Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

යාන වාහන හිමිකර දෙන එකොළොස්වැන්නේ සඳු

4 days ago 7 Min read
Subha.lk

සඳු – දස වැනි භාවයෙහි

සඳුදස වැනි භාවයෙහි නම්උසස් විද්වත් ජයග්‍රහණයන් ලබාගන්නා ජන්මියා දීප්තිමත් තත්ත්වයට පත්වනු ඇති බවත්, කරුණාවන්තඔහු දැහැමි කටයුතු කරමින් ප්‍රසිද්ධියට පත්වනු ඇත යනුවෙන් භෘගුසුත්‍රය කෘතිය පවසයි. ඒ කෘතියට අනුවදසවැන්නාධිපති බලවත් නම් ජන්මියා උසස්ගුණවතකු වනු ඇත. සඳුපාප ග්‍රහ සංයෝග හෝ දෘෂ්ටි ලබාසිටී නම් වයස වසර 27හි දී වැන්දඹුවක සමඟඅනියම් සබඳතාවක් ඇතිකර ගන්නා ජන්මියා ඒ නිසාම ජනයාගේපිළිකුලට ලක්වනු ඇත. පව්කම්හි යෙදෙනුඇති ඔහු ජීවිතයෙහි සියලුඅවස්ථාවන්හි බාධාවට හා හිරිහැරයට පත්වනුඇතැයි යන්න එහි දැක්වේ.

මේ අනුව දසවැනි භාවයකර්මය, වෘත්තිය, ගරුත්වය ආදිය පිළිබඳ ඉදිරිපත්වේ. සඳු මත තැවරෙනපාප බලපෑම් නැතිව දසවැන්නාධිපති ද මැනවින් පිහිටාඇතිනම්, දස වැනි භාවනිවේදිත සියලු කරුණු කෙරෙහිම සඳු ශුභපල ලබාදෙනුඇත. යහපත් කටයුතු කරනු ඇති ජන්මියාකරුණාවන්ත හදක් ඇති උසස්උගතෙකි. දසවැනි භාව සඳු සිව්වැනිභාවයට බැල්ම විහිදවීම උසස් විද්වත් ජයග්‍රහණඅත්කර ගැනීමට ජන්මියා සමත්වනු ඇත. දසවැනි භාවයෙහිසඳුට විහිදෙන අරිටු බලපෑම් කරන කොට දසවැනිභාව නිවේදිත කරුණු කෙලෙසීමට පත් වී, පව්කම්හියෙදෙනු ඇති ජන්මියාගේ සියලුකටයුතු බාධාවන්ගෙන් අවහිර වනු ඇත යන්නයි.

වෘහත්ජාතකය කෘතියට අනුව සඳු දසවැනි භාවයේ යෙදුණු විට, ජන්මියා භාරගත්කටයුත්ත නිසි ලෙස සම්පූර්ණකරයි. සුචරිතවත්ය. ධනවත්ය. ඥානවන්තය. ධෛර්ය සම්පන්නය.

ඵලදීපිකාකෘතියට අනුව, ජන්මියා ජයග්‍රාහකයෙකි. ජන්මියාගේ අභිප්‍රායයන් කඩිනමින් සපුරා ගනී. සුචරිත කටයුතුවලයෙදේ.

සාරාවලියකෘතිය පවසන්නේ, ජන්මියා සතුටින් සිටින අතර, නිතර කටයුත්තෙහිඇල්මැතිව ක්‍රියා කරයි. ප්‍රතිඵල ලබයි. ධනවත්, භක්තිමත්, වික්‍රමශීලි චරිතවත් අයෙකි යනුවෙනි.

මේ අනුව අවසාන වශයෙන්පැවැසිය හැක්කේ සඳු දසවැන්නේ සිටීමශුභ ප්‍රතිඵලදායක බව අනුමත කරයියන්නය. එහෙත් චන්ද්‍රයා පාප පීඩිත නොවීම, දහය අධිපති අශුභ නොවීම මේප්‍රතිඵල ලැබීමට හේතු වන්නක් බවඅමතක නොකළ යුතුය.

සඳු – එකොළොස් වැනි භාවයෙහි

සඳුඑකොළොස්වැනි භාවයෙහි යෙදීම භෘගු සූත්‍රය කෘතියමෙසේ ගෙන හැර පායි. සඳු එකොළොස්වැනි භාවයෙහි සිටී නම්, උසස්උගතකු වනු ඇති ජන්මියාපුතුන්ගෙන් යුතුව අන්‍යයන්ට උපකාරවත් වනු ඇත. වයසපණසෙහි දී ඔහු පුතුන්ගණනාවකගේ පියකු වනු ඇත. පැසසියයුතු ගුණයෙන් යුතු වනු ඇත. එකොළොස් වැන්නාධිපති දුබල නම්, ජන්මියාටඅධික වියදම් දැරීමට සිදුවනු ඇත. එකොළොස්වැන්නාධිපති බලවත්ව මැනෙවින්පිහිටා ඇත්නම්, ජන්මියාට ධනලාභ ලැබෙනු ඇත. එකොළොස් වැන්නෙහිසිටින සඳු නිසා ආයාසයෙන්තොරව ධනය අයත්කර ගැනීමටජන්මියා සමත්වනු ඇත. සඳු සමඟකිවි සංයෝග නම් ජන්මියා වාහනගණනාවක හිමිකරු වනු ඇත. උසස්වියතකු වනු ඇත. වාසනාවන්තජන්මියා ඉඩම් හිමියකු වෙමින්අන්‍යයන්ට රැකවරණ සපයනු ඇත යනුවෙනි.

මේ අනුව, එකොළොස් වැන්නාධිපති දුබල නැතිනම් එකොළොස්වැන්නාධිපති භාව සාධක සමෘද්ධියටපත් කරමින් සඳු ධනය, ඉඩම්දේපළ ආදිය ලබාදෙනු ඇතිබවත් එම ශුභ විපාකදීමට නම් සඳු දපාප ආභාසයෙන් තොරව බලවත් වීසිටිය යුතු බවත් සිතියහැකිය. කිවි වාහන කාරකවේ. එහෙයින් අය භාවයෙහි සිටිනසඳු සමඟ සිකුරු සංයෝගවීම උසස් සැප පහසුවාහන ලබාදීමකි. 11 වැනි භාවය කටකයවී නම් විපාක තවදයහපත් වනු ඇත. සඳුඋච්ච රාශි වෘෂභයෙහි නම්එසේ සිටිනුයේ ලග්නාධිපති ලෙස බැවින් බලවත්ධනයෝගයක් එයින් උදාවනු ඇත.

වෘහත්ජාතකය කෘතියට අනුව සඳු එකොළොස්වැනිභාවයේ යෙදුණු විට ජන්මියා චිරප්‍රකටවනු ඇති අතර ධනයඋපයාගනු ඇත.

ඵලදීපිකාකෘතිය පවසන්නේ, උසස් චින්තකයකු වනුඇති බවත්, ජන්මියා ධනයෙන් සැපවත්ව, පුතුන්ගෙන් ආශිර්වාදයට පත්වී, දැසි දසුන්ගෙන් පිරිවැරීදීඝායු විඳිනු ඇති යන්නය.

සාරාවලියකෘතියට අනුව, ධනවත් බොහෝ පුතුන් ඇතිජන්මියා දැසි දසුන් සහිතවහිතවතුන්ට යහපත් මිතුරකු වී දිගුකල් ජීවත්වනු ඇත. බොහෝ යසසින්, ප්‍රකටත්වයෙන් හා ධීර වීරවූ උසස් චින්තකයකු වනුඇත. චමත්කාර චින්තාමණී කෘතිය පවසන්නේ ජන්මියා රජයෙන් ගරු සම්මාන හාඅධිකාර ලබාගනු ඇත. ඉතා ධනවත්වනු ඇති ඔහුට විනෝදයෙන්කුල්මත් වීමට රූමත් යුවතියන්සිටිනු ඇත. උත්සාහයන් නිරතුරුඅසාර්ථකත්වයට පත්වුණු ඔහුට දියණියන් පමණක්සිටිනු ඇතිය යන්නය. ඉහතසඳහන් සියලු කෘතීන් 11 වැන්නෙහි සිටින සඳු ගැන යහපත්විපාක දක්වයි. එම විස්තර භෘගුසූත්‍ර කරුණු සමඟ ප්‍රමාණවත් ලෙසසැසඳෙයි. චමත්කාර චින්තාමණිය සඳහන් කරන උත්සාහ අසාර්ථකවීමට ශනි වැනි බාධාකාරිග්‍රහයන්ගෙන් සඳු පීඩා වීසිටිය යුතුව ඇත.

සඳු – දොළොස් වැනි භාවයෙහි

12 වැනිභාවයේ සඳුයෙදී ඇතිවිට භෘගු සූත්‍රය කෘතියමෙවැන්නක් පවසයි. සඳු 12 වැනි භාවයෙහි සිටිනජන්මියා යහපත් ආහාරයෙන් වැළකී, නාස්තිකාර ලෙස වියදම් කරමින්, කෝප ස්වභාවයෙන් පසුවෙමින් ප්‍රශ්නකාරී සැක කටයුතු ආකාරයෙන්ධනය උපයනු ඇත. (මත් ජාවාරම, ගණිකා වෘත්තියව, සූදු රේස් වැනිදේවලින් විය හැකිය) ස්ත්‍රීඇසුර හේතුවෙන් පාප රෝගයෙන් පෙළෙනුඇති ජන්මියා ධ්‍යානයෙන් තොර වනු ඇත. ශුභ ග්‍රහ සංයෝගයෙන් සඳු බලවත් නම්, කරුණාවන්ත, උගත්, යහපත් මිතුරන් ඇති ජන්මියා මරණින්පසු සුගතියට යනු ඇත. සඳුපාපියකු සමඟ සංයෝගී නම්ජන්මියා අපාගත වනු ඇත.

මේ අනුව, අශුභ දුෂ්ටානයක් වන 12 වැනි ව්‍යය භාවය, අන්ත්‍යභ, රිඵ, ලෝප, බන්ධ, විගම, සයන, පා, දරිද්‍යය, සුචාහ, ක්ෂය, දුක්ඛ යන නම්වලින් හැඳින්වේ. ඒ නිසා මෙහි සිටිනසඳුගේ සියලු යහගුණ නැති වී භාවයෙහිඅරිටු ගුණයෙන් ඒ හැම වැසිජන්මියාට දුරාචාර දුක්ඛිත ජීවිතයක් අයත්කර දෙනු ඇත. උපතවිදහන ලග්න භාවයෙන් ලෝපයවූ 12 වැන්න ජීවිතයෙහි අවසානය අඟවයි. සඳු මත හා 12 වැනි භාවය මත පාපබලපෑම් යොමු වී ඇත්නම්මරණින් පසු ජන්මියා දුගතියටපත්වනු ඇත. කිසිදු පාපබලපෑමකින් තොර සඳු කටකයවූ 12 වැනි භාව ස්වරාශියෙහි සිටී නම් (ලග්නයවනුයේ සිංහයයි) 12 වැනි භාවයට අයත්බොහෝ අරිටු ගති එයින් වැළකීයනු ඇති බව සිතියහැකිය.

වෘහත්ජාතකය කෘතියට අනුව ජන්මියා නපුරුපෙනුමෙන්, පැවැත්මෙන් යුතු වේ. ජන්මියායම්කිසි අංග හීනයකු වනුඇත. ඵලදීපිකා කෘතිය පවසන්නේ අලස, අවමන් විඳිනුඇති අවාසනාවන්ත ජන්මියා අන්‍යයන් විසින් අපි‍්‍රය වේ යන්නයි.

සාරාවලියකෘතිය පවසන අන්දමට නීච, ඊර්ෂ්‍යාකාරි, අලස, අවමනයට, හිරිහැරයටපත් ජන්මියා ඇස් පීඩාවෙන් පෙළෙනුඇත.

චමත්කාරචින්තාමණී කෘතියට අනුව සතුරන් විසින්හා ඇස් පීඩාවෙන් හැමවිටම කරදර වන ජන්මියාගේමුදල් යහපත් කටයුතු සඳහා වියදම් කරනුඇත. මව සහ මාමාවරුන්සමඟ ඔහු නොරිස්සීමෙන් පසුවනුඇත. ඔහුගේ සියලු උත්සාහ නිරර්ථක වනු ඇත.

මේ අනුව, සියලු කතුවරු 12 වැන්නෙහි සඳුගේ අරිටු විපාක සඳහන් කර ඇත්තාහ. ඒසියලු අදහස් භෘගු සූත්‍ර මතයන්ටඅනුකූල වේ. චමත්කාර චින්තාමණියඅනෙකුත් අදහස් අතර ජන්මියා යහපත්දේ සඳුට මෙන්ම 12 වැනිභාවයට ද බලවත් ශුභවිපාක විහිදී තිබිය යුතුව ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk