Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දියුණුවට ඉඩ නොදෙන බහිරවයෝ

5 hours ago 7 Min read
Subha.lk

ඔබ මේ ලෝකයේ උපත ලබන්නේ ඔබ පෙර කරනලද පුණ්‍ය කර්මවල බලය නිසාය. පෙර ආත්මවල කරන ලද පුණ්‍ය කර්ම නිසා රැකියා කර්ම නිසා පෙර ආත්ම භවයෙන් අලුත්භවයක් ලබයි.

උත්පත්ති සිත, චුති සිත සොබාදහමින් උපතට සුදුසු ස්ථානය පෙන්නාදෙයි, ලබා දෙයි. එම ස්ථානයේ උපත ඇතිවෙයි. කර්ම අනුව මව සහ පියා පරිසරය ලැබීම සිදුවෙයි. ඉපදුණ කෙනාගේ පින් බලය අනුව මනසේ ක්‍රියාකාරීත්වය ඇතිවෙයි. හොඳ සිහිය මතකතබා ගැනීමේ ශක්තිය ලැබෙයි. අධ්‍යාපනය ලැබීමට සුදුසුම ස්ථානය ලැබීමෙන් අධ්‍යාපනය දියුණුකර ගැනීමෙන් දියුණුව ලැබෙයි.

වාහනයක්අලුතින් මිලදී ගැනීමේ දී පළමුවෙන්ම ඉන්ධන ගබඩාවකින් ඉන්ධන ලබා ගත යුතුය. එසේම මීටරයේ සටහන බලා ඉන්ධන අවසන්වීමට පෙර ඉන්ධන හලවෙත යාම කළයුතුය. මේ ලෙසම අපි කරන ලද පුණ්‍ය කර්ම නිසා අපි මනුලොව ඉපදුණ මේ පින නැතිවී යනවා. එනිසා නැවත නැවත පින්කළ යුතුයි. එනිසා පින්කම් කියා ගොන්කම් කරගන්නාඅය අද වැඩිවී ඇත. කල්පනාව මඟින් සැබෑ පින්කම් කිරීමෙන්ඔබගේ ජීවිතය දියුණුවට පත් වෙයි. භෞතික වස්තුන්ගේ දියුණුව ලබා ගැනීමේ දී නිවෙසේ ඉඩමේ අයිතිකාරයන් ලෙස මිය ගිය අයගේ ඇල්ම බැල්ම ඉවත් කරගත යුතුය.

මෙහිදී නිවසේ සිටිය ඔබගේ මියගිය ආදරයෙන්සැබවින්ම දැක කතාකර ඔවුන්ට කෑම බීම පින්පෙත් ලබාදීමෙන්ඉවත් කරගත හැකිය. ඉඩමේ සිටින බහිරවයන් සතුටු කිරීමෙන් කරදර නැතිව තමන්ට සතුටින් සිටීමට හැකි බව කියමි. බහිරවයන් ලෙස දක්වන්නේ ඉඩමට නිවෙසට ආදරය ඇල්ම බැල්ම ඇතිව මිය ගිය අයිතිකාරයන්ට මේ අය අවශ්‍ය දේදෙන්න පුළුවනි. ඔවුන් ඔබට බලා ගැනීමට කතා කිරීමට පුළුවනි. කතාකර ඉල්ලන පූජාවන් දීමෙන් ඔබට දියුණුව ළඟාකරගත හැකිය. එසේ නොමැති නම්ඔබට නිවෙස සාදා ගැනීමට ඉඩමේ වගා කටයුතු කිරීමට ඉඩ නොලැබේ. ඔබගේ ස්ථිර ධනයද නැතිවී යයි. මේ නිසා බහිරවයන්ට වසරකට දෙවරක් පූජාව ලබාදීම කළ යුතුය. බහිරව පූජාව දීමට පෙර බහිරවයා ගෙන්වා ඔහුට කැමැති ආහාර ඇඳුම් වස්ත්‍ර ආභරණ ලබාදීම කළයුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk