Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අමනුස් බලවේග මිථ්‍යාවක්ද?

3 months ago 7 Min read
Subha.lk

අමනුස් බලවේග මිථ්‍යා මතය ලෙසින්

සලකති සමහරුන් ඒ තතු නොදැන ඉතින්

නොපෙනෙන බලවේග නැතුවා නොවේ ලොවින්

ප්‍රතිඵල ඇතැම් විට දිස්වෙයි නොසිතු ලෙසින්

එනමුත් බොහෝවිට හොල්මන් අවතාර

මවා ගැනීමකි එහි නැත කිසි සාර

බිය වී සමහරුන් සෙවණැලි වෙත මාර

වත්පිළිවෙත් කරති නොදැනම හරි පාර

කුම්භාණ්ඩයින් යක්ෂයො ප්‍රේත වැනි

නොපෙනෙන බලවේග ගැන සමහරුන් දනි

බලවත් අකුසලෙන් ඒ ලෝකයට පනි

දහමට අනුව එහි සත්‍යය තිබේ පෙනි

අද ලොව දිවි ගෙවන ඉමහත් ගති දරුනු

මිනිසුන් සිටිති ගත තිබුණත් සිත මැරුනු

අමනුස්සයන් මේ මිනිසුන් දැක දරුනු

සැනින් දුවනවලු සිතකින් බිය පිරුනු

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk