක් ගතවනවා. ඒ කිව්වේ ලොතරැයියක් වගේ වාසියක් ලැබෙනවා. මකරය කිව්වේ සෙනසුරු ග්‍රහයාගේ එක් රාශියක් ගෙදරනිකං වැඩ කර කරකිසියම් ආදායමක් ලැබූ ඔබ සෙනසුරුගෙන්වැඩියෙන් මුදල් වැනි වස්තුවක් දුන්නිසා ඔබ කර කරසිටි වැඩ නතර කරලාඒ ලැබෙන මුදලින් ජොලි කර කරප්‍රීතිවනවා. දැන් ඔබට වෙනදාකාපු සරල බත් එකරස මදි වනවා. නිකංහිටපු ඔබ වාහනයක් කාරියගන්නවා. දෙපයින් යන්ට අමාරු නිසා. සෙනසුරු නිසා පොහොසත් වූඔබ පරණ මිත්‍රයන් අමතකකරල උජාරුවට වාහනයෙන් යනවා. මුදල් ලැබෙන නිසා නිකං ඉන්නත්බැරි නිසා සමාජශාලා යන්නත්පුරුදු වනවා. ඉන්පසු මත්පැනටත් පුරුදු වනවා. දැන් ඔබ ඇසුරුකරන්නෙ ඒ පාප මිත්‍රයන්බව වැටහෙන්නෙ නැහැ. දැන් ඔබ ඉතාමත්සතුටින් ඉන්න විනෝදමත් ජීවිතයකටවෙනස් වෙලා. මේ පාප ක්‍රියානතර කරන්න අමාරුයි මොකද ඒවාට පුරුදුවූ නිසා. පුරුද්ද එතරම්ම බලවත්. අන්තිමේදී රෝගියෙක් වෙලා. ඇඳට වැටෙනවා. දැන්අර සුහද මිත්‍රයොත් නැහැ. පාප මිත්‍රයොත් නැහැ.

 

සෙනසුරාගෙ මහ දශාවෙන් සෙනසුරු අතුරු දශාව අවු 3 මාස0 දින 03 පවතිනවා. ඒ කාලෙට ඔබට පුදුම සැහැල්ලුවක්. ඔන්න මේ කාලෙටසෙනසුරු කිරණය ඔබේ ග්‍රහචාරයෙන් මාරුවනවා. දැන් ඔබට සෙනසුරුගෙන් ලැබීම්නැහැ. ඒත් ඔබට අරකාලය තුළ ජීවිතය පුරුදුවූ විදියටම වැඩ නොකර බැහැ. අර වාහනයට තෙල්ටිකවත් ගහන්න මුදල් නැහැ. මත්වතුරට පුරුදු වුණ නිසා ඒවාගන්න මුදලුත් නැහැ. නොඅරගෙනත් බැහැ. ශරීරය ඒවාට පුරුදු වෙලා. දැන් ඔබට අය නැහැවැය විතරයි. ගෙදර බොරු රණ්ඩුකරනවා. නෝනා මහත්තයත් ඔබවදාලා යනවා, ඔබෙන් කරදර නිසා. වාහනයත්, ගෙදර ඇති අනිකුත් බඩුත්අඩුගාණට විකුණනවා. අන්ත අසරණ තත්ත්වයටවැටෙනවා. සෙනසුරු දීලා ගන්නෙ නැහැ. ඔබේ පුරුදු නැති කරගන්න බැරිඑකේ විපාකයයි වුණේ. ඔය නරක පුරුදු, පුරුදු වුණාම ඔක්කොමටම ඕකයි ප්‍රතිඵලය. අදඉගෙන ගන්න. සෙනසුරු නොවෙයි. කවුරු දුන්නත් ඔබට නුසුදුසු නම්, එපා නම් ගන්ට එපා. නොමිලයේ දුන්නයි කියල ගන්ට එපා. බොරුවට සෙනසුරුට බනින්න එපා. වරද කළේඔබ

 

කරනකලට පව් මීරිය මීසේ – විඳින කලට දුක් දැඩිවෙයිගිනිසේ

 

අහලතිබෙනවනේ මේ කවිය ඔයසෙනසුරා නරක් වුණාම එකපාරටමයන්ත්‍ර දමන්න එපා. සෙනසුරාට අයිතියන්ත්‍රය තමයි ශනි මෘතුංජය. ඒක මිලයි. යන්ත්‍රයක් දමන කොට නිවැරැදිවනොකර ගත්තොත් නැති කරදර ලැබෙනවා.

 

සෙනසුරුගේනරක කාලෙට අතහැරල දාපු නුග ගහකටපහන් දල්වන්න. සෙනසුරාගේ වෘක්ෂය නුග. කෙම්මුර දිනවලටඒ කිව්වේ බදාදා, ශනිදා දිිනවලට ගිතෙල් සමඟ කිරිබත් කපුටන්ටකන්ට දෙන්න. පොල්තෙල් පහන් දල්වා ඒතිර ගිලින්න දෙන්න. බැරි නම් විතරක්යන්ත්‍රය දමාගන්න. මෙච්චර දේවල් කිව්වේ සෙනසුරාගේ් අපලවලට.

 

ඒ වගේම කේන්දරයක 1,4,7,10 කියන කේන්ද්‍රස්ථානයක සෙනසුරා උච්ච හෝ ස්වක්ෂේත්‍රවපිහිටියා නම් “ශශ” කියන යෝගය උදාකරනවා. ඒක පංච මහා පුරුෂයෝගවලින් එකක්. මහා බලගතුයි. ඒකෙන්ලැබෙන මුදල් නැත්නම් වස්තුව ඉඩකඩම් නියම විදියට පාවිච්චිකරන්න.

 

ඡ්‍යොතිෂයේයෝග 550ක් බව තමයි. පියසේ්න රතුවිතාන ශූරීන් කියල තිබෙන්නේ. මංහිතන්නෙ ඊටත් වැඩියෙ ඇතිකියලා. ශශ යෝගයේ නිර්වචනයමෙයයි. සිය උච්ච හෝස්වක්ෂේත්‍රව භවනයක් වන කේන්ද්‍රස්ථානයක ශනිග්‍රහයා තැන්පත් ව සිටීමෙන් උක්තයෝගය උදාවෙයි.

 

ශශ යෝගය ගැන ජාතකරත්නාකරයෙ මෙහෙම සඳහන් වනවා.

 

ගමන්තුලා මුව රැසලත් සෙනසුරු

තුනත්සයත් දසයත් එකොළහ ගුරු

මහත්බලැති සස යෝගය විඳසරු

ලකක්පැමිණී නරපතියෝ ලොවගරු

 

ඒ නිසා සෙනසුරුට දොස්නොකියා, තමන්ගේ දොස් ගැන ස්වයංවිවේචනයක යෙදිලා අපලවලින් මිදෙන හැටි දැනගෙන ජීවත්වෙන්න. එතකොට සෙනසුරු අපල කළත් එයදරුණු ලෙස අපට බලපාන්නේනෑ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk