විවාහයක සාර්ථක අසාර්ථක බව පෙන්වන අත්ලේ රේඛා
වර්තමාන සමාජය තුළ විවාහයක් අසාර්ථක වීමට බලපාන හේතු සාධක බොහෝය. එසේම සාර්ථක විවාහ ජීවිත ගත කරන අයද අප සමාජයේ එමට සිටී.
මොන ප්‍රශ්න තිබුණත් ඒවා මැඬගෙන ඉවසීමෙන්ලෝකයාට මුහුණ දෙන සමාජයක් පැරණි සංස්කෘතියක් එකල සමාජයේ තිබිණි. එහෙත් වර්තමාන සමාජය තුළ එවැනි සංස්කෘතියක්අපට දක්නට නැත. ඊට හේතු වන බොහෝ හේතු තිබෙනබව සමාජ විද්‍යාඥයෝ පවසති.

ඒ කොහොම වුවත් ඉපැරණි හස්ත රේඛා ශාස්ත්‍රය තුළ කෙනකුගේ විවාහය සාර්ථක හෝ අසාර්ථක වීමටබලපාන හස්ත රේඛා සලකුණුබොහෝ තිබෙන බව ඒ පිළිබඳවපරීක්ෂණ කළ හස්ත රේඛා ශාස්ත්‍රඥයන් අපට පෙන්වා දේ. ඒ අනුව අපි මුලින්මබලමු කෙනකුගේ විවාහය සාර්ථක වීමට බලපාන හස්තරේඛා සලකුණක් පිළිබඳව. රූපසටහන බලන්න. ඒ අනුව කෙනෙකුගේ ගුරු හෙවත් බ්‍රහස්පති මණ්ඩලයෙහි කතිර සලකුණත් හෝ 2 ක් වැටීම විවාහය සාර්ථක වීමට බලපාන හස්තරේඛා සලකුණකි. මෙහිදී ගුරු මණ්ඩලය ප්‍රබලව සලකුණු වීම වැදගත්ය. රූපසටහනේ A සලකුණ බලන්න.
මීළඟට විවාහයක් අසාර්ථක වීමට බලපාන හස්ත රේඛා සලකුණු මොනවාද කියා බලමු. කෙනකුගේ සිකුරු මණ්ඩලයෙන් පටන් ගත් රේඛාවක්ශනි මණ්ඩලය දක්වා ගමන් කර එහිදී ශාඛාවන්ගෙන් අවසන් වේ නම් එය විවාහය අසාර්ථක වීමට බලපාන හස්තරේඛා සලකුණකි. රූපසටහනේ B B
මීළඟට විවාහය සාර්ථක වීමට බලපාන සලකුණක්දෙස බලමු. කෙනකුගේ හෘදය රේඛාව ඉතා ගැඹුරින් පිහිටා ගුරු මණ්ඩලය දක්වා ගමන් කරයි නම් එයවිවාහය සාර්ථක වීමට බලපාන ලක්ෂණයකි. මෙහිදී හෘදය රේඛාව ඉතාගැඹුරින් පිහිටා ගුරු මණ්ඩලය දක්වාගමන් කළයුතු වීම විශේෂත්වයකි. රූපසටහනේ C C සලකුණු බලන්න.
මීළඟටවිවාහය අසාර්ථක වීමට බලපාන හස්තරේඛා සලකුණක් පිළිබඳව විමසා බලමු. අතක විවාහ රේඛාවකැඩී බිඳී පළුදුව තිබෙනශනි චක්‍රය හෙවත් සිකුරු චක්‍රය වෙත ගමන් කරසම්බන්ධ වේ නම් එය විවාහය අසාර්ථක වීමට බලපානු ඇත.
මෙවැනි සලකුණු තිබෙන අය තම මවුපියන්ගේ විරෝධය මැද්දේ තම කුලය හාපන්තියට නොගැළපෙන පහත් අය සමඟ විවාහ වේ.
මෙවැනිසලකුණු ඇති අය ඉතාසුළු කාලයකින් විවාහය අසාර්ථක කර ගනී. රූපසටහනේ D D සලකුණු බලන්න.
මීළඟටතවත් විවාහය සාර්ථක වීමට බලපාන හස්තරේඛා සලකුණක් පිළිබඳව විමසා බලමු. අතක දෛව රේඛාව හා සූර්යය හෙවත් රවි රේඛාව හොඳින්පිහිටා ඇත්නම් එයද විවාහය සාර්ථකවීමට බලපාන හස්ත රේඛා සලකුණකි.
මෙයින්කියැවෙන්නේ මෙලොව ජීවිතය සාර්ථක වීමට අවශ්‍ය ධනය කීර්තිය හා සැප සම්පත් ලබාදීමට මේ රේඛාවන් හේතුවන බවයි. රූපසටහනේ E E මඟින් එය පෙන්වයි.
විවාහය අසාර්ථක වීමට බලපාන තවත්හස්ත රේඛා සලකුණක් පිළිබඳව විමසා බලමු. අතක සිකුරු මණ්ඩලය තුළ දැල් ජාලා ලප, තිත්, හා අසුබ සලකුණුතිබේ නම් එයද විවාහය අසාර්ථක වීමට බලපානු ඇත.
මෙසේ පිහිටි පිරිමි අයකුගේ නම් ලිංගික දුබලතා ඇතිවීමටත් තරුණියකගේ නම් ගර්භාෂ දෝෂ ඇතිවීමටත් හේතු වේ. රූපසටහනේ ජ් සලකුණු බලන්න.
විවාහය සාර්ථක වීමට බලපාන තවත්හස්ත රේඛා සලකුණත් පිළිබඳව විමසා බලමු. කෙනකුගේ අතක සිකුරු මණ්ඩලය තුළ කොඩි, සේසත්, මත්ස්‍ය සලකුණු හා ත්‍රිකෝණ සලකුණු වැටීමෙන් එවැනි සලකුණු ඇති අයගේ විවාහය සාර්ථක වන බව හස්තරේඛා මතයයි. රූපසටහනේ GG සලකුණු බලන්න.
මීළඟට තවත් විවාහය අසාර්ථක වීමට බලපාන හස්ත රේඛා සලකුණක් පිළිබඳව විමසා බලමු. අතක විවාහ හෙවත්ජය රේඛාව හෘදය, ශීර්ෂය, දෛව හා ජීවන රේඛාව කපාගෙන ගොස් පළමු කුජ මණ්ඩලය දක්වා ගමන් කරයි නම්එවැනි පිහිටීම වැන්දඹු යෝගයකි. මෙසේ පිහිටා ඇත්නම්එම පිහිටි අයගේ බිරිය හෝ සැමියා ටික කාලයකින් අකල්මරණයට පත් වේ. රූපසටහනේ H H සලකුණු බලන්න.
තවද අතක දරුපල ගැන කියැවෙන ස්ථානවන්නේ මහපට ඇඟිල්ල පාමුල වැටෙන ද්වීප ලකුණුවලින් හා දකුණු අතකනම් හෘදය රේඛාවට පාමුලින්වැටෙන දරුපල රේඛාවන් හොඳින් පිහිටා ඇත්නම් එවැනි අයට දරුපල හොඳින්පිහිටන බව පෙනේ.
එයද විවාහයක් සාර්ථක වීමට හේතු වේ. රූපසටහනේ H බලන්න. තවද I I යම් කෙනෙකුගේ හෘදය රේඛාව ඉතා දුබලව පිහිටා දම්වැල් ආකාරයෙන් පිහිටා ඇත්නම් එයද විවාහය අසාර්ථකවීමට බලපාන රේඛා සලකුණකි. මෙවැනි ලකුණු ඇති අය තම බිරිය හා සැමියා කෙරෙහි අවංක ආදරයක්, ගෞරවයක් දක්වන්නේ නැත. එයද අඹුසැමි භේද ඇතිවීමට හේතුවන කරුණුය. රූපසටහනේ බ් සලකුණු බලන්න.
මේ ආකාරයෙන් විවාහයක් සාර්ථක හෝ අසාර්ථක වීමට බලපාන හස්ත රේඛා සලකුණුමේ උතුම් ශාස්ත්‍රයේ ඉගැන්වේ.
Advertisements