දොස් නැති ලස්සන වහලක්
ශරීරයක උත්තමාංගය ශීර්ෂය වන්නා මෙන් නිවෙසක වහලය අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. නිවෙසවෙත ගලා එන ශක්තිය කළමනාකරණයේදී වහලක් ඉටුකරන කාර්ය කෙතරම් සියුම් වන්නේද යන්න එහි පවත්නා හැඩතල ඇසුරින් දීර්ඝව විග්‍රහ කළ හැකියි.
ඒ අනුව පළ එක, පළ දෙක, පළ තුන, පළ හතර ආදි වශයෙන්වහලේ පවත්නා විවිධත්වය මෙන්ම ඒ ඒ පළයන්එකිනෙක හා සම්බන්ධ වනආකාරය පිළිබඳ කරුණුද මෙහිදී සුවිශේෂි වේ. නිදසුනක් ලෙස දෙපළ ඇති මුදුන් කළවහලයක් වෙනුවට නිම්නගත දෙපළ වහලක් (සමනල වහලක්) යෙදූවිට නිවෙසේ අභ්‍යන්තර ශක්ති සංසරණය බොහෝ සෙයින් වෙනස්වේ. කාලගුණික විපර්යාසවලදී සිදුවන භෞතික බලපෑම් මෙන්ම අවස්ථාවෙන් අවස්ථාවට මෙකී වහලවල විවිධත්වය විවිධ ස්වරූපයේ ප්‍රතිඵල විටින් විට අපට ලබාදේ.
මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් වැසි අවස්ථාවකදී නිම්නගත දෙපළ වහලක ජලය බැහැරට ගමන් කරන්නේ නිවෙසේ මධ්‍යය හරහා වීම සැලකිය යුතු කරුණකි. මෙහිදී ශක්තිය නිවෙස මැදින් ඉවතට ගලනය වීමක්සිදුවන නිසා එයින් නිවෙසේ සුබ ශක්තිය රැඳී තිබීමට ඇතිඅවස්ථාව අහිමි වේ. දෙපළ ඇතිමුදුන් වහලක ජලය ගලායන්නේ මැදින් නොව වහළයේ දෙපසිනි. එය ශක්තිය අපතේ යෑමට ලක්නොකරන බැවින් මෙවැනි අවස්ථාවකදී අභ්‍යන්තර ශක්ති සංසරණය නිවැසියන් සඳහා බලපාන්නේ අතිශයින්වෙනස් ආකාරයකිනි.
වහලක්තැනීම සඳහා රාමු සැකසීමක්අවශ්‍ය වූ විට පරාල, රීප්ප, බාල්ක, මුදුන් ලී, බිත්ති ලී ආදියෙහි බලපෑම තේරුම් ගැනීම ඒවා සකස්කර ඇතිද්‍රව්‍යයද ඍජුවම බලපාන බව අපි වටහාගතයුතු වෙමු. මෙකී රාමුව දැවයෙන්කරනු වෙනුවට යකඩ භාවිතයෙන් සිදුකරන්නේ නම් එයින් ඇති කරන බලපෑම නොසිතූ විරූ තරම් වෙනස්වනබව පැහැදිලිව වටහා ගත යුතුවඇත. දැව භාවිතයෙන් වහලක්සකස් කිරීමේදී එකී දැව රාමුවල ගොඩනඟන ශක්ති ක්ෂේත්‍ර ඉතා සියුම් වූවත්විශාල ක්ෂේත්‍රයක් පුරා ඇතිවන බවකිව යුතුයි. දැව රාමු වෙනුවටයකඩ රාමුවක් භාවිත කිරීමේදී චුම්බක විභවයක් හටගත්තද එය ඉතා ඈතට විහිදෙන්නේ නැත. මේ නිසාවහලය සඳහා යකඩ රාමුභාවිත කිරීම සිදුකළ යුත්තේ කෙසේද යන්න අලුතින් විමසා බැලීමට සිදුවේ. මෙවැනිම බලපෑමක් වහලයට භාවිත කරනු ලබන සෙවිලිවිසින්ද ඇතිවන බව වටහාගත යුතුවතිබේ.
තවත්අයුරකින් වහලක් සඳහා යොදාගනු ලබන ද්‍රව්‍යවල බලපෑම නිවැසියන් වෙත එල්ලවන ආකාරය පැහැදිලි කළ හැකියි. නිවෙසවෙත සාපේක්ෂ වශයෙන් ගලා එනු ලබනශක්ති ක්ෂේත්‍ර විවිධ ස්වරූප ගනු ලබතත් ශක්තිචරණයට බාධා කිරීමක් හෝ හානි කිරීමක් සිදුකරනු නොලැබේ. එසේ වුවත් යකඩ රාමුවකින් ඇති කරන චුම්බකමයවිභව අන්තරීක්ෂ ශක්තිය මහත් වියවුලකට පත්කරයි. එනිසා ඌණතා ඇති කරනු ලබන වහලකටත් වඩා වැඩි උසකින්යකඩ වහලයක් නිර්මාණය කළ යුතු නම්එය සිදු කිරීම අත්‍යවශ්‍යවේ.
වාස්තු විෂයයේදී තීරණාත්මක සංකල්පය වන ගෘහ පිණ්ඩය නිර්ණය කිරීමේදී වහලය අත්‍යවශ්‍ය ගෘහඅංගයක් බවට පත්වෙයි. එයටහේතුව ගෘහ පිණ්ඩය හෙවත්සක්‍රිය වපසරිය නිර්ණය කිරීමේදී එයට වහලක් තිබීම අත්‍යවශ්‍ය වීමයි. ඒ අනුව වහලක්නොවන විවෘත කොටසක් හෝ මැද මිදුලක්යොදන ලද නිවෙසක එකී විවෘත කොටස හෝ මැදමිදුලට අයත් වපසරිය ගෘහපිණ්ඩයට අයත් නොවන බව පිළිගැනීමට සිදුවේ. එබැවින් නිවෙසේ මධ්‍යය පිහිටි ස්ථානය සෙවීමේදී පවා වහලය යොදාඇති කොටස පැහැදිලිව වෙන්කරගැනීමට අපට සිදුවේ.
අත්තිවාරමහා බිත්ති තිබූ පමණින් නිවෙසකඕනෑම කොටසක් ගෘහ පිණ්ඩය ලෙසගැනීමේ සාවද්‍ය ක්‍රමවේදය වහලය අනිවාර්ය අංගයක්කිරීමෙන් බැහැර කළ හැකිය.
මුදුන්ලීය හෝ අතරලීය හෙවත් අට්ට වහලය රැඳවීම සඳහා යොදනු ලබන කුරුපා සංඛ්‍යාව බොහෝ දෙනා ඔත්තේ සංඛ්‍යාවක්විය යුතු බව කියනු ලබතත් අපගේ අත්දැකීම අනුව බැලීමේදී එවැනි සංඛ්‍යාත්මක බලපෑමක් ඇති බව නොපෙනේ. එබැවින් අප විසින් සැලකිය යුත්තේ එවැනි කුරුපාවක් පිහිටුවීමෙන් නිවැසියන්ගේ මට්ටම දක්වා කෙබඳු ශක්ති ක්ෂේත්‍ර ක්‍රියාකරනු ඇත්තේද යන කරුණූු පමණි.
පුරාතන ලෝකයේ භාවිත කරනු ලැබූ ප්‍රාථමික නිවාස සඳහා යොදන ලද සෙවිලි වර්ග මෙන් සිදුරු සහිත ස්වභාවයක් නූතන වහලයේ දක්නටනොලැබෙන බැවින් ශක්ති සංසරණය සීමාසහිත වී තිබේ. එසේ සිදුරු රහිතව වහලක් සකස්වූ විට ශක්ති සංසරණය නවතින බැවින් නිවෙස අභ්‍යන්තර ශක්ති තීව්‍රතාව ස්ථාවර අගයක් ගන්නා අතර කෙමෙන් අශුභශක්තීන් ඒ හා මිශ්‍රවීමෙන් අභ්‍යන්තර ශක්ති ක්ෂේත්‍රයේ ගුණාත්මක වටිනාකම අඩුවේ. එසේ වුවත් නූතන නිවාසවල වහල නිර්මාණය කිරීමේදී වැඩි උසක් භාවිත කිරීම නිසා අභ්‍යන්තර ශක්තිය දූෂ්‍යවීම අඩුවේ. මේ තත්ත්වයද නිරන්තරයෙන්අපගේ සැලකිල්ලට යොමුවිය යුතුය.
වහලය සඳහා භාවිත කරනු ලබන දැවවර්ග ආදිය නිසා හෝයකඩ නිසා නිවැසියන්ගේ හිසට ඉහළින් ඇතිවන යම් ශක්ති වියවුලක්ඉතා පහසුවෙන් වලකා ගැනීම සඳහා යොදාගත හැකි පහසුම උපක්‍රමය වන්නේ වහලට පහළින් සිවිලිමක්යෙදීමයි. මෙයද කවර ද්‍රව්‍යයකින්නිර්මාණය කොට ඇත්තේද යන්න මෙහිදී වැදගත් වේ. සාමාන්‍යයෙන් සිවිලිමක්සඳහා යකඩ භාවිතයක් සිදුනොවන තරම්ය. ආධාරක වශයෙන් විවිධ යකඩ රාමු භාවිතයට පැමිණියද සිවිලිම බොහෝ විට සකස්කරනු ලබන්නේ යකඩයෙන් නොවේ. මේ නිසා අපගේ ශක්ති ශරීරයට බාහිර චුම්බකමය ක්ෂේත්‍රයකින් ඇති කරන බලපෑමක්ඇති නොකරන තරම්ය. ඒ නිසා වහලෙන්ඇතිකරන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා උපාය මාර්ගිකව යොදාගත යුතු ශිල්ප ක්‍රමයක්ලෙස සිවිලිම් භාවිතය හඳුන්වා දිය හැකිය.
එසේ වුවත් වහලේ රාමු සියල්ලම සිවිලිමට පහළින් පෙනෙන පරිදි තනන වහලෙන් සිදුකරන වාස්තුමය බලපෑම එකී සිවිලිමෙන් කිසිසේත්ආවරණය කළ නොහැකියි. එවිට සිවිලිම රහිත වුවත් සිවිලිමක්පැවතියත් ඇති කරන අසුබ බලපෑමේ සුවිශේෂ වෙනසක් සිදු නොවේ. එහෙත්පැරැණි වහල භාවිතාවක් ලෙස පැවති තිරස් සිවිලිමෙන් වහළයේ පවත්නා ක්ෂේත්‍රමය ශක්ති වියවුල නිවැසියන් කරා ගලා නොඒම නිසා නිවැසියන්ට කිසිදු හානිකර බලපෑමක් සිදු නොවේ. මේ කරුණුූ සියල්ලෙන් පැහැදිලි වන්නේ නිවෙසක වහලය නොසැලකිලිමත් ලෙස සැකසිය යුත්තක් නොවන බවයි.
සිවිල්ඉංජිනේරු විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක ජනක පි‍්‍රයන්ත දයාරත්න
Advertisements