Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වඩා නිවැරැදි කේන්දරයද? අත්ලද?

5 hours ago 7 Min read
Subha.lk

ඡ්‍යොතිෂ විද්‍යාව මෙන්ම හස්ත රේඛාව පිළිබඳව අක්මුල් ගවේෂණයක දී තෙවැනි ඇසින් ගැඹුරටම කිඳා බැසිය යුතු විෂයයන් දෙකක් බව පෙනී යයි.
ජීවිතයේ සැඳෑ සමය ගෙවන මේ කාල පරාසය තුළ මා අදහස් කළේ පාඨකයන්ට තරමක් දුරට හෝ හරවත් යමක් පිදීමටය. මා උත්සුක වූයේ ඡ්‍යොතිෂය සහ හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳ එදත් අදත් සොයා බලන නන්දසේන වීරසිංහ සූරීන් හමුවීමටය.
“යහපත් දවසක් ඉතින් නන්දසේන මහත්තයෝ මං ඔබතුමා හම්බවෙන්න ආවේ මගේ අත බලාගන්න.”
“යන අතක් බලාගෙන යන්න.” යැයි විහිළු කරමින් සිනාසුණු ඔහු කාරණයට බැස්සේ ය.
“මහත්තයො මෙහෙම ඇහුවට කමක් නැද්ද? කේන්ද්‍රයද හරි හස්ත රේඛාද හරි.” “මටනං හිතන්නෙ හෙන්රි මහත්තයෝ ඔය දෙකම හරි. කේන්ද්‍රය හරියට හරියන්නේ ඔර්ලෝසුවෙ කටු කැරකෙන විදියට නේ. ඉපිදුණහම දරුවාගේ කකුල් දෙකෙන්ම අල්ලලා උඩට උස්සපුවහම නාසයෙන් කටෙන් සිරුරට උරාගත් දියර පිටවෙනවා. ඒකට කියන්නෙ දගුසුඟව කියලා….
ඔර්ලෝසු දහයක දහ වෙලාවක්. අම්මා සීසර් කරවා ගත්තා කියමුකෝ. ඔය දරුවා අඬන වෙලාවට කවුුරුහි හරියම ගන්නවද? නෑනෙ.”
“මේක දිග කතාවක්. පරණ කාලේ දරුවෙක් ඉපදුණ ගමන්ම කෙසෙල් කුරුල්ලෙකුව කැති පහරින් කපනවා. පස්සේ ගොබය ඇදිලා තියෙන අන්දම ගැන බලලා එයින් වේලාපත්කඩය හදාගත්තා.”
“හරියට හරි නන්දසේන මහත්තයෝ. මං මෙහෙම කතාවකුත් අහල තියෙනවා. මහ වන්නියෙ ගැමි ගෙදරක යමක් කමක් තියෙන තැනක මහරෑ මරළතෝනී දීගෙන ගැහැනියක් කෑගහනවා ඇහුනෙ එතනින් හුලු අත්තක් පත්තුකරගෙන ගිය ගමේ වෙදරාල හාමිටලු. විපරම් කරලා බැලින්නම් දරුවෙකු ප්‍රසූත කරන්න අපහසුව කෑගැසීමක්. ගමේ සුදු දොස්තර මහතෙකුත් එතැන හිටියා. ඒත් කෑගැහීම ඉවසගන්න බැරි නිසා මේ ප්‍රශ්නයට උත්තර සොයන්න අර ගැමි වෙදරාළහාමි ගෙදර අයගෙන් අවසර ගන්න උත්සාහ කළා, ගැබිනි මව බැලීමට. ඒත් ගෙහිමියෝ කැමැති වුණේ නෑ. මෙච්චර මේ දක්ෂ දොස්තර මහතෙකුටත් බැරි එක මෙයා මොකද කරන්න දන්නේ? ගෙහිමියන්ට ප්‍රශ්නයක්.
“හරි, හරි ඉවසන්නකෝ” කී වෙද මහත්තයා දෙහි කටුවක් කඩාගෙනවිත් ගැබිනි මවගේ උදරයේ එක් තැනකට ඇන්නා. මව කෑගහගෙනම දරුවා බිහිකළා. කවුරුත් පුදුම වුණා. මොකද දන්නවද වෙලා තියෙන්නෙ.?
පෙකණිවැල දරුවා දකුණු අතින් තදින්ම හිර කරගෙන අල්ලාගෙන ඉඳලා තිබෙන්නේ. වෙදරාළ දරුවාගේ පිට අතට හරියටම දෙහි කටුව ඇනීමෙන් වේදනාවට පත් දරුවා එය අතහැරි විට පහසුවෙන් බිහිවුණා.
“බලන්න ඔය දරුවගේ දකුණු අතේ පිටි අල්ලේ දෙහි කටුපාර රතු පාටට ඇති” යැයි වෙදරාළ කියන විට දොස්තර මහත්තයා ගැමිවෙදරාලට නොසෑහෙන ස්තූති කරලා මුදලක් තෑගි දුන්නා. ඒක ගත්තෙ නෑ. “වැදූගෙයි සල්ලි මට එපා සෑර්. මේ අපේ පාරම්පරික වෙදකමනේ.”
“මේ පරිසරවේදී පියසේන කහඳගම සූරීන් කිව්ව කතාවක්. අනික දරුවා ප්‍රසූත කරන වේදනාව මවට මහා සතුටක්. දරුවගේ මුහුණ දැක්කම මුළු ලෝකයම දිනුව වගේ පෙන්නේ. එදා නැකති ශාස්ත්‍රය නොදන්න වෙදමහත්තයෙක් ගමේ හිටියෙ නෑ. ඡ්‍යොතිෂයයි, වෙදකම, හස්ත රේඛා පරීක්ෂාවයි තුන් ඈදුතු ශාස්ත්‍රයක්. ඉතින් නන්දසේන මහත්තයෝ…මේ හස්ත රේඛා ගැන මොකක්ද තව කියන්න තියෙන්නේ.” “හෙන්රි මහත්තයෝ බඩේදී පෙර කර්මය අනුව අතමිට මොළවගෙන උපදින දරුවාගේ මූලික රේඛා හරි අපූරුවට සනිටුහන් වෙලා තියෙනවා. මේක මහා දිග කතාවක්.”
“හරි හරි ඔබතුමා දැන් කී දෙනෙකුගේ අත් බලලා තියෙනවද?”
“ගණන් තියාගෙන නම් නෑ. මේ වෙනකොට දහස් ගණනකගේ හස්ත රේඛා පරීක්ෂා කරලා ඇති. අනික මං තවම යන්නේ හස්ත රේඛා ඉගනීමේ මූලිකම පෙර පාසල්. හරිම අමාරු විෂය පථයක්. ඈත අතීතයේ ලංකාවේ දක්ෂ හස්තරේඛා විද්වතුන් හිටියා. මේක ඉගෙන ගන්න හරිම අමාරුයි. මම තවමත් ඉගෙන ගන්නවා.”
“හස්ත රේඛා පිළිබඳ සිංහලයෙන් ලියැවුණ පොත් අඩුයි. බටහිර නම් පාම් රීඩින් ගැන පර්යේෂණාත්මක පොත් ලියලා තියෙනවා.”
“අනෙක ඔය සිරුරේ භාෂාව හෙවත් දේහ ලක්ෂණ විද්‍යාවේ වැදගත්ම අංශයක් වන්නේ හස්ත රේඛාවනේ. සිරුර වෙහෙසා වැඩකර අයෙකුගෙයි මනස වෙහෙසන අයකුගෙයි දෙදෙනෙකුගේ හස්ත රේඛා එකිනෙකට වෙනස්. චින්තකයන් මහා දාර්ශනිකයන්ගේ හස්ත රේඛා පිළිබඳව වෙනත් පැතිකඩකින් සොයා ගැනීමට පුළුවන්. උපතේ සිටම මිය යනතෙක්ම ඇතිවී නැතිවී යන සියුම් හස්ත රේඛා ශාස්ත්‍රය සෑම මොහොතකම අධ්‍යයනය කළයුතු විෂය පථයක්.”

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk