හදිසි අනතුරු හරියටම කියන දෙර්කාණ ලග්නය
පලාඵලකථනයේදී ලග්න කේන්දරයක් පමණක්උපයෝගි කරගෙන පලාපල කථනය කළ නොහැකිබව මා මීට කලින්සුබසෙතට ලියන ලද ලිපිමඟින් ඡ්‍යොතිෂයට ළැදි සුබසෙත පාඨකයන්ටකරුණු පැහැදිලි කර ඇත. ඒඅනුව මා මේ ලිපියමඟින් විග්‍රහ කිරීමට බලාපොරොත්තු වන්නේ සාර්ථක පලාපල කථනයක් සඳහා දෙර්කාණ කේන්දරයයොදා ගන්නා ආකාරය පිළිබඳව කෙටි විස්තරයකි.
දෙර්කාණකේන්දරයට කුජ ග්‍රහයා කාරකවන අතර දෙර්කාණ කේන්දරමඟින් කේන්දර හිමියාගේ සොහොයුරු, සොයුරියන් පිළිබඳව, බලය සහ හැකියාව, පවු ඵලදීම හදිසි අනතුරු පිළිබඳව කරුණු පරීක්ෂා කරනු ලැබේ.
මෙකීදෙර්කාණ කේන්දරය ගොඩනඟනු ලබන දෙර්කාණ චක්‍රයරාශි 12ට අයත් සැමරැසක්ම කොටස් 3කට බෙදීමෙන් නිර්මාණයකරගනු ලබයි. ඒ අනුව එක්රාශියක් කොටස් 3කට බෙදීමෙන් නිර්මාණයකර ගන්නා එක් දෙර්කාණයට අංශක 10ක් අයත් වන අතරදෙවැනි, තෙවැනි දෙර්කාණවලට ද එලෙස අංශක 10 බැගින් හිමි වන්නේ ය. ඒ අනුව පළමු දෙර්කාණයඅංශක 0 – 10 අතර වෙයි. දෙවෙනිදෙර්කාණය අංශක 10 – 20 අතර වෙයි. පළමුදෙර්කාණයේ ලග්න රාශියේ නාමයෙන්හඳුන්වනු ලබන අතර දෙවැනිදෙර්කාණය 5 වැනි රාශි නාමයෙන්ද, තෙවැනි දෙර්කාණය 9 වැනි රාශි නාමයෙන්දහඳුන්වනු ලබයි. උදාහරණයක් වශයෙන් මේෂ ලග්නයේ පළමුදෙර්කාණය වන මේෂය 0 – 10 අතරපවතින අතර පස්වැනි රාශියවන සිංහ රාශියේ නාමයෙන්හඳුන්වනු ලබන දෙවැනි දෙර්කාණයඅංශක 10 – 20 අතර වෙයි. 9 වැනිරාශි නාමයෙන් හඳුන්වනු ලබන තෙවැනි දෙර්කාණයවන ධනු දෙර්කාණය අංශක 20 – 30 අතර වෙයි. ඒ අනුව කෙනෙක්මේෂ ලග්නයේ අංශක 10 යි කලා 20 කින්ඉපදී ඇත්නම් ඔහුගේ දෙර්කාණය ලග්නය වන්නේ සිංහයයි. සමහර කේන්දරවල ලග්නස්ඵුටය සඳහන් කර නැත. උපන්ලග්නය සහ නවාංශකය පමණක්සඳහන් කර ඇත. එවැනිඅවස්ථා වලදී උපන් නවාංශකයඅනුව දෙර්කාණ ලග්නය සොයා ගත හැකිය. ඒ මෙසේ ය.
අංශක 30 කින් යුත් එක් රැසකටඅයත් එක් නවාංශකයකට අංශ 3 කලා 20 ක් අයත් වනහෙයින්, පළමු නවාංශක 3 ටඅංශක 10ක් දෙවැනි නවාංශක 3ට අංශක 10 ක් ද, තෙවෙනිනවාංශක 3ට අංශක 10ක්දහිමි වන හෙයින් ලග්නකේන්දරයට අයත් පළමු නවාංශකතුනෙන් පළමුවැන්න උප්පතියේදි තිබුණේ නම් ජන්මියා ලග්නයෙන්පළමුවැනි දෙර්කාණයෙන් උපත ලබා ඇත. කේන්දර හිමියා ඉපදෙන විට ලග්නයේ දෙවැනිනවාංශක 3නෙන් එකක් උදාවීතිබුණේ නම් එනම් 4, 5,6 යනනවාංශකයන් උදාවී තිබුණේ නම් ජන්මියා ජන්මියාලග්නයෙන් දෙවැනි දෙර්කාණයෙන් උපත ලබා ඇත. ලග්න කේන්දරයේ තෙවැනි නවාංශක තුනෙන් එකකින් උපත ලබා ඇත්නම්එනම් 7, 8, 9 යන නවාංශකයකින් උපතලබා ඇත්නම් ජන්මියා ලග්න කේන්දරයේ තෙවැනිදෙර්කාණයෙන් උපත ලබා ඇත. නව ග්‍රහයන් උත්පත්තියේදී පතිත දෙර්කාණ දඉහත විග්‍රහ කළ ආකාරයට සොයාගත යුතුය. එහෙත් ඇතැම් ලිත්වල සහ ඡ්‍යොතිෂ්‍ය පොත්වලමෙකී දෙර්කාණ චක්‍ර ඇතුළත් සටහන් ඇති බැවින් ආධුනිකඡ්‍යොතිඥයින්ට සහ ඡ්‍යොතිෂ්‍ය හදාරනඅයට එකී චක්‍ර උපයෝගිකර ගනිමින් දෙර්කාණ කේන්දර පහසුවෙන් ගොඩනඟාගත හැකිය.
දැන්අපි දෙර්කාණ කේන්දරයක් උපයෝගී කරගෙන පුද්ගලයකු ගේ බලය, හැකියාවපාප ඵලදීම, හදිසි අනතුරු සොහොයුරු සොහොයුරියන් පිළිබඳ කරුණු පරීක්ෂා කර බලමු.
උපත 1936/11/28 බ්‍රහස්පතින්දාමධ්‍යම රාත්‍රී 12.30 පමණ කොළඹදී බුධටඅයත් රේවතී නැකතේ 4වැනි පාදයෙන් උපතලබා ඇති බැවින් බුධමහ දශාව ඉදිරියට වර්ෂ 00 මාස 02 යි දින 03 ක්ශේෂව තිබුණි.
ඉහතදැක්වෙන සිංහ ලග්න උදාහරණකේන්දරය අයත් වන්නේ මෙරටහිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන ලලිත් ඇතුළත්මුදලිමහතාටය. ඒ මහතා සිංහලග්නයට අයත් 5 වැනි නවාංශකය වනසිංහයෙන් උපත ලබා ඇතිබැවින් සිංහ ලග්නයට අයත්දෙවැනි දෙර්කාණය වන ධනු දෙර්කාණයෙන්උපත ලබා ඇත. මුලත්‍රිකෝණව මෙකී ධනු දෙර්කාණලග්නයට අයත් දෙර්කාණාධිපති ගුරුඑහිම සිටීම දෙර්කාණ ලග්නය බලවත් කරන කරුණක් වන්නේය. මෙකී දෙර්කාණාධිපති ගුරු ඥාණකාරක, උසස්අධ්‍යාපන කාරක ග්‍රහයා වීලග්න කේන්දරයේ 5 වැන්න වූ විද්‍යාස්ථානයේ එනම්ධනුවේ මුල ත්‍රිකෝණ බලයලබා රණහංස යෝගය උදා කරන්කර්ම ස්ථානාධිපති සිකුරු සමඟ යෝගව දෙවැන්නේසිටින යෝග කාරක අඟහරුග්‍රහයාගේ දෘෂ්ටියත් පෝෂිතව විසීම දෙර්කාණාධිපතිගේ බලය මෙන්ම විද්‍යස්ථානයවන 5 වැන්න බලවත් කරන සාධකයක් වන්නේය. ඒ අනුව එලෙසදෙර්කාණාධිපති ගුරු ලග්න කේන්දරයේමෙන්ම දෙර්කාණ කේන්දරයේ බලවත්ව පිහිටීම හේතු කොට ගෙනඇතුල්මුදලි මහතා ඉගෙනීමට දක්ෂයකුවූ අතර ඔහු එංගලන්තයේහාවර්ඩ් සහ ඔක්ස්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලවලින්නීතිය පිළිබඳව උපාධි ලබා ගත්තේය. ඉන්පසුඔහු ලංකාවට පැමිණ නීතිවේදියකු ලෙස කටයුතු කළපසුව දේශපාලනය සම්බන්ධ වූ හෙතෙම මෙරටඅධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින්මෙරට උසස් අධ්‍යාපනය නඟාසිටුවීමට විශාල මෙහෙයක් ඉටු කළේ ය. එලෙස ඔහුට එකී අංශවලින්ප්‍රතිඵල ලැබුණේ ගුරු නීතියට සහඋසස් අධ්‍යාපනයට කාරක ග්‍රහයා ඉහතවිග්‍රහ කළ පරිදි බලවත්වසිටීම නිසාය.
දැන්අපි ඒ මහතාගේ උපන්ලග්න කේන්දරයයේ උදාවූ ධනු දෙර්කාණ කේන්දරයඅනුව සහෝදරඵල පිළිබඳව කරුණු විමසා බලමු. ඉහත විග්‍රහ කළපරිදි ඔහු දෙර්කාණ කේන්දරයේදෙර්කාණාධිපති ගුරු සහ සහෝදරකාරකඅඟහරු පිළිවෙලින් මුල ත්‍රිකෝණ සහඋච්ච බලයෙන් යුතුව දෙර්කාණ ලග්නයේ යෙදීම ඇතුලත් මුදලි මහතා සහෝදර ඵලවලින්යුත් අයකු බව පෙන්වාදෙයි. මෙකී සහෝදර කාරකඅඟහරු සහ දෙර්කාණාධිපති ගුරුලග්න කේන්දරයේ කන්‍යා, ධනු යන උභයහෙවත් දිවි ස්වභාවයක් ඇතිඑමෙන්ම දෙදෙනෙකු නිවේදනය කෙරෙන රාශිවල යෙදීම හේතු කොටගෙන ලලිත්ඇතුලත්මුදලි මහතාට එක් සහෝදරයෙක් සහසහෝදරියක් වූ අතර ඔවුන්දෙදෙනාම උගත්, ධනය, දේපළ ඇතිඅය වෙති.
එමෙන්මදෙර්කාණ කේන්දරය, පවු ඵලදිම, හදිසිඅනතුරු ගැන කරුණු හෙළිකරදෙන කේන්දර විශේෂයක් වන හෙයින් ඉහතලලිත් ඇතුලත් මුදලි මහතාගේ සිංහ ලග්න කේන්දරයටඅනුව ගොඩනඟන ලද ධනු දෙර්කාණකේන්දර සටහනට අනුව සහ ලග්නයෙන් 8 වැන්නට අයත් දෙර්කාණය මඟින්ඒ මහතා සහසිකයකුගේ වෙඩිප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වීමට හේතු භූත වූකරුණ මොනවාද යන්න පිළිබඳව විමසාබැලීමේදී ලග්න කේන්දරයෙන් 8 වැන්නඑනම් මීනයට අයත් සඳු 22 වැනිදෙර්කානාධිපතිව (ලග්න කේන්දරය දෙවැනිදෙර්කාණයට අයත් නිසා ලග්නකේන්දරයේ සෑම රාශියකම දෙර්කාණයවන්නේ දෙවැනි දෙර්කාණයයි. ඒ අනුව මීනයේදෙවෙනි දෙර්කාණය වන්නේ කටකයයි) 8 වැන්නෙහි පතිතව හදිසි මාරක ගැන කියැවෙනභාවයක් වන 7 වැන්න වූකුම්භයේ ගිනි දෙර්කාණයක සිටිනශනි තවත් මාරක භාවයක්වන දෙවැන්න වූ කන්‍යාවේ ආයුධදෙර්කාණයක සිටින අඟහරු පීඩා කිරීමත් එලෙසසෙනසුරුගෙන් පීඩා වූ අඟහරුමාරක භාවයක් වන 8 වැන්නෙහි සිටින 22 වැනි දෙර්කාණාධිපති සඳුව සප්තම දෘෂ්ටියෙන්දැකීම හේතු කොට ගෙන 1993 සෙනසුරු කුම්භ රාශියේ ගෝචරය වෙමින් උදා කළ කණ්ඨකශනි සහ ජන්ම ඒරාෂ්ටකඅපල කාල සීමාවේ දීසහසිකයකු විසින් එ මහතා දේශපාලනරැස්වීමක් අමතමින් සිටියදී ගෙලට එල්ල කරනලද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයටපත් විය. ඊට පෙරඒ මහතා හදිසි බෝම්බප්‍රහාරයකින් ද අනතුරට පත්වසිටියේය.
ඒ අනුව ලග්න කේන්දරයකහදිසි අනතුරු, ශල්‍යකර්ම, සතුරු ප්‍රහාරයන් සම්බන්ධ ග්‍රහ පිහිටීම් ඇති විටදි ඒවාපැහැදිලිව හෙළිදරව් කර ගැනීමට දෙර්කාණකේන්දරය ඉතා වැදගත් වනබව ඉහත විග්‍රහයෙන් පාඨකඔබට මනාව අවබෝධ වන්නටඇතැයි සිතමි.
Advertisements