Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ස්ත්‍රී කේන්දරයක විෂ කන්‍යා දෝෂ පුරුෂයන්ට බලපාන අයුරු

2 days ago 7 Min read
Subha.lk

මාසයේ පුර හෝ අව දියවක තිථිය සමඟ අස්ලිස නැකැතින් ඉරිදා දිනක උපත ලැබීම. මේ අනුව පුවපල්, හත, සා, පුවසල, සුවණ, සියාවස, බෙරණ, රෙහෙණ, අද යන නැකැතක් හිමි පුරුෂයන් සඳහා ඉහත දෝෂය පවතින ස්ත්‍රීන් විවාහයට අසුබ වේ.
පුර හෝ අව සතවක තිථිය සමඟ කැති නැකැතින් සෙනසුරාදා දිනක ඉපදීම. යම්කිසි පුරුෂ කේන්දරයක මුවසිරස, පුනාවස, අස්ලිස, සිත, විසා, දෙට, දෙනට, පුවපුටුප, රේවතී යන නැකතක් හිමි නම් කැති නැකැතේ එම ස්ත්‍රීන් විවාහයට ගැනීම අසුබ වේ. විපත් ගෙන දෙයි.
දොළොස්වක තිථිය යෙදුණු කුජ දිනක අස්ලිස නැකැතින් උපත ලැබූ ස්ත්‍රීන්ද තදබල ලෙස විෂ කන්‍යා දෝෂයට අසුවේ. තමන් උපන් නැකැතට අස්ලිස නැකැත විපත් වධ ගෙන එන පුරුෂයන්ට ඉහත කී ස්ත්‍රීන් විවාහයට අසුබ වේ.
දියවක සහ සතවක යන තිථියක් කුජ දිනක යෙදී සියාවස නැකැතින්ද, දියවක තිථිය සමඟ සෙනසුරාදා දිනක අස්ලිස නැකැතින්ද, දොළොස්වක තිථිය ඉරිදා දිනක යෙදී විසා නැකැතින්ද දොළොස්වක තිථිය ඉරිදා දිනකට යෙදී අස්ලිස නැකැතින්ද, කුජ දිනය සතවක තිථිය සමඟ යෙදී විසා නැකැතින්ද, ඉරිදා දිනය දොළොස්වක තිථිය සමඟ යෙදී සියාවස, කැති යන නැකැතකින්ද උපත ලබා ඇති ස්ත්‍රීන් සමඟ විවාහ වන පුරුෂයාට ඉමහත් කරදර, දෙදෙනා අතර අසමගි ගැටුම් ඇතිවී ජීවිතය පවා විනාශ වේ.
මෙහි සඳහන් කර ඇති විෂ කන්‍යා දෝෂ පවතින ස්ත්‍රී කේන්දරයක උපන් නැකැතේ සිට පුරුෂයා උපන් නැකැත දක්වා ගණනය කිරීමේදී සුබදායක සීහුමකට අයත් වුවත් ග්‍රහ පොරොන්දමේ 7, 8 හා ලග්නය රවි, කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පීඩා වේ නම් විවාහයට ඉතා අසුබ වේ. මා මෙහි මුලින් සඳහන් කර ඇති ස්ත්‍රී කේන්දරය හා සීහුම් නොවන නැකැත් හිමි පුරුෂයන්ගේ ග්‍රහ පොරොන්දම ඉහත දක්වා ඇති පාපී ග්‍රහයන්ගෙන් එකී භාව පීඩා වේ නම් පුරුෂයා අකල් රෝග හෝ අනතුරු විපත් ආදියට ගොදුරු වී ජීවිතය පවා විනාශ වීමට හේතු වේ.
තවද මා දැක්වූ මෙම ස්ත්‍රී විෂ කන්‍යා දෝෂ සමඟ ලග්නයේ ශනි, කුජ සංයෝගය, රවි, ශනි සංයෝගය, රවි, කුජ සංයෝගය, මේ ග්‍රහ තත්ත්වය යෙදී තිබෙන ස්ත්‍රී කේන්දර විවාහයට අසුබ වේ. තවද හය වැන්නේ ශනි, කුජ හෝ රවි කුජ, රවි ශනි, එකට යෙදීම දරුපල ගැටලුව ඇතිවීමට හේතු වේ. එසේම කුජ, ශනි, රවි, රාහු යන පාපීන් ස්ත්‍රී කේන්දරයේ චන්ද්‍රයාගෙන් හත්වැන්නේ උපතින් යෙදීම විෂ කන්‍යා දෝෂය දරුණු වීමට හේතු වේ. එනිසා ග්‍රහ පොරොන්දම් පරීක්ෂාවේදී මේ ග්‍රහ තත්ත්වය විශේෂයෙන් බැලිය යුතුය.
විෂ කන්‍යා දෝෂ සහිත ස්ත්‍රී කේන්දරයක ලග්නයක කුම්භ, තුලා, වෘෂභ නවාංශකයක් උදාවී සිකුරුගේ නවාංශකයේ සෙනසුරුද සෙනසුරුගේ නවාංශකයේ සිකුරුද උපතින්ද යෙදී සිටීනම් එම ස්ත්‍රීන් අනාචාරශීලී වන්නේය. මේ නිසා මෙවැනි ස්ත්‍රීන් විවාහයට ගන්නා පුරුෂයන්ට ජීවිතය පවා එපාවී පසුව අසරණ වන්නේය.
ලිපිය අවසන් කරන මොහොතේ සුන්දර විවාහ ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින සියලු තරුණ කොටස් වෙනුවෙන් පැරණි මුතුන්මිත්තන් රැකගෙන ආ මේ අගනා ශාස්ත්‍රයේ පවතින විවාහයට නුසුදුසු ස්ත්‍රීන් සම්බන්ධ විස්තර සඳහා ඉතා පැරණි කුඩා පොතකින් උපුටා ගත්තෙමි. එහි කර්තෘතුමාගේ නම මැකී ඇති නමුත් ඔහුට පින් දෙමි. පැරණි පොතපත පරිශීලනය කිරීමෙන් මා ලද දැනුම අනුව මේ කරුණු පදනම් කරගෙන ඔබ සුන්දර විවාහයක් සොයනවා නම් නියමාකාරව ස්ත්‍රී පුරුෂ කේන්දර පරීක්ෂා කරවා ගැනීමට උනන්දු වන්න. විවාහයට පොරොන්දම් වැඩි ප්‍රමාණයක් සුබ වීම ප්‍රමාණවත් නැත. ස්ත්‍රීන්ගේ පවතින විෂ කන්‍යා දෝෂ, ශරීරික ලක්ෂණ හැදියාව ඔබ දැනගත යුතුය. ඒ සඳහා ස්ත්‍රීන්ගේ කේන්දරය අනුව ග්‍රහ තත්ත්වය මනාව විශ්ලේෂණය කළ යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk