ඒඩ්ස් රෝගයටත් ගුණ දෙන රුද්‍රාක්ෂ
රුද්‍රාක්ෂතමන්ගේ උපන්දිනයට, ලග්නයට, නැකැතට ගැළපෙන අයුරින් ඔබටම සකසා ගතහැකි අයුරු අපි පසුගිය සතියේකතා කළෙමු. රුද්‍රාක්ෂය පලඳින බැතිමතුන්ට සතුට සැනසීම නීරෝගීබවසමෘද්ධිය ළඟා වේ.
සිතහා සිරුර පාරිශුද්ධත්වයට පත්වීමට රුද්‍රාක්ෂ පැලඳ භාවනා කිරීමෙන්මතු භවයට පවා යහපතක්සිදුවේ. අභ්‍යන්තර හැඟීම්වල පිරිසුදුබවක් ඇතිවීම ඊට හේතුවයි. ගෞතමබෝධිසත්වයෝද රුද්‍රාක්ෂ මාලා පැලඳ ධ්‍යානවැඩූ සැටි ඉන්දියානු චිත්‍රවලින්පිළිබිඹුවී ඇත.
රුද්‍රාක්ෂදකුණු අතේ පැලඳීමෙන් නොසීතූවිරූ දියුණුවක් ගෙන දේ. බුද්ධියඅවදිකර දක්ෂතා මතු කෙරේ. ඒබ්‍රහම්ජහුවර් 1864 දී කරන ලදපර්යේෂණ වාර්තාවකට අනුව මානසිකව හටගන්නාරෝග රැසකට විසඳුමක් ලැබෙන බවත්, විශේෂයෙන් මානසික ආතතිය පාලනය වන බවත් සඳහන්කර ඇත. ජර්මනියේ කොලොන්හිවිශ්වවිද්‍යාලයේ ද, ඇමරිකාවේ ෆ්ලොරීඩාවිශ්වවිද්‍යාලයේ ද කරන ලදපර්යේෂණ මඟින් රුද්‍රාක්ෂ බීජවල තිබෙන ඖෂධීය ගුණ ගැන හෙළිකරඇත. ඉන්දියාවේ මුම්බායි විශ්වවිද්‍යාලයේ කරන ලද පර්යේෂණමඟින් හෘද රෝග, දියවැඩියාව , මානසික රෝගවලට පමණක් නොව ඒඩ්ස් රෝගයටද ප්‍රතිකාරයක් බව පෙන්වා දීඇත.
හමේපලු, රතුලප, තුවාල හටගත් විට රුද්‍රාක්ෂ කුඩුආලේපයක් වශයෙන් භාවිතාවට සුදුසු බව පෙන්වා දීඇත. රුද්‍රාක්ෂය ආමාශයේ ආම්ලික ගතියද, උදරගත කෘමී හා පණුරෝගද වළක්වයි. හිසරදය, උමතුව, ක්ලාන්තය, කාංසාව පවා දුරුවේ.
ස්වස්ථිපිරිතේ සඳහන් පරිදි උණ, ආමවාත, අක්මාවේරෝග, රුධිර පීඩනය, ස්වසන ආබාධ දුරුවේ. රසරෝග සාගරය කෘතියේ සඳහන් පරිදි රුධිර පීඩනය හෘද රෝග, මානසිකරෝග දුරු වේ.
වනෞෂධීචන්ද්‍රෝදයේ සඳහන් පරිදි රුද්‍රාක්ෂ පිළිකා සෛල, නාශකයක් ලෙසදසැලකේ. ක්ෂය රෝගය (හෙවත්ටී.බී), වමනය, උණසන්නිපාතය, කැස්ස දුරුකරගත හැක.
එයටරුද්‍රාක්ෂ කුඩු වශයෙන් සකස්කර මී පැණි සමඟමිශ්‍රකර පානය කිරීම හාබාහිරව ආලේප කිරීම සිදුකෙරුණි. භාව ප්‍රකාශය කෘතියේද උමතුව හා චර්ම රෝගවලටරුද්‍රාක්ෂ භාවිතය සුදුසු බව පෙන්වාදී ඇත. සම්පූර්ණ රාත්‍රියක් රුද්‍රාක්ෂ ජලයේ බහා තබාහිස් බඩ දින කීපයක්පානය කිරීමෙන් රුධිර පීඩනය පාලනය කෙරෙන බවත් හෘදයාබාධ දුරුවනබවත් පෙන්වාදී ඇත.
රුද්‍රාක්ෂපැලඳීමෙන් ලැබෙන තවත් ප්‍රතිඵල මෙසේය.
රුද්‍රාක්ෂ 3ක් හෝ 5ක් තුණටියේස්පර්ශවන ලෙස පැලඳීමෙන් කොන්දේඅමාරු, කඨී වාත දුරුවේ.
වම්අතේ හෝ දකුණු අතේබාහුවේ ස්පර්ශ වන ලෙස පැලඳීමෙන්අංශභාගය වැලඳීමේ ප්‍රවණතාව නැතිවේ. වැලඳී ඇත්නම් කෙමෙන් දුරු වේ.
පංචමුඛී රුද්‍රාක්ෂ (108ක) මාලයක් පැලඳගැනීමෙන් අධිරුධිර පීඩනය සමනය වේ. වර්තමානයේහෘදරෝග පවතින්නේ නම් සුවවීමට උදව්වේ.
රුද්‍රාක්ෂබෙල්ලේ ස්පර්ශ වන ලෙස පැලඳීමෙන්උගුරු ආබාධ හා රළුකටහඬ දුරු වේ.
ඉරුවාරදය, කැරකැවිල්ල, වරින් වර ඇතිවන හිසරදයරුද්‍රාක්ෂ කොම්බුවක් ලෙස අමුණා ස්පර්ශවීමටසැලසීම ගුණදායකය.
රූපසොබාවවර්ධනයට, ඇස්යට කළු පැහැවීම, රැලිවැටීම, ලප ඇතිවීම වැළැක්වීමටරුද්‍රාක්ෂ උරච්චිකර දෙහි යුුෂ සහතුල්සිකොළ අඹරා ආලේප කිරීමෙන්සුවවේ.
චර්මරෝග, පණුකැවිලි දුරුකර ගැනීමට එළදෙනකුගේ ගොම පුළුස්සා ජලයෙන්අනා පංච මුඛී රුද්‍රාක්ෂයක්උරච්චිකර ආලේප කිරීම සුදුසුවේ.
මුහුණපැහැපත් වීමට රුද්‍රාක්ෂ කුඩුකර, මජීනා කුඩු, මී පැණි, එළඟිතෙල්මිශ්‍රකර ආලේප කිරීම යෝග්‍යවේ.
මුහුණේසම රැලී වැටී ඇත්නම්රුද්‍රාක්ෂ උරච්චි කර කොට්ටම්බා මද, රෝස වතුර සමඟ මිශ්‍රකරආලේපය පැයක් පමණ තබා සෝදාහරින්න. සබන් පාවිච්චි කිරීමනුසුදුසුය.
පිළිස්සීමටරුද්‍රාක්ෂ ආලේප, පොල්තෙල් සමඟ මිශ්‍රකර ගාන්න.
අර්ශස්රෝගයට රුද්‍රාක්ෂ කුඩු, අරළු, බුළු, නෙල්ලි ආලේපයක් සාදා මී පැණිසමඟ මිශ්‍රකර බාහිරව ආලේප කරන්න.
පුද්ගලයාටග්‍රහ අපල ඇතිවිට, මහදශා හෝ අතුරු දශාදෝෂ ඇතිවිට, ග්‍රහ ගමනේ (ගෝචර) දෝෂ ඇතිවිට ලග්නාධිපතිබලවත්කර ගත යුතු ය. අපලය භංග කරන ග්‍රහයාටඅයත් රුද්‍රාක්ෂය පැලඳිය යුතුය. ඊට අමතරව තමන්ගේඉෂ්ට දෙවියාගේ බලය, උදව්ව ලබාගත යුතුය.
උදාහරණලෙස ඔබ සිංහ ලග්නයේකෙනෙකු වී නම් රවිග්‍රහයාට අයත් රුද්‍රාක්ෂ පැලඳරවි ග්‍රහ ස්ත්‍රෝත්‍ර කිව යුතුය. කන්‍යාලග්නයේ කෙනෙකුනම් බුධ ග්‍රහයාට අයත්ග්‍රහස්ත්‍රෝත්‍ර ජපකර ගත යුතුය.
එසේමරවි ග්‍රහ අපල දුරුකර ගැන්මටඒක මුඛී රුද්‍රාක්ෂය පැලඳීමඅගනේ ය. බුධ ග්‍රහයානියෝජනය කරන්නේ චතුර් මුඛී රුද්‍රාක්ෂයයි. එයටසරස්වතී දෙවඟනගේ ආශීර්වාදය ලැබේ.
සිංහලග්නයට රවි බලවත් වේ. එනිසා ඊශ්වර දෙවියන්ගේ ආශීර්වාදය ලැබේ.
මෙසේසෑම ලග්න කාරකයකුටත්, රුද්‍රාක්ෂපැලඳීම ද වැදගත් වනඅතර අදාළ දෙවියන්ගේ ප්‍රසාදයදප්‍රමුඛව ලබා ගත යුතුය.
තවදධනය බලය කීර්තිය, ව්‍යාපාරදියුණුව උදෙසාද පැලඳිය යුතු රුද්‍රාක්ෂ වේ. උදාහරණ ලෙස දක්වතහොත් 11 මුඛීරුද්‍රාක්ෂය පැලඳීමෙන් ප්‍රසිද්ධිය කීර්තිය ලැබේ. 13 මුඛී රුද්‍රාක්ෂය පැලඳීමෙන්ධනවත් වේ. ව්‍යාපාරික දියුණුවලැබේ. මහ ලක්ෂ්මීට අයත් 7 මුඛී රුද්‍රාක්ෂය පැලඳීමෙන් ජයග්‍රහණය, ධනය, කීර්තිය, ධෛර්යයලැබේ.
නර්ථනශිල්පීන්ට හා නර්ථන කලාවහදාරන්නන්ට ද්විමුඛී රුද්‍රාක්ෂය සුදුසුය. නටරාජ පාර්වතී නියෝජනය කරන බැවිනි. ගායකගායිකාවන්ට සුරලොව ගායිකාව වූ ලක්ෂ්මීට අයත්සප්ත මුඛී රුද්‍රාක්ෂය සුදුසුවේ.
සංගීතභාණ්ඩ වාදනය කරන අයට සරස්වතීදෙවඟන උදව්වේ. සය මුඛී රුද්‍රාක්ෂයවලංගු වේ. මෘදංග වාදනයටවිෂ්ණු දේව ආශීර්වාදය ලබාදෙන දශ මුඛී රුද්‍රාක්ෂයක්සහ ත්‍රිමුඛී රුද්‍රාක්ෂයක් පැලඳීම සුදුසු ය.
බටනලාආදී භාණ්ඩ වාදනය කරන්නේ නම් ඉන්ද්‍රදේව ප්‍රසාදයලැබෙන 13 මුඛී රුද්‍රාක්ෂයක් පැලඳීමසුදුසුය. කුමන රුද්‍රාක්ෂයක් හෝමාලයක් පැලඳීමේ දී රුද්‍රාක්ෂ පූජාවක්තබා පැලඳ ඉන්පසුව තමාවිසින් අදාළ ජප මන්ත්‍ර, බීජ මන්ත්‍ර, ගයත්‍රී මන්ත්‍ර, ප්‍රසාද මන්ත්‍ර කියා බලය වර්ධනයකරගත යුතු ය.
Advertisements