Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අගෝස්තු මාසයේ සුබ වැඩට සුබ දින රැසක්

1 year ago 7 Min read
Subha.lk

රට තුළ පැවැති දැඩි අස්ථාවර ස්වභාවය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතී. ඉකුත් කාලය තුළ සියලූ දෙනාගේම පාහේ ජන ජීවිත ගෙවුණේ ඉතාම අසීරු ආකාරයෙහි සුබ කටයුතු අලුත් දේවල් පිළිබඳව සිතීම පවා අතහැර දමා තිබුණි. දැන් යම් සුබ නිමිත්තක සේයාවක් හෝ පෙනෙන්නට තිබෙන නිසා ඔබේ සුබ කටයුතු ඇරඹීමට සුබ දින රැසක් මෙම අගෝස්තුවේ ඇත.

 

🔘 අගෝස්තු 4දා බ්‍රහස්පතින්දා

අගෝස්තු 4දා බ්‍රහස්පතින්දා දවසම සුබයි. අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප, රෙහෙණ, හත, සුවණ. බෙරණ, පුවපල්, පුවසල, දෙට, අස්ලිස, රේවතී නැකැත් හිමියන්ගේ නිවාස කටයුතු, වෙළහෙළඳාම් කටයුතු, රථවාහන සම්බන්ධ කටයුතු, රැකියා භාරගැනීම, ගිවිසුම් අස්සන් කිරීම මෙන්ම දරුවන්ගේ කන් විදීම, හිසකෙස් කැපීම, බත් කැවීම, අකුරු කියවීම ආදියටද සුබ නැකැත් සඳහා මෙම සුබ දිනය යොදාගත හැකිය.

 

🔘 අගෝස්තු 12දා සිකුරාදා

අගෝස්තු 12දා සිකුරාදා පෑළවිය තිථිය ඉතා සුබදායක වන අතර ධාතා නම් අටවිසි මහා යෝගයද යෙදී ඇත. දරුවන්ගේ කෙස් කැපීම, අකුරු කියැවීම මෙන් මෙන්ම නිවාස, ඉඩකඩම්, වෙළෙඳාම්, රැකියා, ගොවිතැන් ආදී බොහෝ කටයුතු සඳහා මෙදින . නැකැත් සාදා ගත හැකිය. මෙදිනද සුබදායක වන්නේ ඉහත 04 දිනය සඳහා දක්වන ලද නැකැත් හිමියන්ටම පමණි.

 

🔘 අගෝස්තු 25දා බ්‍රහස්පතින්දා

අගෝස්තු 25දා බ්‍රහස්පතින්දා ශුභ යෝගය යෙදී ඇත. මෙදින පෙරවරු 10.38 දක්වා කාලය තුළ දරුවන්ගේ හිස කෙස් කැපීම, කන් විදීම, බත් කැවීම, අකුරු කියවීම මෙග්ම නිවාස, ඉඩකඩම්, රැකීරක්ෂා, මුදල්, ගිවිසුම් වෙළෙඳාම්, වගා කටයුතු ආදියට නැකැත් සාදා ගත හැකිය. මෙදින සුබ වන්නේ පුනාවස, විසා, පුවපුටුප, දෙව්, අස්ලිස, රේවතී, අස්විද, මා, මුල, මුවසිරස, සිත, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල නැකැත් හිමියන්ටය.

 

🔘 අගෝස්තු 28දා ඉරිදා

අගෝස්තු 28දා ඉරිදා අමෘත තිථියෙන්ද ඡත්‍ර යෝගයෙන්ද පෝෂිතය. අස්විද මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප නැකැත් හිමියන්ට තම අවශ්‍යතාව අනුව මෙදින නැකැත් සාදා ගත හැකිය.

 

🔘 අගෝස්තු 29දා සඳුදා

අගෝස්තු 29දා සඳුදා ද අමෘත තිථියෙන් හා ශ්‍රී වත්ස යෝගයෙන් සමන්විතය. ආවාහ විවාහ, නිවාස ගොඩනැගිලි, ඉඩකඩම්, වෙළෙඳාම්, වගා කටයුතු, රථ වාහන, ගිවිසුම්, පැවිදි කිරීම හා ආගමික කටයුතු මෙන්ම දරුවන්ගේ සියලු කටයුතු සඳහාද නැකැත් සාදා ගත හැකි සුබ දිනයකි. බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, මුවසිරස, සිත, දෙනට, පුනාවස, වසා, පුවපුටුප, දෙට, අස්ලිස, රේවතී නැකැත් හිමියන්ට සීහේ.

ඉහත දිනවලට අමතරව අගෝස්තු 10දා බදාදා පෙරවරු 9.40 දක්වාද,දා බ්‍රහස්පතින්දා පෙරවරු 10.40 දක්වාද, 14දා ඉරිදා පෙරවරු 11.40 දක්වාද, 18දා බ්‍රහස්පතින්දා පෙරවරු 8.51න් පසුද, 21දා ඉර්දා දවල් 2.24 දක්වාද සුබ කටයුතු රැසකට යොදා ගත හැකිය. මෙම දින යොදා ගැනීමේදී ප්‍රාදේශීය වේලාව සුබ දිසාව හා ඒ ඒ කාර්යයන්ට ගැළපෙන ලෙස නැකැත් සාදා ගත යුතු බැවින්. ජ්‍යොතිෂවේදියකුගේ සහාය ලබා ගැනීම වඩාත් සුදුසුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk