Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවෙසට හිරවුණු දරුවන්ට පාඩම් මතක හිටින්න නිවෙසේ සිටම සිදු කරගත හැකි බලවත් සරස්වතී පූජාව

1 year ago 7 Min read
Subha.lk

රටේ පවත්නා අයහපත් තත්ත්වයන් එක්ක අපේ දරුවන් වසර ගණනාවක ඉඳන් බොහෝ පීඩාවට පත් වුණා. තවමත් මේ තත්ත්වයන් නිසි මාර්ගයකට අවතීර්ණ වී ඇති බවක් පේන්න නැහැ කොරෝනා නිසා මාස ගණනාවක් ගෙවල්වලට සිරවුණු දරුවන් එයින් නිදහස් වෙලා මාස කිහිපයක් යන්නටත් කලින් රටම අගාධයකට පත්වුණු ආර්ථික අර්බුදයෙන් ඉන්ධන ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්හි හිඟතාව නිසා නැවතත් පැවැති අධ්‍යාපන රටාවට වැට බඳින්නට සිදු වුණා. මේ කෙසේ වෙතත් රට පාලනය කරන ඇත්තන් දරුවන් කොතෙක් නිවසට වී සිටියත් දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රධාන කඩඉම් විභාග කල්දැමීමක්, නවතා දැමීමක් හෝ වෙනත් විකල්පයන් වෙත යොමු වීමක් සිදු නොවනු ඇත. සුළු කාල සීමාවක පමාවකින් පසුව නැවත පුරුදු පරිදි ඒවා පැවැත්වීමට කටයුතු සිදු කරනු ඇත.

මෙම තත්ත්වයන් හමුවේ. දරුවන්ගේ යට යන දැනුම, නුවන හා එදිනෙදා පාඩම් කටයුතු සුපුරුදු ආකාරයෙන් සිදු කරගෙන යෑමට කැමැත්ත හා ආශාව ඇති වන අයුරිනුත් ඒවා මනා ලෙස ධාරණයේ තබා ගැනීමට හැකියාව ලැබෙන ආකාරයේ බලවත් ශාස්ත්‍රීය කටයුත්තක් මෙලෙස ඔබ වෙත ගෙන එමි. මෙය ශාස්ත්‍රයට අධිපති සරස්වතී දෙවඟන වෙනුවෙන් සිදු කරනු ලබන පූජා කටයුත්තකි. මෙහි බලවත් මන්ත්‍රයක්ද සහිතය. අතීතයේ රදල පෙළැන්තියේ බොහෝදෙනෙක්ද මෙම පූජා කටයුත්ත බලවත් ශාස්ත්‍රඥයන් තමාගේ වාස භූමි තුළට කැඳවාගෙන රහසේ සිදු කරගෙන ඇති බවත් පැරැණි පොතපතේ සඳහන්ය. ඔබත් ඔබේ දරුවන් වෙනුවෙන් මෙවන් කටයුත්තක් වෙනුවෙන් පෙළගැසෙන්නට කාලයයි.

 

🔘 පූජාව සිදු කරන ආකාරය:

 

නිවසේ පිරිසුදු උස් අසුනක් මත ඇඹුල් කෙසෙල් කොළයක් එළා, ඒ මත පලුදු නොවූ බුලත් කොළ 07. පඬුරු 07, පහන් 07ක් තබා වටේට පුවක් මල් කිනිති අතුරන්න. ඒ මධ්‍යයේ තැඹිලි තෙලින් පහනක් සරස්වතී දේවිය වෙනුවෙන් දල්වන්න. දැන් රත් කෙසෙල්, දොඩම්, උක්, වෙරළු, අඹ, පේර, ජම්බු, වීර, දෙළුම්, බෙලි, දිවුල් ආදී පලතුරු 07ක්ද ආස්මි, මුං කැවුම්, තල, අග්ගලා, පැණි වළලු ආදී ලෙසින් කැවිලි වර්ග 07ක්ද මේ යහනේ පිරිසුදුව වෙන් වෙන්ව තැම්පත් කර ගන්න. පලතුරු කහ දියෙන් සෝදා ගන්න. දැන් සරස්වතී දේවියගේ පිළිරුවක් හෝ රූපයක් මෙහි තබා ගන්න. සුවඳ මලින් යහන සරසන්න. පූජාව සිදු කරන්නට පළමුව නිවසේ පවිත්‍ර භාවය ආරක්ෂා කර ගනිමින් බුදුන්ට මල්පහන් ආදී සියලු පූජාවන් පවත්වන්න. දැන් යහන මත පිරිසුදු පැන් බඳුනක්ද තබන්න. කුඩා මැටි කළයක් වුවද වරදක් නැත. කටයුතු ආරම්භයේදීත් හොඳින් නිවස පුරා සුවදදුම් අල්ලන්න. වන්දනාවන් සියල්ල සිදු කර මෙම දෙනු ලබන ස්තෝත්‍රයෙන් හා ගාථාවෙන් 108 වාරයක් අසුනේ ඇති සියලු දේ ජීවම් කරන්න.

 

🔘 සරස්වතී ස්තෝත්‍රය -

ගිං ශ්‍රවණ සම්මුඛාය නමං ත්‍රිකාලෝලි සම්මුඛාය නමං සර්ව දේව ඉර ඒ මුඛ තුළට අසුරුවාගත් වර වර ඒහි ඒස්වා හා සත්ත කාන්තිලි දුලි සරස්වතී මුඛ තුළට දිෂ්ටි ඒස්වාහා බුද්ධ කට්ටු ධම්ම කට්ටු සංඝ කට්ටු අණින් ත්‍රිපිටක ධාරණේ ඒහී ඒස්වාහා.......

🔘  සරස්වතී දෙවඟන වඳින්නා වූ ගාථාව

 

ශාස්ත්‍රගම ධාරී ගුණ ඥාන සම්ප්‍රයුක්තං

ලෝකාචාරී ප්‍රියංගනා විද්‍යා වාරං

විද්‍යාචාර් මනුෂ්‍ය මුඛසෙවිත නිත්‍යං

සරස්වතී දෙවි සුර ආසන ප්‍රවිෂ්ටං

ශ්‍රි ප්‍රිධර ගීතිකාම මධුරස්වර වාචයං

ශ්‍රී හස්තක කීර පොතකා දෘශ්‍යති නිත්‍යං

ශ්‍රී මුඛ වාසානුබද්ධ මහා බ්‍රහ්ම රාජං - සරස්වතී දේවි පුෂ්ප ආසන ප්‍රවිෂ්ටං

නිත්‍යස්වර ගීත ශාස්ත්‍ර ඡන්දස්‍යාධිපතිං

සරස්වතී දේෂ පුෂ්ප ආසන ප්‍රවිෂ්ටං

 

මෙම කටයුතු සිදු කිරීමේදී දරුවන්ද ඒ අසලට ගෙන ජූජාවන් සිදු කරන්නට සිතට ගන්න. දෙවියන් ඉදිරියේ බලාපොරොත්තු කාරණාව නිවැරදිව හා පැහැදිලිව කියා සිටින්න. දරුවන්ගේ උපන් විස්තර සහිතව දක්වන්නේ නම් වඩාත් යහපති. සරස්වතී දෙවියන්ට ශබ්ද නඟා පින් දෙන්න. හැකිතාක් කිලි කුණුවලින් ඈත්ව කටයුතුවලට යොමු වන්න. පංච ශීලයෙහි පිහිටන්න. දරුවන්ද මේ සඳහා යොමු කරවන්න. පූජාව අවසානයේ පළමුව පිරිසුදු පැන් දරුවාට පානය කරන්නට සලස්වන්න. අනෙකුත් කැවිලි පෙවිලි ආදියත් ආහාරය පිණිස ගත්තාට වරදක් නොවන්නේය.

 

ඔබේ දරුවාට සරස්වතී දේවියගේ ආශීර්වාදයම ලැබේවා!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk