ව්‍යාපාර දියුණුවට යන්ත්‍රයක්
ආර්ථික විද්‍යාව, වාණිජ විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය වැනි විෂයයන් දැනගෙන සමහරු ව්‍යාපාරවලට යොමුවෙති. ව්‍යාපාරයකින් හෝ ස්වං රැකියාවකින් හෝ කිසියම් මූල්‍යමය ආයෝජනයකින් අවසානයේ බලාපොරොත්තු වන්නේ ලාභයකි.
කුමන ව්‍යාපාර වර්ගයක් ආරම්භ කළ ද නඩත්තුව හා පැවැත්ම සඳහා පිරිවැයක් දැරීමට සිදුවේ. එසේම කෙතරම් විද්‍යාත්මකව ආරම්භ කළත් ඇතැම් ව්‍යාපාර දිගින් දිගට දියුණු වුව ද ඇතැම් ව්‍යාපාර අතරමගදී කඩා වැටේ. කෙසේ හෝ සාර්ථක ව්‍යාපාරයක් සඳහා ඉහත සඳහන් කළ කරුණුවලට පරිබාහිරව අමතරව බොහෝ දෙනා නොසිතන පැත්තක් ද ඇත.
ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග ඡ්‍යොතිෂයට අනුව කේන්දරයේ ව්‍යාපාරවලට සුදුසු යෝග ඇත. මේවා අතර පරාශර, නාඩි, ජයමිණි, ක්රිෂ්ණමුර්ති, භාව කේන්දර, අංකවිද්යා වැනි කුමක් හෝ විමසා බැලීමේ දී පුද්ගලයෙකුට ව්‍යාපාර, කර්මාන්ත, ස්වයං රැකියාවල යෙදීමට සුදුසු මාර්ගයක් සොයාගත හැකිය.
අංක විද්‍යා ඡ්‍යොතිෂය අනුව ජන්ම අංකය, දෛව අංකය, පුද්ගල නාමය, ව්‍යාපාර නාමය ආදියේ ගැළපීමක් කළ හැකිය. අංක විද්‍යා ඡ්‍යොතිෂය අනුව ජන්ම අංකයට, දෛව අංකයට ගැළපෙන ව්‍යාපාර වර්ගයක් තෝරාගත හැකිය. කේන්දර සටහනේ කර්මස්ථානය වූ 10 රාශිය තුළ ග්‍රහ පිහිටීම් ඊට වැටෙන ග්‍රහ දෘෂ්ටිවලින් ද මේ සම්බන්ධව සොයාගත හැකිය.
කුමන ව්‍යාපාරයක් පටන් ගත්තත් ඊට ආයු කාලයක් වේ. ව්‍යාපාරය ආරම්භ කරන මූලිකයාට හා අනුගාමිකයන්ට හවුල් කරුවන්ට බලපාන ග්‍රහචාරයන් ඇත. ඒවා සොයා බැලීම මේ සඳහා වැදගත් වේ.
ව්‍යාපාරිකයන්ගේ ජන්ම අංකයට අනුව ව්‍යාපාරික ස්ථානයේ ජයවාසි දැන්වීම් පුවරු පවා බලපායි. එසේම යොදා ඇති ව්‍යාපාරික නමයේ අර්ථ සිද්ධිය ද සොයා බැලීමේදී නාමයේ අර්ථයද බලපෑමක් ඇති කරයි.
දෙවැනි, තුන්වැනි නාමයන්ද බලපෑමක් ඇති කරයි. තවද ව්‍යාපාරයක් ආරම්භ කරන පුරුෂයාගේත් කාන්තාවගේත් කේන්දරයේ ග්‍රහ පිහිටීම් කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. කාල සර්ප යෝග, සතර කේන්දරය පාළු වීම වැනි පිහිටීම්ද බලපායි.
තවද මහ දශා අතුරු දශා කාලවල ව්‍යාපාරවල නැඟීම් හෝ බැසීම් හෝ සිදුවේ. ව්‍යාපාරයකදී සොරසතුරු බිය, ගිනි බිය කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.
ව්‍යාපාරික ස්ථානය, භූමිය ද මෙහිදී බලපායි. එම ස්ථානයට ආකර්ෂණය ලබාගත යුතුය. ඒ සඳහා හින්දු, සිංහල, බෞද්ධ, අරාබි යන්ත්‍ර ක්‍රමවේද ඇත. මේවා කෙරේ සැලකිලිමත්වීමෙන් ව්‍යාපාරය සාර්ථක කරගත හැකිය. කෙසේ වුවත් ඡ්‍යොතිෂය ඇසුරින්ද ව්‍යාපාර දියුණුවට ඉමහත් ප්‍රයෝජනයක් ලබාගත හැකි බව මින් අවධාරණය කරමු.
අංක විද්‍යා ඡ්‍යොතිෂය අනුව ජන්ම අංක 9 ට (1 සිට 9 දක්වා) ව්යාපාරකම සඳහන් කෙරේ.
සංගීතය, නර්තනය වැනි කලා ක්ෂේත්‍ර රූපලාවණ්‍යාගාර, පලතුරු හා පාන වර්ග, කමියුනිකේෂන්, පොත් පත් හා ලිපි ලේඛන අලෙවිය, විදුලි කාර්මික, කිරි හා සත්ත්ව ආහාර, සුවඳ විලවුන් අලෙවිය, ඇඳුම් මැසීම හා නිමි ඇඳුම්, එළවළු වෙළඳාම, බෙහෙත් වෙළෙඳාම ආදී ව්‍යාපාර රාශියක් එක් එක් ජන්ම අංකවලට සඳහන් කර ඇත.
එසේත් නොමැති නම් කේන්දර සටහනේ 10 වැනි රාශිය හා ඊට දෘෂ්ටි වැටෙන ග්‍රහයන්ද 2, 11 වැනි රාශිවලින් කියැවෙන රැකියා සොයා ගත හැකිය.
එපමණක් නොව කේන්දර හිමියාගේ ග්‍රහයෝග අනුවද ව්‍යාපාර සාර්ථකත්වය හා ධනය ගැන සොයා බැලිය හැකිය. ප්‍රධාන වශයෙන් මහා භාග්‍ය යෝගය. ඒක චක්රාවර්ති යෝගය, ධන යෝගය, කාහල යෝගය, ජම්බුනාත් යෝගය, මහා ලක්ෂ්මී යෝගය, මහා භාග්‍ය කලී යෝගය, ගජකේශරී යෝගය, භාෂ්කර යෝගය, කලා නිධි යෝගය ඇති කේන්දර හිමියන් ධනවත් වේ. ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථක වේ.
තවද ව්‍යාපාරයක් පටන් ගන්නේ නම් කාලීනව යෙදෙන මහ දශාව අතුරු දශා ගෝචර ගමන ග්‍රහ සංයෝගයද හඳුනාගත යුතු ය.
ශුභ මහ දශාවක් තුළ ව්‍යාපාරය දියුණු වේ. මීට අමතරව ව්යාපාරිකස්ථානයේ දැඩි දෝෂ දුරුවිය යුතුය.
ව්‍යාපාරික ස්ථානයේ බිත්තිවල ජය වර්ණ ආලේප කළ යුතුය. දොර රෙදි, ජනෙල් තිර පවා ජයවර්ණවලින් සමන්විත වීම දියුණුවට හේතු වේ. ව්‍යාපාරිකයාගේ ජන්ම අංකයට අනුව ජන්ම වර්ෂය සොයාගත යුතුය.
ව්‍යාපාරයේ නාමය ව්‍යාපාර හිමියාගේ නමේ යෝනිවලට හතුරු නොවිය යුතුය. මිත්‍ර යෝනි විය යුතුය. යොදා ඇති නාමයද අර්ථ සිද්ධිය ගෙන දෙන එකක් විය යුතු ය.
යෙදූ නමේ අක්ෂර සංඛ්‍යාව ගැන බැලූ විට සිද්ධි හෝ සුසිද්ධි වර්ගයට අයත් විය යුතුය. නමේ අක්ෂර සංඛ්‍යාව එය බෙදූ විට ශේෂය 1 ය. එවිට සිද්ධි වර්ෂයට අයත් වේ. අක්ෂර 12ක් වී එය 4න් බෙදූ විට ශේෂය 3 කි. එය සුසිද්ධි වර්ගයට අයත්ය. එවිට එය ශුභය.
නාම පුවරුවේ දිග පළල කෙරේද සැලකිලිමත් විය යුතු ය. 1.3, 1.5 අනුපාතයට පළල හා දිග විය යුතු ය. ව්‍යාපාරිකයාගේ ජන්ම අංකයට අනුව ජය වර්ණය එයට භාවිත කළ යුතුය.
මීට අමතරව ව්‍යාපාර සඳහා උදව් කරන දෙවිවරුන්ගෙන් මහ ලක්ෂ්මී ප්‍රධාන වේ. ව්‍යාපාරයේ ස්වභාවය අනුව ධන ලක්ෂ්මී, සෞන්දර්යය ලක්ෂ්මීගේ ප්‍රසාදය දිනාගත යුතු ය. ඒ සඳහා නියමිත බීජ මන්ත්‍ර, ගයත්‍රී මන්ත්‍ර, ස්තෝත්ර ආදීය කීම සහ පහන්, මල්, සුවඳ පිදිය යුතු ය. කලාවට සම්බන්ධ ව්‍යාපාරයක් නම් සරස්වතී දේවි, ශිව පාර්වතී, සෞන්දර්ය ලක්ෂ්මී වැනි අයගේ පිහිට ලබා ගැනීම ද ආශිර්වාදයක් වේ.
එබැවින් ව්‍යාපාරයක් ඇරඹීමේදී විද්‍යාත්මක දැනුමට අමතරව අප අවධානය යොමු කළ යුතු අංශ රැසක් පවතින අතර ඒ සියල්ලේ එකතුව දියුණුවට මඟ කියනු ඇත. ඔබේ ව්‍යාපාරික ස්ථානයේ දොරෙහි සුදු කඩදාසියක හෝ තඹ පත්‍රයක ඉහත අංක සහිත යන්ත්‍රය අලවා දියුණුව සලසා ගන්න.
Advertisements