සිරිකතගෙන් සිරියක් නොලැබෙන විෂ කන්‍යා දෝෂය
ඡ්‍යොතිෂශාස්ත්‍රය තුළ විවිධ යෝගබහුලව පවතී. ඒවා අතර ජන්මියාටවාසනාව හෝ අවාසනාව ගෙනදෙන යෝග විය හැකිය. මේ කතාබහ කරන්නට සූදානම් වන්නේ එකී සුබ යෝගපිළිබඳ නොවේ. විශේෂයෙන්ම කාන්තාවකට පමණක් බලපාන කලාතුරකින් පිහිටන විෂ සහිත අවාසනාවන්තයෝගයක් හෙවත් දෝෂයක් පිළිබඳවයි.
එය නම් විෂ කන්‍යායෝගයයි. මෙය කාන්තාවකගේ විවාහයේදීනිසැකයෙන්ම විමසා බැලිය යුතු දෝෂයක් වේ. මේ ගැන තවදුරටත් කතාබහ කළහොත් විවාහයකදී වේවා, පේ‍්‍රම සබඳතාවයක දී වේවා, තමාටසුදුසු පුද්ගලයා තෝරා ගැනීමේදී විෂකන්‍යා දෝෂය පිළිබඳව දැනසිටීම ඔබට වැදගත් වියහැකිය. සාම්ප්‍රදායිකව විවාහ වන යුවළකගේ විසිපොරොන්දම්, ගැළපීමෙන් පසුව අනෙකුත් විවාහදෝෂ ඇත්දැයි යන්න සොයා බැලියයුතුය. ඒ විවාහ දෝෂඅතර විශේෂයෙන්ම සලකා බැලිය යුතුදෝෂයක් වන්නේ විෂ කන්‍යා දෝෂයයි.
මෙයයෙදුණ විට විවාහයට ඉතාමඅශුභ යෝගයක් ලෙස ඡ්‍යොතිෂයේ පිළිගැනෙයි. විෂ කන්‍යා දෝෂය යෙදෙන්නේ ස්ත්‍රියගේජන්ම පත්‍රයෙහිය. පුරුෂයකුගේ ජන්ම පත්‍රයේ යෙදුණද එය එතරම් බලනොපායි. එනිසා ස්ත්‍රී කේන්දර පරික්ෂාවේදී එම දෝෂය යෙදීතිබේදැයි පරික්ෂාකාරිව සොයා බැලිය යුතුය.
ස්ත්‍රියකඋපත ලබා ඇති දිනය, තිථිය, නැකැත අනුව මෙන්ම ලග්නයග්‍රහ පිහිටීම මත විෂ කන්‍යායෝගය කිහිප ආකාරයකට ජන්ම පත්‍රයේ යෙදියහැකිය. එනිසා මේ යෝගය යෙදුණුකල ඒ පිළිබඳ ඉතාහොඳින් විමසා බැලිය යුතුය. කරදර, බාධක, අසහනය, දුක්කම්කටොලු මේ දෝෂය නිසාස්ත්‍රිය කෙරෙහි ඇති වන බවපිළිගැනීම වේ. දුක් පීඩිතවදිවිගෙවන්නට ස්ත්‍රියට සිදුවෙතැයි සැලැකේ. සැප සම්පත් භුක්තිවිඳීමේ වාසනාව අහිමි වන ඇය දුකින්කල්යවන බව ඡ්‍යොතිෂයේ සඳහන්වේ. තමාට ලැබෙන රසවත්ආහාරපාන ඇඳුම් පැලඳුම් හිමිකර ගැනීමට අවස්ථාව නොලැබෙන බවද සඳහන්ය. පියාට, සහෝදර සහෝදරියන්ටද අවහිර බාධක, යෙදෙන බව පැවැසේ. විෂකන්‍යා යෝගය යෙදුණු කාන්තාවන්ගේස්වාමියා අවාසනාවන්ත ලෙස අකාලයේ මියැදෙනබවටත්, එවැනි ස්ත්‍රියක උපන් පවුලේ සෙසුසහෝදරයන්ටද බලවත් පීඩා, විවාහ දෝෂ යෙදෙන බවත්පිරිමි දරුවන් එවන් ස්ත්‍රියකගේ කුසෙන්නොඉපදෙන බවටත් විවිධ මතවාද පවතී.
නිතරකිලුටු වැරහැලි ඇදීමට සිදුවන ස්වාමියාට ද සැපයක්, සතුටක්නොලැබෙන ස්වාමියාගේ සෙනෙහස නොලැබී යන දරු ගැබ්හානි වන යනාදී අයහපත්කරුණුූ යෙදෙන යෝගයක් ලෙස මේ විෂකන්‍යායෝගය ඡ්‍යොතිෂයේ හැඳින්වේ. විෂ කන්‍යා යෝගයකාන්තාවකගේ ජන්ම පත්‍රයේ තිබේදැයිදැනගන්නේ කෙසේ දැයි යන්නවිමසා බලමු. ඒ මන්ද, විෂකන්‍යා දෝෂය යෙදුණු කාන්තාවන්සමාජයේ දී දක්නට ලැබෙනබැවිණි.
විෂකන්‍යා දෝෂය සෙවීමේ ක්‍රම
සතියටදින හතක් ඇති බවඔබ දනියි. එම දින හතෙන්අසුබ දින ලෙස පිළිගැනෙනඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා දිනයක යම් ස්ත්‍රියක් ඉපදීඇත්ද එලෙස ඉපදුණු ස්ත්‍රියභද්‍රා තිථියකින් එනම් 2,7,12 යන එක් තිථියකඋපත ලබා ඇතිද එමස්ත්‍රිය කැති, අස්ලිස, විසා, සියාවස යන නැකතකින් උපතලබා ඇතිද එවන් ස්ත්‍රියකටවිෂ කන්‍යා දෝෂය යෙදීමට වැඩිඉඩකඩක් පවතී. මෙවන් ස්ත්‍රින් ජනිත කේන්දර පිළිබඳවිමසිල්ලෙන් විමසා බැලීමට ඡ්‍යොතිෂවේදියා වගබලා ගත යුතුය.
ඒ අනුව, විෂ කන්‍යා යෝගයයෙදෙන ආකාරය මෙලෙස විමසා බලමු.
ඉරිදා, දිනයක දොළොස්වන තිථියෙන් ද කැති, අස්ලිස, සියාවස යන නැකතකින් ස්ත්‍රියකඋපත ලදී නම් ඇයටවිෂ කන්‍යා දෝෂය යෙදිය හැකිය.
එමෙන්මඅඟහරුවාදා දිනයක 2 වැනි තිථිය දසියාවස නැකතද සහිතව ඉපදුණි නම් ඇයට විෂකන්‍යා දෝෂය යෙදිය හැකිය. එමෙන්ම අඟහරුවාදා දිනයක 7 වැනි තිථියෙන්ද විසාහෝ සියාවස නැකැත් දෙකෙන් එකකින්ද ඉපදුණි නම් ඇයට විෂකන්‍යා දෝෂය යෙදිය හැකිය. සෙනසුරාදා දිනයක 2 වැනි තිථියෙන් දඅස්ලිස නැකතින්ද යුතුව ස්ත්‍රී ජන්මියෙක් ඉපදුණි නම් ඇයට විෂකන්‍යා යෝගය යෙදෙනු ඇත.
සෙනසුරාදාදිනයක 7 වැනි තිථියෙන්ද කැතිනැකතින්ද යම් ස්ත්‍රී ජන්මියකුඉපදුණු විට ඇයට දවිෂ කන්‍යා යෝගය යෙදිය හැකිය.
මීටඅමතරව විෂ කන්‍යා දෝෂයයෙදෙන තවත් ක්‍රමයක් වන්නේ, යම් ස්ත්‍රියකගේ ලග්න කේන්දරයේ ත්‍රිකෝණහෙවත් ලක්ෂ්මී ස්ථානවල ශනි, රවි හාකුජ තැන්පත් වීමය. එනම් ජන්ම කුණ්ඩලියේපළමු වැන්නේ ශනි ග්‍රහයාද පස්වැන්නේරවි ග්‍රහයාද භාග්‍යස්ථානය හෙවත් 9 වැන්නේ කුජ ග්‍රහයාද තැන්පත්වීම විෂ කන්‍යා දෝෂයඇතිවීමට බලපාන්නේය.
ඊට අමතරව මේ දෝෂය යෙදෙනතවත් ආකාරයක් වන්නේ, මේෂ හා සිංහලග්නවලින් උපන් ස්ත්‍රීන් කෙරෙහිවන බලපෑමය. ඒ අනුව,
යම්ස්ත්‍රී ජන්මියකු මේෂ ලග්නයෙන් ඉපැදීසෙනසුරු ලග්නගතවත් කුජ, කේතු 6 වැන්නේයෙදීමත්, එසේ නොමැතිනම් මේෂලග්නයෙන් ඉපැදී කුජ ග්‍රහයා ලග්නයේත්රවි හා රාහු ග්‍රහයෝ 6 වැන්නේ යෙදී සිටීද එවිටවිෂ කන්‍යා දෝෂය යෙදේ. ඊටඅමතරව මේෂ ලග්නයෙන් ඉපදීරාහු ලග්නයේත්, කුජ හා ශනි 6 වැන්නේ යෙදී සිටීද එවන්ස්ත්‍රින්ට විෂ කන්‍යා දෝෂයයෙදේ. මීට පරිභාහිරව යම්ස්ත්‍රී ජන්මියකු සිංහ ලග්නයෙන් ඉපදීසෙනසුරු ලග්නයේ ද රවි හාකේතු 6 වැන්නේ සිටීද විෂ කන්‍යා දෝෂයඇතිවේ. එලෙසම සිංහ ලග්නයෙන් ඉපැදීකුජ හා රාහු ලග්නයේසිටී ද රවි, ශනිදහවැන්නේ යෙදේ ද විෂකන්‍යා යෝගය යෙදේ.
විෂකන්‍යා දෝෂ භංගවීමට බලපානසාධක
විෂකන්‍යා දෝෂය යෙදුණු ස්ත්‍රියකගේකේන්දරයේ හත්වැන්නාධිපතියා හතේ පාප පීඩානොවී, පාපී දෘෂ්ටීන්ට ලක්නොවී යෙදී ඇත්නම් විෂකන්‍යා දෝෂය බිඳී යයි.
ඊට අමතරව, ලග්නයේ ගුරු හෝ සිකුරුයෙදීමත් චන්ද්‍රයා සමඟ ශුභ ග්‍රහයකුඑනම් ගුරු හෝ සිකුරුයෙදී ඇති විටෙකත් විෂකන්‍යා දෝෂය භංග වීයයි.
එලෙසමලග්නය යුග්ම නොහොත් ස්ත්‍රි රාශියක් වේද, බුධ, ගුරු, සිකුරු, සඳු ග්‍රහයන් බලවත්වකේන්දරයේ යෙදී ඇත්ද එවිටවිෂ කන්‍යා දෝෂය භංග වීයන බව ඡ්‍යොතිෂයේ දැක්වේ. විෂ කන්‍යා යෝගය යෙදීම ඡ්‍යොතිෂයටඅනුව නම් එම ස්ත්‍රියපෙර සංසාරයේ කරන ලද පාපකර්මවල පලයක් ලෙස සැලකේ.
විෂකන්‍යා දෝෂය යෙදුණු කාන්තාවන්ගේලක්ෂණ ලෙස නිතරම කනස්සල්ලෙන්සිටීම, ජීවිතය අවුල් සහගත වීම, පිළිවෙලක්නොමැතිවීම, නිතර අඩුපාඩු දැකීම, අසහනයෙන්, පීඩාවෙන්, දුකෙන්, මෙන්ම කෙතරම් විටිනා සුන්දර ආභරණ පලඳා ඇඳුම්ඇන්දත් ලස්සනක් නොපෙනීම යනාදි කරුණු දක්නට ලැබේ.
පුරුෂයා, බෙලහීන තත්ත්වයට පත්වීම, ගබ්සාවීම, දරුවන් මරණයට පත්වීම වැනි අවැඩ මේයෝගය යෙදුණූ කාන්තාවට සිදුවේ. විවාහය තුළ දී දසමගියක් නොමැති වීම, සැමියා රෝගීවීම, යන කරුණු දක්නටලැබේ. විෂ කන්‍යා දෝෂයකාන්තා කේන්දරයක යෙදුණූ කල එම කාන්තාවවෙසෙන නිවෙසේ ශ්‍රියාකාන්තාව පලා යන බවපැවැසේ. මූ දේවිය ගෙදරටවඩින බව පැවැසේ. ඒඅනුව නිවෙසේ වාසනාව පිටමං වී අවාසනාව ළඟාවනබව පැවැසේ. ඒ තරමටම මේයෝගය යෙදීම එම කාන්තාව පෙරභවයක කරන ලද බලවත්අකුසල කර්මයක ප්‍රතිඵලයක් ලෙස ඡ්‍යොතිෂයේ හැඳින්වේ.
Advertisements