වාස්තු දෝෂ නැතිව බිත්ති බඳිමු
සිවිල් ඉංජිනේරු විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක ජනක පි‍්‍රයන්ත දයාරත්න
බිත්ති විසින් පරිසරය හා නිවෙස අභ්‍යන්තරය අතර සම්බන්ධය පාලනය කරන බව අප කවුරුත් දන්නා කරුණකි. මේ හේතුව නිසා බිත්තිවල ස්වභාවය දිශා අනුව විවිධාකාරයෙන් ගත යුතුව තිබේ. නිදසුනක් ලෙස නිවෙසක බිත්ති පිළිබඳව සැලකීමේදී වැඩි කවුළු ප්‍රමාණයක් පිහිටුවිය යුත්තේ ඊශාන, උතුර, නැඟෙනහිර දිශාවල බව පැහැදිලි කරුණකි. නිරිත, දකුණ, බස්නාහිර පිහිටුවනු ලබන කවුළු ප්‍රමාණයෙන් කුඩා වීමද අවශ්‍යතාවකි. මෙයට ඇති සරල හේතුව නම් නූතන වාස්තු විද්‍යාවේදී සාකච්ඡා කරනු ලබන අන්තරීක්ෂ ශක්තිය වැඩි ප්‍රමාණයක් කැඳවා ගැනීම හා අඩු ප්‍රමාණයක් ඉවත් කිරීම සිදු කිරීමයි. මෙහිදී සිදුවන්නේ නිවෙස අභ්‍යන්තරයේ අන්තරීක්ෂ ශක්තිය රැස්වීම නිසා එම ශක්තියේ තීව්‍රතාව වැඩිවීමයි. එය නිවැසියන්ගේ ශක්ති ශරීරය බලවත් කිරීම කෙරෙහි ඉතා ඍජුව බලපායි. එබැවින් බිත්ති පිළිබඳව අපගේ අවධානය නිවෙසක් ඉදිකිරීමේ ආරම්භයේ සිටම වැඩි වැඩියෙන් පවත්වා ගත යුතු බව අවධාරණය කෙරේ. යම් හේතුවක් මත නිවෙසක් ඉදිකරන සමයේදී නිරිත, දකුණ, බස්නාහිර තරමක් විශාල කවුළු පිහිටුවීම අත්‍යවශ්‍ය වූයේ නම් නිවෙස ඉදිකොට අවසන් වනතුරු ඒවාට තාවකාලික වැස්මක් හෝ යෙදීම අවශ්‍ය වේ.
බිත්ති වර්ණ ගැන්වීමේදී පවා විශේෂ සැලකිල්ලක් යොමු කළ යුත්තේ නිවැසියන්ගේ ශාරීරික, මානසික, භාවමය ආධ්‍යාත්මික තත්ත්වයන් කෙරෙහි වර්ණ චිකිත්සාමය බලපෑමක් එයින් ඇති කළ හැකි බැවිනි. ඒ ඒ දිශාවනට අදාළව වර්ණමය චිකිත්සාවන්හි දක්නට ලැබෙන සංකීර්ණ වර්ණ භාවිතය නොසලකා හැරියද නිරිත දිශාවට වඩා ඊශාන දිශාව වඩාත් ආලෝකවත් වන පරිදි ළා වර්ණයන් යෙදීමට අප කටයුතු කළ යුතුව තිබේ. නිවෙසක් බිත්ති ලාම්පු යොදාගන්නා ආකාරය අනුව අලංකාර ලෙස ආලෝකවත් කිරීම අද නිරන්තරයෙන්ම සිදුවේ. එහිදී නිරිත දිශාවට වඩා ආලෝක ප්‍රභව භාවිතයක් ඊශාන හා ආශි‍්‍රත ප්‍රදේශයන්හි පැවතීම අතිශයින් වැදගත් වෙයි.
පුරාතන වාස්තු ශාස්ත්‍රයේ බිත්ති ඉදිකිරීමේ ද්‍රව්‍ය අනුව නිවෙසක් වර්ගීකරණය කිරීමේ ක්‍රමවේදයක් පැවැති බව මෙහිදී සිහිපත් වෙයි. අප විසින් අර්ථය නොසලකා භාවිත කරන බොහෝ වචනවලට අර්ථයක් ඇති බව මෙහිදී අවබෝධ කරගත හැකියි. නිදසුනක් ලෙස අපේ ව්‍යවහාරයේ පවත්නා ‘මන්දිර’ නමින් හඳුන්වන දැවැන්තයන් වැනි අරුතකින් අප භාවිත කරන නිවාස පිළිබඳ සැලකීමේදි ඒ නිවාසයේ බිත්ති නිසැක වශයෙන්ම පාෂාණවලින් සකස්කර තිබිය යුතුය. එසේම “භවන” යනුවෙන් අදහස් වන්නේ පුලුස්සන ලද ගඩොල්වලින් තනා ඇති නිවාස වන ‘සුමන්ත’ ගෘහ ලෙස සංස්කෘත සාහිත්‍යයේ දක්වා තිබේ. අප නිරන්තරයෙන් භාවිත කරන ලද කූඩාරම් ආදියට යොදා ගන්නා වස්ත්‍රමය ස්වභාවයක් ගන්නා ඉදිකිරීම් ද්‍රව්‍ය අනුව තැනෙනුයේ “විජයගෘහ” නම් නිවාස වර්ගයයි. අමෙරිකාව ආදී බොහෝ රටවල තවමත් දැවයෙන් බිත්ති සකස් කිරීම සිදුවන බව පෙනේ. ඒවා ‘මාණක්‍ය’ ගෘහ වශයෙන් හඳුන්වා තිබේ. තවත් මෙවැනි යහපත් ප්‍රතිඵල හිමිකර දෙන ගෘහ බොහෝ ඇතත් නූතන ව්‍යවහාරයේදී යකඩයෙන් ගොඩනඟනු ලබන ගෘහ “චණ්ඩ ගෘහ” ලෙස භාවිතයෙන් අධෛර්ය කර ඇති බව පෙනේ. අප විසින් එතරම් සැලකිල්ලට ලක් නොකළත් ඉදිකිරීමක බිත්තිවල ඝනකම පවා වාස්තුමය වශයෙන් සුවිශේෂ වැදගත්කමක් ඇති බව අපගේ අවබෝධයයි. නාගරික සමාජයේ පරිසරයේ පවත්නා අසුබ ශබ්දමය බලපෑමෙන් නිවැසියන් මුදා ගැනීම සඳහා ඝන බිත්ති යෙදීම හෝ මැද සිදුරු සහිත බිත්ති යෙදීම කදිම උපක්‍රමයකි. එසේ වුවත් මනා පරිසරයකින් හෙබි විශාල ඉඩමක තම ඉදිකිරීමේදී තුනී බිත්ති යෙදීම ගැටලුවක් නොවේ. මෙහිදී සැලකිය යුතු තවත් කරුණක් වන්නේ පාෂාණමය ඉදිකිරීම්හිදී උතුර, නැඟෙනහිර, ඊශාන දිශාවන්හි සාමාන්‍ය තත්ත්වයටත් වඩා කවුළු පිහිටුවීම සිදුකළ යුතුවාක් මෙන්ම අලංකාරය පිණිස බිත්තිවලට කළුගල් පතුරු යෙදීම ද නොකළ යුතු බවයි.
බිත්තිවල උස පිළිබඳවද පැරැණි ඉදිකිරීම්වලට වඩා වැඩි සැලකිල්ලක් වර්තමානයේ අන්තරීක්ෂ ශක්තිය රඳවා ගැනීම වැඩිදියුණු කිරීම පිණිස හා වහලයෙන් ඇති කරන අසුබ බලපෑම අවම කරගනු පිණිස බිත්තිවල උස හැකිතාක් වැඩි කිරීම අවධානයට ලක් කළ යුත්තක් වේ. විශේෂයෙන් ඊශාන, උතුර, නැඟෙනහිර, බිත්ති හැකිතාක් ප්‍රමාණයක් උසින් වැඩි විවෘත කවුළු සඳහා වීදුරු වැනි විනිවිද පෙනෙන ද්‍රව්‍ය ඇතුළත් කොට ඇති ආකාරයට සකස් කළ යුතුය.
අප එතරම් නොසලකා හරිනු ලැබුවද වාස්තු ශාස්ත්‍රානුකූලව කිසියම් ඉදිකිරීමක් කිරීමේදී මෙවැනි සුවිශේෂ වැදගත්කමක් බිත්තිවලට ඇති බව අවසානයේ අවධාරණය කළ යුතුව තිබේ.
Advertisements