Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නැටුමට ගැයුමට ප්‍රිය දරුවන් උපදින කාලයක්

1 week ago 7 Min read
Subha.lk

ජනවාරි 13 වැනිදා අගහරුවාදා දිනට එළිවන පාන්දර 3.58 ට සිකුරු ග්‍රහයා මකර රාශියට පැමිණපෙබරවාරි 06 දක්වා එහි ගමන් කරයි. මේ ග්‍රහ මාරුව සිදුවන අවස්ථාවේ බුධ ග්‍රහයාට අයත්මිථුන රාශියේ බ්‍රහස්පති ග්‍රහයා සිටීම හා බ්‍රහස්පති ග්‍රහයාහිමි ධනු රාශියේ බුධග්‍රහයා සිටීම නිසා පරිවර්තන යෝගබලයක් ද උදාවෙයි. එදින අව දසවක තිථිය උදාවපවතින බැවින් අව සඳුගේ නපුරුබලපෑමට අනුව බොහෝ දෙනකුගේ ආත්මාර්ථකාමී ගති ලක්ෂණ මතුවෙයි.

අනුන්තලා පෙළා හෝ තමබලය රැක ගැනීමට හා ඉහළින් සිටීමට බලයි. වංචා දූෂණ හාඅකටයුතුකම් බොහෝ සිදුවන කාලයකි. අනුන් තලා පෙළා ධනයරැස් කරන අයට සුවපහසු කාලයකි. බලය ධනය පරමාර්ථයකරගත් අයට සසර දිගුකර ගැනීමට හැකි කාලයකි. ලෞකිකසැප සොයා යන අයටඉතාම යහපත්ය.

මුදල්පසුපස හඹා යෑමේ අදහසඇති වෙයි. කෙසේ හෝ ධනයරැස්කිරීමට බලයි. රූපලාවණ්‍ය, මෝස්තර නිර්මාණය කරන්නන්ට හා මල් වවනඅයටත්, රෙදිපිළි සම්බන්ධව කටයුතු කරන අයටත් ශුභවේ.

හොඳකලා නිර්මාණ බිහිවන යහපත් කාලයකි.

අවංක, පවිත්‍ර, ගුණවත් සැමියන් සහ බිරියන් අතහැරනොමග යන, හිතදූෂණය වනස්වභාවයක් ඇති වේ. නපුරුචපල සිත් පහළ වෙයි.

අවංකප්‍රේමවන්තයන් පීඩාවට පත්වන කාලයකි. ස්ත්‍රී දූෂණ හා කාන්තාහිංසනයට ඉඩ ඇති වෙයි.

මේ කාලය තුළ උපතලබන දරුවන් කලාවට හා ගායනයට නර්තනයටප්‍රිය වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk