යුගදිවිය දරුපල සහ වාස්තු
ලෞකිකජීවිත ගෙවන්නන්ගේ සතුට උපදවන්නේ සියයුග දිවියේ සාර්ථකත්වය ප්‍රමුඛ කර ගනිමිනි. මේසඳහා ආර්ථිකයේ ඇති බලපෑමට නොදෙවැනිබලපෑමක් සමාජ ජීවිතයේද පවත්නාබව ආර්ථික ස්ථාවරය අත්පත් කරගත් පසු මිස නොවැටහෙයි.
ඒ වනතුරුම සමාජ ජීවිතයේ සියලුවියවුල් ආර්ථික විසඳුමකින් සපයා ගත හැකියැයි සිතීම සහේතුක අත්දැකීමක්ද විය හැකියි. කෙසේවෙතත් පවුල් ඒකකය හා බැඳුණූසමාජ ජීවිතය පිළිබඳ පුළුල් අරුතක් නොමැතිව මේ කිසිදු වියවුලක්සපුරා විසඳාගත නොහැකියි.
මහ ගෙදරක විවාහක දූදරුවන් සමඟ හා අවිවාහකදූදරුවන් සමඟ ජීවත්වීමේදි ගෘහමූලිකයන්ගෙග් ප්‍රමුඛතාවන් වෙනස්වන අයුරු වටහා ගත් පසුඒ අපේක්ෂාවෙන් උදෙසා වාස්තු සිද්ධාන්ත යොදා ගැනීම පැහැදිලිකර ගත හැකියි. වාස්තුසිද්ධාන්තයන්ට අනුව ගෘහමූලිකයා යනුනිවෙසේ වැඩිසිටියා නොව නිවෙසේ කටයුතුවලවගකීම් දරන්නා බව පළමුව තේරුම්ගතයුතු වෙයි. එහිදී තමන් නිරිත කාමරයේහෝ දකුණේ හෝ බස්නාහිර කාමරයකසිටියදී තම අවිවාහක දූදරුවන්උතුරු, ඊශාන, නැඟෙනහිර, කාමරයක රැඳවිය යුතු වේ. විවාහකහා වගකීම් දරා ගත යුතුදූ දරුවන් දකුණ හෝ බස්නාහිරකාමරවල රඳවා ගෘහමූලිකයා ලෙසතමන් නිරිත කාමරයේම නිදා ගැනීම කළයුතු වේ. එහිදී තමන්වැඩි වයසකට පත්ව ගෘහමූලිකත්වයෙන් විශ්‍රාමිකවජීවත්වන විට තමන් සේමසමානාත්මතාවයෙන් තම සොයුර සොයුරියනටසැලකිය හැකි දරුවකුට අනුප්‍රාප්තිකයකුලෙස නිරිත කාමරය බාරදී තමනට උචිත අන්දිශාවක් තෝරා ගැනීම කළහැකියි.
අවිවාහකදූදරුවන්ගේ අධ්‍යාපන හා වෙනත් සමකාලීනකටයුතු සඳහා උතුර – ඊශාන – නැඟෙනහිර උචිත වෙතත් විවාහයෙන්පසු ඔවුන්ගේ වෙනම පවුල් ඒකකයක්පිළිබඳ ස්වාධීන අදහසට ගැළපීම සඳහා දකුණ , බස්නාහිර, නිරිත දිශාවන් කෙරෙහි යොමුවීම වැදගත් වේ.
විවාහයෙන්පසු නව විවාහකයන් දරුඵලආරක්ෂා කරන අවධියේදී නිරිතදිශාවේ කාමරයක් යොදා ගැනීම ශක්තිමත්බීජ පෝෂණයට ඉවහල් වේ. එසේ නොමැතිඅවස්ථාවකදී දකුණ හෝ බස්නාහිරහෝ යොදා ගත්තද වරදක්නොවෙතත් ඊශාන හෝ උතුරහෝ නැඟෙනහිර ඒ සඳහා කිසිසේත්උචිත නොවේ.
දරුඵලප්‍රමාද වන්නන්ගේ ඒකායන අපේක්ෂාව සඵල කර ගැනීමටදකුණු දිශාව යොදා ගත හැකිඅතර ගිනිකොණ දිශාව ඉතා පවිත්‍ර ලෙසපැවතිය යුතු වේ. විටෙකගිනිකොන කාමරයද යොදා ගැනීම ආරම්භයක්වශයෙන් යොදා ගැනීමද සැලකේ. එසේ වුවත් දිගින් දිගටම ගිනිකොණ කාමරය යොදා ගැනීම දරුවන්බිහිකරන්නට අවශ්‍ය බීජ භාවිතයට බලපෑහැකි බැවින් දකුණට වඩාත් සමීපව විසීම උචිත වේ.
බැහැරරැකියා අවස්ථා සඳහා මිස වයඹදිශාවට යොදා ගැනීම උචිතනොවේ. එසේ වුවත් දරුවන්අතර පරතරය පවත්වා ගැනීම සඳහා නියමිත දිශාවක්ලෙස වයඹ යොදා ගතහැකියි.
පොදුවේනිවෙසේ අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව වැඩිකර ගැනීම සඳහා අවශ්‍ය පිළිවෙත්සියල්ල දරුඵල ලැබීමටත් එහි සාර්ථක බිහිවීමකෙරෙහිත් බලපාන බව සැලකිය යුතුයි.
පාවහන්රහිතව ඇවිදීමෙන් (විශේෂයෙන් මුහුදු වෙරළ ආදී තැන්වලඇවිදීමෙන්) ශාරීරික යෝග්‍යතාව වඩවඩාත් විධිමත්ව සකස් වීමෙන් අන්තරීක්ෂශක්තිය මෙන්ම භූ ශක්තියත් වැඩිවැඩියෙන් ලැබීම නිසා ශක්ති ශරීරය (Energy Body) වඩාත් සමබරව බලවත් වේ. මෙහිදී තබනතබන පය ඔස්සේ ශක්තිශරීරයට භූ ශක්තිය ඇතුළුවන අයුරු සිතෙන් දැකීමෙන් වඩාත් පහසුවෙන් ශක්ති ශරීරය ආරෝපණය වීම සිදු වේ.
මෙකීඇවිදීමෙන් යටි පතුල හරහාඉලෙක්ට්‍රෝන විනිවිදීමක්ද සිදුවන බවත් එය ශක්තිමත්තෙත සහිත පොළොවක මැනැවින්සිදුවන බවත් මේ ක්‍රමයෙන්ශාරීරික යෝග්‍යතාවත් වඩාත් විධිමත්ව සකස් වන බවපෙන්වාදිය හැකියි.
නූතනඇඳ මෙට්ටවල ඇතුළතට යොදා ඇති යකඩෙන්තැනූ ස්පී‍්‍රන් නිසාත් භූ චුම්බක ක්ෂේත්‍රයන්වියවුල් වන බවත් ඒවාවිධිමත්ව විහිදුවා ගැනීම සඳහාත් පිරමීඩ ආදී විවිධ ශිල්පයොදා ගත බවත් පෙන්වාදියහැකියි.
ළමාවියට දරුවන් පත්වීමේදී ඒ අයගේ නිසඟයෙන්පවත්නා ආවේගශීලි සක්‍රිය චර්යාවන් බලහත්කාරයෙන් මර්දනය කිරීම නොකළ යුතු වේ. එසේ වුවත් මේ තත්ත්වය කාගේත්පීඩාවන්ට හේතු වන තත්ත්වයක්දක්වා වර්ධනය වීමට ඉඩ නොදියයුතුවේ. ඒ හේතුව නිසාඔවුන්ගේ සෙල්ලම් කාමර ආදිය නිසිදිශාවන්හි පිහිටුවිය යුතු වේ. මෙහිදීඒ සඳහා උචිත දිශාවක්ලෙස ඊශාන, නැඟෙනහිර හා උතුර දැක්වියහැකියි. එවිට සක්‍රිය මුත්සංයමයක් සහිත චර්යාවන් දූදරුවන්අතර ගොඩනැඟීම සිදු වේ. කිසිදුහේතුවක් මත ගිනිකොන දිශාවේදූදරුවන් සඳහා ‘සෙල්ලම් කාමර’ පිහිටුවීම සිදුකළ යුතු නොවේ.
යම්ජීවිතාබෝධයක් ප්‍රායෝගිකව හිමි කර ගත්පසු දූදරුවන් වැඩිහිටියන් සේම මුහුදු වෙරළේඇවිදීම හෝ ලුනු මිශ්‍රතෙත් වැලි (මුහුදුවැලි) සහිත කොටසක ඇවිදීමටයොමු කිරීමද ශීඝ්‍ර යෝග්‍යතා ප්‍රවර්ධනයකට ඉවහල් වනු ඇත.
මෙයනූතන වාස්තු විද්‍යාවට වන අන්තරීක්ෂ ශක්තියහා භූ ශක්තිය කළමනාකරණයකිරීමක් ලෙස වුව පැහැදිලිකරගත හැකියි. එය නූතන ලෝකයේභූගතවීම් ( Earthing / Grounding) ලෙසද විස්තර කෙරෙන බවද එහිදී සිහිපත්කළ යුතු වේ.
Advertisements