දරුපලවලට ඒරාෂ්ටකය බලපාන අයුරු
ලෝකපූජිත ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටි සනත් ජයසූරියමහතාට ඒරාෂ්ටක කාලවකවානු තුළදි ලැබුණු සුබ ප්‍රතිඵල කිහිපයක්පිළිබඳව මීට පෙර ලිපියකින්සාකච්ඡා කරන ලදී. එදිනසඳහන් කළ පරිදිම ඔහුගේප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්තිකේන්ද්‍ර සටහනට අනුව, ලග්නය කුම්භ වේ.
ඒ අනුව ඒ මහතාට 2023 වසරෙහි ජනවාරි පමණ සිට ආරම්භවූ ලග්න ඒරාෂ්ටකයේ උච්චතමඅවස්ථාව දැනටද පවතින අතර එය 2025 වසරෙහිමාර්තු 29 වැනිදා දක්වාම තවදුරටත් පවතියි. පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමවිසින් ප්‍රබල ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම් පරදවා, වසර 27 කට පසු අපරාජිතඑක්දින තරගාවලි ජයක් ලැබූ අතරසමාජ මාධ්‍ය මඟින් ලැබෙන තොරතුරුවලින් මෙන්ම බොහෝ අය කතාබහ කරන තොරතුරුවලින්ද පෙනීගියේ, එම ජයග්‍රහණයට අදාළගෞරවයෙන් වැඩි කොටසක් සනත්ජයසූරිය මහතාට හිමි විය යුතුබවය. ඉන්දියාව සමඟ ලැබූ ජයග්‍රහණයකිසිසේත් සුළු පටු නොවන්නේ, එය කිසිදු පුද්ගලයකු කිසිසේත් බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් වීමනිසා සහ ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ පැවති අවසන්එක් දින තරග කිහිපයේදීමඅන්ත පරාජයක් ලබා තිබීම නිසාය. ඒ අනුව සනත් ජයසූරියමහතාගේ කීර්තිය ඉහළට ගිය, මේඅනපේක්ෂිත සිදුවීම සිදු වන්නේද ඒමහතා අති ප්‍රබල ඒරාෂ්ටකයක්ගත කරද්දී බව පෙනේ.
මීළඟටබලාපොරොත්තු වන්නේ, ඒරාෂ්ටක කාලසීමාවලදී පෞද්ගලික වශයෙන් මා දන්නා තවත්පුද්ගලයන් කිහිප දෙනෙකුට ලැබුන අනපේක්ෂිත අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නටය. මා දන්නා සිංහලග්නය හිමි යුවළකට ඔවුන්කෙතරම් බලාපොරොත්තු සහගත වුවත් කුමක්හෝ හේතුවක් නිසා දරු පලලාභ නොලැබුණි. 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදාත් 2006 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලසීමාව තුළද 2007 වසරෙහි ජූලි 17වැනිදාත් 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් අතර කාලය තුළදඔවුන් දෙපළම ලග්න ඒරාෂ්ටකයේ උච්චතමඅවස්ථාව ගත විය. තවදඊට වසර දෙකහමාරකට පමණපෙර සිටම ඔවුන් දෙදෙනාටලග්න ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ආරම්භ වී තිබුණි. ඒඅනුව, ලග්න ඒරාෂ්ටකයේ උච්චතමඅවස්ථාව ආරම්භ වන්නට ආසන්න වෙද්දී ඔවුහු කුඩා දරුවකු දරුකමටහදාවඩා ගැනීමට ලබා ගත්හ. ඒදෙපළට දරු පල නොලැබුණදප්‍රබල ඒරාෂ්ටක කාලසීමාවක් තුළ, ජීවිතයේ ප්‍රථමවරට දරු සුරතල් බැලීමටහැකි විය.
තවදමා දන්නා ධනු ලග්නය හිමිදෙපළකටද දරු පල බලාපොරොත්තුවෙන්සිටියද කුමක් හෝ හේතුවක් නිසාදරු පල ලාභ නොලැබුණි. ඔවුන් දෙපළ 2004 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2005 වසරෙහි ජනවාරි 6 වැනිදාත් අතර කාලය තුළද, 2005 වසරෙහි මැයි 29 වැනිදාත් 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදාත් අතර කාලය තුළද 2006 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත්, 2007 වසරෙහි ජූලි 17 වැනිදාත් අතර කාලය තුළදඅෂ්ටම ඒරාෂ්ටකයක් ගත කර තිබුණේහරියටම එම කාලසීමාව තුළඔවුන් දෙපළද කුඩා දරුවකු දරුකමටහදා වඩා ගන්නා ලදී. එනම් ඔවුන් දෙපළටද දරු පල නොලැබුණදතදබලම ඒරාෂ්ටක කාලසීමාවක් තුළ දරු සුරතල්බැලීමට හැකි විය.
මීළඟටදරු පල ලාභ පිළිබඳවඅහම්බෙන් ලැබුණ ආරංචි කිහිපයකට අදාළ ග්‍රහ සටහන්විස්තර පිළිබඳව කතාබහ කරමු. මා දන්නා මීනලග්නය හිමි තැනැත්තියකට 2011 වසරෙහිනොවැම්බර් 18 වැනිදාත්, 2012 වසරෙහි මැයි 13 වැනිදාත් අතර කාලය තුළද 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත්, 2014 වසරෙහි නොවැම්බර් 3 වැනිදාත් අතර කාලය තුළදඅෂ්ටම ඒරාෂ්ටකයක් පැවතුණි. එම කාල සීමාවතුළ ඇයට දරුවෙකු ලැබීඇත. තවද මා දන්නාතවත් මීන ලග්නය හිමිතැනැත්තියකට ද ඉහත කීකාලසීමාව තුළම ප්‍රබල අෂ්ටමඒරාෂ්ටකයක් ගත වෙමින් තිබුණි. මේ අෂ්ටම ඒරාෂ්ටක කාලසීමාව තුළ ඇයට අහඹුලෙස විවාහයක් සිදුවී ඇති අතර දරුවකුපිළිසිඳ ගෙන ඇත. එහෙත්අවසානයේදී අදාළ දරු උපතමළ දරු උපතක් වීඇත.
මා දන්නා කුම්භ ලග්නය දරන තැනැත්තියකගේ 7 වැනිභාවයෙහි චන්ද්‍රයා තැන්පත්ව ඇත. ඒ අනුවඇයට 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත් අතර කාලය තුළද, 2012 වසරෙහි මැයි 13 වැනිදාත්, 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත් අතර කාලය තුළදඅෂ්ටම ඒරෂ්ටකය සහ ජන්ම ඒරාෂ්ටකයේඅවසාන අදියර යන ඒරාෂ්ටක දෙකමගත වී ඇත. එමකාල සීමාව තුළ ඇයට දරුඋපතක් සිදු විය. මෙහිවිශේෂත්වය වන්නේ ඇයට මේ දරුඋපත සිදු වී ඇත්තේඇයගේ ප්‍රථම දරු උපත සිදුවී වසර 10කට පමණ පසුවවීමය. ඒරාෂ්ටක කාලවකවානු, දරු උපත් කෙරෙහිකෙතරම් තදබල බලපෑමක් ඇතිකරනවාද යන්න පිළිබඳව මේඋදාහරණයෙන් ද මොනවට පැහැදිලිවෙයි. මිට පෙර ලිපියකදීද මෙවැනිම උදාහරණයක් දක්වා ඇත.
මීටවසර ගණනාවකට පෙර, මා ඉතාමහොඳින් දන්නා තැනැත්තියක් තම ජන්ම පත්‍රයමා වෙත යොමු කළාය. ඇය මා වෙත ජන්මපත්‍රය යොමු කළේ 2006 වසරෙහිනොවැම්බර් මාසයෙහි මුල් සතියේදි වනඅතර ඇයගේ කේන්ද්‍ර සටහනේචන්ද්‍ර ග්‍රහයා සිංහ රාශිය තුළඇති නිසා 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදා සිට ජන්ම ඒරාෂ්ටකයේඋච්චතම අවස්ථාව ආරම්භ වන බව මමදුටුවෙමි. ඒ අනුව යම්දෙයකට පමණ පසු පවුලේඅවධානය යොමු වන ආකාරයේසිදුවීමක් සිදු වන බවටමම ඇයට අනාවැකි පළකෙරුවෙමි. ඇය සිනාසුණා මිසඒ පිළිබඳව තවදුරටත් සිතන්නට නැත. ක්‍රමයෙන් සති 2ක් ගත විය. 2006 වසරෙහිනොවැම්බර් මාසයෙහි ඇය කාර්යාලයට පැමිණියේනැත. ඇය නිවසින්ද අතුරුදන්වසිටි නිසා ඇයගේ මවුපියන්පොලිසියටද පැමිණිලි කරමින් සතියක් මුළුල්ලේ ඇයව සොයා ඇත. 2006 වසරෙහි නොවැම්බර් මාසය තුළ ඇයගේජීවිතයෙහි සිදු වූ පෙරළිකාරසිදුවීම කුමක්ද යන්න පිළිබඳවද තදබලඒරාෂ්ටක කාලවකවානු ගත වද්දී තවත්කිහිප දෙනෙකු මුහුණ දුන් අපූරු අත්දැකීම්පිළිබඳවද සාකච්ඡා කිරීමට මීළඟ ලිපියෙන් බලාපොරොත්තුවෙමි.
Advertisements