නපුරුයි කියන 9 ගැනයි
හන්දියේ ඉස්කෝලේ ළඟ වාහන දෙකක්හැප්පිලා. මිනිස්සු වටවෙලා, වාහන හිරවෙලා හරිම තදබදේ. තුවාල කාරයන්ගේ ලේ පෙරෙනවා. ‘අහකයන නඩු ඇඟේ දාගන්න බෑ’ කියලා කවුරුත්බලන් ඉන්නවා විතරයි. ඒ අතරේ උසමහත මිනිස්සුන් පැත්තකට තල්ලු කරගෙන අපේ කතා නායකයා කරළියට එනවා. එයා වැඩිය උසත්නෑ. මහතත් නෑ. ඇඟ හදාගන්න ජිම් ගිහිල්ලත් නෑ. හැබැයි අතපය හතර තරමක්මතුවෙලා පේනවා. සමහර විට ඇඟහදා ගන්න යකඩ උස්සනවා වෙනුවට ජීවිත කාලය පුරා බැරිබර උස්සලා වෙන්න ඇති.
මුලින්ම සරම කැහැපට ගැහෙනවා. දෙවනුව දෙන විධානයට සෙන්පතියොත්කැලේ. කතා විලාසය ටිකක්අමුතුයි වගේ තමයි. ඒවුණත් ඒ හඬේ යම්ජවයක් වගේම බලාත්මක බවක්කැපී පේනවා. තුවාලකාරයෝ කඩිනමින් රෝහල් කරා යැවෙනවා. පාරනිරවුල් වෙනවා. කියන සිංහලයක් නොතේරෙන්නෙකුගේ කණ හරහා අකුණක් වැදුණාම අනික් අයගෙත් කන් අඩි ඉබේම පෑදෙන්න ගන්නවා. ඉතින් පොලිසියේ රාළහාමිලාට කරන්න ඉතිරිවන්නේ පොත පුරවන එකවිතරයි. මොකද නිළ ඇඳුම්නැතත් නියම පොලිස් වැඩේකළේ අපේ කතා නායකයා. එහෙම නැත්නම් කුජ අධිපතියා. පෞද්ගලික අංකයේ, දෛව අංකයේ, නාමික අගයේ හිමිකමින් වගේම කුජ කාලසීමාවට අයත් අප්‍රේල් මාසයේවගේම කුජ (-) බලයට අයත් සේසැලකෙන නොවැම්බරයේ නියමිත කාලසීමාවට අයත් අයට තමයි මේ වගේ අයෝමය ශක්තිය ඇතිව උපදින්නේ.
පෙනුමින්සිනමා නළුවෝ වගේ නැති වුණාට මේ අය හරිම ආකර්ෂණීයයි. නියම පිරිමි ගති නිසා කාන්තා පාර්ශ්වයේ ලිංගික ආකර්ෂණය පවා නොඅඩුව ලබනවා. මේ අයට අවශ්‍ය දේහොඳීන් හෝ නරකින් දිනාගන්න උපතින්ම ගෙනා කාය ශක්තිය උපකාරී වනවා. මේ අය බොහෝමයක්කටේ හලා ගෙන බිව්වත්ලේසියෙන් වට්ටන්න නම් බෑ. ඕනෑමක්‍රීඩාවකට වගේම රතී කෙලියටත්කුජ බලවත් ඈයෝ නම් දරනවා.
කායශක්තිය වැඩි අය එළියේ අරගල කරද්දී වාග් චාතූර්යය තියුණු කුජ අධිපතියෝ කළු කෝට් දාගෙන අධිකරණ ශාලා ඇතුළේ වැඩපෙන්වනවා. ඔය කවුරු වුණත්ආයේ සටන් වදින්නේ පරදින්නබලාගෙන නම් නෙවෙයි.
කට පරිස්සම් කර නොගත්තොත් මේඅයගේ සෞඛ්‍යය පිරිහිය හැකියි. එහෙම වුණාට කුජබලවත් චරිත ගම් හතක්එපිට තම නාමය පතළකරගන්නා ස්වභාවය ද කැපී පේනවා. තරුණ කාලේ මොන මොනවන්නම්, කෙළි සෙල්ලම් දැම්මත්වයස 40 පනිද්දි ආගම දහමට මේ අය බර වෙන්නෙත් විදුලි වේගයෙන්.
මේ අය වැඩකට බැස්සම පුදුමාකාර ජවයකින් ශක්තියකින් වැඩ පෙන්වන්නේ. නමගිය සෙන්පතියන්ට වගේම සොල්දාදුවන්ට පිහිටන සුපිරි අංකය තමයි මේඅංක 9 කියන්නේ. මරණය පෙනි පෙනීවුණත් මේ වගේ අය කවරදාකවත් සටන පාවා දෙන්නේනෑ. ජීවිත කාලය පුරා නිතරමේ අයගේ හිසට අනතුරුවීම අනිවාර්ය වෙනවා. ඒ වගේම ගිනිඅනතුරු, මාරක බෝම්බ අනතුරු, කැපුම් තුවාල වගේ දේවල් මේ අයගේ දෛවයේ දින චර්යාව ගාණට ලියැවුණු දේවල්. අවදානම ගැන සූදානමක් නැතිවමයි අනතුරු පිළිගන්නේ. කුජ නරකට පිහිටියොත්දරුණු මිනීමරුවන් බිහි වෙනවා. හැබැයි කුජ බලවත් මිනිස්සු බොහෝ විට සාධාරණයි. රොබින් හුඩ්, සූර සරදියෙල් ගණයේ අය තමයි ඒ. ඇති මිනිහාගෙන් කොල්ල කාලා හරි නැති මිනිහගේ කුස පුරවන්නේ. මේ අය ක්‍රීඩාවේ දී පවා හරිමසාධාරණයි. යම් ක්‍රීඩාවක නිරත වෙද්දීකිසි විටෙකත් තමන්ට ජය කුසලාන අපේක්‍ෂා කරන්නේ නෑ. හොඳ තරගයක්දෙන හරිම කෙනා දිනවන්න මේ අය සටන් කරනවා.
හොඳ කොන්ත්‍රාත් කාරයන්, දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරු වගේම ප්‍රසව හා නාරිවේද විශේෂඥයන් පවා මේ අංකයෙන්බොහෝ විට උපත ලබනවා. ඒ වගේම ක්‍රීඩාව වුණත්පරිපාලන සේවය වුණත් මේ අයට නරකම නෑ. කතාවට කියනවා මනුෂ්‍යයකු තුළ හොඳයි කියන ග්‍රහයන්ගේ විතරක් නොවේ නරක ග්‍රහයන්ගෙනුත්මේස හැන්දක හරි ගතිගුණ මුසුවෙන්න ඕනේ කියලා. පිරිමියෙක්ම වෙන්න ඕනේ නෑ ගැහැනියකගේ වුණත් කුජගේ බලය පිරිහුණොත් ජීවයේ අඛණ්ඩතාවය ඉදිරියට ගෙනියන්න තල්ලුව, බලය නැතිවනවා. ජීවයේ අඛණ්ඩතාවය නොකඩවා ඉදිරියට ගෙනයාමේ ගෞරවය සුදු පිරුවට දරාගත්ඇත්තන්ට වඩා හිමිවිය යුතුවෙන්නේ කුජ බලවත් අයටයි. ඒ ගැන බුද්ධියෙන් වැඩිදුර විමසා බලන්න සබුද්ධික ඔබට ම භාරයි. ඔය මොනවා කිව්වත් මේ කියන ගතිගෑවිලාවත් නැති අයත් සමහරවිට ඔයාලට අංක 9 න් දැක ගන්න ලැබිලා ඇති! ඒ ඇයිදන්නවද? පෞද්ගලික අංක 9 තුළත් තවත් තුන් වැදෑරුම්ප්‍රභේද ගැබ්ව ඇති නිසා.
පෞද්ගලිකඅංකය 9:
සියලුබාධක අභිබවා තම ඉලක්කයට යාමටසමත් සූක්‍ෂ්ම බුද්ධියකින් හෙබි මිනිසුන් කොට්ඨාසයක්. පැදුරු සාජ්ජයට නැතිවම බැරි මේ අයහොඳීන් කෑමට බීමට දසමත්. ක්‍රියාදාම චිත්‍රපටවලට මෙන්ම පත පොත පරිශීලනයටඔවුන් ළැදියි. පෙර පින් මහිමසහිතයි. ආහාර පාලනයක් මේඅයට අනිවාර්යයෙන් අවශ්‍යයි.
පෞද්ගලිකඅංකය 18:
ඉතා ආත්මාර්ථකාමී මුරණ්ඩු ගති ඇති අයයි. දෙමාපිය වැඩිහිටියන්ගේ ඔවදන් පිළිනොපැදීම පිළිබඳ දිනෙක පසු තැවීමට සිදුවෙයි. ඇසුරු කරන්නනගේ සිත් රිදවීමට මොවුන්රුසියන්. සාර්ථක යුද නායකයන් වන්නේද මොවුන්. ඒත් සූක්‍ෂ්ම නාරිදේහයක සූසැට මායමට මොවුන් කිරි දරුවන් මෙන්පහසුවෙන් නිද්‍රාගත කළ හැකියි. වේගවත්සිතුවිලි ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක්. මනා සංයමයකින් යුතුව අධ්‍යාපනයට යොමු වීමෙන් ඔවුන්ගේ අනාගතය ඉතා වැඩදායී වනුඇති. නමගිය රාජ්‍ය නායකයන් පවා මේ අංකයයෙන්උපත ලබයි.
පෞද්ගලිකඅංකය 27:
මේ අය සිය අණසක පතුරවන්නේ ටිකක් වෙනස් ආකාරයකට. පන්සල්, පල්ලි හා සුභසාධක සමිති ආදියේ තනතුරුවල පැල් බැඳගෙන තමයි ජීවත් වෙන්නේ. නැත්නම් යක්ෂ, භූත හා කුම්භාණ්ඩ විශ්වාසවල ගිලී එහෙමත් නැත්නම්දේව වරම් එක්ක එල්බගෙන තමයි දවස ගෙවන්නේ. සෙත්-ශාන්ති කරන්නත් අනෙකාට බලන් හිටිය ගානට ඒත්තු ගැන්වෙන්න අනාවැකි කියන්නත් මේ අය දක්ෂයි. ඒ වුණාට මේ අය කියන අනාවැකි විද්‍යාත්මක ක්‍රමවේදයකට ඉදිරිපත් කරනවාට වඩා බලහත්කාරයෙන් අනුන්පිට පටවන ස්වභාවය කැපීපෙනෙනවා. මේ හේතු නිසා ඔවුන්ගේ ගෘහ ජීවිතය පවා අවුල් සහගත වන්නත් පුළුවන්.
Advertisements