Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සැප්තැම්බර් 17න් පසු මැතිවරණයක් කරළියට

1 year ago 7 Min read
Subha.lk

📌 අගෝස්තු 10 වැනිදා කුජ වෘෂභයට තුලා ලග්න හිමියන්ගේ ජීවිතවල වෙනසක්

📌උතුරු මැද පළාත නියෝජනය කරන නායක මට්ටමේ දේශපාලනඥයකුගේ හා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන හිටපු ආරක්ෂක අංශ සෙන්පතියකුගේ ජීවන ක්‍රමයේ වෙනසක්

 

කුජ ග්‍රහයා 2022 වසරෙහි අගෝස්තු 10 වැනිදා රාත්‍රි 9.10ට වෘෂභ රාශියට පිවිසෙයි. මෙසේ වෘෂභ රාශියට පිවිසෙන කුජ ග්‍රහයා 2022 වසරෙහි ඔක්තෝබර් 16 වැනිදා පෙව. 632 වන තෙක්ම තම වෘෂ හ රාශි චලිතය පවත්වාගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2022 වසරෙහි අගෝස්තු 10 වැනිදාත් 2022 වසරෙහි ඔක්තෝබර් 16 වැනිදාත් අතර කාල සීමාව තුළ තුලා ලග්න හිමියන්ගේ ජීවිතවල වෙනසක් පෙන්නුම් කෙරේ. එම වෙනස රැකියාවේ ස්ථාන මාරුවක් ලෙස හෝ රැකියාවේ රාජකාරි ලැයිස්තු වෙනස් වීමක් ලෙස හෝ පදිංචි ස්ථානයේ වෙනසක් ලෙස හෝ පදිංචි ස්ථානයේ සාමාජිකයන්ගේ සංයුතියෙහි වෙනසක් ලෙස හෝ වෙනත් වෙනසක් ලෙස හෝ ක්‍රියාත්මක විය හැකිය. මීට අමතර ලෙස ඉහත කාල සීමාව තුළ තුලා ලග්න හිමියන්ට කිසියම අලුත් කටයුත්තක් ආරම්භ කිරීමක් හෝ ඒ සඳහා ඉඟි ලැබීමක් හෝ ඒ සඳහා දින නියම වීමක් පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත් ඉහත කාල සීමාව තුළ තුලා ලග්න හිමියන් අසනීප පිළිබඳව සහ අනතුරු පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුය. මීට අමතර ලෙස ඉහත කාල සීමාව තුළ තුලා ලග්න හිමියන්ට අභ්‍යන්තර මානසික තත්ත්වය ආශ්‍රිතව ඉතා ප්‍රබල වෙනස්කම් පෙන්නුම් කෙරේ.

 

ඉහත ආකාරයට කුජ ග්‍රහයා වෘෂභ රාශිය තුළ ගමන් කිරීමට අනුව 2022 වසරෙහි අගෝස්තු 10 වැනිදාත් 2022 වසරෙහි ඔක්තෝබර් 16 වැනිදාත් අතර කාල සීමාව තුළ උතුරු මැද පළාත නියෝජනය කරන නායක මට්ටමේ දේශපාලනඥයකුට ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් ආරංචියක් ලැබීමක් හෝ ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් සිද්ධියක් සිදු වීමක් පෙන්නුම් කෙරේ. එමෙන්ම කුජ ග්‍රහයා මෙසේ වෘෂභ රාශිය තුළ චලිත වීමට අනුව දැනට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන හිටපු ආරක්ෂක අංශ සෙන්පතියකුගේ ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් ආරංචියක් ලැබීමක් හෝ ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් සිද්ධියක් සිදුවීමක් 2022 වසරෙහි අගෝස්තු 10 වැනිදාත් 2022 වසරෙහි ඔක්තෝබර් 16 වැනිදාත් අතර කාලය තුළ පෙන්නුම් කෙරේ.

 

සිකුරු ග්‍රහයා 2022 වසරෙහි අගෝස්තු 7 වැනිදා පෙ.ව. 5.20ට කටක රාශියට පිවිසෙයි. මෙසේ කටක රාශිය කරා පිවිසෙන සිකුරු ග්‍රහයා මෙම අගෝස්තු 31 වැනිදා ප.ව. 4.19 වන තෙක්ම තම කටක රාශි චලිතය පවත්වාගෙන යයි. මෙසේ සිකුරු ග්‍රහයා ජල රාශියක් වන කටක රාශිය තුළ චලිත වීමට අනුව අගෝස්තු 7 වැනිදාත් අගෝස්තු 31 වැනිදාත් අතර කාල සීමාව තුළ වර්ෂාව සම්බන්ධව සුබදායක වෙනස්කම් පෙන්නුම් කෙරේ.

එමෙන්ම සිකුරු ග්‍රහයා මේ ආකාරයට කටක රාශිය තුළ චලිත වීමට අනුව 1945 සැප්තැම්බර් 23 වැනිදාත් 1945 දෙසැම්බර් 21 වැනිදාත් අතර කාල සීමාව තුළ කුමන හෝ දිනයක ඉපදුණු අයටද 1946 ජුනි 8 වැනිදාත් 1948 ජූලි 26 වැනිදාත් අතර කාල සීමාව තුළ ඉපදුණු අයටද 1975 ජූලි 23 වැනිදාත් 1977 සැප්තැම්බර් 7 වැනිදාත් අතර කාලය තුළ ඉපදුණු අයටද 2022 වසරෙහි අගෝස්තු 7 වැනිදාත් 2022 වසරෙහි අගෝස්තු 31 වැනිදාත් අතර කාල සීමාව තුළ විශේෂ මුදල් ගනුදෙනු, විශේෂ මුදල් ලාභ, බැංකුවලින් ණය මුදල් ලබා ගැනීම් සාර්ථක කර ගැනීම, කොටස් වෙළෙඳපොළ ආයෝජනය වැනි ක්‍ෂණික ආයෝජන සාර්ථක කර ගැනීම, අසම්පූර්ණව පවතින නිවාස ගනුදෙනු, ඉඩකඩම් ගනුදෙනු, වාහන ගනුදෙනු සම්පූර්ණ කර ගැනීම, බලාපොරොත්තු රහිත ලෙස තෑගි බෝග ලැබීම් ආදිය පෙන්නුම් කෙරේ. ඒ නිසා ඉහත උපන් දින අතර ඉපදී ඇති අය ඉහත සඳහන් කළ කාල සීමාව තුළ ඒ පිළිබඳව උනන්දු වීම සුදුසුය.

 

එමෙන්ම සිකුරු ග්‍රහයා ඉහත කී ආකාරයට කටක රාශිය කරා ප්‍රවේශ වීමට අනුව මෙම අගෝස්තු 7 වැනිදායින් පසු එළැඹෙන දින කිහිපය තුළ කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රය සම්බන්ධව සහ දේපළ සම්බන්ධව අසුඛ ආරංචි ලැබීමක් පෙන්නුම් කෙරේ.

 

මෙම අගෝස්තු 17 වැනිදා පෙ.ව. 7.23ට රවි ග්‍රහයා සිංහ රාශිය තුළ ඉතා ප්‍රබල චලිතයක් ආරම්භ කරයි. මෙසේ සිංහ රාශිය කරා පිවිසෙන රවි ග්‍රහයා 2022 වසරෙහි සැප්තැම්බර් 17 වැනිදා පෙ.ව. 7.22 වන තෙක්ම තම සිංහ රාශි චලිතය පවත්වාගෙන යයි. මෙය මැතිවරණයක් පිළිබඳව කිසියම් විශේෂිත කතිකාවතක් ඇතිවන ග්‍රහ පිහිටීමකි. ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වෙමු.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk