Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ආවට ගියාට නිවාස නැකැත් හදන්න එපා!

5 days ago 7 Min read
Subha.lk

මංගලම් දේව සේනානි – මංගලම් කුම්කුමානිච
ජයං රාජංච මංගල්‍යම් – භූම දේව නමෝ නමඞ


මෙය කතා කරන භාෂාවෙන් ලියන්නේ සියලු දෙනාගේ පහසුව සඳහාය. අද සමාජයේ ඡ්‍යොතිෂය සමච්චලයට ලක්කරන සමහර දෙනා රහසිගතව දෛවඥ මහතා ළඟට යන අයුරු දකින්නට තිබේ.
එසේ ගොස් මට යාන්තම් හොඳ වෙලාවක් දෙන්න ගෙයක් හදන්න. මම ඕවා ගණන් ගන්නෙත් නැහැ. ගෙදරින් කෑ ගහන නිසයි ආවෙ… සල්ලි තියනව නම් නැකැත් ඕනැද?
මෙය දිනක් මා හටම සිදුවූ සිද්ධියක්. කෙසේ වුවත් ඔහුට මම නැකැත් සෑදුවේ නැහැ. ඔහුගේ ඉහත සඳහන් කතා කිරීම මා හට දරා ගැනීමට නොහැකි නිසා. එහෙත් ඔහු ආපසු යන්න කලින් කීවේ මෙහෙම කතාවක්. “ඔහේලා හදල දෙන සුපිරි නැකැත් අනුව ආරම්භ කළ නිවාස අත්තිවාරම් කැළෑව වැවිල වල් බිහිවෙලා කොපමණ තියනවද? ඔය නැකැත් බොරු. ඔහේලා කරන්නෙත් බොරු.”
ඔහු මෙහෙම කීවේ මා හට පමණක් නොවේ. සියලුම දෛවඥ මහත්වරුන්ටයි. කෙසේ වුවත් අලුත් නිවෙසක් සෑදීමේදී එය අතරමඟ නතරවන්නේ නැකැතේ දෝෂයකින්ම නොවේ. ඔහුගේ හෝ ඇයගේ පෙර භවයේ අකුසල කර්මයකින් කේන්දරයේ සිව් වැන්නේ ශනි, රාහු සතුරුවී උපතින් යෙදී සිටීනම් අලුත් නිවෙසක් පහහසුවෙන් ඉදිකළ නොහැකිය. මේෂ, වෘෂභ, සිංහ යන ලග්න හිමියන්ට මේ තත්ත්වය යෙදීම ඉතා අසුබ වන්නේය.
එනිසා මේ ශාස්ත්‍රයේ අගය දන්නා මේ වෘත්තියේ යෙදෙන අප, නිවාස නැකැතක් පිළියෙළ කිරීමේදි ඉතා විමසිලිමත් විය යුතුය. ප්‍රථමයෙන් කළ යුත්තේ එම අයගේ කේන්දරය විමසිල්ලෙන් පරීක්ෂා කිරීමයි. විශේෂයෙන් උපතින් සිව්වැන්නේ ග්‍රහ තත්ත්වය සමඟ ලග්නාධිපති, එකොළොස්වැන්න, ඔහුගේ හෝ ඇයගේ ඒ වන විට මහ දශාව හා අතුරු දශාව මේ ආදී කරුණු නිවාස නැකැත බලවත්වීමට හේතුවේද යන්න විමසිල්ලෙන් බැලිය යුතුය.
නිවාස නැකැතක් පිළියෙළ කිරීමේදී විශේෂයෙන් බලන දිනය, නැකත, තිථිය, යෝගය ආදී කරුණුවලට අමතරව ඉහතින් දැක්වූ ග්‍රහ තත්ත්වය සොයා බැලීම අනිවාර්ය විය යුතුය. ඒ අතරම නිවාස නැකැතක් තෝරා ගැනීමේදි ඒ සඳහාම සුවිශේෂ නැකැත් පැරැණී පොත්වල පෙන්වා දී ඇත. රෙහෙණ, අද, පුෂ, උත්‍රපල්, සියාවස, උත්‍රසල, සුවණ, දෙනට, උත්‍රපුටුප යන ඌර්ධව මුඛ නැකැත් නිවාස ආරම්භයට ඉතා සුබ බව සඳහන් වේ. අස්විද, මුවසිරස, හත, සිත, සා, අනුර, පුනාවස, දෙට, රේවතී යන සරස්මුඛ නැකැත් ඊළඟට සුබදායක බව පෙන්වා දී ඇත.
උඩට විහිදී යන නැකැත් ඌර්ධව මුඛ නැකැත් වශයෙන්ද පොළොවට සාමාන්තරව පැතිර යන නැකැත් සරස් මුඛ නැකැත් වශයෙන්ද වෙන් කර ඇත.
බෙරණ, කැති, මා, විසා, මූල, අස්ලිස, පුවපල්, පුවසල, පුවපුටුප යන අධෝමුඛ නැකැත් කිසි විටෙක නිවාස නැකැතකට යොදා ගන්න එපා. ඒවා සුදුසු වන්නේ ළිං කැපීම, පතල් කැපීම ආදි පොළොව යට කටයුතුවලට පමණයි. එම නැකැත් විහිදෙන්නේ පොළොව අභ්‍යන්තරයට හිරු උත්තරායනගත දුරුතු, බක්, වෙසක් යන මාසවල අමාවකින් පසු පුර පසළොස්වක දක්වා දිනවල ඉහත කී සුබ නැකතකට ගෙහිමියාගේ උපන් නැකත සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී, ගණයට අසුවේ නම් එකී දිනය නව නිවාස, නැකතකට ඉතා සුබදායක වන්නේය. කෙසේ වුවත් එහිදී තමන්ගේ ලග්නය අනුව 8 වැන්න අධිපති, 6 වැන්න අධිපති, 22 වැනි දෙර්කාණාධිපති, 64 වැනි නවාංශක අධිපති 12 වැන්න අධිපති මේ ග්‍රහයකුගේ පංඤ්ම හා සූක්ෂ්ම හෝරාවකින් ගෙපළ සුද්ධ කිරීම, අත්තිවාරම කැපීම, විශේෂයෙන් මුල්ගල තැබීම නොකළ යුතුයි.
තවද නිවාස කටයුතුවලදී නවවක පසළොස්වක අමාවක යන තිථි හැර ඔත්තේ සංඛ්‍යාවට හිමි අනෙකුත් තිථි සුබ නැකැතට යොදා ගැනීම ඉතා සුබදායකයි. සුබ නැකැතට යොදා ගන්නා තත්කාල රාශිය තිර හෝ උභය රාශියක්ම විය යුතුය. වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, කුම්භ, මීන එම සුබදායක රාශි වන්නේය.
නිවාස නැකැතක් යෙදෙන සෑම තත්කාල ලග්නයකම බාධක ග්‍රහයෙක් සිටී. ඒ අනුව වෘෂභ ලග්නයට සෙනසුරු, සිංහ ලග්නයට කුජ, වෘශ්චික ලග්නයට සඳු, කුම්භ ලග්නයට සිකුරු එසේ වුවද මේ ග්‍රහයන් පුණ්‍යස්ථානයට, ප්‍රධාන ත්‍රිකෝණස්ථානයට, භාග්‍යස්ථානයට අධිපති නිසා දෝෂ නැත. බාධා මධ්‍යයේ හෝ නිවෙස ඉදිකිරීමේ කටයුතු සිදුවේ. මිථුන ලග්නයට ගුරු, කන්‍යා ලග්නයට ගුරු, ධනු ලග්නයට බුධ, මීන ලග්නයට බුධ යන ග්‍රහයන් විවාහයේ ප්‍රමාදවීම් ගැටලු බාධා ඇති කරනවා හැරෙන්ට නිවාස නැකතේ දී එතරම් බාධාවක් සිදු නොවේ. කෙසේ වුවත් නිවාස ඉදිකිරීමේ කටයුතු සිදුවන අතරතුර තමන්ගේ විවාහ සබඳතා ගැටලු බාධා ඇතිවීමට හේතුවෙයි. ඒ අනුව නිවෙසේ ඉදිකිරීමට තරමක් බාධා වේ.
මෙතෙක් මා විස්තර කරන ලද කරුණුවලට අමතරව නිවෙසක ප්‍රධාන නැකැත් සම්බන්ධව පැහැදිලි කරන්නම්. විශේෂයෙන් අලුතෙන් නිවෙසක් සෑදීමේදී මුල්ම නැකත වන්නේ එම ඉඩමේ ගෙපළ සුද්ධ කිරීමේ නැකැතයි. බොහෝ දෛවඥ මහත්වරු මේ ගැන සලකන්නේම නැත. නිවෙසක් ඉදිකිරීමේ අදහස පෙරදැරි කරගෙන ඉතා ඕනෑකමින් එම ඉඩම් කොටස බිම සුද්ධකර එළි පෙහෙලි කිරීමට සුදුසු නැකතක් අවශ්‍යමයි. ඒ සඳහා ගෙහිමියා උපන් නැකැතට ගැළපෙන නැකැතක් ඉහත දැක්වූ කරුණූු අනුව පිළියෙල කරගත යුතුය. එසේ නොවුවහොත් නිවෙස හිමි කරුවාට නිවෙස ඉදිකිරීමේදි නොයෙකුත් බාධා කරදරවලට මුහුණ දෙන්න සිදුවෙනවා. නිවෙසක් ඉදිකරන්න බලාපොරොත්තුවෙන් සිටින ඉඩමක එය සුද්ධ කිරීමේදී එම ඉඩමේ කපා අස්කළ යුතු ගසක් තිබේ නම් එය කැපීමේදී වැටෙන දිසාව අනුව පලාපල තිබෙනවා. ඒවා පැරණි පොත පතේ සඳහන් වෙනවා.
ඊළඟ නැකත වන්නේ අත්තිවාරම් සැලැස්මට ලනු ඇදීමේ නැකතයි. ලනු ඇදීමේදී ප්‍රථම කුඤ්ඤයට මිටියෙන් තට්ටු කරන්නේ සුබ නැකතට නිවෙස හිමිකරුවා ගෙහිමියා විසින්. මේසන්බාස් නොවේ. කෙසේ වුවත් මෙහිදී කළ යුතු පිළිවෙතක් තිබෙනවා. සුබ නැකතට විනාඩි 5කට කලින් කුඤ්ඤය තබන ස්ථානයේ බුලත් කොළ 8ක් වටේට තබා කපුරු පෙති 8 දල්වා ගෙහිමියා විසින් පොළොවට වැඳ නමස්කාර කරමින් මෙහි ලොකු අකුරින් සඳහන් ස්තෝත්‍රය තුන්වරක් කියවන්න. එය තමන්ට අපහසුනම් වෙනත් අයකු ලවා කියවන අතරතුර සුබ නැකතට කුඤ්ඤය සිටවන්න.
ඉන් පසුව අත්තිවාරම කැපීමේ සුබ නැකැත උදාවේ. ලනු ඇදීමේ නැකැතේ සිට පැය එක හමාරක් පසුකර නැකැත යොදා ගතහොත් ප්‍රමාණවත් වේ. ප්‍රථමයෙන් කුඤ්ඤය තැබූ ස්ථානයම මේ සඳහා යොදා ගන්න. මේ ස්ථානයේ ගෙහිමියා විසින් කපන ප්‍රථම පස් පිඩැල්ල රැගෙන පසෙකින් තබා ඉන් පසුව සියලු දෙනා එකතු වී අත්තිවාරම කපා අවසන් කරගන්න. ප්‍රථමයෙන් කැපූ පස් පිඬැල්ල කෙසෙල් පතුරුවලින් කුඩා ඔරුවක් සාදා ඊට දමා දියේ පා කර හරින්න.
ඉන් පසුව මුල් ගල තැබීමේ සුවිශේෂ නැකැත උදාවේ. එය සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ තැබිය යුතුය. එය ගිණිකොන දිසාවේ, උළු අහු නොතබන, ගිනිකතිර මධ්‍ය රේඛාවලට අසු නොවන ස්ථානයක තබන්න. මුල්ගල තැබීම නිවෙස හිමිකරුවන ගෙහිමියා විසින් කළ යුතු අතර එම සුවිශේෂ නැකත මා මෙහි මුලින් සඳහන් කර ඇති කරුණූු පදනම් කර ගෙනම පිළියෙළ කළ යුතුය. නිවෙසේ මුළු හතරේ නන්දා පාද හතරට කුඩා මුල්ගල් 4ක් පවුලේ අයට එම සුබ මොහොතටම තැබිය හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk