Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අතිශය පෙම්වත් හත්වැන්නේ සඳු

1 day ago 7 Min read
Subha.lk

සඳු – සත්වැනි භාවයෙහි

මෘදුමොලොක් බසැති ජන්මියා වයස 32 දී බිරිඳක ලබනුඇති බව භෘගු සූත්‍රයකෘතිය පවසයි. ඇස්වල යම් දොසක් ඇතිස්ත්‍රීන්ට බොහෝ ආශා කරනුඇති බව වැඩිදුරටත් එමකෘතිය ගෙනහැර පායි. ස්ත්‍රී ඇසුර නිසා ඔහුටසැත්කම්වලට බඳුන් වීමට සිදුවනු ඇත.

ඔහුරජයෙන් ලාභ ප්‍රයෝජන ලබනුඇත. සප්තමාධිපති බලවත් නම් බිරියන් දෙදෙනකුසිටිනු ඇත. අවපස දුබලසඳු නම් භාර්ය හානිසිදුවනු ඇත. සඳු පුරපසහෝ සියරැස හෝ වී නම්එක් බිරිඳකි. සියලු සුවපහසු හා සැප සම්පත්ඔහුට හිමිවනු ඇත.

මේ අනුව සප්තම භාවයෙහිසිටින ශුභ භාවයට පත්සඳු යහපත් විපාක ගෙනදෙන වග අපගේ හැඟීමයි. පාප බලපෑම් ඇති විට පමණක්පැවැසී ඇති අනෙක් විපාක ඇතිවීමට නම් සඳු පාපබලයෙන් පීඩාවට පත්ව සිටිය යුතුවඇත. සඳු රාජකීය ග්‍රහයකුනිසා රජයෙන් ලාභ ප්‍රයෝජන ලැබීමෙහිහැකියාව ඇති කරයි. සප්තමාධිපතිබලවත් නම් බිරියන් දෙදෙනකුතබාගැනීමට තරම් ජන්මියා පොහොසත්වනු ඇත. සත්වැන්නෙහි සිටින පාප සඳු භාර්ය හානිඇති කරයි. සඳු පුරපස බලවත්වස්ව හෝ උච්ච හෝ රාශි සත්වැන්නෙහි සිටී නම් එක්බිරිඳකගෙන් පමණක් සැනසෙන පෙම්වත් සැමියකු වනු ඇත. එවැනි සඳු ජන්මියාට සියලු සැප පහසු ලබාදෙනුඇත.

වෘහත්ජාතකය කෘතියට අනුව, සඳු හත්වැන්නේ නම්, ඊර්ෂ්‍යාසහගත කුඩුකේඩු ජන්මියා සම්පූර්ණයෙන්ම අධික ලෙස ආලයට නැඹුරු වනු ඇත.

ඵලදීපිකාකෘතියට අනුව, අඹු සැමි දෙදෙනම රූමත් වනු ඇති අතර උනුන්ට අතිශයින් පෙම්වත් වනු ඇත.

සාරාවලියටඅනුව, හොඳ පෙනුමැති, මනාපැවැත්මෙන් හා වාසනාවෙන් යුතුජන්මියා රාගාධික වනු ඇත. සඳුඅවපස නම් දිළිඳු ජන්මියාරෝගී වනු ඇත.

චමත්කාරචින්තාමණී කෘතියට අනුව, ජන්මියා බිරිඳගෙන් සියලු සැප පහසු සතුටුවාසනා ලබනු ඇත. රටතුළ කරන වෙළෙඳ ව්‍යාපාරවලින්ලාභ උපයනු ඇත. ඉතා කෑදරඔහු පැණි රසට ඇඹලයකුවනු ඇත. ඉතා දුබලවනු ඇති ඔහු සතුරන්විසින් පැරදෙනු ඇත.

බලවත්ශුභදායී සඳු සප්තම භාවනිවේදිත කරුණු කෙරෙහි ශුභ විපාක උදාකරන වගත්, පීඩිත දුබල සඳු අයහපත්විපාක ලබාදෙන වගත් ඉහත සඳහන්මතවලින් පැහැදිලි වේ.

සඳු – අට වැනි භාවයෙහි

වාහන පිළිබඳ එතරම් සුවපහසුව නොලබනු ඇති ජන්මියාට ළිං, වැව්, පොකුණු ආදියෙන් උවදුරු සිදුවනු ඇත. සඳු ස්වහෝ උච්ච රාශියෙහි නම්දීර්ඝායු ලබනු ඇත. සඳුඅවපස නම් මධ්‍යායු ජීවිතයෙකි. යනුවෙන් භෘගු සූත්‍රය දක්වයි. ඒ අනුව, ජන්ම කුණ්ඩලියෙක අටවැනිභාවය ඉතාම අශුභ භාවවලින්එකකි. අස්ත, ආයු, පරාභව, අධි (සිත් වේදනා) දුක්ඛ, ක්ලේශ, අපවාද, මරණ, අශුචි, වින්ගයනුවෙන් එයට දෙන ලදනම්වලින් එය පැහැදිලි වේ. මෙම භාවයෙහි සිටින ග්‍රහයාගේ සියලු යහපත් ගුණයන් වැනසීමට පත් වේ. අටවැනිභාවය භාග්‍ය භාවයෙන් ව්‍යය නොහොත් 12 වැනි භාවයයි. ඒනිසා 8 වැනි භාවයෙහි සිටිනසඳු ජන්මියා සියලු සැප පහසුවෙන් වෙන්කර තබයි.

සුවපහසු  වාහන තුනකම හිමිකරුවකු වූ අප හොඳින්දන්නා ජන්මියකු ඔහුගේ ගමන් සඳහා පරිහරණය කළේ අබලන් වාහනයකි.

අටවැනිභාවයට අනතුරු පිළිබඳ බලවත් නිවේදකත්වයක් ඇත. ජලමය ග්‍රහයකුවූ සඳු ජලමය ජීවිතයට අනතුරු ඇති කරයි. බිරිඳ හේතුවෙන් ජන්මියා නෑයන්ගෙන් වෙන්වනු ඇතැයි යන්නට ඇති ඡ්‍යොතිෂමය වැදගත්කම පැහැදිලි නැත. සඳු උච්චහෝ ස්ව රාශියෙහි නම්ජන්මියා දීඝායු ලබනු ඇත. අටඅධිපති වශයෙන් අටෙහි සිටින බැවිනි. සඳු දුබල නම්මධ්‍යායු ලබයි. ආයු ප්‍රමාණය සඳුගේ දුබලතාව මත රඳා පවතී. ආයු තීරණය කිරීමෙහි දී ලග්නාධිපතිගේ හාඅෂ්ඨමාධිපතිගේ පිහිටීම ද මැනෙවින් විමසියයුතුව ඇත.

වෘහත්ජාතකය කෘතියට අනුව, චපල සිතැ’තිජන්මියා රෝගයෙන් පෙලෙනු ඇත.

ඵලදීපිකාකෘතියට අනුව, රෝගයෙන් පෙලෙන ජන්මියා කෙටි කලක් ජීවත්වනුඇත.

සාරාවලියකෘතියට අනුව, පෙළෙන රෝග නිසාම වැහැරුණුසිරුරෙන් යුතු ජන්මියා දැනුම්තේරුම් ඇති, කිත් යසසින්හෙබි අයකු වනු ඇත. අටෙහි අවපස සඳු නම්ජීවිතය කෙටිවනු ඇත.

චමත්කාරචින්තාමණී කෘතියට අනුව, නිතර රෝගයෙන් පෙළෙනුඇති ජන්මියා වෙදුන්ගෙන් හැමවිටම පිරිවැරී සිටිනු ඇත. හැමවිටම සතුරුබියෙන් පසුවනු ඇති ඔහු ගොරතරලෙඩ දුකෙන් පෙළෙමින් විපත් ආපදාවන්ට මුහුණදීමට සිදුවනු ඇත.

සාරාවලියහැර අනෙක් කෘතීන් 8 හි සඳුට නපුරුවිපාක පවරා ඇත. සාරාවලියසඳහන් කරන ශුභ විපාකඇති කිරීමට නම් සඳු බලවත්වගුරු වැනි පූර්ණ ග්‍රහයකුගේවීක්ෂණයෙන් උද්දාමයට පත්වී සිටිය යුතුය.

සඳු – නව වැනි භාවයෙහි

සඳුනව වැනි භාවයෙහි නම්ජන්මියා උසස් උගතකු හාඋදාර ත්‍යාගශීලියකු වනු ඇත. අන්‍යයන්සඳහා ළිං පොකුණු සාදනුඇති ජන්මියා ගවයන් සඳහා ගාල් සාදනුඇත. සමෘද්ධියට පත්වන දරුවන් හේතුවෙන් ජන්මියා වාසනාවන්ත වනු ඇත. පුන්සඳු නම් තුමු මැවාසනාවන්ත වනු ඇති ජන්මියාගේපියා දීඝායු ලබනු ඇත. සඳුපාපියෙකු සමග සංයෝග නම්හෝ පාපියකුට අයත් භාවයක නම්අවාසනාවන්ත වනු ඇති ජන්මියාගේළදරු වියෙහිම මව්පියන් අහිමි වනු ඇති බවභෘගු සූත්‍රය කෘතිය දක්වයි.

ඒ අනුව නවවැන්න, ධර්ම, භාග්‍ය, සමෘද්ධිය පිළිබඳ භාවයයි. දරුවන් පිළිබඳව ද, එයට සබඳතාඇත. පස්වැනි පුත්‍ර භාවයෙන් පස්වැන්න බැවිනි. ආචාර්ය, පීතෲ, ශුභ, පූර්ව භාග්‍යය, පූජා, තපස්, ධර්ම, පෞත්‍ර (මුනුබුරන්) ජප, දෛවය, උපාසන, භාග්‍ය හා උත්තම වංශඑයට ඡ්‍යොතිෂයෙහි සඳහන් නාමයන්ය. සඳු අශුභ ග්‍රහභාවයක හෝ පාප ග්‍රහසංයෝග දෘෂ්ටි ආදියෙන් නොකෙලෙසී සිටී නම්, එමබලවත් සඳු හැමවිටම 9 වැනිභාව නිවේදිත කරුණු සෞභාග්‍යයට පත් කරයි. උසස්උගතෙකු වනු ඇති ජන්මියාසමෘද්ධිමත් දරුවන් ඇති උදාර පරිත්‍යාගශීලියකුවනු ඇත. සඳු මතපාප ග්‍රහ ආභාස විහිදෙන හැමවිටමභාව නිවේදිත කරුණු පීඩාවට, අවනතියට පත්වනු ඇත. කල් ඇතිවමමව්පියන් මියයාම නිසා ජන්මියා දුකටඅවාසනාවට පත්වනු ඇත. සඳු ස්වකේෂ්ත්‍රයෙහිනම් ජන්මියාට විශාල ප්‍රසිද්ධියක්, කීර්තියක් හා සමෘද්ධියක් ලබාදෙනරාජ යෝගයක් උදාවනු ඇත. නව වැන්නාධිපතිනව වැන්නෙහි සිටින බැවිනි. කන්‍යා ලග්නයට අය භාවාධිපති වශයෙන්නව වැනි භාග්‍ය භාවයෙහිඋච්චව සිටින ශුභ පුර සඳුසියලු ආකාර ශුභ විපාකජන්මියාට උදා කරනු ඇත.

වෘහත්ජාතකය පවසන්නේ මෙවැන්නකි. ජන්මියා පුතුන්, නෑයන්, මිතුරන් හා ධනයෙන් යුතුවනු ඇත.

ඵලදීපිකාකෘතියට අනුව, දරුවන් ඇති ජන්මියා දැහැමිකටයුතුවල යෙදෙනු ඇත.

සාරාවලියකෘතියට අනුව, මව්පියන්ට කීකරු වනු ඇති ජන්මියාආගමික බැතිමතෙකි. නුවණැ’තිව වාසනාවන්ත වනුඇති ජන්මියා දරුවන් නිසා සැනසෙනු ඇත. විරුද්ධ ලිංගිකයන් ඔහුට වසඟ වනුඇත.

චමත්කාරචින්තාමණියට අනුව සියල්ලන්ගේම පැවිද්දන්ගේපවා ගරු සැලකිලි ලබනුඇති ජන්මියා යොවුන් වියෙහි සිටම වාසනාවන්ත වනුඇත. ධෛර්යවන්ත අයකු වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk