Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජීවිතය ජය ගන්න උපන් අංකයට ගැළපෙන්න ඇඳුම් අඳින්න

16 hours ago 7 Min read
Subha.lk

වෙළෙඳපොළේ ඇඳුම් තිබුණාට විලාසිතා තෝරා ගැනීමේ දී හිතුණ හිතුණ පාට ඇඳුම් ඇඳීමෙන්නොසිතූ විරූ හොඳ හෝ නරක විපාක අත් විඳීමට සිදුවේ.

ඔබේ ජන්ම අංකයට හිමි වර්ණයට අනුව ඇඳුම තෝරා ගෙන ඇඳීමෙන්ශුභඵල ලැබේ. සම්මුඛ පරීක්ෂණයකට යෑම, ඉතා වැදගත්කාර්යයකට යෑම, දීර්ඝ විනෝද ගමනකට යෑම, පිටරට ගමනකට යෑම, මනාළියක් බැලීමට යෑම, ප්‍රථම වරට රැකියාවට යෑම ආදී අවස්ථාවලදී ශුභ වර්ණයෙන් යුත් ඇඳුම් භාවිත කිරීම ඉතා යෝග්‍යය.

වර්ෂ ගණනාවකට පෙර ඉන්දියාවේ ප්‍රචලිත ෆිල්ම් ෆෙයාර් සඟරාවේ පළවූ වාර්තාවක් සිහිපත්වේ. ඉන්දියාවේ ජනපි‍්‍රය හින්දි නළුවකු වූ සල්මන් ඛාන්වාහනය පදවාගෙන යන විට මහලු කාන්තාවක යටවී ඇත. එම අනතුර නිසා පොලීසිය මඟින්ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

ඔහු එදා ඇඳ සිටියේ අශුභ වර්ණය වූ කළු වර්ණයේ කමිසයකි. ඔහු ජන්ම අංකය 1 වූ කෙනෙකු වූ අතර අශුභ වර්ණය වූයේ කළු වර්ණයයි.

තවද මේ ලිපි ලියන මටද එවැනි අශුභ වර්ණ ඇඳුමක්ඇඳ සිටීමෙන් වූ විපාකයක් සිහිපත්වේ. මම උසස් පෙළ නාට්‍ය හා රංග කලාව පිළිතුරු පත් ඇගැයීමට යාමට තිබුණේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ඇගැයීම් මධ්‍යස්ථානයටය. දෙමටගොඩ පසුකර මවුන්ට් මේරි නැවතුමෙන් බැසීමට අසීරුවූයේ බසයේ සෙනඟ තදබදය නිසා ය. පාපුවරුවේද මගීහු එල්ලී සිටියහ. බොරැල්ල මැගසින් බන්ධනාගාරයට සමීප මාර්ග සංඥාවලට බසය නැවැත් වූ විට බැසීමට සිතූ මම පාපුවරුවෙන් කඩිනමින්බැස අනික් පැත්තට පැන ගැනීමට තැත්කළෙමි.

රතු මාර්ග සංඥා එළි නිවීකොළ වර්ණ සංඥා එළිය වැටුණි. මා සිටි බසයත්පසු පසින් ආ වාහනයත් ඉස්සරහට ඇදෙන්ට විය. යතුරු පැදියක්වේගයෙන් ඇදී ආවෙන් මට ආපස්සටත් අනෙක් පසටත් පැන ගැනීමට පෙර එහි වැදුණි. විසි වී වැටුණමා අසීරුවෙන් නැඟිටගොස්පාර අයිනේ වූ කඩයක බංකුවක වාඩි වුණෙමි. මම විභාග ඇගයීම්මධ්‍යස්ථානය වෙත යතුරු පැදියකින්ගියෙමි. මම එදා ඇඳසිටියේ මගේ ජන්ම අංකයට අශුභ වර්ණ වූ කළු කමිසයකි. අංක විද්‍යාව අනුවවර්ණ නිර්දේශ දැන පිරිසක් එතරම්ගණන් නොගැනීමේ විපාක අත්වින්දෙමි.

ඇත්තටම විශේෂ වැදගත්කමක් ඇති අවස්ථාවල පමණක්ජීවිතයේ සෑම අවස්ථාවකම තමන්ට හිමි ජයවර්ණ භාවිත කිරීම වැදගත් බව ප්‍රත්‍යයෙන් අවබෝධකර ගතිමි.

ගමනට බිමනට පමණක් නොව අත් ලේන්සුව, ඇඳ ඇතිරිල්ල, කොට්ට උරය, ජනෙල් තිරය, දොර රෙද්ද පවා ජය වර්ණයෙන්භාවිත කිරීම ශුභඵල ගෙන දේ.

ඔබේ උපන් දිනයේ අංකය තනි අංකයකට ගන්න. උදාහරණ ලෙස වර්ෂය, මාසය, දිනය අනුව සැලකුවද දිනය පමණක් තනි අංකයකට සුළුකරගන්න. උපන්දිනය 1980 අප්‍රේල් 19 යැයි සිතමු.

එවිට 19 =1+9 = 10= 1

ජය වර්ණය තෝරා භාවිත කිරීමෙන්මානසික සුවයක් ද මානසික ශක්තියක්දඇතිවේ. ඇඳුමේ වර්ණය ආකර්ෂණීය පෙනුමක් ගෙන දේ. “ඇඳුමපුද්ගලයා නියම මිනිසකු කරයි” යනුවෙන් ලතින් කියමනක්ද වේ.

ඔබ ඕනෑම මාසයක 1, 10, 19, 28 දිනක ඉපදුණේනම් අංකය 1ය.

එහිරවි ග්‍රහබලය පවතී.

ඔබ භාවිත කළ යුත්තේ ශුභවර්ණ ලෙස

රන්වන්කහ, රන්වන් දුඹුරු, තඹ වර්ණය ආදියයි. අශුභ වර්ණය වනුයේ කළු සහ නිල්ය.

ඔබ ඕනෑම මාසයක 2, 11, 20, 29 දිනෙක ඉපදුනේනම් අංක 2 ය. සඳු ග්‍රහබලය පවතී. කිරි සුදු, ක්‍රීම්පාට, කොළ වර්ණයේ අඩුවැඩි සෑම වර්ණවක්ම ශුභය. අශුභ වර්ණ වනුයේ කළු, තද රතු, තද දම්වර්ණ වේ.

ඔබ ඕනෑම මාසයක 3, 12, 21, 30 දිනක ඉපදුණේනම් අංක 3 ය. ගුරු ග්‍රහබලය පවතී. රතු, නිල්, දම්, ළා දම් ශූභය. තදනිල් අශුභය.

ඔබ ඕනෑම මාසය 4, 13, 22, 31 දිනෙක ඉපදුණිනම් අංක 4 යුරේනස් හා රාහු බලයපවතී. දිලිසෙන නිල්, අළු, සුදු ශූභය. ළා කහ අශූභය. 

ඔබඕනෑම මාසයක 5, 14, 23 දිනෙක ඉපදුණි නම් අංක 5 වේ. බුධ ග්‍රහ බලය පවතී. අළුපාට, සුදු, ළා කොළ ශූභවර්ණ වේ. අශුභ තදරතු සහ අඳුරු වර්ණ.

ඔබ ඕනෑම මාසයක 6, 15, 24 දිනෙකඉපදුණි නම් අංක 6 වේ. සිකුරු ග්‍රහ බලය පවතී. ළාරෝස පාට, නිලෙහි ඕනෑමවර්ණයක් ශූභය. අශුභ වර්ණය තදදම්ය.

ඔබ ඕනෑම මාසයක 7, 16, 25 දිනකඉපදුණිනම්, අංක 7 වේ. කේතු සහනෙප්චූන් බලය පවතී. ළාකහ, සුදු, කොළ වර්ණයේ අඩුවැඩි වර්ණ ශූභයි. තදදම් වර්ණය අශුභය.

ඔබ ඕනෑම මාසයක 8, 17, 26 දිනෙකඉපදුණේ නම් අංක 8 වේ. ශනි ග්‍රහ බලය පවතී. අළුපාට, නිල් පාට, කළු, දම් ශුභයි. රතු අශූභය.

ඕනෑමමාසයක 9, 18, 27 දිනෙක ඉපදුණේ නම් අංක 9 වේ. කුජ ග්‍රහබලය පවතී. දම්පාට, රතුපාට, රෝස ශුභයි. තදකොළ අශුභ වර්ණය වේ.

ඇඳුමටමෙන්ම බ්‍රේස්ලට් එක, ඇලිස් බෑන්ඩ්එක, වළල්ල, ලේන්සුව මෙන්ම යට ඇඳුම් පවාජය වර්ණයට ගැළපෙන ලෙස තෝරා ගැනීමෙන්ඔබට සුබපල ගෙන දේ. වාහනභාවිත කරන්නේ නම් ජය වර්ණවලින්එකක් තෝරා ගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk