Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවැරැදිව උළුවහු තැබීම සහ පැනීම

15 hours ago 7 Min read
Subha.lk

ඡ්‍යොතිෂ්ප්‍රභාෂ්වර මොරටුවේ තිස්ස මහානාම

දොරකඩකටමතුයෙහි තව දොරක් තැබුමනැත           යහපත්
පෙර මුණට ද එමවිලසින් දොර තැබුම දනොම              සොඳවෙත්
කරදර දන නැසුමද වියදම්වෙයිඒ ලෙස                            යෙදුවොත්
පරසිදු වෙහෙර ද දෙවොලට එලෙසතැබුම වේ              යහපත්

ගෘහනිර්මාණ ශිල්පයේ වැදගත්ම කාර්යයක් වන්නේ නිවෙසක් ඉදිකිරීමේදී නැකැතට කරනු ලබන නිවසට උළුවහු තැබීම හා උළුවහු පැනීමයි. එසේම මේ කාර්යය ශාස්ත්‍රීය වශයෙන් නිවැරැදිව හා සිත සතුටින්යහපත් පැවැත්මෙන් යුතුව කළ යුතු ය.

නිවෙසකපළමුව තැබූ උළුවස්ස පැනීමදොස් වදින අසුබ දෙයක්ලෙස එදත් අදත් බොහෝදෙනෙක් සලකති. එහෙත් උළුවහු තැබීම හා පැනීම සිදුකරනුලබන්නේ පෙදරේරුවාය. නැතහොත් වඩු කාර්මිකයාය. නැකැතට උළුවහු තැබීමේ දී උළුවස්ස තැබීමටයෝග්‍ය පරිදි උළුවස්ස තබන ස්ථානයේ පොළොවමෙන්ම බිත්තිද හොඳින් සකස්කර ගත යුතුය. නැකැත්වේලාවට උළුවස්ස තැබූ විට ඇදකුද හැරීමට කියා තැබූ උළුවස්ස පොළොවෙන් උඩට එසවීම නොකළයුතු ය.

උළුවස්ස තැබීමට පෙර ගොක්වලින් පහන්පැලක් සාදා බුලත් පඬුරුමල් සඳුන් සුවඳ ආදිය තබා සුවඳ දුම් දී පහන්දල්වා ස්නානය කර සුදු ඇඳුමින්සැරසුණු වඩුකාර්මිකයා හෝ පෙදරේරුවා පන්සිල්සමාදන්ව බුදුගුණ සිහිකර විශ්වකර්ම දෙවියන් නැමැද විෂ්ණු, කතරගම දෙවිවරුන් ඇතුළු දෙවියන්ට පින්දී නැකැත් චාරිත්‍රාණුකූලව නියමිත දිසාව බලා නැකැත් වේලාවේදීඋළුවස්ස තබනු ලබන්නේ පිරිත්සජ්ඣායනා මධ්‍යයේ ය. අනතුරුව පෙදරේරුවන්විසින් තබන ලද උළුවස්ස සවිකිරීම සඳහා බදාම සිමෙන්තියෙන්හිදැස් වසා ශක්තිමත් කිරීමට කටයුතු කරයි.

උළුවහු පැනීම සිදුකරනු ලබන්නේත් නැකැත් චාරිත්‍රාණුකූලව දී ඇති නැකැත්වේලාවටය. උළුවහු පනින තැනැත්තාද ස්නානයකර පිරිසුදු වී පන්සිල් ගෙනදෙවියන් නැමැද සුදු ඇඳුමෙන් සැරසී සුදු රෙද්දකින් හිස පොරවාගෙන සුදුකුකුළෙක් ද ඊතලයක් හෝ ඊතණ මිටක් ද පොල්ගෙඩියක් හාදෙහි ගෙඩියක්ද බුලත්, රන්, රිදී, මුදල්, කැවිලි වර්ග, කෙසෙල් වර්ග සහිත වට්ටියක්ද ගෙන යකඩයක් හෝආයුධයක් ද රැගෙන උළුවස්ස ඉදිරියට ගොස් ගෙන ගියආයුධය පළමුව උළුවස්සෙන් ගේ තුළට දෙවනුවකුකුලා ද දමා උළුවස්සෙන්ගෙට ඇතුළු වේ. සමහර පළාත්වලකුකුලා අතින්ගෙන උළුවස්සෙන් ගෙට ඇතුල්ව අනෙකුත්උළුවහුවලින්ද පණිනු ලබයි. සමහර ප්‍රදේශවල උළුවහුපැනීමේදී ජලය පිරුණු කුඩාකලයක් ද ගෙන ගොස්උළුවහු පැනීමෙන් පසු එය පොළාවේගසා බිඳ වස්දොස් ඇරීමේ සිරිතක්ද පවතී. තවද පොල්ගෙඩියක් දඋළුවස්ස ඉදිරිපිට ගසා බිඳීමද වස්දොස්ඇරීමක් ලෙස සිදු කිරීමත්සිරිතකි.

උළුවහුතැබීම බොහෝ විට සිදුකරනු ලබන්නේ නිවෙස ඉදිකරනු ලබන තැනැත්තාගේ ජන්මපත බලා ඒ අනුව ලබාදෙනු ලබන නැකැත හාදිසාව අනුවය. නිවෙසක් ඉදිකිරීමේ දී නැඟෙනහිර දෙසටදොර තැබීමෙන් ධන සම්පත් ලැබේ. වෙළෙඳ ආයතන දොර එසේ නැඟෙනහිර දිසාවට තැබීම වඩාත්ම සුදුසුය. දකුණු දිසාවේ සුදුසු පාදයක දොර තැබීම දධන සම්පත් ලැබීමට හේතුවේ. නිවෙසක ප්‍රධාන දොර උතුරට තබන්නේනම් එම නිවසේ ජීවත්වීමේදී බොහෝ කරදර කම්කටොලුවලට හේතු වේ. ප්‍රධාන දොර බටහිර දෙසට තැබීමෙන්ද ලෙඩරෝග බහුල වේ. ආදායම්මාර්ග බිඳ වැටේ. අන්තදුගී බවට පත්වේ. ජීවත්වීමේ මාර්ග සුන්වේ. නිවසේ දොරවල් නැඟෙනහිර බටහිර දිශාවෙන් තබා ඇත්නම් සමගියද නිරෝගීභාවයද ඇතිවේ. ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේ. දකුණටහා බටහිර දෙසට දොරවල් තැබීමෙන්ධනය ඉතුරුකර ගැනීමට හැකියාව ලැබේ.

නැඟෙනහිරට හා දකුණට දොරවල් තැබූ නිවසේ ස්ත්‍රීප්‍රශ්න ඇතිවේ. මේ නිසා පවුලේ සාමය තුරන්වී ප්‍රශ්න ඇතිවේ. උතුරට හා නැඟෙනහිර පැත්තටපිටවීමේ දොර තැබීම ලෙඩරෝග ධන හානි සතුරු කරදරවලට හේතු වේ. දොර උළුවහු තැබීමෙන් පවතින දෝෂ භංග කිරීමේ යම් යම් ක්‍රමවේදයන් දඇත. එමෙන්ම පුද පූජා ක්‍ර‍්‍රම මඟින් හා වාස්තු දෝෂඉවත් කිරීම මඟින්ද මෙය සිදු කරනුඇත. ඒ ඒ ප්‍රදේශවල පවතින ඡ්‍යොතිෂ්‍යය උපයෝගි කරගෙන කරනු ලබන ගුප්තකාර්යන් තුළින් ද පවතින වස්දොස්වලට සහනයක් ලබාදීමටත් ක්‍රියා කෙරේ. ඒ වගේම යන්ත්‍රමන්ත්‍ර මඟින්ද පවතින දෝෂ ඉවත් කිරීමට කටයුතු කෙරේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk