ආත්ම සහකරු ආකර්ෂණයවන ඔබේ ලක්ෂණය
ඔබ ආත්ම සහකරුවෙකු සොයන්නේ නම් ඒ සම්බන්ධව බලාපොරොත්තු වන්නේ නම් ඔබට කළ හැකි මූලික වැදගත්ම දෙය වන්නේ ඔබ ඔබම වීමයි. ඔබට ඔබම වී සිටීමට ඉඩ ලැබෙන්නේ නම් එය අගනේය. හොඳම සබඳතාවන් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වේ. විශේෂඥ සංඛ්‍යා විද්‍යාඥයින්, ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයින් සහ ගුප්ත විද්‍යාඥයින්ට අනුව සෑම උපන්දිනයක්ම තමන්ටම අදාළ ශක්තියක් දරයි. ඔබ මේ ශක්තිය වැලඳ ගන්නා විට එය ඔබට සැබෑ ආත්ම සහකරු හෝ සහකාරිය ආකර්ෂණය කර ගැනීමට උපකාරී වේ. ඔබේ උපන්දිනය අනුව ඔබේ ආත්ම සහකරු ආකර්ෂණය වන ඔබේ ලක්ෂණ සොයා බලමු.
1, 10, 19, 28 – විශ්වාසය
දීප්තිමත් ග්‍රහලෝකයක් වන සූර්යයා විසින් පාලනය කරනු ලබන මේ උපන් දින පෙන්නුම් කරන්නේ ඔබේ ආත්ම සහකරු හෝ සහකාරිය ඔබේ සත්‍යතාවට සමීපව බැඳී ඇති බවයි. ඔබේ අරමුණු , ආදරය සහ බලාපොරොත්තු ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය විශ්වාසය සපයයි. ඔබේ වචනවලට ගරු කරන, උපකාර කරන ඔබේ ගැඹුරු ආශාවන් සහ ධෛර්යය අගය කරන කෙනෙකු ඔබ ආකර්ෂණය කර ගනු ඇත. එවැන්නෙකුට ප්‍රමුඛත්වය දෙන්න.
2, 11, 20, 29- සංවේදීබව
ඔබට සුදුසු තැනැත්තා ඔබේ සංවේදීබවට අවධානය දෙයි. එම පුද්ගලයා ඔබගේ ජීවිතයේ මෘදු ගුණාංග ගරු කරන අතර එය නිරතුරු අගය කරයි. චන්ද්‍රයා ඔබ පාලනය කරන අතර ඔබේ අභ්‍යන්තර ආශාවන් වෙනුවෙන් සුදුසුම දේ සපයයි. ඔබ ඔබේ බුද්ධියට සවන් දීමට පටන් ගත යුතුය. නිරතුරු හදවතට අවශ්‍ය කාරණා ඔස්සේම ඔබ කටයුතු නොකළ යුතුය. ඔබේ හදවතට භක්තියක් ඇති කර ගත්තද බුද්ධියට මුල් තැන දී කටයුතු කරන්න. එවිට ඔබට ප්‍රතිචාර දක්වන සහකරුවෙකු ඉක්මනින් ඔබ ආකර්ෂණය කර ගැනීමට පටන් ගනී.
3, 12, 21, 30 – පුළුල් චින්තනය
වාසනාවේ ග්‍රහයා වන බ්‍රහස්පති මේ උපන් දින පාලනය කරයි. මෙයින් අදහස් කරන්නේ ඔබ සැහැල්ලු බව , ශුභවාදී බව මෙන්ම කුතුහලයෙන් යුත් මානසිකත්වයකින් යුතුව ඉදිරියට යා යුතු බවයි. එහිදි බොහෝ දුරට ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් තර්කානුකූලව ඉදිරියට යා හැකිය. ගැටලු ඇති විය හැකිය. ඒවාට සාර්ථකව මුහුණ දීමට ඔබට හැකියාව ඇත. ඔබ ඔබේ ආත්ම සහකරු හෝ සහකාරිය සොයන විට ඔබ එය ඉතා උනන්දුවෙන් හා ප්‍රවේශම්කාරීව සොයා බලනුයේ අනාගත ජීවිතයම ඒ ඔස්සේ වෙනස්වීමට ඉඩ ඇති නිසාය.
4, 13, 22, 31 – අද්විතීයබව
ග්‍රහ මඬුල්ලේ කැරලිකරු සහ නවෝත්පාදනයේ හිමිකරු වන යුරේනස් මේ උපන් දින පාලනය කරයි. ඔබ ඔබේ විචක්ෂණශීලීත්වයට ගරු කරන විට, උත්සාහයට ගරු කරමින් කටයුතු කරන විට ඔබගේ ඒ ක්‍රියා කලාපයට ආදරය වන අයකු ඔබට සමීප වේ. එහිදි ආකර්ෂණීය බවද ඇතිවේ. එහිදි විශ්වාස කිරීම සම්බන්ධයෙන් තරමක් දුරදිග සිතා බලා කටයුතු කළ යුතුය. ඔබගේ සිතුම් පැතුම්වලට අවධානය දෙන ඔබ සතුටින් තැබිය හැකි අයකු සමඟ සම්බන්ධයක් ආරම්භ කරන්නේ නම් අගනේය.
5, 14, 23 – ස්වයං ප්‍රකාශනය කුතුහලය දනවන සන්නිවේදනයේ ග්‍රහයා වන බුධ ග්‍රහයා විසින් පාලනය කරනු ලබන මේ උපන් දින හිමියන් ඔවුන්ගේ ස්වයං ප්‍රකාශනයට ගරු කරනු ඇත. බුද්ධියෙන් යුතුව ඔබ ඔබේ වචන භාවිත කරන විට අන් අය ඔබව අගය කරති. සංවාදය, මනා වූ තොරතුරු හුවමාරුව සහ සම්බන්ධතාවය ඔබේ ශක්තීන් වේ. සමාජ ආශ්‍රය සිදුවන විට මිතුරන් ඇති කර ගැනීමේදී හෝ ප්‍රජාවක් තුළ අදහස් බෙදා ගැනීමේදී ඔබට ආත්ම සහකරුවන් හමුවනු ඇත. ඔබ සමඟ සිටීමට අදහස් කරන තැනැත්තා ඔබ පොළඹවා ගැනීමට උත්සාහ කරයි. එහිදි ඔබ නිවැරැදිව කටයුතු කරමින් ඔබට සුදුසු සහකරුවා තෝරා ගැනීමට බුද්ධිමත් විය යුතුය.
6, 15, 24 – අභ්‍යන්තර දැනුම
ආදරය, ආකර්ෂණය සහ සුන්දරත්වය නියෝජනය කරන ග්‍රහයා වන සිකුරු මේ උපන් දින පාලනය කරයි. ඔබේ ආත්ම සහකරු හෝ සහකාරිය ඔබේ සැනසිලිදායක පැවැත්ම සහ සබඳතා සඳහා නැඹුරු මානසිකත්වය අගය කරයි. ඔබ අන් අයට නැඹුරු වන ආකාරය අනුව ඔබේ ආදරණීය ගමන ඉදිරියට යනු ඇත. අභ්‍යන්තර දැනීම එනම් සිතුම් පැතුම් පිළිබඳ අවධානය දීම සහකරු විසින් අගය කරයි. එවිට ඔබට ඔබගේ ආත්ම සහකරු සොයා ගැනීමට පහසු වේ.
7, 16, 25 – ආධ්‍යාත්මිකත්වය
ඔබ ඔබේ අභ්‍යන්තර දැනුම සමඟ සම්බන්ධ වූ විට ඔබේ ශක්තිමත්ම ස්ථාවරයට ළඟා වෙයි. අධ්‍යාත්මිකත්වයේ ග්‍රහයා වන නෙප්චූන් මේ උපන් දින පාලනය කරයි. එමනිසා ඔබ ඔබේ බුද්ධිය මැනවින් භාවිත කළ යුතුය. තනිවම ඔබ ඔබට අවශ්‍ය දෑ පිළිබඳ අවධානය දිය යුතුය. ඔබට කෙබඳු සහකරුවකු අවශ්‍යද යන්න ඔබ සිතිය යුතුය. ඔබ සංවේදනය සහ සීමාවන් අතර සමබරතාවයක් ඇති කර ගන්නා විට ලෞකිකත්වය ඉක්මවා යන ආදරය ඔබට සොයා ගත හැකිය.
8, 17, 26 – ගැඹුරුබව
මේ උපන් දින පාලනය කරනු ලබන්නේ කර්ම සමතුලිතතාවයේ සහ විනයේ ග්‍රහයා වන සෙනසුරු විසිනි. එමනිසා ඔබ ඔබේ ජීවිතයේ ඔබේ සීමාවන්ට ගරු කිරීමට ඉගෙන ගන්නා විට ඔබ ඔබ වෙනුවෙන් බොහෝ දෑ ආකර්ෂණය කර ගනී. ස්වයං විනය, උත්සාහවන්ත බව සහ ඔබේ අරමුණ කෙරෙහි භක්තිය දක්වමින් කටයුතු කරන විට ඒවාට ගැළපෙන අයුරින් ඔබට සහකරුවෙකු හෝ සහකාරියක මුණගැසෙනු ඇත.
9, 18, 27 – ළැදියාව
ඔබ නිර්භීත ක්‍රියා ඔස්සේ ඔබේම මාවත සකසා ගන්නා විට ඔබේ ජීවිතය උද්යෝගයෙන් හා තෘප්තියෙන් පිරී යයි. ඔබ අනෙක් අය අනුගමනය නොකරයි. නායකත්වය ලබා දෙයි. ඔබේ ආත්ම සහකරු හෝ සහකාරිය ඔබේ උද්‍යෝගිමත් ආත්මීය භාවය අගය කරනු ඇත. ඔවුන් ඔබේ අවංකභාවය සහ ඔබගේ සෘජු බව වෙත ආකර්ෂණය වනු ඇත. ඔබ ඔබට ආදරය කිරීමට සහ සැනසීමට පත්වීමට ඉගෙන ගන්නා විට ඔබටම කාලය ලබා දෙමින් දිවිය සාර්ථක කර ගැනීමට උත්සාහ කරයි. එම කාලය අතරතුර ඔබට දැඩි කැමැත්තක් ඇති සහකරුවෙකු හෝ සහකාරියක ආකර්ෂණය වනු ඇත.
Advertisements